මචං හමුදුරුවන්ට ගෙදර දානයක් දෙනකොට උඹලා සාමාන්‍යයෙන් කරන්නෙ කොහොමද? මම මෙහෙම අහන්නෙ පහුගිය දවසක දැකපු සිද්ධියක් නිසා. මේ සිද්ධිය වුනු තැන හාමුදුරුවරුන්ට උදේ දානේට ඕන කෑම බීම/කිරි පැණි එහෙම මුලින්ම ගෙදර මේසයක් උඩ තියලා තිබ්බා. හාමුදුරුවන්ට ඒ වටේට තමයි ආසන තියලා තිබ්බා. ඊට පස්සෙ හාමුදුරුවො ඒ මේසෙ තිබ්බ කෑම බීම සාංඝික කරා. මම අහලා තියෙන විදියට සාංඝික කරායින් පස්සෙ ඒවට ගිහියන්ට අයිතියක් නෑ නේද? ඒත් මචං මෙතන හාමුදුරුවරුන්ට දානෙ පිලිගන්වලා ඉවර වෙලා එතන ඉතුරු උන කෑම බීම එලියෙ මිනිස්සුන්ට කන්න දුන්නා.සාම්ප්‍රදායිකව එහෙම කරනවද බං? ඒකෙ වරදක් නැද්ද? සිද්ධ වෙන්න ඕන හරි විදිය මොකක්ද මේ වගේ වැඩකදි?
![]()
අපි නම් සංඝික කරපු දානය වළඳලා එවර උනාම, ඉතුරු ටික පන්සලයට යවනවා. අබිත්තයෝ, ඔය වැඩ කරන ය එහෙම ඉන්නවනේ: දානෙකදී හාමුදුරුවන්ට වළඳන්න දෙන ආහාර වෙන් කරලා තියාගන්න. හාමුදුරුවන්ට පුජා(හරි වචනය දන්නේ නෑ.) කරන දානය වෙනම භාජන ටිකකට දාන්න. අතුරුපසත් වෙනම හදනවනම් හරි. අපි නම් කෑම හාමුදුරුවන්ට එක්ක වැඩිපුර හදනවා පන්සලයට යවන්න බලාගෙන.
සම්ප්‍රදාය අනුව සාංගික කරපු දෙයක් ගිහියන්ට කැප නෑ. අද සමහරු මේවා දන්නේ නා. අපි දන්නේ අපේ තාත්තල අම්මල කියල දීපු නිසා.


ඔය ඔක්කොම මගුල් අපි හදා ගත්ත එව බන්. බුදුහාමුදුරුවො මම හිතන්නෙ නෑ කොහෙවත් එහෙම කියල ඇති කියල. චේතනාහන් බික්කවේ කම්මන් වදාමි.
ප්‍රශ්නෙ ඇතුලෙම උත්තරය තියනව, දානෙ දිල අපි ඒ කෑම වලට මොනවද වෙන්නෙ කියල බලාගෙන ඉන්නව..අපතේ යනවට ලෝබයි , අපතේ නොයවා,කවුරු හරි කනවනම් හොදයි කියන්නෙ,ඇත්තටම දානෙ දිල නෙමේ..
දානෙ දෙනව කියන්නෙ අත් හැරීමක්, දුන්න දානෙ අත් අරින්නෙ නැතුව, කන්ඩ බලාගෙන ඉන්නව නම්, ආන්න එතන, දානය දීමේ චේතනාව කිලිටි වෙලා..![]()
චේතනාව වෙන්ඩ ඔනෙ දානය දීම, නැතුව ඉතුරු උනාම කන්ඩ බලාගෙන දානෙ දන්නෙ නැ...එතකොට චේතනාව කිලිටියි, දිමක් නෙමේ බදාගනීමක්..
ඉතිං බන් හාමුදුරුවොත් මනුස්සයෙක් බඩගින්න තියෙනවා ,ඇවිත් ඉන්න මිනිස්සුත් මනුස්සයො බඩගින්න තියෙනවා.
දානෙ දෙන එකා කන්න බලන් ඉන්නවානම් තමා අවුල ,එත් ඇවිත් ඉන්න මිනිස්සුන්ටත් කන්න දෙන එක අත් හැරීමක් නේද ?
අපතෙ යවනවා කියන්නෙ නාස්තියක් ,
දානය යනු අතහැරීම නම් වේ .... කිසිදු බලාපොරොත්තු වක් නොමැතිව , තමාට හැකි පමණින් , කාට හෝ දිය හැක. පුජාකිරීමක් , පුණ්‍ය අනුමොදනාවක් හෝ ගුණ කතනයක් බලාපොරොත්තු නොවන්න...
ඉතුරු කෑම , අපතේ නොයවා ,තවකෙක් ගේ ප්‍රයෝජනයට ගැනීම කොපමණ වටිනවද යන්න , ඔබ තීරණය කරන්න , එය ප්‍රඥා ගෝචර පුද්ගලානුබද්ද වේ. නුවනින් විමසා හිතට එකගව කරන්න
සරලවම කියනවනම් බුදුහාමුදුරුවො දේශනා කලේ මේ ලෝකෙ සත්ය ස්වභාවය.උන්වහන්සේ සත්ය තත්වය තමන් වහන්සේත් අවබෝධකරගෙන ලෝක සත්වයාගේ දුකින් ගැලවීම පිනිසත් අනුන්ට කියා දුන්නා.මමනම් හිතන්නෙ නාස්ති කරන එක තමා ලොකුම පව , කන්ඩ නැතිව ලෝකෙ මිනිස්සු කොච්චර මැරෙනවද
සාoඝීක දේවල් ඇවිත් ඉන්න අයට දෙන්ඩ ඔනෙ නැ, ඒ මිනිස්සුන්ටත් එක්ක උයන්ඩ ඔනෙ කල්තියා..සාoඝීක දේවලින් ඉතුරුවෙනව ඒව දෙනව කියල ප්ලෑන් ගැහීම දානය දීමක් නෙමේ..
බඩගින්නෙ ඉන්නෙ මනුස්සයෙක්ට බුද්ධ පුජාවට තිබ්බ කෑම හරි දුන්නට කමක් නැ, වෙන දෙන්ඩ කෑම නැත්තන්..දෙන්ඩ කෑම තියාගෙන හෝ සෑදිමේ හැකියාව තියාගෙන නොදී ඉන්නවා කියන්නෙ වෙනම දෙයක්, ඒකෙදි දානය දීමේ චේතනාව දුර්වල වීමක් වෙන්නෙ..
මම කියන්නෙ අපේ සිoහල සම්ප්‍රධායට අනුකූලව, දානය දීමේ චේතනාව දුර්වල නොවී කොහොමද හරි විදිහට සාoඝීක දානයක් දෙන්නෙ කියන එක විතරයි,අපේ සම්ප්‍රධායට අනුව,සාoඝීක කරපු දානය ගිහියන්ට කැප නැ..
අපතේ යාම= නාස්තියක් කියල කියන්නෙ මචන්, ආර්තික විද්යාවට අනුකූලව,ඒක අපේ සම්ප්‍රධාය නෙමේ..අපි පැවත එන්නෙ ''ගමටම බත් බුලත් නිතර දන් දුන් පිය වරුන් වෙතින්''.. එහෙවු පරපුරකට ජාත වී ඇතත් ,
පූරුවෙ කරන ලද පවක් පලදී-බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..
ආන්න ඒ දොර ජැනෙල් වහගෙන තනියෙන් බුදින අයටයි මේ සාoඝීක දානෙන් අපතේ යන කොටස නාස්තියක් වගේ පේන්නෙ.. ඒත් අපි පැවත එනෙන් ගමටම බත් බුලත් නිතර දන් දුන්න පරපුරකින්...
ඔය ඔක්කොම මගුල් අපි හදා ගත්ත එව බන්. බුදුහාමුදුරුවො මම හිතන්නෙ නෑ කොහෙවත් එහෙම කියල ඇති කියල. චේතනාහන් බික්කවේ කම්මන් වදාමි.
චේතනාව කර්මය උනාට විනය දේශනා කරලා තියෙනේ ඉන්න ඕන විදිහ. විනය පිටකය කියන්නේ ඒකට.
උඹ ඒක දන්නේ නැද්ද?
උදවු කරන චේතනාවෙන් අම්මා උනත් ස්පර්ශ කරන්න විනයෙන් තහනම්. ඇවත් වෙනවා. පාපයක්.
බුදු දහම කියලා උඹලා හදා ගත්ත මගුල් තමයි ඔය කියවන්නේ.

මේක හරි