වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ.![]()
අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.
දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්.මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක.
මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.
බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ.
මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා![]()
ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ.![]()
මොකද්ද බන් අරන් හදා ගන්න ළමයෙක්ගෙ ඔච්චර ලොකු වෙනස? උඹට පුලුවන් නං අද කියන්න අරන් හදා ගන්න ළමය උඹලට ආදරේ කරන්නේ නැ කියල, එහෙනං උඹට කියන්න හැකියාව ඇතිනේ උඹේම ළමයෙක් උඹට බලාපොරොත්තු වෙන විදිහට පස්සේ කාලෙක ආදරේ කරයිද කියල. ඇත්තම සිද්ධිය හැම ළමයම දෙමවුපියන්ගෙන් වෙන් වෙලා කවද හරි වෙනම පවුලක් හදන යනවා. එතකොට ටිකක් හරි ඒ අය ඇත් වෙන එක ලෝකේ හැටි.
හැබැයි කියන කතා කොහොම උනත් මන් ඇත්තටම දන්නා සිද්දිවලින් නං අරන් හදාගන්න ළමයි ඇත්ත ළමයින්ට වැඩිය දෙමවුපියන්ට ආදරේ කරනවා.
අනික ළමයි හිටියේ නැ කියල වතුර බොනවට වැඩිය සතුටින් ඉන්න, ළමයි ඉඳල එයාල බැඳපු අය හන්ද බොන්න පුළුවන් වතුර පොදත් නැති උන මිනිස්සු නැතුව නෙවෙයිනේ.
එක හන්ද ඔක්කොම ප්‍රශ්න එකට පටලවගන්න එපා. අනාගතේ ගැන බය නං හොඳ ආර්ථික ස්ථාවරත්වෙකට එන්න උත්සහ කරන්න. ළමයි ඕනේ නං අරන් හරි හදාගන්න. වෙනස් කියල පේනවනන් ළමයි නැති හන්ද අරන් හදා ගත්ත කියල සමාජෙට කියන්න බය නැතුව. කුහකයෝ හිනා වෙයි. ඒ සමාජේ හැටි. ළමයි හිටියත් වැරදි හොයල උන් හිනා වෙනවා. කොහොම උනත් සමාජේ කතා අහල ඒ විදිහට ජීවත් වෙන්න ගියොත් අන්තිමට ඔය දෙන්නගේ පවුලත් කැඩෙයි. හැමදේම පටලාගෙන ඒ තත්ත්වෙට වැටෙන්න යන්න එපා.
තව එක දෙයක් කියන්නන්. මෙහෙම කියනවට තරහවෙන්න එපා, ඒත් ඇත්තද බොරුද කියල ටිකක් හිතපන් මේක: මේක ළමයි නැති එකේවත්, අරන් හදාගන්න ළමයගෙවත් ප්‍රශ්නයක් නෙවෙයි, මේක ඔය දෙන්නගේ හිතේ ප්‍රශ්නයක්. සමහර මිනිස්සුන්ට මොනවා ලැබුනත් දුක් වෙන එක පුරුද්දක්. ගැනු ළමයෙක් හිටියොත් පිරමී ළමයෙක් නැ කියල ලතවෙනවා. එක ළමයෙක් හිටියොත් තව ළමයි නැ කියල ලත වෙනවා. ඉතින් ඉස්සෙල්ලම ඔය දෙන්නගෙම හිතේ තියෙන ලෙඩේ නැති කරගන්න. මොකද ඕව හිතල ළමයෙක් අරන් හදාගෙන, ඒ ළමය දිහා වපර ඇහින් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හරි බැලුවොත් ඔයාලට පස්සේ දවසක ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙයි. කිරියේ මේකට comment දාපු අපිටත් ලොකු පවක් සිද්ධ වෙයි.
Last edited:
අනිත් උන් මොනවා කියපුවම මොකෝ වෙන්නේ බන්, හරි දේ කරපන්. උඹ කරන වැඩේ හරිනම් කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ.

