දළදා වතුර මිත්‍යාවක්ද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දළදා වතුර මිත්‍යාවක්ද?

    දළදා වතුර හෙවත් දළදා වැස්ස ලෙස හඳුන්වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහජන ප්‍රදර්ශනයට විවෘත කළ විට ඒ අනුහසින් ඇද වැටෙන මහ වැස්ස බව සිංහල බෞද්ධයෝ විශ්වාස කරති.ඔවුන්ට එය ගැටළුවක් නොවන්නේ වුවද මෙරට සිටින පඬියන්ට එය මහත් අසහනයට කරුණක් වී ඇත.එබැවින් ඒ එසේ නොවන බව පෙන්වීම සඳහා මෙරට ඇතැම් පඬියන් ගෙන හැර දක්වන කරුණු හා කෙස් පැලෙන තර්ක පිළිබඳව විශ්ලේෂණයක් කිරීම මාගේ අරමුණ වෙයි.

    මේ සඳහා මා පාදක කරගන්නේ පසුගිය දළදා ප්‍රදර්ශනය සමයෙහි බටහිර විද්‍යාවට වන්දනාමාන කරන,ඒ පරම සත්‍යයැ'යි සිතා සිටින එක්තරා පණ්ඩිත මහතෙකු විදුසර විද්‍යා සඟරාවට ලියා තිබූ ලිපියකි. හේතුවාදියෙක් ලෙස තමන් හඳුන්වාගන්න ඒ මහතා එවැනි සංගමයක ඉහළ නිලයක් දරන්නෙකු බවද මට පසුව දැනගන්නට ලැබිණි.ඒ කෙසේ වෙතත් ප්‍රමාද වී හෝ එයට ප්‍රතිචාරයක් ලිවිය යුතුය.

    දළදා වැස්ස ආශ්චර්යයකැ යි කියන්නට මට අවශ්‍ය නැත.එසේ කියන්නට තරම් ප්‍රමාණවත් සාධකද මා සතුව නැත.නමුත් මේ මහත්වරුන් ඒ මිත්‍යාවකැ යි පෙන්වීමට යොදාගන්නා තර්ක වල විසංවාද පෙන්වා දීමට මට හැකිය.මා කීවද නොකීවද දළදා වැස්සෙහි කිසියම් විශේෂයක් ඇති බව මෙරට බහුතර බෞද්ධ ජනතාව පිළිගනිති.මේ මහත්වරුන්ගේ මානසික අසහනයට හේතු වී ඇත්තේ ඒ බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරදීමට ඇති නොහැකියාවම පමණක් නොවේ.මොවුන්ට දරාගත නොහැක්කේ ඒ පිළිගැනීමය.

    පසුගිය මාර්තු මස පවත්වන ලද දළදා ප්‍රදර්ශනය ආරම්භ වූ දිනයේ,ප්‍රදර්ශනය ඇරඹීමෙන් මොහොතකට පසු මහනුවර ප්‍රදේශයට වැසි ඇද හැලුනි.ඊට මාධ්‍යයෙන්ද කිසියම් ප්‍රචාරයක් ලැබුණු හෙයින් ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය.එයට පෙර පැවති ප්‍රදර්ශනය අවස්ථාවේදීද ඒ අයුරින්ම වැසි වැටුනු බව ඇතැම් විට ඔබට මතක ඇති

    නමුත් ඒ මහතා(ඔහුගේ නම මෙහි සඳහන් කිරීම අවශ්‍ය නැත.එවැන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමද ඔවුන්ට අනවශ්‍ය වටිනාකම් ලබාදීමකි)ප්‍රකාශ කරන්නෙ එහි ගුප්ත භාවයක් ඇත්දැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇසිය යුතු බවය.එහි ගුප්ත භවයක් ඇතැයි ඔවුන් තහවුරු කරන්නේ නම් ඒ ආශ්චර්යයක් ලෙස සැලකිය හැකි බවය.මේ ප්‍රකශයේම විසංවාද ඇත.ඒ මහතා ගුප්ත සංසිද්ධි ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාවේ මිනුම් දඬු වලට හසු කරගත නොහැකි,එහි ප්‍රවාද ඔස්සේ අර්ථ දැක්විය නොහැකි සංසිද්ධි බව පැහැදිලිය.එසේ නම් බටහිර දැනුමක් ම වන කාළගුණ විද්‍යාවට දළදා වැස්සෙහි ඇති ගුප්ත භාවය හසු වන්නේ යැයි ඒ මහතා සිතන්නේ ඇයි?එසේ කීමට ඒ මහතා සතු තර්කය කුමක්ද?ගුප්ත භාවය යනු බටහිර විද්‍යාවේ උපකරණ හා ප්‍රවාද වලට හසු නොවීම ම නම්,එය බටහිර විද්‍යාවෙන්ම හඳුනාගත හැක්කේ කෙසේද?

    අනෙක් අතට ඒ වැස්සේ තිබූ ගුප්ත භාවයක්ද නැත.ඒ සාමාන්‍ය ජලයම ඇද වැටුනු සාමාන්‍ය වැස්සක්ම විය.මෙහි ගැටළුව වන්නේ එම වැස්සට පදනම් වූ හේතුව කුමක්ද යන්නය.වැස්සට පදනම් වන හේතු කාළගුණ විද්‍යාවේ නිර්ණායක වලට හසු වන්නේ නැත.පීඩන අවපාත,සුළං ආදී කවරක් පිළිබඳව කතා කළද ඒ වන විට මාස දෙකකට වැඩි කාලයක් වැසි නොලැබ තිබූ මහනුවර ප්‍රදේශයට එදිනම වැසි වැටුනේ කෙසේදැයි යන ප්‍රශ්නයට ඒවායින් පිළිතුරු ලැබෙන්නේ නැත(දළදා ප්‍රදර්ශන දෙකෙහිදීම තත්ත්වය මෙයම විය).
     
    • Like
    Reactions: rohana1985

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දළදා ප්‍රදර්ශන අවස්ථා වලදී වැසි ඇද වැටෙන්නේය යන්න ඉතා පැරණි විශ්වාසයකි.එවැනි විශ්වාසයක් සමාජයේ මුල් බැස තිබෙන්නේ අහම්බයකින් විය නොහැකිය.එම විශ්වාසය ඇරඹුනේ කෙදින වුවද මෙපමණ කාලයක් එය පැවතගෙන එන්නේ අහම්බයකින් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.දෙතුන් වතාවක් පමණක් එය සිදු වූයේ නම් එවැනි ප්‍රබල විශ්වාසයක් බෞද්ධයන්ට නොලැබෙන බවද පැහැදිලිය.මෙරට භෞතිකවාදී පණ්ඩිතයන් කවරක් කීවද එම සංසිද්ධිය සාක්ෂ්‍ය වශයෙන් සංගත බව අපට පිළිගැනීමට සිදුවෙයි.අපිදු එම සිද්ධිය දෙවරක්ම අත්විඳ ඇත්තෙමු.අපට පෙර පරම්පරාවෝ ඊටත් වඩා ඒ අත්විඳ ඇතුවාට සැක නැත.අතීතයේ සිටම දළදා ප්‍රදර්ශන හා පෙරහැර සංවිධානය කෙරුනේ වර්ෂාව ලබා ගැනීමේ අරමුණද පෙරදැරිවය.දෙතුන් වතාවකට වඩා ඒ සාර්ථක නොවූයේ නම් පෙරහැර වුව මෙතරම් කාලයක් නොපවතිනු ඇත.මේ මහත්වරුන්ට ඒ පිළිබඳව කිව හැක්කේ මොනවාද?

    අනෙක් අතට කාළගුණ විද්‍යාව යනු එතරම් නිවැරදි අනාවැකි ලබාගත හැකි දැනුම් පද්ධතියක් නොවේ.දේශපාලකයන් හැරුනු විට ජනතාවට වැඩියෙන්ම බොරු කියන්නේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බව සරල උපහාස කතාවක් වුවද එහි ඇත්තක් නැත්තේම නැත.ඒ එම ආයතනයේ සේවය කරන මහත්වරුන්ගේ හෝ අදාල උපකරණ වල ඇති ගැටළුවක් නොවෙයි.ඒ එහි ප්‍රවාද වල පවතින ගැටළුවකි.

    කාළගුණ විද්‍යාව එතරම් සාර්ථක ප්‍රතිඵල ලබා නොගන්නේ එහි නිර්මාණය වී ඇති ප්‍රවාද වල ස්වභාවය නිසාය.සෑම බටහිර විද්‍යාවකම පවතින වියුක්තය කාළගුණ විද්‍යාවටද ලබා දීමට ක්‍රියා කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.
    ස්වභාව ධර්මය යනු විශ්ලේෂණයෙන් පමණක් සාර්ථක දැනුම් බිහි කළ හැකි පද්ධතියක් නොවෙයි.එහි ඉතා තීරණාත්මක සංස්ලේෂී ගුණංගද වේ.එම සංස්ලේෂණය බටහිර කාළගුණ විද්‍යාව තුල නොවීම නිසා වඩා සංගත දැනුමක් බිහි කරගැනීමට ඒ අසමත් වී ඇතැයි සිතිය හැකිය.බොහෝ කාළගුණ විද්‍යා අනාවැකි වලට වඩා අපේ ගැමියන් නිරීක්ෂණයෙන් ඉදිරිපත් කරන අනාවැකි නිවැරදි වන්නේ එහි සංස්ලේෂණය පිළිබඳවද ඔවුහු සැළකිලිමත් වන නිසාය.

    මෙයට ඇති එක් උදාහරණයක් නම් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන ජල චක්‍රයයි.(එහි විවිධ ජල චක්‍ර පිළිබඳව කියැවෙන්නේ විය හැකිය.මෙහි මා සඳහන් කරන්නේ අප සාමාන්‍යයෙන් හඳුනන ජල චක්‍රයයි)ජල චක්‍රය මගින් වර්ෂාව ආශ්‍රිත සංසිද්ධි සියල්ලම පාහේ නිරූපණය කිරීම හා පැහැදිලි කිරීම කළ හැකි යැයි කියවෙයි.කෙසේ වෙතත් අද වන විට ජල චක්‍රය විකෘති වී ඇතැයි අපි කියමු.කලට වේලාවට වැසි නොවැටෙන බවත් වැටෙන වැස්සේ ක්‍රමානුකූලත්වයක් නැති බවත් අසන්නට ලැබෙයි.නමුත් ඒ සිද්ධි පැහැදිලි කිරීම ජල චක්‍රය භාවිතයෙන් කළ නොහැකිය.සම්මත ජල චක්‍රයේ අඩංගු නොවන යම් යම් සාධක(වනාන්තර හෙලි කිරීම ආදී) වල බලපෑම නිසා එවැනි විකෘති ඇති වෙයි.නමුත් එම සාධක පිළිබඳව සම්මතයෙහි අඩංගු නොවන නිසාම ඒවා පැහැදිලි කිරීමට බටහිර විද්‍යාවට නොහැකි වී ඇත.මින් කියැවෙන්නේ සංස්ලේෂණය ග්‍රහණය කරගැනීමට බටහිර විද්‍යව දක්වන අසමත්කම නිසා කාළගුණ විද්‍යාවේදී බටහිරයන් තරමක් අසමත් වන බවය.

    එසේනම් මෙරට පණ්ඩිත මහත්වරුන් දළදා වැස්ස මිත්‍යාවකැයි කියන්නේ ඒ සඳහා අසමත් විද්‍යාවක් පිහිට කරගැනීමෙනි.(කාළගුණ විද්‍යාව වුව යම් යම් සංස්ලේෂී නොවන සිද්ධි නිවැරදිව පහදා දෙන්නේ විය හැකිය.නමුත් දළදා වතුර මිත්‍යාවකැ යි කියන්නට ඒ භාවිතා කිරීමට ඉන් අවසර ලැබෙන්නේ නැත.)දළදා වැස්සට හේතු පාදක වන්නේ සංස්ලේෂී සාධකයක් නම් ඒ තේරුම් ගැනීමට සංස්ලේෂී නොවන පද්ධතියකින් නොහැකි බව මේ නිවටයන්ට නොවැටහීම පිළිබඳව අපි පුදුම නොවෙමු.ඒ ඔවුන්ගේ මානසික බංකොලොත්භාවයේ ප්‍රමාණය වෙයි.කුඹුරක පඹයෙකු විසින් කරනු ලබන කාර්යයම මොවුහු මෙරටද කරති.කුරුල්ලන් බය කිරීම හැරුණු කොට පඹයාට කළ හැකි වෙන යම් දෙයක් නැත.කොහෙන් හෝ අහුලාගත් පඬි කතාවක් යොදාගෙන සාම්ප්‍රදායික විශ්වාස හා ජනමතයන්ට පහරදීම හැරුණු කොට මොවුන්ටද කළ හැකි නිර්මාණශීලී කාර්යයක් නැත.කුරුල්ලන් පඹයාට බිය වන්නේ පඹයාට කිසිවක් කළ නොහැකි බව නොදන්නා නිසාය.මෙරට ජනතාවත් මේ මහත්වරුන්ට යම් තරමක හෝ බයක් දක්වන්නේ නම් එ ඔවුන්ගේ පුහු බව පිළිබඳව ඇති නොදන්නාකම නිසාය.පඹයා තුල අඩුම තරමින් පිදුරු වත් ඇත.මොවුහු ඊටත් වඩා පුස්සෝය.

    ඒ මහතාගේ තවත් අදහසක් නම් මෙවැනි මිත්‍යාදෘෂ්ටික අදහස් සමාජයෙන් ඉවත් කළ යුතු බවය.අපට අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ ඒ මහතා මේ මිත්‍යාදෘෂ්ටියකැයි කියන්නේ කවර පදනමක හිඳගෙනද යන්නය.ඒ මහතා ඒ සඳහා යොදාගන්නා ප්‍රවාද මිත්‍යාදෘෂ්ටි නොවන්නේ කෙසේදැයි අපට පෙන්වා දිය යුතුය.එවැනි අදහස් මිත්‍යාදෘෂ්ටික වූවත් නැතත් ඉන් සමාජයට වන්නා වූ හානියක් නැත.අදාල වැසි අවස්ථාවේදී ද මෙරට බෞද්ධයන් ඒ දරගත්තේ බුද්ධාලම්භන ප්‍රීතියක් වශයෙනි.මෙරට භෞතිකවාදීන්ගේ/හේතුවාදීන්ගේ මානසික අසහනයට හේතු වූවා හැරුනු කොට ඉන් කුරා කුහුඹුවකුට වුවද සිදු වූ හානියක් නැත.(තමන්ගේ කසිකබල් මතවාද මගින් මෙවැනි මහත්වරු අප සමාජයට කරන හානිය දළදා වැස්සට වඩා අතිශය භයානකය.අපව බටහිර සංස්කෘතියේම වහලුන් කිරීම හැරුනු කොට මොවුන්ට ඇති වෙනත් සමාජ අවශ්‍යතාවයක්ද නැත.එතෙක් මොවුන්ට නින්ද යන්නේද නැත)එසේ නම් ඒ අදහස සමාජගතව පැවතීමේ ඇති වරද කුමක්ද?අසම්පූර්ණ,අඥාන තර්ක මගින් ඒ මිත්‍යාවකැයි කියනවාට වඩා ඒ ප්‍රීතිය ඉතා අගනේය.

    මේ මහත්වරුන්ගේ උත්සාහය වෘක්ෂ දේවතාවුන් නැතැයි කීවා වැනිමය.දේවතාවුන් සිටියද නොසිටියද ඒ අදහස නිසා සමාජයට සිදු වූ අයහපතක් නැත.අඩුම තරමින් අදාල අදහස නිසා පැරණි ගස් කිහිපයකටවත් හානියක් නොවී ඉතිරි වීමට හැකි විය.නමුත් දේවතාවුන් නැතැයි කීම නිසා සිදු වූයේ ඒ ගස් ගෘහ භාණ්ඩ බවට පත් වීම පමණය.ඒ පෙරට වඩා යහපත් තත්ත්වයක් වන්නේ කෙසේද?

    විශ්ලේෂණය මෙන්ම සංස්ලේෂණයද යොදා ගනිමින් අපි අපේම දැනුමක් ගොඩනගා ගත් දිනයක ඇතැම් විට මේවා පැහැදිලි කරදීමට හැකිවනු ඇත (ඒ පැහැදිලි කර දීම අත්‍යවශ්‍ය යැයි මින් නොකියැවේ.අතිශය කුඩා ලක්ෂයකින් සමස්ත විශ්වයම ඇති වූ බව විනා එසේ වූයේ කෙසේදැයි බටහිරයන් අපට කියාදී නැත.කිසිදාක කියා දෙන්නේද නැත.එහෙත් ඊනියා උගත්තු ඒ පිළිගනිති)පැහැදිලි කළද නොකළද ඊට ඇත්තේ සමාජයීය වටිනාකමකි.ඉන් අනිකෙකුට හානියක් නොවන තාක් ඒ සමාජගතව පැවතීමේ වරදක්ද නැත.

    අප කළ යුත්තේ පොරවල් වීම සඳහා අප සංස්කෘතික අනන්‍යතා වලට පහරදෙන්නන් සමාජය හමුවේ මතවාදීව නිරුවත් කිරීමය.ඔවුන්ගේ විසංවාදී පුහු තර්ක අසංගත බව පෙන්වාදී මෙරට ජනතාවට අදීන අනාගතයක් බිහි කර දීමය.

    බ්ලොගයකින් ඉස්සුවෙමි
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    නමුත් ඒ මහතා(ඔහුගේ නම මෙහි සඳහන් කිරීම අවශ්‍ය නැත.එවැන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමද ඔවුන්ට අනවශ්‍ය වටිනාකම් ලබාදීමකි)ප්‍රකාශ කරන්නෙ එහි ගුප්ත භාවයක් ඇත්දැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇසිය යුතු බවය.එහි ගුප්ත භවයක් ඇතැයි ඔවුන් තහවුරු කරන්නේ නම් ඒ ආශ්චර්යයක් ලෙස සැලකිය හැකි බවය.මේ ප්‍රකශයේම විසංවාද ඇත.ඒ මහතා ගුප්ත සංසිද්ධි ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාවේ මිනුම් දඬු වලට හසු කරගත නොහැකි,එහි ප්‍රවාද ඔස්සේ අර්ථ දැක්විය නොහැකි සංසිද්ධි බව පැහැදිලිය.එසේ නම් බටහිර දැනුමක් ම වන කාළගුණ විද්‍යාවට දළදා වැස්සෙහි ඇති ගුප්ත භාවය හසු වන්නේ යැයි ඒ මහතා සිතන්නේ ඇයි?එසේ කීමට ඒ මහතා සතු තර්කය කුමක්ද?ගුප්ත භාවය යනු බටහිර විද්‍යාවේ උපකරණ හා ප්‍රවාද වලට හසු නොවීම ම නම්,එය බටහිර විද්‍යාවෙන්ම හඳුනාගත හැක්කේ කෙසේද?

    නෑ මචන් ඔය කියන්නේ මම හිතන විදිහට දලදා ප්‍රදර්ශනය කරන්න කලින් නුවර අහසේ වෑස්සක් වෑටෙන්න ඔනි සාදක තිබ්බද කියල කාලගුන දෑපාර්තමේන්තුවෙන් අහල බලන්න කියන එකයි. වෑස්සක් වෑටෙන්න ඕනි සාදක මුල ඉදන්නම තිබ්බනම් වෑස්ස වෑටිම පුදුමයක් නෙමේ නේ........ නමුත් වෑස්ස වෙටෙන්න ඔනි සාදක නොතිබිලා එක පාරටම දලදා ප්‍රදර්ශනය කල ගමන්ම වෑස්සනම් ඒක පුදුමයක් කියල ඔය කියල ඈත්තේ..... ඒකෙනම් වෑරෙද්දක් මට නම් පේන්න නෑ..........

    rishrdg

    Member
    Jul 21, 2009
    338
    40
    0
    Gampaha
    ela ela machoooooooo............oya yakkunta gon athal gannawata wada deyak ne ban......wedakata nethi meeharak..... Gon pandiyoooooooo
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එහෙම උඩින් පාත් උන.සුද්දන්ගෙ shot ලංකාවෙ ඉන්නවනේ මචෝ..උන්ගෙ ඇගේ තියෙන්නේ සුද්දන්ගේ ජාන..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    මෙයට ඇති එක් උදාහරණයක් නම් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන ජල චක්‍රයයි.(එහි විවිධ ජල චක්‍ර පිළිබඳව කියැවෙන්නේ විය හැකිය.මෙහි මා සඳහන් කරන්නේ අප සාමාන්‍යයෙන් හඳුනන ජල චක්‍රයයි)ජල චක්‍රය මගින් වර්ෂාව ආශ්‍රිත සංසිද්ධි සියල්ලම පාහේ නිරූපණය කිරීම හා පැහැදිලි කිරීම කළ හැකි යැයි කියවෙයි.කෙසේ වෙතත් අද වන විට ජල චක්‍රය විකෘති වී ඇතැයි අපි කියමු.කලට වේලාවට වැසි නොවැටෙන බවත් වැටෙන වැස්සේ ක්‍රමානුකූලත්වයක් නැති බවත් අසන්නට ලැබෙයි.නමුත් ඒ සිද්ධි පැහැදිලි කිරීම ජල චක්‍රය භාවිතයෙන් කළ නොහැකිය.සම්මත ජල චක්‍රයේ අඩංගු නොවන යම් යම් සාධක(වනාන්තර හෙලි කිරීම ආදී) වල බලපෑම නිසා එවැනි විකෘති ඇති වෙයි.නමුත් එම සාධක පිළිබඳව සම්මතයෙහි අඩංගු නොවන නිසාම ඒවා පැහැදිලි කිරීමට බටහිර විද්‍යාවට නොහැකි වී ඇත.මින් කියැවෙන්නේ සංස්ලේෂණය ග්‍රහණය කරගැනීමට බටහිර විද්‍යව දක්වන අසමත්කම නිසා කාළගුණ විද්‍යාවේදී බටහිරයන් තරමක් අසමත් වන බවය.

    ජලචක්‍රයෙන කිය වෙන්නේ ජීව ගෝලය තුල ජලය චක්‍රි කරනය වෙන එක පෙන්වන එකයි ..එකෙන් කිය වෙන්නේ නෑ වෑස්ස ඈති වෙන්න බලපාන සාදක වගේ ඒවා....... ඒකෙන් කියන්නේ වෑස්ස කියන්නේ ජලය චක්‍රිකරනය වන එක ප්‍රබේදයක් කියල විතරයි...... වායුගෝලිය ජලය වෑස්ස ලෙස නෑවතත් පොලොවට එකතු වෙනව.....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    c
    ඒ මහතාගේ තවත් අදහසක් නම් මෙවැනි මිත්‍යාදෘෂ්ටික අදහස් සමාජයෙන් ඉවත් කළ යුතු බවය.අපට අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ ඒ මහතා මේ මිත්‍යාදෘෂ්ටියකැයි කියන්නේ කවර පදනමක හිඳගෙනද යන්නය.ඒ මහතා ඒ සඳහා යොදාගන්නා ප්‍රවාද මිත්‍යාදෘෂ්ටි නොවන්නේ කෙසේදැයි අපට පෙන්වා දිය යුතුය.එවැනි අදහස් මිත්‍යාදෘෂ්ටික වූවත් නැතත් ඉන් සමාජයට වන්නා වූ හානියක් නැත.අදාල වැසි අවස්ථාවේදී ද මෙරට බෞද්ධයන් ඒ දරගත්තේ බුද්ධාලම්භන ප්‍රීතියක් වශයෙනි.මෙරට භෞතිකවාදීන්ගේ/හේතුවාදීන්ගේ මානසික අසහනයට හේතු වූවා හැරුනු කොට ඉන් කුරා කුහුඹුවකුට වුවද සිදු වූ හානියක් නැත.(තමන්ගේ කසිකබල් මතවාද මගින් මෙවැනි මහත්වරු අප සමාජයට කරන හානිය දළදා වැස්සට වඩා අතිශය භයානකය.අපව බටහිර සංස්කෘතියේම වහලුන් කිරීම හැරුනු කොට මොවුන්ට ඇති වෙනත් සමාජ අවශ්‍යතාවයක්ද නැත.එතෙක් මොවුන්ට නින්ද යන්නේද නැත)එසේ නම් ඒ අදහස සමාජගතව පැවතීමේ ඇති වරද කුමක්ද?අසම්පූර්ණ,අඥාන තර්ක මගින් ඒ මිත්‍යාවකැයි කියනවාට වඩා ඒ ප්‍රීතිය ඉතා අගනේය.

    මේ මහත්වරුන්ගේ උත්සාහය වෘක්ෂ දේවතාවුන් නැතැයි කීවා වැනිමය.දේවතාවුන් සිටියද නොසිටියද ඒ අදහස නිසා සමාජයට සිදු වූ අයහපතක් නැත.අඩුම තරමින් අදාල අදහස නිසා පැරණි ගස් කිහිපයකටවත් හානියක් නොවී ඉතිරි වීමට හැකි විය.නමුත් දේවතාවුන් නැතැයි කීම නිසා සිදු වූයේ ඒ ගස් ගෘහ භාණ්ඩ බවට පත් වීම පමණය.ඒ පෙරට වඩා යහපත් තත්ත්වයක් වන්නේ කෙසේද?

    විද්යාව කියන්නේ තාම ලදරු වයසේ පවතින දෙයක් ඒක තව ගොඩක් පරිනාමය වෙන්න ඔනි .......... ව්ද්යාවට අසු නොවිම පමනක් පදනම් කරගෙන යම් දෙයක් බෑහෑර කරන්න කවෘ හරි උත්සහ කරනව නම් ඒක මෝඩ කමක්........ අවෘරුදු දහස් ගානක් තුල ඈති උන දෙයක් මගින් අවෘදු බිලියන ගනනාවක් තිස්සේ ඈතිවෙමින් පවතෙමින් යන දෙයක් සම්පුර්නයෙන් පෑහෙදිලි නොවෙන්න පුලුවන්....... මම හිතන විදිහටනම් බෑ..... ඒක නිසා හොදම දේ අපි විවුත්ත මනසකින් ඉන්න එක මේ දෙවල් ගෑන......

    • Like
    Reactions: Zeus

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    නෑ මචන් ඔය කියන්නේ මම හිතන විදිහට දලදා ප්‍රදර්ශනය කරන්න කලින් නුවර අහසේ වෑස්සක් වෑටෙන්න ඔනි සාදක තිබ්බද කියල කාලගුන දෑපාර්තමේන්තුවෙන් අහල බලන්න කියන එකයි. වෑස්සක් වෑටෙන්න ඕනි සාදක මුල ඉදන්නම තිබ්බනම් වෑස්ස වෑටිම පුදුමයක් නෙමේ නේ........ නමුත් වෑස්ස වෙටෙන්න ඔනි සාදක නොතිබිලා එක පාරටම දලදා ප්‍රදර්ශනය කල ගමන්ම වෑස්සනම් ඒක පුදුමයක් කියල ඔය කියල ඈත්තේ..... ඒකෙනම් වෑරෙද්දක් මට නම් පේන්න නෑ..........

    vidyawen pahadili karanda bari dewal godak budu dhamen pahadili karala thiyanawa. mama danna tharamin dhalada wahi athiwima wage dewal DHAMMA NIYAMA walata ayath dewal.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට අනුව මෙහි තියෙන(මගේ නැණ පමණින්) සමහර මෝඩ කරුණු සහ ගැටළු ගැන විමසීමක් කරන්න හිතුනා

    පසුගිය මාර්තු මස පවත්වන ලද දළදා ප්‍රදර්ශනය ආරම්භ වූ දිනයේ,ප්‍රදර්ශනය ඇරඹීමෙන් මොහොතකට පසු මහනුවර ප්‍රදේශයට වැසි ඇද හැලුනි.ඊට මාධ්‍යයෙන්ද කිසියම් ප්‍රචාරයක් ලැබුණු හෙයින් ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය.එයට පෙර පැවති ප්‍රදර්ශනය අවස්ථාවේදීද ඒ අයුරින්ම වැසි වැටුනු බව ඇතැම් විට ඔබට මතක ඇති

    නමුත් ඒ මහතා ප්‍රකාශ කරන්නෙ එහි ගුප්ත භාවයක් ඇත්දැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇසිය යුතු බවය.එහි ගුප්ත භවයක් ඇතැයි ඔවුන් තහවුරු කරන්නේ නම් ඒ ආශ්චර්යයක් ලෙස සැලකිය හැකි බවය.
    මට තේරෙන විදියට
    අර හේතුවාදියා කියල තියෙන්නෙ
    වැසි වැටෙන්නෙ නෑ කියල කාළගුණ දෙපාරතමේන්තුවෙන් නියං කාලයක් ලෙස සළකල තියෙන කාලෙක දළදා ප්‍රදර්ශනය නිසා වැසි වැටුනද නැද්ද කියල හොයල බලන්න කියලයි.

    එයා අදහස් කරන්න ඇත්තෙ බටහිර විද්‍යාවට අනුව දළදා වතුර පැහැදිළි කරන්න පුළුවන්ද බැරිද කියන එක කාලගුණ දේපාර්තමේන්තුවෙ දත්ත අනුව විමසල බලන්න කියල විතරයි

    නැතුව මේ වතුර වෙනුවට චොකලට් වැටුනද කියල බලන්න කියනව වගේ ගුප්ත දේයක් නෙවෙයි

    අනික් අතට

    බටහිර විද්‍යාවෙන් පැහැදිලී කරන්න බැරි නං දළදා වතුර ඇත්තයි කියන එකමයි ඔය කියන්නෙ

    ඒක නිසා ලිපියේ තියෙන මෙන්න මේ කරුන ගැන ඩිංඟක් හිතන්න වෙනවා
    .....මේ මහත්වරුන්ගේ මානසික අසහනයට හේතු වී ඇත්තේ ඒ බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරදීමට ඇති නොහැකියාවම පමණක් නොවේ.මොවුන්ට දරාගත නොහැක්කේ ඒ පිළිගැනීමය.
    ???????????????
    -----------------

    දළදා ප්‍රදර්ශන අවස්ථා වලදී වැසි ඇද වැටෙන්නේය යන්න ඉතා පැරණි විශ්වාසයකි.එවැනි විශ්වාසයක් සමාජයේ මුල් බැස තිබෙන්නේ අහම්බයකින් විය නොහැකිය.එම විශ්වාසය ඇරඹුනේ කෙදින වුවද මෙපමණ කාලයක් එය පැවතගෙන එන්නේ අහම්බයකින් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත....

    අල්ලාහ් දෙවියන් අන්යාගමිකයන්ට දඬුවම් කරන බවත් අපි වගේ 100 ගුණයක් විශාල ජන කොටසක් අවුරුදු 1000 ගානක් තිස්සෙ විෂ්වාස කරනව

    මං ඒ අදහස් කරපු දේ තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා :rolleyes:

    මොනව උනත් ඒක වටින ලිපියක්

    සිදුවීමට තිබිච්ච දෙයක් ගැන අපිට කවදාවත් වාද විවාද කරන්න බෑ
    මගේ මතය අනුව නං විශ්වාස කරන අය කරන්න
    නැති අය නිකං ඉන්න ඔය දෙජාතියෙන් කවුද හරි කියන එක තීරණය කරන ඒක ලේසි වැඩක් නෙවෙයි
     
    sumedha456

    Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    ඉතා වටිනා ලිපියක් සහෝ.......!!! මේක විතරක් නෙමේ බටහිර විද්‍යාවෙන් පැහදිලි කරන්න බැරි ගොඩාක් දේවල් තියෙනව.......තාම බටහිර විද්‍යාව ඉන්නෙ ලදරු අවදියෙ....නමුත් පෙරදිග ඉන්න අපි ඊට වඩා ගොඩාක් ඉදිරියෙන් කියල මට හිතෙනව... නමුත් අපේ තිබුනු ඒ දැනුම දැන් ඒ බටහිර ආකල්ප වලින් වහල දාල.....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දළදා හාමුදුරුවන්ගේ ආනුභාවය හැමදාමත් අපේ රටට තියෙනවා කියන එක... ලොකු පොඩි හැම දෙනෙක් ම පිළිගන්න දෙයක්.... ඒක තුලින් තව තවත් රට ගැන හැඟිමක් ඇති වෙනවා මිසක්, කාට වත් ගැටලුවක් වෙන්නේ නැ. එදා.... ගස් වැල් දේවත්වයෙන් සලකපු, මිනිස්සු විද‍යාව....දියුණුවෙනකොට මෝඩයෝ විදිහට හංවඩු ගැහුවා. එත්...ඒ නිසා තමා අද විද‍යාව ම කියන Eco Friendly World එකක් තාමත් ඉතුරු වෙලා තියෙන්නේ.

    විදයාව කියන්නේ, අඳුරු කාමරයක දල්වපු එක් පහනක් විතරයි. ඒ එළියට පේන දේ අපි පරිහරණය කරනවා. ඒ අතරම අපි හිතනවා. ඒ දේවල් විතරයි... කාමරය තුල තියෙන්නේ කියලා. එත් බැලුවම.... අඳුරු පෙදෙසේ තවත් නොපෙනෙන සතයක් තියෙනවා. ඒ ආලොකය ටික ටික වර්ධනය වෙන දාක ඒ දේ අනිවාර්යයෙන්ම ඔප්පු වෙනවා.

    විදයාවෙන් වෙන්නේ, පෙනෙන දෙයින් නොපෙනෙන දේ ඔප්පු කරන එකයි..... දළදා පෙරහැර නිසා, වැස්ස ලැබෙනවා....කියන විශ්වාසය නිසාම..... ඒ දේ හැම දෙනාම මෙනෙහි කරන නිසා...ඒ මහා චිත්ත ශක්තිය නිසා ඔය විදිහට වැස්ස ලැබෙනවයි කියලා මම හිතන්නේ. ඔය දේ රතු ඉන්දියානුවනුත් පිළිගත් දෙයක්...මිනිසුන් එක වෙලාවක, එක අරමුණක යෙදීම තමා නැකත් නිසාත් වෙන්නේ.

    ඒක තාමත් විදයාවේ සංඛයාතයට අහුවෙන්නේ නැ. ඒක නිසාම බොරු තර්ක හැර, නිවැරදි තර්කයක් ඉදිරිපත් කරන්න තාම කාටවත් හැකියාවක් ලැබිලා නැ.
     
    අනිවා ඩෙෆා මචෝ....:yes::yes::yes::yes: