ජීවිතේ අපි හැමෝම ජීවත් වෙන්නෙ එලියට මාස්ක් එකක් දාගෙන තමයි බං.. ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. හැබැයි ඒ මාස්ක් එක හැමදාම ජීවිතේ හැම වයසකම එකදිගට මේන්ටේන් කරන්න බෑ.. ජීවිතේ එන ප්‍රශ්න, අභියෝග වලිං තැලිල පෙලිල ඔය මාස්ක් එක වෙනස් වෙනව.. අපි පුරුදු වෙන්න ඕන ඔය මාස්ක් එකේ වෙනස් වීමට ටක් ටක් ගාල ඇඩැප්ට් වෙන්න. ඔය මාස්ක් එක ඕනම මිනිහෙක්ගේ මුලින්ම හදන්නෙ දෙමව්පියො.. හැබැයි ලයිෆ් එක එක වගේ නෑ අන්ෆෙයාර්.. සමහර වුන්ට පොඩි කාලෙම දෙමව්පියො හොඳ මාස්ක් එකක් හදල දුන්නම උන් ඒක මේන්ටේන් කරං යනව.. සමහර වුන් ඉන්නව ලොකු වෙනකොට ඔය වෙනස් වෙන මාස්ක් එකට ඇඩැප්ට් වෙන්න බැරුව ජීවිතේ කලකිරෙනව.. සමහර වුන්ට පොඩි කාලෙම ඔය මාස්ක් එක හොඳට ලස්සනට හැදෙන්නෙ නෑ.. එතකොට එවුන් ලොකු වෙනකොට දෙමව්පියන්ගෙන් වියුක්ත වෙලා තමන්ගේ මාස්ක් එක ලස්සනට කපල කොටල පේන්ට් ගාල හදාගන්නව. එහෙම තමයි බං අපි සර්වයිව් වෙන්නෙ..
හැබැයි උඹට මට අපිට හැමෝටම කෙලවෙන්න පුලුවං ලොකුම විදිහ තමයි, ඇත්ත තමංවයි අපේ මාස්ක් එකයි වෙන් කරගන්න බැරි වෙන එක. ජීවිතේ සමහර මොහොතවල් එනව , අභියෝගවල් එනව ඔන්න ඔය මාස්ක් එකයි, මාස්ක් එක පිටිපස්සෙ ඉන්න ඇත්ත අපිවයි සංසන්දනය කර කර අපි ජීවිතේ ඉගෙන ගන්නව. ඔන්න ඔය නුවණත් ජීවිතේ සමහර එවුන්ගේ වාසනාවට කලිංම පහල වෙනව.. සමහර එවුන්ට ගොඩක් පරක්කු වෙලා පහල වෙනව. ඕකත් සාමාන්‍යයි. මං උඹ කිරියේ දාන ත්‍රෙඩ් දැක්කම තේරුණේ , අර උඹේ මාස්ක් එකෙන් වියුක්ත වෙලා තමංව කියව ගන්න උඹ එන්නෙ කිරියට. අවාසනාවට පුතේ කිරියේ උන්ගේ රිප්ලයි නිසා උබට උඹේ මාස්ක් එක කපල කොටල හදාගන්න තරං උපකාරයක් මෙතනිං ලැබෙන්නෙ නෑ.. ඒ නිසා නිකං ඉන්න වෙලාවට, තනියම හිතල බලපං උබේ මාස්ක් එක මොකද්ද කියලයි, මාස්ක් එක පිටිපස්සෙ ඉන්න ඇත්ත උඹ කවුද කියලයි. ඔන්න ඔය උඹේ මාස්ක් එකට වහල් වෙන ජීවිතේ පොඩ්ඩකට අමතක කරල , ඇත්ත උඹ කවුද කියල හොයාගෙන ඇත්ත උඹට ගරු කරල, ඌව පිලිඅරගෙන, ඌට ආදරේ කරන්න පටං ගන්නකං උඹට හැමදාම දුක හිතෙයි..
කාර්ල් යූන්ග් ගේ ශැඩෝ එක ගැන පුලුවං නං තව ටිකක් හොයාගෙන ස්ටඩි කරපං. උඹේ ශැඩෝ එක ලොකු ආදරයක් බලාපොරොත්තු වෙනව කියල උඹේ ත්‍රෙඩ් දැක්කම මට තේරෙනව. හැබැයි උඹ ඉස්සෙල්ල පොඩ්ඩක් උඹට ආදරේ කරන්න ට්‍රයි එකක් දීහං