දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    දරු කමට කාව හරි හදා ගනින් මචං....pපිනකුත් වෙනවනේ....aඅනික හොද දෙමව් පියෝ වෙන්න තමන්ගේම ළමයි වෙන්න ඕනේ නැහැනේ....nනෑදැයෝ කියන එවා ගණන් ගන්නේ කවුද බන්?? :)ඔබ දෙපලට දරු සම්පත ලැබේවා කියල පතනවා
    9.gif
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දරු කමට කාව හරි හදා ගනින් මචං....pපිනකුත් වෙනවනේ....aඅනික හොද දෙමව් පියෝ වෙන්න තමන්ගේම ළමයි වෙන්න ඕනේ නැහැනේ....nනෑදැයෝ කියන එවා ගණන් ගන්නේ කවුද බන්?? :)ඔබ දෙපලට දරු සම්පත ලැබේවා කියල පතනවා
    9.gif

    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(
     
    • Like
    Reactions: incest_cult

    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. (

    lamaya kavru vageeda vena eka decide venne ee lamayava hadana vidiyata
    upathin minihek narak vela ipadenne naanee
    saamaja wata pitaawa / gedara situation eka/ lamayata honda naraka therun karala dena vidiyata tama hadena lamayage mind set eka hadannee..
    ee hinda baya nathiwa lamayek hadaa ganin .. loku unaata passe ee lamayata
    therum karala dena ekee kisi avlak naa.. situation eka ....
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(

    ළමයෙක් හදා ගත්තත් නැතත් නෑදැයෝ ගමේ මිනිස්සු එක එක ඒවා කියයි!ගමේ මිනිස්සුන්ට ඕනේ විදිහටයි ළමයි හදන්නයි දෙකක් බැහැ ඉතින්!!:dull:පොඩි කාලෙම ළමයෙක් අරන් හදා ගත්තොත් අවුලක් වෙන්නේ නැහැ නේද??(දන්නේ නැහැ සීන් එක හරියටම)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඇයි ඔයා මැරෙන්න ආස වතුර බිබී ද... :P
    .
    .
    දුකයි සිරාවට ඔහොම කියද්දි බයත් හිතෙනව... :(
    සිංහල ෆිල්ම් එකක් බැලුව ඔහොම සීන් එකක් වෙලා මිනිහ ගෑනිත් එක්ක කතා කරගෙන වෙන ගෑනු කෙනෙක්ට කියල ඒ පිරිමියගෙ ලමයෙක් හදාගන්නව.... :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(

    ආන්න එතනනම් පොඩි ප්‍රශ්නයක් තියෙනව තමයි..නල දරුවෙක් හදාගත්ත කියල නෑදෑයන්ට කියුවම ඔය ප්‍රශ්නෙ විසදෙනව...:yes::yes:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    lamaya kavru vageeda vena eka decide venne ee lamayava hadana vidiyata
    upathin minihek narak vela ipadenne naanee
    saamaja wata pitaawa / gedara situation eka/ lamayata honda naraka therun karala dena vidiyata tama hadena lamayage mind set eka hadannee..
    ee hinda baya nathiwa lamayek hadaa ganin .. loku unaata passe ee lamayata
    therum karala dena ekee kisi avlak naa.. situation eka ....

    විස්තර කිව්වට ස්තූතී මචං.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇයි ඔයා මැරෙන්න ආස වතුර බිබී ද... :P
    .
    .
    දුකයි සිරාවට ඔහොම කියද්දි බයත් හිතෙනව... :(
    සිංහල ෆිල්ම් එකක් බැලුව ඔහොම සීන් එකක් වෙලා මිනිහ ගෑනිත් එක්ක කතා කරගෙන වෙන ගෑනු කෙනෙක්ට කියල ඒ පිරිමියගෙ ලමයෙක් හදාගන්නව.... :)

    matath mathakayi oya vage film ekak.:)
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ළමයෙක් හදා ගත්තත් නැතත් නෑදැයෝ ගමේ මිනිස්සු එක එක ඒවා කියයි!ගමේ මිනිස්සුන්ට ඕනේ විදිහටයි ළමයි හදන්නයි දෙකක් බැහැ ඉතින්!!:dull:පොඩි කාලෙම ළමයෙක් අරන් හදා ගත්තොත් අවුලක් වෙන්නේ නැහැ නේද??(දන්නේ නැහැ සීන් එක හරියටම)

    පොඩිම බබාලා එහෙම දරුකමට හදාගන්න නෑ මගේ හිතේ. ඔය ළමා නිවාස වල එහෙම ඉන්නේ ටිකක් ලොකු ළමයිනේ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ආන්න එතනනම් පොඩි ප්‍රශ්නයක් තියෙනව තමයි..නල දරුවෙක් හදාගත්ත කියල නෑදෑයන්ට කියුවම ඔය ප්‍රශ්නෙ විසදෙනව...:yes::yes:

    නෑ බං. නල දරුවෙක් උනත් නලය ඇතුලෙම හැදෙන්නෙ නෑ. ගැහැනු කෙනාගේ ගර්බාෂයේ තමයි හැදෙන්නේ. එතකොට බඩ පේන්න එපැයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා එක එක මනුස්සයට එක එක ප්‍රශ්න :yes: සමහර උන්ට ළමයි ඉඳලත් අංගවිකල වෙලා උපදිනවා නැත්තන් ලෙඩ, සමහරුන්ට හොඳට ඉපදුන ළමයි ඉඳලත් උන් උපන්න දා ඉඳල කරදර වයසට ගියාම අම්ම තාත්තට පයින් ගහල ගෙදරින් එලියට දානව, සමහර උන්ට ඔය ඔක්කොම තියෙනවා හැබැයි පවුල් ප්‍රශ්න ගෙදර අපායක් වගේ :no:

    ඕවා එක්ක බලද්දී ඉතින් ළමයි නැති එකත් එක අතකට සැනසීමක් :baffled: ඒ කාලේ දෙන්න එක්ක සන්තෝසෙන් ඔය ඇවිදලා කරලා විනෝදෙන් ඉන්නයි තියෙන්නේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බං. නල දරුවෙක් උනත් නලය ඇතුලෙම හැදෙන්නෙ නෑ. ගැහැනු කෙනාගේ ගර්බාෂයේ තමයි හැදෙන්නේ. එතකොට බඩ පේන්න එපැයි.

    අයියෝ කෘතිමව බඩක් හදමු...ඒක ප්‍රායෝගික නැ තමා..නලදරුවො හදනව කුලියට ගත්ත ගර්බාශවල...අපි එහෙම කතාවක් කියමු නැදෑයන්ට ඔව මොනාද ...:yes::yes:
     
    • Like
    Reactions: incest_cult