දළදා සාහිත්‍යය..

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
දළදා සාහිත්‍යය..

attachment.php

කුරුණෑගල පැරකුම්බා දවස රචිත දළදා පූජාවලිය මත පදනම්ව, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා වූ වසර 460 ක් පමණ කාලයක් තුළ සිදුවූ දළදා පුද සිරිත් ආශි‍්‍රතව, දළදා වංශයක් ලියවී ඇත. දඹදෙණි කාලයෙහි රචිත පූජාවලි ග්‍රන්ථයේ එන “උද්දේසික පූජාකථා “ නම් වූ පරිච්ඡේදයට කළ පරිශිෂ්ටයක් වැනි වූ සුළු පූජාවලිය නමැති ගද්‍යාඛ්‍යානයක්ද සාහිත්‍ය සම්ප්‍රදායේ හමුවෙයි. එහි විශේෂත්වය වන්නේ ක්‍රි.ව. 1773 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා වහන්සේ විෂයෙහි කළ පුද පූජා පිළිබඳ විස්තරයක් එහි සැපයෙන බැවිනි.
ගද්‍ය කෘති හැරුණු විට දළදාව පිළිබඳව ලියැවුණූ පද්‍ය කෘති බහුලය. සෙංකඩගල දළදා මැදුර පිළිබඳව මුල්ම සදහනක් එන්නේ සෙංකඩගල සෙනරත් රාජ සභාවේ කවියකු විසින් ලියන ලද විධූර ජාතක කාව්‍යයේය. දළදා මැදුර හදා තනා තිබු ආකාරය එහි දැක්වෙන්නේ මෙසේය.

සපුනා දිමුත් තු
කප්පා දැව එයි මුත්තු
හරටු මර ගත්තු
පතර සතරුස් දැවෙහි යුත්තු

බෙදා පද පත්ති
ඉන්දු දැව මේ පත්තී
ලෑලි ගෙන සැත්තී
එමතු පිට බැන්දවූ බිත්ති

මේ හැර ඉතිහාසයේ විවිධ අවස්ථා වලදී දළදා වහන්සේ වඩා හිඳවූ මන්දිර පිළිබඳව සිංහල සංදේශ කාව්‍යයන්හි සඳහන් වේ
හංසයේ :-
මුනිදා පින් පිඩුව පෙනුනා මෙන් ලොවට
විහිදා රන් රුවන් රැස් දිගත එළිකොට
ඇමදා දිලිසතත් මෙත් සිත් සතුටුකොට
දළදා මැදුරකට වැඳ නැමද පුද කොට

ගිරාවේ :-
පෙර උවිදා ගෙන ගිරිදා කිරි සයුර
කළඹනදා නැඟි නොමදා ගොස අයුර
තුරු සමුදා නඳ සැමදාදෙන නොහැර
වැද දළදා ගෙට දළදා වඳු මිතුර

පරෙවියේ :–
විහිදා කැළුම සිත ලෙව් සත ගෙන තරඟ
සුසදා රඳන හෙළදිව ඔරල සද රඟ
ඇමදා සතන් නද කළ නර සුරනු රඟ
දළදා සමිඳු වැඳ පල ලැබ සග පවර

කුරුණෑගල සතරවැනි පැරකුම් රජුගේ නියමයෙන්,දෙව්රද දම් පසඟිනාවන් විසින් රචිත දළදා සිරිත, වෘත්තගන්ධිශෛලීය අනුගමනයෙන් සම්පාදිත වූවකි. වෘත්තගන්ධිශෛලීය භාෂාවේ රීති වෙසෙසක් වන අතර එක් බඳු අක්‍ෂර වචන අග යෙදීමෙන් උපදවන ශබ්දානුප්‍රාස සහිත ගද්‍ය විශේෂයක් ලෙසද හඳුන්වා දිය හැකිය. “ දළදා සිරිත “ යන්නෙන් දළදා වහන්සේ උදෙසා පැවැත්විය යුතු පුද පිළිවෙල හෙවත් පිළිපැදිය යුතු අකාරය යන්න අර්ථවත් වේ. දළදා සිරිත මූලිකව වෘත්තගන්ධිය අනුගමනය කර තිබුනද එහි භාෂා රීතිය විෂමය.
නිදර්ශන :-
” විපුල්වත් උපුල්වත් එකුල්වත් කිඹුල්වත් ගමන් යුත් සපිරිසිරි එපුරවර , ඔකාවස් පරපුරෙනා රිවි කුලොන රූ සිරින් වොරඳනා සුදෝනා එනරනා “
පද්‍යමය ස්වරූපයක් උසුලන ඉහත වාක්‍ය රටාවට වෙනස් ගාඨ පද යෝජනයක් දළදා සිරිතේ තව තැනක එයි.
එකණෙහි දළදා වහන්සේ ශරදාකාශ කුහරයෙහි ගමන්ගත් රාජහංස විලාසයෙන් රජනිකර කරනිකර ධවලවූ පැහැ විහිදුවමින්.

තවද දළදා වහන්සේ කෙරෙහි භක්ති පූර්වකව හෝ දළදා ඉතිහාසය පිළිබඳ විස්තර ගෙනහැර දැක්වීම මුඛයෙන් සෙංකඩගල හා මහනුවර මුල් යුග වලදී ලියැවී ඇති පද්‍යකාව්‍ය රාශියකි. ක්‍රි.ව. 1686 දී එනම් දෙවන විමලධර්මසුර්ය රජුගේ කාලයේ හෙට්ටිපොල පණ්ඩිත මැතිඳුන්ගේ මහබිනික්මන් කවද එබන්දකි. එය කවි දෙදහස් ගණනකින් යුතු විශාල කෘතියකි.

සන්කඩ ඇඳලා තපසට යන්ටයි
මන් මඩ දෙවි බඹ සිරිපා වැන්දයි
පින් පිඩ මෙන් මේ ලො වේ සතුන්ටයි
සෙංකඩ ගල මුණිදුන් වැඳ ගන්ටයි

මෙහි සෙංකඩගල මුනිඳු යනු සෙංකඩගල දළදා වහන්සේය. මහනුවර මුල් යුගයේදී අඥාත කවියෙකු විසින් රචිත දළදා වරුණේ නම් කාව්‍යය කවි හතළිහකින් යුතු කුඩා කෘතියකි. දෙල්ගමු විහාරයේ සිට සෙංකඩගලට දළදාව වැඩම වීමෙන් පසුව උද්ගත සිදුවීම් ඊට ඇතුළත්ය.

සිරි දන්ත කුමරු
ගන්නා ළඟට සොඳුරු
යුදෙන් මට නිසරු
දාතු එරජුට නොදෙව ලොවගුරු

මහනුවර කාලයෙහිම ලියැවුණු ධාතු විස්තරය නම් පොතක්ද විය.
“ දන්ත පුරට රුපු යුදයට වන් තැන
දන්ත කුමරු කුමරිත් සහ වෙසෙමින
දන්ත ධාතු වැඩමෙවු සැටි රහසින
යන්තමකින් පවසමි එළු කවියෙන

මේ හැර දළදා හටන, දළදා වංශ කවි ආදි තවත් පද්‍ය කෘති එසමයෙහි ලියවී ඇත. බුදුන් වහන්සේ හා දළදාව විෂයෙහි පබැඳුණු පාලි ගාථා හා අෂ්ටක කෘතිද මෙකල බහුල විය. මෙබඳු අෂ්ටක පබැඳු කිහිප නමක් ලෙස සඟරාජ හිමි, ගිනිගත්පිටියේ දීපංකර හිමි, ගිනිගත්පිටියේ සංරක්ඛිත හිමි, දරමිටිපාල ධම්මරක්ඛිත හිමි යනාදි භික්‍ෂූහු වෙති.

සෙංකඩගල දළදා මන්දිරයේ පත්තිරිප්පුව ගැන ප්‍රචලිත වු ජනප්‍රවාදයක් හා තේරවිල්ලක් ඇත. මේ දෙක එකිනෙක හා අසම්බන්ධය ජනප්‍රවාදය නම් පත්තිරිප්පුව තැනූ වඩුවා, එම කාර්යය අවසන් වූ පසු ඇතිවු වස් දොස් හේතුවෙන් බෝගම්බර වැවට පැන සියදිවි නසාගත් බවය. තවත් කිහිප ආකාරයකින්ම, මොහු මියගිය පුවත ප්‍රවාද ගතවී ඇත.

තේරවිල්ලේ පැනය හා පිළිතුර වශයෙන් දෙකොටසකි.
තේරවිල්ල, හෙවත් පැනය :-
අටත් බිමස් - අතුත් බිටස් - අලත් පටස් - අතත් කොටස්

පිළිතුර :-
බිමත් අටස් - බිතුත් අටස් - පළත් අටස් - කොතත් අටස්
තේරවිල්ල හා පිළිතුර එක්කළ විට සම්පූර්ණ කවිය මෙසේය.

කණුත් අටස් – ගැබත් අටස් - උඩත් අටස් - යටත් අටස්

සම්පූර්ණ කවියේ පහත පේලි දෙක අමතර වශයෙන්, කවියේ ඌන පූරණය පිණිස එක්වී ඇති සැටියකි.
 
Attachments

  • z_p20-dalada1.jpg
    z_p20-dalada1.jpg
    25.8 KB · Views: 70

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

.........