දානයක් දෙනකොට

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එහෙම කියලා සාංගික කරන කොටසට චුට්ට චුට්ට තියන්න හොඳ නෑ. දානේ දෙන්නේ ඒක අත් හරින්න හිතාගෙනනේ. මම ලඟදී එහෙම දානයක් දැක්කා. ඉතුරු වෙයි කියලා ටික ටික දීසි වලට දාලා මේසෙ උඩ තිබ්බා. අන්තිමේදී කුස්සියෙන් ගෙනාවා මදි වෙලා. ඒ දානේ දීමෙන් වැඩක් වුනාද මන්දා.
     
    • Like
    Reactions: Epoche97

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචං හමුදුරුවන්ට ගෙදර දානයක් දෙනකොට උඹලා සාමාන්‍යයෙන් කරන්නෙ කොහොමද? මම මෙහෙම අහන්නෙ පහුගිය දවසක දැකපු සිද්ධියක් නිසා. මේ සිද්ධිය වුනු තැන හාමුදුරුවරුන්ට උදේ දානේට ඕන කෑම බීම/කිරි පැණි එහෙම මුලින්ම ගෙදර මේසයක් උඩ තියලා තිබ්බා. හාමුදුරුවන්ට ඒ වටේට තමයි ආසන තියලා තිබ්බා. ඊට පස්සෙ හාමුදුරුවො ඒ මේසෙ තිබ්බ කෑම බීම සාංඝික කරා. මම අහලා තියෙන විදියට සාංඝික කරායින් පස්සෙ ඒවට ගිහියන්ට අයිතියක් නෑ නේද? ඒත් මචං මෙතන හාමුදුරුවරුන්ට දානෙ පිලිගන්වලා ඉවර වෙලා එතන ඉතුරු උන කෑම බීම එලියෙ මිනිස්සුන්ට කන්න දුන්නා.:no: සාම්ප්‍රදායිකව එහෙම කරනවද බං? ඒකෙ වරදක් නැද්ද? සිද්ධ වෙන්න ඕන හරි විදිය මොකක්ද මේ වගේ වැඩකදි?:confused:

    සාංඝික කලාට පස්සේ ස්වාමින් වහන්සේලාට ඒ කෑම තියාගෙන වළඳන්න පුළුවන්. (කැප / අකැප වෙලාවන් අනුව වෙන් කරගෙන)
    ස්වාමින් වහන්සේලා එහෙම වළඳන්න ප්‍රතික්ෂේප කරන, එකේ අදහස ඉවත ලන හෝ ආපහු දෙන ඕනෑම දෙයක් මිනිසුන්ට කන්න පුළුවන්.

    මම දැනුවත්ව එහෙමයි.
     
    • Like
    Reactions: Epoche97

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් සංඝික කරපු දානය වළඳලා එවර උනාම, ඉතුරු ටික පන්සලයට යවනවා. අබිත්තයෝ, ඔය වැඩ කරන ය එහෙම ඉන්නවනේ: දානෙකදී හාමුදුරුවන්ට වළඳන්න දෙන ආහාර වෙන් කරලා තියාගන්න. හාමුදුරුවන්ට පුජා(හරි වචනය දන්නේ නෑ.) කරන දානය වෙනම භාජන ටිකකට දාන්න. අතුරුපසත් වෙනම හදනවනම් හරි. අපි නම් කෑම හාමුදුරුවන්ට එක්ක වැඩිපුර හදනවා පන්සලයට යවන්න බලාගෙන.

    සම්ප්‍රදාය අනුව සාංගික කරපු දෙයක් ගිහියන්ට කැප නෑ. අද සමහරු මේවා දන්නේ නා. අපි දන්නේ අපේ තාත්තල අම්මල කියල දීපු නිසා.

    :yes::yes:
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඔය ඔක්කොම මගුල් අපි හදා ගත්ත එව බන්. බුදුහාමුදුරුවො මම හිතන්නෙ නෑ කොහෙවත් එහෙම කියල ඇති කියල. චේතනාහන් බික්කවේ කම්මන් වදාමි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඔක්කොම මගුල් අපි හදා ගත්ත එව බන්. බුදුහාමුදුරුවො මම හිතන්නෙ නෑ කොහෙවත් එහෙම කියල ඇති කියල. චේතනාහන් බික්කවේ කම්මන් වදාමි.

    චේතනාව වෙන්ඩ ඔනෙ දානය දීම, නැතුව ඉතුරු උනාම කන්ඩ බලාගෙන දානෙ දන්නෙ නැ...එතකොට චේතනාව කිලිටියි, දිමක් නෙමේ බදාගනීමක්..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ප්‍රශ්නෙ ඇතුලෙම උත්තරය තියනව, දානෙ දිල අපි ඒ කෑම වලට මොනවද වෙන්නෙ කියල බලාගෙන ඉන්නව..අපතේ යනවට ලෝබයි , අපතේ නොයවා,කවුරු හරි කනවනම් හොදයි කියන්නෙ,ඇත්තටම දානෙ දිල නෙමේ..

    දානෙ දෙනව කියන්නෙ අත් හැරීමක්, දුන්න දානෙ අත් අරින්නෙ නැතුව, කන්ඩ බලාගෙන ඉන්නව නම්, ආන්න එතන, දානය දීමේ චේතනාව කිලිටි වෙලා.. :yes::yes:

    ඉතිං බන් හාමුදුරුවොත් මනුස්සයෙක් බඩගින්න තියෙනවා ,ඇවිත් ඉන්න මිනිස්සුත් මනුස්සයො බඩගින්න තියෙනවා.
    දානෙ දෙන එකා කන්න බලන් ඉන්නවානම් තමා අවුල ,එත් ඇවිත් ඉන්න මිනිස්සුන්ටත් කන්න දෙන එක අත් හැරීමක් නේද ?
    අපතෙ යවනවා කියන්නෙ නාස්තියක් ,
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    චේතනාව වෙන්ඩ ඔනෙ දානය දීම, නැතුව ඉතුරු උනාම කන්ඩ බලාගෙන දානෙ දන්නෙ නැ...එතකොට චේතනාව කිලිටියි, දිමක් නෙමේ බදාගනීමක්..

    දානෙ දීපු එවුන් කන්න බලන් ඉන්නවානම් තමා අවුල , වෙන මිනිහෙක් කෑවා නම් ඒකත් දානයක් තමා යකො,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Kama serama saangika karanne naha machan. Hamuduruwarunta puja karana kotasa wen karala e tika saangika karana eka thamai karanne. Saangika karapu dewal api kawata prashnayak naha. Habai hamuduruwonge awasaraya athuwa. Hamudurowo kiwwoth oka oyala kanna kiyala prashnayak naha. Pansal walata giyama hamuduruwo apita kanna denne saangika karapu ewa thamai. Eth ehema denne hamuduruwonge kamaththen nam prashnayak naha. Hamuduruwongen ahanne nathuwa/awasarayak nathuwa kana eka hoda naha. Baya wenne epa. Ehemai kiyala mukuth wenne naha. Oya prashne hamuduruwanta kiyapan. Ethakota hamuduruwo. Ekata kamak na kiyala kiyai. Ee wachanema athi ubalata. E wachane kama kanna awasara dunna haa samanai.
     
    • Like
    Reactions: Epoche97

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං බන් හාමුදුරුවොත් මනුස්සයෙක් බඩගින්න තියෙනවා ,ඇවිත් ඉන්න මිනිස්සුත් මනුස්සයො බඩගින්න තියෙනවා.
    දානෙ දෙන එකා කන්න බලන් ඉන්නවානම් තමා අවුල ,එත් ඇවිත් ඉන්න මිනිස්සුන්ටත් කන්න දෙන එක අත් හැරීමක් නේද ?
    අපතෙ යවනවා කියන්නෙ නාස්තියක් ,

    සාoඝීක දේවල් ඇවිත් ඉන්න අයට දෙන්ඩ ඔනෙ නැ, ඒ මිනිස්සුන්ටත් එක්ක උයන්ඩ ඔනෙ කල්තියා..සාoඝීක දේවලින් ඉතුරුවෙනව ඒව දෙනව කියල ප්ලෑන් ගැහීම දානය දීමක් නෙමේ..

    බඩගින්නෙ ඉන්නෙ මනුස්සයෙක්ට බුද්ධ පුජාවට තිබ්බ කෑම හරි දුන්නට කමක් නැ, වෙන දෙන්ඩ කෑම නැත්තන්..දෙන්ඩ කෑම තියාගෙන හෝ සෑදිමේ හැකියාව තියාගෙන නොදී ඉන්නවා කියන්නෙ වෙනම දෙයක්, ඒකෙදි දානය දීමේ චේතනාව දුර්වල වීමක් වෙන්නෙ..

    මම කියන්නෙ අපේ සිoහල සම්ප්‍රධායට අනුකූලව, දානය දීමේ චේතනාව දුර්වල නොවී කොහොමද හරි විදිහට සාoඝීක දානයක් දෙන්නෙ කියන එක විතරයි,අපේ සම්ප්‍රධායට අනුව,සාoඝීක කරපු දානය ගිහියන්ට කැප නැ..

    අපතේ යාම= නාස්තියක් කියල කියන්නෙ මචන්, ආර්තික විද්යාවට අනුකූලව,ඒක අපේ සම්ප්‍රධාය නෙමේ..අපි පැවත එන්නෙ ''ගමටම බත් බුලත් නිතර දන් දුන් පිය වරුන් වෙතින්''.. එහෙවු පරපුරකට ජාත වී ඇතත් ,

    පූරුවෙ කරන ලද පවක් පලදී-බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

    කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

    ආන්න ඒ දොර ජැනෙල් වහගෙන තනියෙන් බුදින අයටයි මේ සාoඝීක දානෙන් අපතේ යන කොටස නාස්තියක් වගේ පේන්නෙ.. ඒත් අපි පැවත එනෙන් ගමටම බත් බුලත් නිතර දන් දුන්න පරපුරකින්...

    Last edited:
    • Like
    Reactions: Dothraki

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සාංඝික කරපු දානේ ඉතිරි ටික පන්සලට ගිහින් දෙනවා. . තමන්ට අවශ්ය කෑම වෙනම තියෙන්නේ. .
     
    • Like
    Reactions: Epoche97

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් හිතන්නෙ නාස්ති කරන එක තමා ලොකුම පව , කන්ඩ නැතිව ලෝකෙ මිනිස්සු කොච්චර මැරෙනවද
     
    • Like
    Reactions: Epoche97

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Correct

    දානය යනු අතහැරීම නම් වේ .... කිසිදු බලාපොරොත්තු වක් නොමැතිව , තමාට හැකි පමණින් , කාට හෝ දිය හැක. පුජාකිරීමක් , පුණ්‍ය අනුමොදනාවක් හෝ ගුණ කතනයක් බලාපොරොත්තු නොවන්න...

    ඉතුරු කෑම , අපතේ නොයවා ,තවකෙක් ගේ ප්‍රයෝජනයට ගැනීම කොපමණ වටිනවද යන්න , ඔබ තීරණය කරන්න , එය ප්‍රඥා ගෝචර පුද්ගලානුබද්ද වේ. නුවනින් විමසා හිතට එකගව කරන්න

    :yes:සරලවම කියනවනම් බුදුහාමුදුරුවො දේශනා කලේ මේ ලෝකෙ සත්ය ස්වභාවය.උන්වහන්සේ සත්ය තත්වය තමන් වහන්සේත් අවබෝධකරගෙන ලෝක සත්වයාගේ දුකින් ගැලවීම පිනිසත් අනුන්ට කියා දුන්නා.
    එනිසා බුදු දහම යනු සර්වබලධාරි දෙවියෙකු විසින් පාලනය කිරීමක්වත්,දේව අණක්වත්,නීති රීතිත් නෑ. තමන්ගෙ ගැලවීම තියෙන්නෙ තමන්ගෙ ලගමයි.
    දානයක් දෙන්නෙ සර්ධාවෙන්,එතනින් පස්සෙ ඒ දෙන දානෙ ගැන ද්‍රව්ය ගැන පූජ කරල අවශ්ය කාරනේ උනාට පස්සෙ අහු කොන් හොයන්න ඕන නෑ. දානෙ වලදපු හිමියන්ගෙ කර්තව්ය ඉවරනම් ඒ ඉතුරු කොටස් අනික් කෙනෙක්ගෙ බඩ ගින්න නිවන්න යොමුකලාට වරදක් නැහැ. ඔය සමාජවාදෙත් තියෙනවනෙ මම බඩගින්නට බත් ගුලි 4ක් 5ක් කෑවට පස්සෙ බඩ පිරුනනම් ඉතුරු බත් ටික අයිති අනික් සාගින්නෙ ඉන්න ජනයාට කියල.
    දානය දෙන එකේ එකක් තමා අත් හැරීම, ඉතින් කාර්ය අවසන් උනාට පස්සෙ ඉතිරි දේවල් හොයන එක වශ්ය නෑ. මොකද ඒ ඔක්කොම දානය ලෙස දැනටමත් අත්හැරල ඉවරයි.

    යමක් ගැන සම්මා සම්බුද්ධියෙන් හිතන්න බෞද්ධ වෙන්නම ඕනෙත් නෑ. සාදාරන මනුස්සයෙක්ට හිතන්න පුලුවන් ඉතිරි ආහාර ආඩම්බරයෙන් විසික් කරනවද කිනම් හෝ සත්වයෙක්ගෙ කුසගිනි නිවන්න දෙන එකද යහපත් කියල.මනසින් උසස් කෙනෙකුට හරිදේ හිතන්න පුලුවන්.අපිට කාගෙන්වත් අණකිර්‍රිමක් නැ අනික් ගොඩක් ආගම්වල වගේ.බුදුදහම කියන්නෙ මනුස්සයෝ විදිහට ඉපදුන අපිට තව වැඩිපුර හරිමග යන්න පෙන්නීමක්.මනුස්සයා කියන්නෙ මනසෙන් උසස් කියන එක.

    • Like
    Reactions: Epoche97

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමනම් හිතන්නෙ නාස්ති කරන එක තමා ලොකුම පව , කන්ඩ නැතිව ලෝකෙ මිනිස්සු කොච්චර මැරෙනවද

    හාමුදුරුවොන්ට ඇති ප්‍රමානේ සාංඝික කරලා ඉතුරු වුනාම පන්සලට ගිහින් දෙනවා. .
    පන්සලේ ඉන්න ඇබිත්තියයි, අසරන මිනිස්සුයි, සත්තුයි ඒවා කනවා. .

    ගෙදරට එන මිනිස්සුන්ට දීලා ඉතුරුවුනොත් ඒවත් පාර්සල් කරලා නැතිබෑරි මිනිස්සුන්ට දෙනවා. .

    ඔතනදි නාස්තියක් වෙනවා අඩුයි. . ඉතුරු වුනොත් සත්තු හරි කනවා. .
    කන්න නැතිව මිනිස්සු මැරෙන එක ලංකාවේ වෙන්නේ නෑ. . එහෙම වුනත් ඒක දන්දෙන කෙනාගේ ප්‍රශ්නයක් නෙවේ ඒක මැරෙන මනුස්සයගේ ප්‍රශ්නයක්. .
    දානයක් දෙන්නේ අත්හරින්නත් පින් රැස්කරන්නත් නේ. . එතනදි සිල්වත් උතුමන්ට දෙන දානේ මහත්ඵල හමානිසන්ස ලැබෙන පින්කම්. .

    පින් ලැබෙන විදි ගොඩක් තියෙනවා. . තමන්ගේ මුදලින් තමන් කැමති පිනක් කරන එක තමන් සතු අයිතියක්. .
    තොරන් නොගහ හිගන්නන්න්ට කෑම දෙමු කියන්න කාටවත් අයිතියක් නෑ. . ඒ වගේම තමා ඕකේ අනිත් පැත්තත්. .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සාoඝීක දේවල් ඇවිත් ඉන්න අයට දෙන්ඩ ඔනෙ නැ, ඒ මිනිස්සුන්ටත් එක්ක උයන්ඩ ඔනෙ කල්තියා..සාoඝීක දේවලින් ඉතුරුවෙනව ඒව දෙනව කියල ප්ලෑන් ගැහීම දානය දීමක් නෙමේ..

    බඩගින්නෙ ඉන්නෙ මනුස්සයෙක්ට බුද්ධ පුජාවට තිබ්බ කෑම හරි දුන්නට කමක් නැ, වෙන දෙන්ඩ කෑම නැත්තන්..දෙන්ඩ කෑම තියාගෙන හෝ සෑදිමේ හැකියාව තියාගෙන නොදී ඉන්නවා කියන්නෙ වෙනම දෙයක්, ඒකෙදි දානය දීමේ චේතනාව දුර්වල වීමක් වෙන්නෙ..

    මම කියන්නෙ අපේ සිoහල සම්ප්‍රධායට අනුකූලව, දානය දීමේ චේතනාව දුර්වල නොවී කොහොමද හරි විදිහට සාoඝීක දානයක් දෙන්නෙ කියන එක විතරයි,අපේ සම්ප්‍රධායට අනුව,සාoඝීක කරපු දානය ගිහියන්ට කැප නැ..

    අපතේ යාම= නාස්තියක් කියල කියන්නෙ මචන්, ආර්තික විද්යාවට අනුකූලව,ඒක අපේ සම්ප්‍රධාය නෙමේ..අපි පැවත එන්නෙ ''ගමටම බත් බුලත් නිතර දන් දුන් පිය වරුන් වෙතින්''.. එහෙවු පරපුරකට ජාත වී ඇතත් ,

    පූරුවෙ කරන ලද පවක් පලදී-බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

    කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

    ආන්න ඒ දොර ජැනෙල් වහගෙන තනියෙන් බුදින අයටයි මේ සාoඝීක දානෙන් අපතේ යන කොටස නාස්තියක් වගේ පේන්නෙ.. ඒත් අපි පැවත එනෙන් ගමටම බත් බුලත් නිතර දන් දුන්න පරපුරකින්...

    nodanna deyak danagaththa thanx and rep ++
     
    • Like
    Reactions: erozan

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය ඔක්කොම මගුල් අපි හදා ගත්ත එව බන්. බුදුහාමුදුරුවො මම හිතන්නෙ නෑ කොහෙවත් එහෙම කියල ඇති කියල. චේතනාහන් බික්කවේ කම්මන් වදාමි.

    චේතනාව කර්මය උනාට විනය දේශනා කරලා තියෙනේ ඉන්න ඕන විදිහ. විනය පිටකය කියන්නේ ඒකට.
    උඹ ඒක දන්නේ නැද්ද?
    උදවු කරන චේතනාවෙන් අම්මා උනත් ස්පර්ශ කරන්න විනයෙන් තහනම්. ඇවත් වෙනවා. පාපයක්.

    බුදු දහම කියලා උඹලා හදා ගත්ත මගුල් තමයි ඔය කියවන්නේ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චේතනාව කර්මය උනාට විනය දේශනා කරලා තියෙනේ ඉන්න ඕන විදිහ. විනය පිටකය කියන්නේ ඒකට.
    උඹ ඒක දන්නේ නැද්ද?
    උදවු කරන චේතනාවෙන් අම්මා උනත් ස්පර්ශ කරන්න විනයෙන් තහනම්. ඇවත් වෙනවා. පාපයක්.

    බුදු දහම කියලා උඹලා හදා ගත්ත මගුල් තමයි ඔය කියවන්නේ.

    :yes::yes: මේක හරි
     
    • Like
    Reactions: shenic_v2.0.0

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දාන -> සීල -> භාවනා
    කෙලින්ම භාවනාවට යන්න බැරි අය දානයෙන්, සීලයෙන් පටන් ගන්න. .
    භාවනාවත් සරල භාවනාවකින් පටන් ගන්න. . නිවන්දැකීමනම් අරමුන කුසල් රැස්කරන්න හොදම ක්‍රමය භාවනාව. . උනන්දු වුනොත් පින සම්පූර්න නම් මේ බවයෙදිම මාර්ගඵල ලබාගන්න පුලුවන්. .

    දානයක් දෙද්දි මම හාමුදුරුවරු මෙච්චරකට දානයක් දුන්නා කියලා හිතන් නැතුව බුද්ද ප්‍රමුඛ මහා සංගරත්නයට දන්දුන්නා කියලා සිතන්න. .
    මම මෙච්චර මුදලක පිරිකර දුන්නා කියලා හිතන්න එපා මම ඒ පිරිකර වර්ගය බුද්ද ප්‍රමුඛ මහා සංගරත්නයට දුන්නා කියලා සිතන්න. .

    වියදම් වුන මුදල් ගැන හිතන්න එපා. .