රට පුරා පෙරේදා පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලින් ද විමසීමක් කළා. ලංකා විදුලි පොදු සේවක සංගමය පවසන්නේ මෙම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ඉංජිනේරුවන් වගකීම භාරගත යුතු බවයි.
ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මහතා පැවසුවේ බියගම විදුලි උපපොලෙහි සිදුවූ පිපිරීමට හේතුව අදාළ ට‍්‍රාන්ස්ෆෝමරය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූවා. ඔවුන් පැවසුවේ සිදුවූ වරද තමන් පිළිගන්නා බවයි.
මේ අතර රට පුරා පෙරේදා (13) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සහ ඊට පෙර සිදුවූ එවැනි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් එහි සාමාජිකයින් කිහිපදෙනෙක්.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද මෙම විශේෂ කමිටුවේ සාමාජිකත්වය දරනවා. ඔවුන්ගේ පළමු වාර්තාව සතියක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදිය යුතුයි.
NETH FM
මේකයි..මේ දේ වෙලා තියෙන්නේ හරියට නඩත්තුවක් නොකරපු නිසා..ඒකයි කවුරුත් ආණ්ඩුවට බනින්නේ.එක අතකට මල් පැළ ටිකකට වතුර දාන්න ලෝභ උන ආණ්ඩුව ට්‍රාන්ස්ෆෝමරයක් නඩත්තු කරන්න වියදම් කරයිද.නේහ්හ්
.