දැන් තාත්තා ගැන අහන උන්ට කියන්නේ මෙහෙම

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ජීවිතේ අපි හැමෝම ජීවත් වෙන්නෙ එලියට මාස්ක් එකක් දාගෙන තමයි බං.. ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. හැබැයි ඒ මාස්ක් එක හැමදාම ජීවිතේ හැම වයසකම එකදිගට මේන්ටේන් කරන්න බෑ.. ජීවිතේ එන ප්‍රශ්න, අභියෝග වලිං තැලිල පෙලිල ඔය මාස්ක් එක වෙනස් වෙනව.. අපි පුරුදු වෙන්න ඕන ඔය මාස්ක් එකේ වෙනස් වීමට ටක් ටක් ගාල ඇඩැප්ට් වෙන්න. ඔය මාස්ක් එක ඕනම මිනිහෙක්ගේ මුලින්ම හදන්නෙ දෙමව්පියො.. හැබැයි ලයිෆ් එක එක වගේ නෑ අන්ෆෙයාර්.. සමහර වුන්ට පොඩි කාලෙම දෙමව්පියො හොඳ මාස්ක් එකක් හදල දුන්නම උන් ඒක මේන්ටේන් කරං යනව.. සමහර වුන් ඉන්නව ලොකු වෙනකොට ඔය වෙනස් වෙන මාස්ක් එකට ඇඩැප්ට් වෙන්න බැරුව ජීවිතේ කලකිරෙනව.. සමහර වුන්ට පොඩි කාලෙම ඔය මාස්ක් එක හොඳට ලස්සනට හැදෙන්නෙ නෑ.. එතකොට එවුන් ලොකු වෙනකොට දෙමව්පියන්ගෙන් වියුක්ත වෙලා තමන්ගේ මාස්ක් එක ලස්සනට කපල කොටල පේන්ට් ගාල හදාගන්නව. එහෙම තමයි බං අපි සර්වයිව් වෙන්නෙ..

    හැබැයි උඹට මට අපිට හැමෝටම කෙලවෙන්න පුලුවං ලොකුම විදිහ තමයි, ඇත්ත තමංවයි අපේ මාස්ක් එකයි වෙන් කරගන්න බැරි වෙන එක. ජීවිතේ සමහර මොහොතවල් එනව , අභියෝගවල් එනව ඔන්න ඔය මාස්ක් එකයි, මාස්ක් එක පිටිපස්සෙ ඉන්න ඇත්ත අපිවයි සංසන්දනය කර කර අපි ජීවිතේ ඉගෙන ගන්නව. ඔන්න ඔය නුවණත් ජීවිතේ සමහර එවුන්ගේ වාසනාවට කලිංම පහල වෙනව.. සමහර එවුන්ට ගොඩක් පරක්කු වෙලා පහල වෙනව. ඕකත් සාමාන්‍යයි. මං උඹ කිරියේ දාන ත්‍රෙඩ් දැක්කම තේරුණේ , අර උඹේ මාස්ක් එකෙන් වියුක්ත වෙලා තමංව කියව ගන්න උඹ එන්නෙ කිරියට. අවාසනාවට පුතේ කිරියේ උන්ගේ රිප්ලයි නිසා උබට උඹේ මාස්ක් එක කපල කොටල හදාගන්න තරං උපකාරයක් මෙතනිං ලැබෙන්නෙ නෑ.. ඒ නිසා නිකං ඉන්න වෙලාවට, තනියම හිතල බලපං උබේ මාස්ක් එක මොකද්ද කියලයි, මාස්ක් එක පිටිපස්සෙ ඉන්න ඇත්ත උඹ කවුද කියලයි. ඔන්න ඔය උඹේ මාස්ක් එකට වහල් වෙන ජීවිතේ පොඩ්ඩකට අමතක කරල , ඇත්ත උඹ කවුද කියල හොයාගෙන ඇත්ත උඹට ගරු කරල, ඌව පිලිඅරගෙන, ඌට ආදරේ කරන්න පටං ගන්නකං උඹට හැමදාම දුක හිතෙයි..

    කාර්ල් යූන්ග් ගේ ශැඩෝ එක ගැන පුලුවං නං තව ටිකක් හොයාගෙන ස්ටඩි කරපං. උඹේ ශැඩෝ එක ලොකු ආදරයක් බලාපොරොත්තු වෙනව කියල උඹේ ත්‍රෙඩ් දැක්කම මට තේරෙනව. හැබැයි උඹ ඉස්සෙල්ල පොඩ්ඩක් උඹට ආදරේ කරන්න ට්‍රයි එකක් දීහං
    Very true machan. Same as Inner child healing.
     
    • Love
    Reactions: Robinhood wage ekek

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මම 6 වසරෙදි අලුත් ඉස්කොලෙට ගියා.ඉස්කොලෙ පලවෙනි වාරෙ නිවාඩු දුන්නා සිකුරාදා. සෙනසුරාද රැ තාත්ත නැති උනා ඇක්සිඩන්ට් එකකින්.
    හම්මට ඉස්කොලෙ නිවාඩු ඉවර වෙලා ගියා විතරයි ඔක්කොම හුත්* පුතාල එකතුවෙලා හාර හාර අහනව. ටීචර්ස්ත් එහෙමයි :frown:
    මට නම් එච්චර ගානක් උනේ නැ උන්ව ගනන් ගත්තෙත් නැ පාඩුවෙ හිටිය

    ඇයි උන් ආවෙ නැද්ද මල ගෙදර?
    අපේ අම්මගෙ මල ගෙදරට ප්‍රින්සිපල්ගෙ ඉඳන් සේරම ආවා ඉස්කෝලෙන් නම්. 🙄
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අැත්තටම තාත්තා මැරිලා තියෙන්නෙ කොහොමද බං? මම නම් කියන්නෙ උබ ඔය ඉන්න ටොක්සික් ඒරියා එකෙන් කොලබ වරෙන්. පොඩි ඇනෙක්ස් කෑල්ලක් අරන් දෙන්නට සැපේ හිටිහැකි.
     
    • Like
    Reactions: Fiona Dabare

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් තාත්තා ගැන අහන උන්ට මම කියන්න හිතං ඉන්නේ මෙහෙම

    එයා ඉස්සර මැරිලා කියනවා , කොහොමද කියලා ඇහුවොත් ඌ නහය තද කරගෙන මැරෙන්න ඇති කියනවා :lol:

    ඉස්සර නම් 88/89 කියලා කිව්වා

    මම තාත්ත කියලා කෙනක් ඉන්නවා කියල දන්නේ ඉස්කෝලේ ට දැම්ම පලවෙනි දවසේ උන් ඇහුවා කෝ තාත්තා කියලා මම දන්නේ නැහැ කිව්වා අම්මා ගෙන් අහගෙන එන්න කිව්වා...........

    ubata nikan innama berida ban, monawa hari magulak dala illan kannamai hadanne
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    ඇයි උන් ආවෙ නැද්ද මල ගෙදර?
    අපේ අම්මගෙ මල ගෙදරට ප්‍රින්සිපල්ගෙ ඉඳන් සේරම ආවා ඉස්කෝලෙන් නම්. 🙄
    නෑ ආවෙ නැ. ඉස්කොලෙ කවුරුත් දන්නෙ නැ.ගෙවල් වල යාලුවො නැ කවුරුත් ඒ කාලෙ .