දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(

    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(

    මොකද්ද බන් අරන් හදා ගන්න ළමයෙක්ගෙ ඔච්චර ලොකු වෙනස? උඹට පුලුවන් නං අද කියන්න අරන් හදා ගන්න ළමය උඹලට ආදරේ කරන්නේ නැ කියල, එහෙනං උඹට කියන්න හැකියාව ඇතිනේ උඹේම ළමයෙක් උඹට බලාපොරොත්තු වෙන විදිහට පස්සේ කාලෙක ආදරේ කරයිද කියල. ඇත්තම සිද්ධිය හැම ළමයම දෙමවුපියන්ගෙන් වෙන් වෙලා කවද හරි වෙනම පවුලක් හදන යනවා. එතකොට ටිකක් හරි ඒ අය ඇත් වෙන එක ලෝකේ හැටි.
    හැබැයි කියන කතා කොහොම උනත් මන් ඇත්තටම දන්නා සිද්දිවලින් නං අරන් හදාගන්න ළමයි ඇත්ත ළමයින්ට වැඩිය දෙමවුපියන්ට ආදරේ කරනවා.

    අනික ළමයි හිටියේ නැ කියල වතුර බොනවට වැඩිය සතුටින් ඉන්න, ළමයි ඉඳල එයාල බැඳපු අය හන්ද බොන්න පුළුවන් වතුර පොදත් නැති උන මිනිස්සු නැතුව නෙවෙයිනේ.

    එක හන්ද ඔක්කොම ප්‍රශ්න එකට පටලවගන්න එපා. අනාගතේ ගැන බය නං හොඳ ආර්ථික ස්ථාවරත්වෙකට එන්න උත්සහ කරන්න. ළමයි ඕනේ නං අරන් හරි හදාගන්න. වෙනස් කියල පේනවනන් ළමයි නැති හන්ද අරන් හදා ගත්ත කියල සමාජෙට කියන්න බය නැතුව. කුහකයෝ හිනා වෙයි. ඒ සමාජේ හැටි. ළමයි හිටියත් වැරදි හොයල උන් හිනා වෙනවා. කොහොම උනත් සමාජේ කතා අහල ඒ විදිහට ජීවත් වෙන්න ගියොත් අන්තිමට ඔය දෙන්නගේ පවුලත් කැඩෙයි. හැමදේම පටලාගෙන ඒ තත්ත්වෙට වැටෙන්න යන්න එපා.

    තව එක දෙයක් කියන්නන්. මෙහෙම කියනවට තරහවෙන්න එපා, ඒත් ඇත්තද බොරුද කියල ටිකක් හිතපන් මේක: මේක ළමයි නැති එකේවත්, අරන් හදාගන්න ළමයගෙවත් ප්‍රශ්නයක් නෙවෙයි, මේක ඔය දෙන්නගේ හිතේ ප්‍රශ්නයක්. සමහර මිනිස්සුන්ට මොනවා ලැබුනත් දුක් වෙන එක පුරුද්දක්. ගැනු ළමයෙක් හිටියොත් පිරමී ළමයෙක් නැ කියල ලතවෙනවා. එක ළමයෙක් හිටියොත් තව ළමයි නැ කියල ලත වෙනවා. ඉතින් ඉස්සෙල්ලම ඔය දෙන්නගෙම හිතේ තියෙන ලෙඩේ නැති කරගන්න. මොකද ඕව හිතල ළමයෙක් අරන් හදාගෙන, ඒ ළමය දිහා වපර ඇහින් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හරි බැලුවොත්
    ඔයාලට පස්සේ දවසක ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙයි. කිරියේ මේකට comment දාපු අපිටත් ලොකු පවක් සිද්ධ වෙයි.
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දරුවන් කියන්නේ සම්පතක්. ඒකෙ දෙකක් නෑ. නමුත් නොලැබුනා කියල පසු තැවෙන්ඩ දේකුත් නෑ. අද කාලෙ ළමයි ඉගෙන ගෙන ඊළගට උත්සාහ කරනව වෙනින් රටකට යන්ඩ නැත්තං මේ රටේම වෙනින් පළාතකට යන්ඩ වෙනව රැකියාව නිසා. ඉතිං දෙමව්පියො ඒ අයට ළමයි ළග ඉන්ඩ ඕනෙ කාලෙදි ළමයි ඉන්නෙ පිට. ඒක නිසා වයිෆ් එක්ක සතුටින් ඉන්ඩ. නෑයො එක එක දේවල් කිව්වත් උඔල දෙන්න උන්ට පේන්ඩත් එක්ක හොදට සතුටින් ඉන්ඩ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    You have got enough positive advice from a majority of posters. Go ahead and adopt a child - don't be bothered with what other stupidos might say. Kids are not born with labels attached- (other than genetic markers)
    Also you don't raise a child expecting to depend on them when you get old. They might do so or not based on their circumstances. Looking at the present time most possibly they will not be with you or even in the country. So take a chance. Wish you good luck!
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    කවුරු මොනා කිව්වත් ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ළමයෙක් ඉන්නම ඕන බං.ඔය සෙල්ෆිශ් රැඩිකල්වාදී කට්ටිය නම් කියයි ළමයි කියන්නේ කරදරයක් කියලා..ඒත් ඒක නෙමෙයි අැත්ත.මට නම් තාත්තා කියලා අැහෙනකොට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා.මාරම ගටක් ඵන්නෙ..මම උඹට මම දන්න දෙයක් කියන්නම්.මම දන්න කෙනෙක්ට අවුරුදු 8ක් ළමයි නැතුව හිටියා.උඹ වගේම දුකෙන් හිටියේ..ඒ දෙන්න රට ගියා ජොබ් වලට.මෙන්න ගිහින් මාස 8යි.වයිෆ් ප්‍රෙග්නන්ට් උනා..අපි නොහිතුවට ඔය හැමදේටම අපේ මනස,රට,දේශගුණය බලපානවා..උඹට රට යන්න බැරි නම් අඩුගානේ ට්‍රිප් ඵකකට නුවර ඵලියේ හරි පලයන් දවස් 3-4 කට.හැබැයි ඒ ගිහින් ඵකතු වෙන කොට කිසිම ප්‍රශ්ණයක් ගැන හිතන්න ඵපා..මනස strong ඵකේ තියාගනින්.good luck මචං.:)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    දරු කමට කාව හරි හදා ගනින් මචං....pපිනකුත් වෙනවනේ....aඅනික හොද දෙමව් පියෝ වෙන්න තමන්ගේම ළමයි වෙන්න ඕනේ නැහැනේ....nනෑදැයෝ කියන එවා ගණන් ගන්නේ කවුද බන්?? :)ඔබ දෙපලට දරු සම්පත ලැබේවා කියල පතනවා
    9.gif

    ..
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕවට ක්‍රම ඇති ලෝකේ දියුණු වෙන කාලෙනේ මේ. දැන් නැතත් ඊළඟ අවුරුදු පහේ අලුත් ක්‍රම එන්න පුළුවන්, දැන් තියෙන ක්‍රම ගණන් අඩුවෙන්න පුලුවන් :yes:

    තාම වයස එච්චර නැතුව ඇතිනේ වයස ගියත් මොකෝ තමන්ගේම එකෙක් හදන්න පුළුවන් නං බලන් හිටියට පාඩු නෑ නෙව

    ඔව් මචං. හිත හැදුවට පිං
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    BUMP :( naladaru gana hoyla blnna godak sarthakai.....

    දන්න අක්කා කෙනෙක් තුන් පාරක් කරලා හරිගියේ නෑ බං. ඒකයි බය. එක පාරකට ලක්ෂ 8 ක් විතර යනවා. එක පාරින් හරි යනව නම් මොනවා හරි කරන්න පුළුවන්.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    මම ලංකාවේ ඉන්න උන්ගේ දැකල තියෙන ගොන්ම වැඩේ තමා ඕක. හැමදාම අරු මොනවා කියයිද අර ගෙදර එකා මොනවා කයයිද කියල බල බල ඉන්නවා :lol: අනිත් උන් මොනවා කියපුවම මොකෝ වෙන්නේ බන්, හරි දේ කරපන්. උඹ කරන වැඩේ හරිනම් කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ.

    ඇත්ත තමයි බං
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,548
    16,380
    113
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...
    :)
     
    • Like
    Reactions: erozan

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    දන්න අක්කා කෙනෙක් තුන් පාරක් කරලා හරිගියේ නෑ බං. ඒකයි බය. එක පාරකට ලක්ෂ 8 ක් විතර යනවා. එක පාරින් හරි යනව නම් මොනවා හරි කරන්න පුළුවන්.

    India wala neda..hari gihipuwath tiyenawa ban..eka parak try karala balapan:yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කවුරු මොනා කිව්වත් ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ළමයෙක් ඉන්නම ඕන බං.ඔය සෙල්ෆිශ් රැඩිකල්වාදී කට්ටිය නම් කියයි ළමයි කියන්නේ කරදරයක් කියලා..ඒත් ඒක නෙමෙයි අැත්ත.මට නම් තාත්තා කියලා අැහෙනකොට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා.මාරම ගටක් ඵන්නෙ..මම උඹට මම දන්න දෙයක් කියන්නම්.මම දන්න කෙනෙක්ට අවුරුදු 8ක් ළමයි නැතුව හිටියා.උඹ වගේම දුකෙන් හිටියේ..ඒ දෙන්න රට ගියා ජොබ් වලට.මෙන්න ගිහින් මාස 8යි.වයිෆ් ප්‍රෙග්නන්ට් උනා..අපි නොහිතුවට ඔය හැමදේටම අපේ මනස,රට,දේශගුණය බලපානවා..උඹට රට යන්න බැරි නම් අඩුගානේ ට්‍රිප් ඵකකට නුවර ඵලියේ හරි පලයන් දවස් 3-4 කට.හැබැයි ඒ ගිහින් ඵකතු වෙන කොට කිසිම ප්‍රශ්ණයක් ගැන හිතන්න ඵපා..මනස strong ඵකේ තියාගනින්.good luck මචං.:)

    :yes::yes::cool:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Wede atha arinna epa. Hope ekak thiyaganna. Wife ballanta kemathinm Labrador kenek hri golden retriever kenak hri hadanna.

    එයා බල්ලන්ට ආස නෑ මචං :( නැත්තං මම එකෙක් ගේන්න හිටියේ. අඩුම තරමේ මානසික පීඩනය වත් අඩු වෙනවනේ කියලා.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බබාලා අරන් හදාගන්නවනම් ඒකෙ නීතිමය පැත්ත පොඩ්ඩක් බලපන්. මම දන්න විදිහට බබෙක් අරන් හදාගන්නවනම් එයාට තමන්ගේ දේපල වලින් බාගයක් මුලින්ම ලියන්න ඕනෑ . නැත්නම් මිනිස්සු වැඩකාර කමටත් ළමයි අරන් හදා ගනීනෙ.

    උඹ ඉන්න මානසික මට්ටම මට හොඳට තේරෙනවා. ඔය දේවල් ප්‍රශ්න වෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ට. පිටරටවල් වල බබාල හිටිය නොහිටිය , බබා කාගේද කියන ඒව ප්‍රශ්න නෙවෙයි.

    ඕනෙ තරම් ඉන්නව අහිංසක බබාල අම්ම තාත්ත නැතිව. මම අත්දැකීමෙන් ඒක දන්නවා. ලංකාවේ ළමා නිවාස ගොඩකට මම ගිහින් තියනවා බලන්න. ඒ දේවල් දැක්කම දුකයි. මගේ යාලුවෙක් ඉන්නවා පොරට බබාල ඉදලත් බබෙක් අරන් හදා ගන්න හදනවා අසරණ පොඩි එකෙක්ට පිහිට වීමේ අරමුණින්.
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    mama hitanne daruwek darukamata ahadagena wena pradeshayaka tika kalayak padinchiwela indala ayeth gamata enna....ethakota godak durata prasna adu wei...
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113


    බොරු කියන්න ඕන නෑ..... පවුල්කාල කාලයක් යද්දී ළමයෙක් දෙන්නෙක් හිටියේ නැත්නම් ජිවිතේ ගොඩක් ඒකාකාරී වෙනවා......:dull::dull: ළමයි හදන්න බැරි එක වෛද්‍ය විධ්‍යත්මකව තහවුරු කරලනන් තියෙන්නේ ජිවිතේ ඒකාකාරී බවින් මිදෙන්න උබල දෙන්නා මොනවහරි දෙයක් හොයාගනිං . ගෙදර ලොකු බල්ලෝ, පුසෝ වගේ සත්තු ඇතිකරන එක ටිකක් ප්‍රායෝගිකයි. අනුන්ගේ ළමයි හදන එකනම් එක විදියකින් හොන්ඩර. ඊට හොදයි පවුලෙම කෙනෙක්ගේ දරුවෙක්ට උදව් පදව් කරන් ඉන්න එක...... මොකද හදන එකා මොකවුනත් පිට එකා, අන්තිමට පවුල් ඇතුලේ කේස් යනවා, පවුලේ කවුරුවත් තමුන්ගේ දේවල් කොහෙවත් නැති එකෙක්ට අයිතිවෙනවට කැමතිවෙන්නේ නෑ.......
    අනාගත වගකීම් නැති නිසා උබලට ළමයි නැති එක ගැන වදවෙන උන්ට උකාගන්න කියල
    වර්තමානේ සතුටින් හිටපන්....... :):)
    විස්තර කිව්වට උඹට පිං
    ladaruwa kale idanma hadagaththama pita daruwek wenne nane' nadayangen, ahala pahala minissungen case nm awurudu 2kta withra rata gihin' daruwa ehedi hamba una kiwwanm iwarai :D :D
    ඇත්ත මචං. වයිෆ්ව බබෙක් අරං හදාගන්න කැමති කරව ගන්න බලන්න ඕනේ
    ළමයි අරන් හදනකොටත් පොඩ්ඩක් මහ උන් දෙන්නා ගැනත් පොඩ්ඩක් හොයලබලපන්, වයිෆ්ගේ මාමකෙනෙක් පොඩි එකෙක්ව බඩේදිම බුක්කරලා අම්මට රට කෑම කවලා සුරංගනාවියක් වගේ රෝසම රෝසපාට ළමයෙක් අරං ආව..... අලුත් අම්මගෙයි තාත්තගෙයි හරි උජාරුව...... ළමය හංගන් හැදුවේ......මාස පහ හය යනකොට ඒකි කට්ට කලුවෙලා මූන ගොරිල්ලා වගේ වෙලා ආව...... දැන් විසික්කරන්න බැරිකමට හදනවා.........:baffled::baffled:
    :D පව් බං
    ඔහොම වෙන්නේ නෑ ..අපේ නන්දා කෙනෙක්ට ළමයි නෑ ..කෙල්ලෙක් අරන් හැදුවා ..දැන් කට්ටියම ඔය යස අගේට ඉන්නේ ..දැන් කෙල්ල බන්දලා දෙන්නත් යනවා :baffled:
    :D:):)
    machan ubala dennta puluwan nam lamayek hada ganna ganin. mokada kage hari athin merenna yana daruwek wenna puluwan ubala oya jevaya denne. mama danna kenekta ohoma lamayi nethuwa idala ekkenek gaththa. ita passe lamayi dennekma hambuna eyalata. den 3 dena ekkama sathutin innawa.
    වයිෆ්ව බබෙක් අරං හදාගන්න කැමති කරව ගන්න බලන්න ඕනේ
    hmm ekata nam harima duka hithenawa... :( man heta poddak wisthara hoyala ubata kiyannamko kokatath nala daru upath gana... awul wenna epa.. hmm
    ගොඩක් පිං මචං
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Lamaia hitiyath un apiwa balai kiyana eka sure naha ban :) Wayasata yaddi balaganna nam danma hodata hamba karala invest karapan. Lamaigen balaporoththu wenna epa, un migrate wenna unat puluwan. samahara wita unwa balaganna wennet apita :lol:

    ahala pahala ewun naadayo kiyana ewa ganan ganna epa, unta hama welema deyak kiyanna tiyanawa. uba gedara hitiyoth jobak nadda? jobak tibboth thaaama bande nadda? bandoth lamai nadda? lamai hitiyoth un exam fail da? oya wage marenakan dewal kiyay
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම දන්න තැනක ලමයෙක් ඔහොම ගෙනත් හැදුවා ඒළමය ටිකක් ලොකු උනාම එයාලගෙ නෑයො ලග අහල පහල උන්ම ළමයට කියලා සීන් එක ළමයා අර අම්මාගෙන් අහලා තියනවා මොනමගුලටද ඌව අරන් හදාගත්තෙ කියලා දැන් ඌ ඒ අම්මලා කියනදේවත් අහන්නෙ නෑ.
    එන්න ඒකනේ බං බය :(
    ළමයෙක් අරන් හදාගනින් මොන රෙද්දද බන් අවුරුදු 50ක් 60 ක් ජිවත් වෙන එකේ උගෙන් ආයේ ප්‍රති උපකාර බලා පොරොත්තු වෙන්නත් එපා
    :D
    ගිරවා;22965327 said:
    මහලු වෙන්න කලින් මැරුන නම් ඕක ප්‍රශ්නයක් නෑ.

    ඔව් මැරුනනම් අද හෙට උනත් කමක් නෑ. ඒත් මචන් අපිට ඕනි වෙලාවක මැරෙන්න බෑනේ. වහ බීලා ජීවිත නැති කරගන්නත් කැමති නෑ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පේරාදෙණියෙ ඉන්නව අනෝජ් ද සිල්වා කියල සිංහල වෙද මහත්තයෙක්.
    පොඩ්ඩක් ගිහින් බලන්න. දරු පල නැති ඒවටත් වෙද කම් කරනව කියල අහල තියෙනව. (youtube video එකක තිබුනෙ. ඒ video එක හොයා ගන්න බෑ.)

    ඔය ගැන හෙව්වා මචං. ගොඩක් අය කියන්නේ අනෝජ් ද සිල්වා බොරු කරනවා කියලා