දළදා වතුර මිත්‍යාවක්ද?
දළදා වතුර හෙවත් දළදා වැස්ස ලෙස හඳුන්වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහජන ප්‍රදර්ශනයට විවෘත කළ විට ඒ අනුහසින් ඇද වැටෙන මහ වැස්ස බව සිංහල බෞද්ධයෝ විශ්වාස කරති.ඔවුන්ට එය ගැටළුවක් නොවන්නේ වුවද මෙරට සිටින පඬියන්ට එය මහත් අසහනයට කරුණක් වී ඇත.එබැවින් ඒ එසේ නොවන බව පෙන්වීම සඳහා මෙරට ඇතැම් පඬියන් ගෙන හැර දක්වන කරුණු හා කෙස් පැලෙන තර්ක පිළිබඳව විශ්ලේෂණයක් කිරීම මාගේ අරමුණ වෙයි.
මේ සඳහා මා පාදක කරගන්නේ පසුගිය දළදා ප්‍රදර්ශනය සමයෙහි බටහිර විද්‍යාවට වන්දනාමාන කරන,ඒ පරම සත්‍යයැ'යි සිතා සිටින එක්තරා පණ්ඩිත මහතෙකු විදුසර විද්‍යා සඟරාවට ලියා තිබූ ලිපියකි. හේතුවාදියෙක් ලෙස තමන් හඳුන්වාගන්න ඒ මහතා එවැනි සංගමයක ඉහළ නිලයක් දරන්නෙකු බවද මට පසුව දැනගන්නට ලැබිණි.ඒ කෙසේ වෙතත් ප්‍රමාද වී හෝ එයට ප්‍රතිචාරයක් ලිවිය යුතුය.
දළදා වැස්ස ආශ්චර්යයකැ යි කියන්නට මට අවශ්‍ය නැත.එසේ කියන්නට තරම් ප්‍රමාණවත් සාධකද මා සතුව නැත.නමුත් මේ මහත්වරුන් ඒ මිත්‍යාවකැ යි පෙන්වීමට යොදාගන්නා තර්ක වල විසංවාද පෙන්වා දීමට මට හැකිය.මා කීවද නොකීවද දළදා වැස්සෙහි කිසියම් විශේෂයක් ඇති බව මෙරට බහුතර බෞද්ධ ජනතාව පිළිගනිති.මේ මහත්වරුන්ගේ මානසික අසහනයට හේතු වී ඇත්තේ ඒ බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරදීමට ඇති නොහැකියාවම පමණක් නොවේ.මොවුන්ට දරාගත නොහැක්කේ ඒ පිළිගැනීමය.
පසුගිය මාර්තු මස පවත්වන ලද දළදා ප්‍රදර්ශනය ආරම්භ වූ දිනයේ,ප්‍රදර්ශනය ඇරඹීමෙන් මොහොතකට පසු මහනුවර ප්‍රදේශයට වැසි ඇද හැලුනි.ඊට මාධ්‍යයෙන්ද කිසියම් ප්‍රචාරයක් ලැබුණු හෙයින් ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය.එයට පෙර පැවති ප්‍රදර්ශනය අවස්ථාවේදීද ඒ අයුරින්ම වැසි වැටුනු බව ඇතැම් විට ඔබට මතක ඇති
නමුත් ඒ මහතා(ඔහුගේ නම මෙහි සඳහන් කිරීම අවශ්‍ය නැත.එවැන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමද ඔවුන්ට අනවශ්‍ය වටිනාකම් ලබාදීමකි)ප්‍රකාශ කරන්නෙ එහි ගුප්ත භාවයක් ඇත්දැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇසිය යුතු බවය.එහි ගුප්ත භවයක් ඇතැයි ඔවුන් තහවුරු කරන්නේ නම් ඒ ආශ්චර්යයක් ලෙස සැලකිය හැකි බවය.මේ ප්‍රකශයේම විසංවාද ඇත.ඒ මහතා ගුප්ත සංසිද්ධි ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාවේ මිනුම් දඬු වලට හසු කරගත නොහැකි,එහි ප්‍රවාද ඔස්සේ අර්ථ දැක්විය නොහැකි සංසිද්ධි බව පැහැදිලිය.එසේ නම් බටහිර දැනුමක් ම වන කාළගුණ විද්‍යාවට දළදා වැස්සෙහි ඇති ගුප්ත භාවය හසු වන්නේ යැයි ඒ මහතා සිතන්නේ ඇයි?එසේ කීමට ඒ මහතා සතු තර්කය කුමක්ද?ගුප්ත භාවය යනු බටහිර විද්‍යාවේ උපකරණ හා ප්‍රවාද වලට හසු නොවීම ම නම්,එය බටහිර විද්යාවෙන්ම හඳුනාගත හැක්කේ කෙසේද?
අනෙක් අතට ඒ වැස්සේ තිබූ ගුප්ත භාවයක්ද නැත.ඒ සාමාන්‍ය ජලයම ඇද වැටුනු සාමාන්‍ය වැස්සක්ම විය.මෙහි ගැටළුව වන්නේ එම වැස්සට පදනම් වූ හේතුව කුමක්ද යන්නය.වැස්සට පදනම් වන හේතු කාළගුණ විද්‍යාවේ නිර්ණායක වලට හසු වන්නේ නැත.පීඩන අවපාත,සුළං ආදී කවරක් පිළිබඳව කතා කළද ඒ වන විට මාස දෙකකට වැඩි කාලයක් වැසි නොලැබ තිබූ මහනුවර ප්‍රදේශයට එදිනම වැසි වැටුනේ කෙසේදැයි යන ප්‍රශ්නයට ඒවායින් පිළිතුරු ලැබෙන්නේ නැත(දළදා ප්‍රදර්ශන දෙකෙහිදීම තත්ත්වය මෙයම විය).