දම්රෝ බලු වැඩ

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    අපි නිතරම දකින්නෙ, විවිධ සමාගම් එක්ක ගනුදෙනු කරලා, ඉන් අතෘප්තියට පත්වූ පාරිභෝගිකයන් , තමුන්ගෙ අත්දැකීම් සමාජ මාධ්‍ය වෙත මුදාහරින අවස්ථාවන් . එහෙම අත්දැකීම්, මටත් , ඔබටත් අනන්තවත් ඇති . අදත් මම දැක්කා , අපේ යාළුවෙක් , යම්කිසි සමාගමක් පිළිබදව , තමුන්ගෙ තියෙන අතෘප්තිකර අත්දැකීම නම් ගම් සහිතවම, මුහුණු පොතේ සටහන් කරලා තියෙනවා . නමුත් මේක ඊට වඩා වෙනස් කතාවක් .

    පුද්ගලිකව මට කිසිම සමාගමක් ප්‍රවර්ධන කරන්න උවමනාවක් නැති උනත් , මේ කතාව පාරිභෝගිකයෙකු විදියට ඔබට කවදාහරි ප්‍රයෝජනවත් වේවි කියල හිතෙනවා . ඒ වගේම , මට ඒ තෘප්තිකර අත්දැකීම ලබාදුන් සමාගම අගය කිරීම යුතුකමක් විදියට දැනෙන නිසයි , මෙහෙම ලියන්න හිතුවේ.

    විශේෂයෙන්ම ලංකාවේ තියෙන තවත් "ලොකු" යැයි කියාගන්නා , සමාගමක් ආනයනය කරලා අළෙවි කරන , එයාර් කූලර් යන්ත්‍රයක් , එහි අළෙවි නියෝජිත ආයතනයකින්ම මිළට අරගෙන , යන්තමින් ඒකෙ වගකීම් කාළය ඉවර වෙනකොටම , එහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් , අළුත්වැඩියාව සදහා අවශ්‍යය වෙන අමතර කොටස්, මුදලට ගන්න , අළෙවි නියෝජිතයා වෙතටත්, අදාළ සමාගම වෙතටත් ගිහිල්ලා , ඒ අය වෙතින් මාවෙත ලැබුණ ප්‍රතිචාරයේ යහපත් බව මොනතරම්ද කියනව නම් , දැනට මාස 4 ක් වෙනව, ඒ යන්ත්‍රය කෑලි ගොඩක් බවට පත්වෙලා , කාර්මික වැඩපලක මුල්ලක දිරනවා.

    ඒ ගැන විස්තර , නම් ගම් සහිතවම කියන්න පුළුවන්කම තිබුණත්, ඒක පසුවට තබා ,ඒ කතාව මීට අදාළ කර නොගෙන , මේ සැබෑවටම "ලොකු සහ හොඳ" සමාගම ගැන කියන්නම්.

    මම 2017 වසරේ දම්රෝ සමාගමේ කුරුණෑගල ශාඛාවෙන් Panasonic වර්ගයේ, LED tv එකක් මිළට ගත්තේ , වසර 3ක වගකීමක් සහිතව . එහි වගකීම් කාලසීමාව අවසන් වෙන්න මාසයක් තියෙද්දී හොඳට වැඩකරපු tv එක අක්‍රීය වෙනව, දැනට සති දෙකකට කළින් . මම දම්රෝ සමාගමේ පාරිභෝගික සේවා අංකය අමතලා මේ ගැන දැනුම්දුන්නාම , බොහොම ආචාරශීලීව මගේ තොරතුරු ලබාගෙන , දින 2කට පස්සෙ කාර්මික ශිල්පියකු එනව මගේ නිවසට .

    ඔහු tv එක , ගලවා ,බෝඩ් එක පරීක්ෂා කරලා මට කියනව, " සර් , මේකෙ මතුපිටින් මොකුත්ම දෝෂයක් පේන්න නෑ, ඒක නිසා, බෝඩ් එක චෙක් කරන්න කම්පැනි යවන්න වෙනව" කියල . මම ඇහුවම "ඒක කරගන්නෙ කොහොමද ? " කියල , "සමාගමේ වාහනයක් ඇවිල්ලා මේක අරන් ගිහිල්ලා , හදලා ගෙදරටම ගෙනත් දෙනව" කියල ඔහු උත්තර දෙනව. " මේ වෙනුවට සර්ට තාවකාලිකව පාවිච්චි කරන්න tv එකක් ඕනෙද ? " කියලත් ඔහු අහනව. මම අහනව එතකොට " එහෙමත් එකක් දෙනවද ? " කියල. " ඔව්, සර් ඉල්ලීමක් කරනව නම් දෙන්න පුලුවන් " කියල ඔහු කියනව. නමුත් , " මට වෙන පොඩි tv එකක් තියෙනවා " කියල කිවුවම ඔහු, ගෙනියන්න අනවශ්‍යය කොටස් ඉවත් කරලා , tv එක සූදානම් කරලා , දවස් 2කින් වාහනයක් එවනව කියල , අදාළ තොරතුරුත් අරගෙන , පිටවෙලා යනවා.

    ඒ කිවුව වගේම දවස් 2කින් මට, දුරකථන ඇමතුමක් දීලා , වාහනයකින් දෙන්නෙක් ඇවිල්ලා , රිසිට් පතක් දීලා tv එක අරගෙන යනව අළුත්වැඩියාවට . ඊට දින 3 කට විතර පස්සෙ , සමාගමෙන් ඇමතුමක් දීල මගෙ වගකීම් සහතිකයෙ ඉමේජ් එකක් එවන්න කියල වයිබර් අංකයක් දෙනව. ඒක යවල දවසකට පස්සෙ ආයෙමත් කතාකරලා කියනව, " සර්ගේ tv එකේ අළුත්වැඩියාවට අවශ්‍යය අමතර කොටස් දැනට නැහැ . ඒවා එන්න ප්‍රමාද වෙන නිසා ,අපි ඒ වර්ගයේම , දැනට එන අළුත්ම මොඩ්ල් එකේ tv එකක් සර්ට එවනව. දින 2 ක් 3 ක් ඇතුළත සර්ට ඒක ලැබෙයි කියල .

    මේක ලංකාවද, එහෙම නැත්නම් වෙන රටක්ද කියල මම කල්පනා කරකර ඉන්න කොට , ඊයේ උදේම දුරකථන ඇමතුමක් දීලා , වාහනයකින් දෙන්නෙක් ගෙදරට ඇවිල්ලා , මගෙ තිබුණු Panasonic එකේම , අළුත් වර්ශන් එකේ tv එකක් පැකින් පිටින්ම ගෙනැවිත් , චෙක් කරල දීලා යනවා. මෙහෙම කරන්නෙ, මගෙ වගකීම් සහතිකය මේ ජූලි 30 න් අවසන් වෙන්න තියෙද්දියි. ඒ කියන්නේ , හරියටම මාසයක් තියෙද්දී .

    මීට වඩා මම මොකුත්ම , මේ ගැන කියන්න බළාපොරොත්තු වෙන්නේ නැහැ . හැබැයි , මේ සේවාවට කියන්න පුලුවන් , හරියටම ගැලපෙන , වචනයක් , තියෙනවා නම් ඔබ ඒක කියන්න .නමුත් , වෙළෙන්දෙක් විදියට මමත් ලංකාවේ සමාගම් කිහිපයකම අළෙවි නියෝජිත ධූරයන් දරමින් පාරිභෝගිකයන්ට භාණ්ඩ අළෙවි කරන කෙනෙක් නිසා , දන්නවා " අළෙවියෙන් පසු සේවාව " කියන එකේ රග , හොඳටම .

    සිය පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම කියන්නේ , බොහොම අසීරුවට සීරුවෙන් කළයුතු කාර්‍යයභාරයක් කියන එකත් , ඒ මත තමයි ඔය මොන "ලොකු " සමාගමේත් අනාගතය තීන්දු වෙන්නෙ කියන එකත් , ගොඩක්, ලංකාවේ සමාගම් දන්නේ නැහැ . එක්කෝ, දැනගෙන ගණන් ගන්නේ නැහැ . වගකීමට සහතිකයක් විතරක් දීලා , ඒ වගකීම නොදී ඉන්න මාර ගේමක් දෙන එහෙම "ලිලිපුට්ටෝ" ඉස්සරහ " දම්රෝ " කියන්නේ, සැබැවින්ම "ගලිවර්" කෙනෙක් කියන එක මම , ඒ ආයතනයේ බොහොම තෘප්තිමත් පාරිභෝගිකයෙක් විදියට අවසාන වශයෙන් ඔබට කියන්න කැමැතියි. ඒ වගේම , " දම්රෝ " ඔබට ස්තුතියි !
    (උපුටා ගැනීමකි-#Dammika Anurudda Dissanayaka)
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඇයි බන් මේකට
    දම්රෝ බලු වැඩ කියලා දැම්මේ



    දම්රෝ කොහොමත් පාරිභෝගික සේවා වගේම වගකීමත් හොදයි. ගොඩක් අය ඒ ගැන කියලා තියෙනවා.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Damro eka wage nagala enna tibba Jvp ekatath hoda service ekak minissunta dunna nam tissamaharame pradeshiya sabawa karana kale .koheda mun hodama serive eka dunne minisuunta newe hamuta ne :D :yes: ;) :D
    anuraya innakan goda yamak na jvp ekata
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anuraya innakan goda yamak na jvp ekata
    ow minissu pradeshiya sabawak dunna ara karala pennuwoth denawa kiyala. eka ballata dalaunge wada karagatta dan ithin ayth denne na unta kawuruwath.. Damro eka podi thanin patan aran awe :D :yes: ;) :D
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    කෝ යකෝ බලු වැඩේ?????????????? එකත් දාපන් මැරුම් නොකා....:angry::angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: tha123

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mamath ona deyak ganna isellama balanne damro eke thiyanawa da kiyala. mage gedara thiyana badu walin 60% withara damro eken gaththuwa.
     
    • Love
    Reactions: dxx

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Highly Recommended ! me kochchara kiuwath samahara un ara kiyana maha loku company assemai ringanne.