දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා
වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ.
අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.
දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්.
මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක.
මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.
බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ.
මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා
වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ.
අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.
දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්.
මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක.
මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ.

මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා

ඒ කාලේ දෙන්න එක්ක සන්තෝසෙන් ඔය ඇවිදලා කරලා විනෝදෙන් ඉන්නයි තියෙන්නේ