ඔය පෘතුගීසින් විසින් දළඳාව විනාශ කරපු බව කථන්දරය ශෙයාකරන පිරිස ඒ කතාව ගැන වඩා ගැඹුරින් හදාරන්න අවශ්‍ය බව මම විශ්වාස කරනවා. ඒකට මම නිර්දේශ කරන පොත තමා ජෝන් ස්ට්‍රෝන්ග් ගේ The buddha's tooth : western tales of a Sri Lankan relic කියන වටිනා ග්‍රන්ථය. මේ පොතේ පළමු අර්ධයම වෙන්කරලා පෘතුගීසින් විසින් ගෝවේදී විනාශ කරපු බව කියන "දළඳාව" ගැන A to Z අංගසම්පූර්ණ විස්තරයක් ලබාදෙනවා ඒ ගැන වාර්තා ඉදිරිපත් කරන පුද්ගලයන් දාහතරකටත් වැඩි පිරිසකගේ වාර්තා සහිතව. ඇත්තටම ඒ කථන්දරේ,ඒ පෘතුගීසි හොයාගන්න දළඳාව සම්බන්ධව,පෘතුගීසි ගෝවේ අගරදගුරු ඇතුළු පිරිස් ඒකට ප්‍රතිචාර දක්වපු විදි ගැන තියෙන කතා හරි රසවත් ඒත් ඒ ඔක්කොම කියන්න මම බලාපොරොත්තු වෙන්නෑ.මේ පොත හොයන් කියවන්න අවශ්‍යමනම් ලංකාවේ රාජ්‍යත්වය සතුව තිබුණු දළඳාව පෘතුගීසි විනාශ කළා වගේ වැරදි මතයක ගිලිලා ඉන්නවනම්. ඒත් මම රැන්ඩම් කතා ටිකක් කියන්නම් ඔය විනාශ කරපු දළඳාව ගැන.
1) ඔය පෘතුගීසි විනාශකරපු දළඳාව ගැන බහුතර වාර්තාවලින් පැහැදිලිවම සඳහන් වෙනවා ඒ විනාශ කළේ යාපනය ආක්‍රමණය කිරීමේදි එහෙදි පෘතුගීසින් හොයාගත්තු දතක් බව.
2) මේ දළඳාව ගැන මුල්ම වාර්තා තියන්නේ පෘතුගීසියෙකුත් නෙවේ ගෝවට සංචාරයට ආපු ලන්දේසියෙක්.යෑන් හුයිගන් වෑන් ලින්ශොට්න් (Jan Huyghen Van Linschoten).නමුත් අපූරු කතාව තමා ලින්ශෝටන් ලියන්නේ මේ දළඳාව පෘතුගීසි ආදම්ගේ කන්ද (සිරිපාදය) වටලලා කොල්ලකනකොට කන්ද උඩ පොඩි පගෝඩාවක තිබිලා හොයාගත්තු එකක් කියලයි.
3) මේ පෘතුගීසි ගෝවට අරන් ආපු දළඳාව ගැන බහුතර පෘතුගීසි වාර්තාවල තියෙන්නේ මේක "වඳුරු දතක්"කියලයි.විශේෂයෙන්ම සමහර තැන්වල මේක "සුදු වඳුරු" (ලැන්ගූර්ලා ) දතක් ලෙස නිශ්චිතව දක්වනවා.
4)මේ දත බුදුන්ගේ දන්ත ධාතුවක් ලෙස සඳහන් වෙන්නේ වාර්තා කිහිපයක විතරයි.ඉතිරි වාර්තා ටිකේම මේක හනුමන් දෙවියන්ගේ දතක් ලෙස වැඳපු එකක් බවයි ලියවෙන්නේ.
5)නල්ලූර්වල කෝවිලක හනුමාන් දෙවියන් හෝ වෙනත් වානර දෙවියෙක්ගේ දතක් ලෙස සලකා වඳිමින් තිබිලා කොල්ලකලා ගෝවට ගෙනාපු මේ දත හනුමාන්ගේ දතක් කියලා හිතලා විජයනගර් අධිරාජ්‍යයා, මුම්බායි වල සියොන් මහාරාජා මේක සල්ලි දීලා ගන්න බලනවා.ඒ වගේම පේගු රටේ රජතුමා මේක බුදුන්ගෙ දළඳාව කියලා හිතලා ධූතයෙක් එවනවා මේක ගන්න.
4)මේ ධාතුවේ අනන්‍යතාවය ගැන ඔයකාලේ තිබුණු සංවාදවලදී මතුවුණු අදහසක් තමා මේක සාතන්ගේ රදනක දතක් කියන එක.මේ මතයට බරව ලේඛන ලියපු ෆරියා ඊ සූසා (Faria E Souza) සාතන්ගේ නිරූපණවල එන ලොකු උල් දළයකට මේ දත සමාන කරලා මේක වහාම විනාශ කළ යුතු බව ලියනවා.ඒවගේම මේ ධාතුව ගිනිතියලා විනාශකරනකොට මේකෙන් නැගුණේ සාමාන්‍ය මිනිස් අස්ථි ආදාහනයේදි නැගෙන සුවඳට වඩා ප්‍රබල කටුක ගන්ධයක් බව කියන ඔහු ඒ අපායේ දුර්ගන්ධය බව දක්වනවා.
5)කොහොමහරි මේ so called දළඳාව විනාශ කරලා ටික දවසකින් දක්ෂ වෙළෙන්දෙක් ඒ ප්‍රමාණයේම වඳුරු දතක් හොයන් අගරදගුරු විනාශ කරපු දළඳාව ඒක බවට ප්‍රචාරයක් ගෙනියපු බව අපේ ලින්ෂොට්න්ගේ ලේඛනවල එනවා. මේ වෙළෙන්දා කියනවා අගරදගුරු අණින් වංගෙඩියක දාලා කොටනකොට මේ දළඳාව ලිස්සලා ගිහින් බේරිලා ලංකාවේ මේක තිබුණු දේවාලයේම මතුවුණු බව දිව්‍ය දෘෂ්ටියකින් ඔහුට අනාවරණය වුණු කතාවක්. මේ බොරුව කොච්චර දුර දිග ගියාද කීවොත් මිනිහා අන්තිමට මේක විජයනගර් අධිරාජ්‍යයාට විකුණපු බව ලින්ෂොට්න් කියනවා.
6)දැන් යාපනේ තිබුණු so called දළඳාව ඇත්තටම කාගෙද? මම ඊයේ දළඳා lore එකේ කීවා වගේම මේක වීදියේ බණ්ඩාර ළග තිබුණු දළඳා අනුරුව වෙන්න ඕනි.
7)වීදියේ බණ්ඩාර මැරෙන්නේ යාපනේදි.ඒකත් හරි දෛවෝපගත විදිහට. සංකිලිව හම්බෙන්න වීදියේ බණ්ඩාර යාපනේට ආවම වෙන හදිසි කලබලේකින් වීදියෙ බණ්ඩාර ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න යාපනේ සෙබලු ඔහුටයි ඔහුගේ සගයා වුණු බෙංගි රාළටයි පහරදෙනවා.අශ්වයා පිට නැගගෙන තමන් දෙසට ආපු පිරිස් කිතු කරපු වීදියේ බණ්ඩාරව අන්තිමට මරන්නේ ලගපාත ගහකට නැගලා උඩ ඉඳන් හෙල්ලකින් පිටට පැනලා ඇනපු හේවායෙක්. බෙංගි රාළ ඒ අතරේ සෙබලු 60 දෙනෙක්ව මරාගෙන ඔහුත් මියයනවා.
8)ඔය බෙංගි රාළගේ kill count එක ටිකක් වැදගත් මොකද ජනප්‍රිය ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ විදිහට සලකන්නේ 40යි.ඒ ස්ටැම්ෆොඩ් පාලමේ සටනේදි ඉංග්‍රීසි සෙබලු 40ක් මරපු නෝර්වේහි වයිකින් රජු හැරල්ඩ් හඩ්‍රාඩාගේ සේනාවේ හිටපු අඥාත වයිකින්වරයෙක්. නමුත් බෙංගි රාළ ඊටවඩා 20ක් වැඩියෙන් මරල තියෙනවා.
10)මම කතාවක් කියවලා තියනවා මේ සටනින් පස්සෙ යාපනේ අම්මලා වීදියේගෙයි බෙංගිගෙයි සිරුරුවල ලේ අරන් දරුවන්ට තිලක තිබ්බාලු "මෙහෙම සටන් කරන්න පුලුවන් අය සාමාන්‍ය මිනිස්සු නෙවේ" කියලා. ඒ වගේම වීදියේගේ මරණය ගැන සංකිලි දුක්වෙලා ස්මාරකයකුත් ඉදිකරනවා. ඉතින් ඒ එක්ක හම්බුණු වීදියේ බණ්ඩාරගේ දළදා ආකෘතිය නල්ලූර්වල හනුමාන් වගේ ශක්තියට,රණශූරත්වයට අධිපති යුධ දෙවියෙක්ගේ ශරීරාංගයක් කියලා වන්දනාවට ලක්වුණා කියන නිගමනයේ අමුතු මැජික් එකක් නෑ.
Anyways, ඊයෙයි අදයි මගේ wall එක නිකන් දළඳා මාලිගාව වගේ..දළඳා ඉතිහාසේ ගැන කතා පිරිලා..ඒත් තව කියන්නනම් මේ වගේ අප්‍රකට කතා එහෙමමයි. වෙලාවක් තිබුණොත් ලියන්නම්කෝ.
පෘතුගීසි විනාශකරපු fake දළදාව/හනුමන් දත ගැන හරියටම දැනගන්න මේ පොත කියවන්න ආයෙ ආරාධනා කරනවා.
Ciao
Kavitha Mahawatta