මම පුද්ගලයෙකුගේ ලස්සන (සමස්ථ) මනින්නේ ඇතුලේ ලස්සන සහා එළියේ ලස්සනේ එකතුවක් ලෙසයි එතකොට පින්තූරයක් මගින් ඒක කියන්න බෑ. ඒ වගේම මම ලස්සනට 1,2 ,3 දෙන්නේ නෑ මට පුද්ගලයන් කිහිප දෙනෙක් ලස්සන වෙන්න පුලුවන් මම ඒවා වර්ගීකරණය කරන්න වත් , පෙළගස්සවන්නවත් යන්නේ නෑ මට ලස්සන, ප්රියමනාප කෙනා ල්ස්සනයි එච්චරයි පෙළගැසීමක්, වර්ගීකරණයක් නෑ. ඒ වගේම එක කෝණයකින් ලස්සන කෙනා වෙන කෝණයකින් කැත වෙන්න පුලුවන්. ඒ වගේම අවස්ථාව අනුව කැත ලස්සන වෙන්නත් පුලුවන් (දාඩිය දාලා තියෙන කොට, makeup නැති කොට ගොඩක් එවුන් ටිකක් කැතයි, කේන්තියෙන් ඉන්න කොට, අඩන කොටත් ටිකක් කැතයි) ඒ වගේම ආලෝක තත්වය යටතේත් ලස්සන කැත වෙනස් වෙනවා, ඒ වගේම සෞඛ්යය තත්වය යටතේත් ලස්සන කැත වෙනස් වෙනවා. මේ වගේම ගොඩක් තත්වයන් තියෙනවා.