අපි නිතරම දකින්නෙ, විවිධ සමාගම් එක්ක ගනුදෙනු කරලා, ඉන් අතෘප්තියට පත්වූ පාරිභෝගිකයන් , තමුන්ගෙ අත්දැකීම් සමාජ මාධ්‍ය වෙත මුදාහරින අවස්ථාවන් . එහෙම අත්දැකීම්, මටත් , ඔබටත් අනන්තවත් ඇති . අදත් මම දැක්කා , අපේ යාළුවෙක් , යම්කිසි සමාගමක් පිළිබදව , තමුන්ගෙ තියෙන අතෘප්තිකර අත්දැකීම නම් ගම් සහිතවම, මුහුණු පොතේ සටහන් කරලා තියෙනවා . නමුත් මේක ඊට වඩා වෙනස් කතාවක් .
පුද්ගලිකව මට කිසිම සමාගමක් ප්‍රවර්ධන කරන්න උවමනාවක් නැති උනත් , මේ කතාව පාරිභෝගිකයෙකු විදියට ඔබට කවදාහරි ප්‍රයෝජනවත් වේවි කියල හිතෙනවා . ඒ වගේම , මට ඒ තෘප්තිකර අත්දැකීම ලබාදුන් සමාගම අගය කිරීම යුතුකමක් විදියට දැනෙන නිසයි , මෙහෙම ලියන්න හිතුවේ.
විශේෂයෙන්ම ලංකාවේ තියෙන තවත් "ලොකු" යැයි කියාගන්නා , සමාගමක් ආනයනය කරලා අළෙවි කරන , එයාර් කූලර් යන්ත්‍රයක් , එහි අළෙවි නියෝජිත ආයතනයකින්ම මිළට අරගෙන , යන්තමින් ඒකෙ වගකීම් කාළය ඉවර වෙනකොටම , එහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් , අළුත්වැඩියාව සදහා අවශ්‍යය වෙන අමතර කොටස්, මුදලට ගන්න , අළෙවි නියෝජිතයා වෙතටත්, අදාළ සමාගම වෙතටත් ගිහිල්ලා , ඒ අය වෙතින් මාවෙත ලැබුණ ප්‍රතිචාරයේ යහපත් බව මොනතරම්ද කියනව නම් , දැනට මාස 4 ක් වෙනව, ඒ යන්ත්‍රය කෑලි ගොඩක් බවට පත්වෙලා , කාර්මික වැඩපලක මුල්ලක දිරනවා.
ඒ ගැන විස්තර , නම් ගම් සහිතවම කියන්න පුළුවන්කම තිබුණත්, ඒක පසුවට තබා ,ඒ කතාව මීට අදාළ කර නොගෙන , මේ සැබෑවටම "ලොකු සහ හොඳ" සමාගම ගැන කියන්නම්.
මම 2017 වසරේ දම්රෝ සමාගමේ කුරුණෑගල ශාඛාවෙන් Panasonic වර්ගයේ, LED tv එකක් මිළට ගත්තේ , වසර 3ක වගකීමක් සහිතව . එහි වගකීම් කාලසීමාව අවසන් වෙන්න මාසයක් තියෙද්දී හොඳට වැඩකරපු tv එක අක්‍රීය වෙනව, දැනට සති දෙකකට කළින් . මම දම්රෝ සමාගමේ පාරිභෝගික සේවා අංකය අමතලා මේ ගැන දැනුම්දුන්නාම , බොහොම ආචාරශීලීව මගේ තොරතුරු ලබාගෙන , දින 2කට පස්සෙ කාර්මික ශිල්පියකු එනව මගේ නිවසට .
ඔහු tv එක , ගලවා ,බෝඩ් එක පරීක්ෂා කරලා මට කියනව, " සර් , මේකෙ මතුපිටින් මොකුත්ම දෝෂයක් පේන්න නෑ, ඒක නිසා, බෝඩ් එක චෙක් කරන්න කම්පැනි යවන්න වෙනව" කියල . මම ඇහුවම "ඒක කරගන්නෙ කොහොමද ? " කියල , "සමාගමේ වාහනයක් ඇවිල්ලා මේක අරන් ගිහිල්ලා , හදලා ගෙදරටම ගෙනත් දෙනව" කියල ඔහු උත්තර දෙනව. " මේ වෙනුවට සර්ට තාවකාලිකව පාවිච්චි කරන්න tv එකක් ඕනෙද ? " කියලත් ඔහු අහනව. මම අහනව එතකොට " එහෙමත් එකක් දෙනවද ? " කියල. " ඔව්, සර් ඉල්ලීමක් කරනව නම් දෙන්න පුලුවන් " කියල ඔහු කියනව. නමුත් , " මට වෙන පොඩි tv එකක් තියෙනවා " කියල කිවුවම ඔහු, ගෙනියන්න අනවශ්‍යය කොටස් ඉවත් කරලා , tv එක සූදානම් කරලා , දවස් 2කින් වාහනයක් එවනව කියල , අදාළ තොරතුරුත් අරගෙන , පිටවෙලා යනවා.
ඒ කිවුව වගේම දවස් 2කින් මට, දුරකථන ඇමතුමක් දීලා , වාහනයකින් දෙන්නෙක් ඇවිල්ලා , රිසිට් පතක් දීලා tv එක අරගෙන යනව අළුත්වැඩියාවට . ඊට දින 3 කට විතර පස්සෙ , සමාගමෙන් ඇමතුමක් දීල මගෙ වගකීම් සහතිකයෙ ඉමේජ් එකක් එවන්න කියල වයිබර් අංකයක් දෙනව. ඒක යවල දවසකට පස්සෙ ආයෙමත් කතාකරලා කියනව, " සර්ගේ tv එකේ අළුත්වැඩියාවට අවශ්‍යය අමතර කොටස් දැනට නැහැ . ඒවා එන්න ප්‍රමාද වෙන නිසා ,අපි ඒ වර්ගයේම , දැනට එන අළුත්ම මොඩ්ල් එකේ tv එකක් සර්ට එවනව. දින 2 ක් 3 ක් ඇතුළත සර්ට ඒක ලැබෙයි කියල .
මේක ලංකාවද, එහෙම නැත්නම් වෙන රටක්ද කියල මම කල්පනා කරකර ඉන්න කොට , ඊයේ උදේම දුරකථන ඇමතුමක් දීලා , වාහනයකින් දෙන්නෙක් ගෙදරට ඇවිල්ලා , මගෙ තිබුණු Panasonic එකේම , අළුත් වර්ශන් එකේ tv එකක් පැකින් පිටින්ම ගෙනැවිත් , චෙක් කරල දීලා යනවා. මෙහෙම කරන්නෙ, මගෙ වගකීම් සහතිකය මේ ජූලි 30 න් අවසන් වෙන්න තියෙද්දියි. ඒ කියන්නේ , හරියටම මාසයක් තියෙද්දී .
මීට වඩා මම මොකුත්ම , මේ ගැන කියන්න බළාපොරොත්තු වෙන්නේ නැහැ . හැබැයි , මේ සේවාවට කියන්න පුලුවන් , හරියටම ගැලපෙන , වචනයක් , තියෙනවා නම් ඔබ ඒක කියන්න .නමුත් , වෙළෙන්දෙක් විදියට මමත් ලංකාවේ සමාගම් කිහිපයකම අළෙවි නියෝජිත ධූරයන් දරමින් පාරිභෝගිකයන්ට භාණ්ඩ අළෙවි කරන කෙනෙක් නිසා , දන්නවා " අළෙවියෙන් පසු සේවාව " කියන එකේ රග , හොඳටම .
සිය පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම කියන්නේ , බොහොම අසීරුවට සීරුවෙන් කළයුතු කාර්‍යයභාරයක් කියන එකත් , ඒ මත තමයි ඔය මොන "ලොකු " සමාගමේත් අනාගතය තීන්දු වෙන්නෙ කියන එකත් , ගොඩක්, ලංකාවේ සමාගම් දන්නේ නැහැ . එක්කෝ, දැනගෙන ගණන් ගන්නේ නැහැ . වගකීමට සහතිකයක් විතරක් දීලා , ඒ වගකීම නොදී ඉන්න මාර ගේමක් දෙන එහෙම "ලිලිපුට්ටෝ" ඉස්සරහ " දම්රෝ " කියන්නේ, සැබැවින්ම "ගලිවර්" කෙනෙක් කියන එක මම , ඒ ආයතනයේ බොහොම තෘප්තිමත් පාරිභෝගිකයෙක් විදියට අවසාන වශයෙන් ඔබට කියන්න කැමැතියි. ඒ වගේම , " දම්රෝ " ඔබට ස්තුතියි !
(උපුටා ගැනීමකි-#Dammika Anurudda Dissanayaka)

Mama nam puluwan tharam electronic and furniture ganne damro eken.