ඉතින් බන්, cgi add කරල quality එක අඩු කරන්න පුලුවන් නෙ
පිටසක්වල ජීවින් තාම හොයාගෙන නෑ බන්. PERIOD. ඔය footage කියල තියෙන ඒවගෙත් ඉන්නෙ
stereotypical aliens ලා. ඒ කියන්නෙ බොහෝ විට කොළ පාට හමක් තියෙන, කොට, මිනිස්සුන්ට සමාන ඇඟක් තියෙන සත්තු.
වෙන ග්‍රහලෝකෙක ස්වභාවිකව පරිනාමය වෙච්ච aliens ල මිනිස්සුන්ට සමාන ස්වරූපයක් ලැබෙන්න තියෙන්නෙ සෑහෙන අඩු chance එකක්. මිනිස්සුන්ට මේ ස්වරූපය ලැබුණෙ අවුරුදු මිලියන ගාණක පරිනාමයෙන්, ඒ අතර තුර මොකක් හරි පොඩි වෙනස්කමක් උනා නම් අපි සම්පූර්ණයෙන් වෙනස් හැඩයක් ගන්න තිබ්බා.
hard science fiction වල ඉන්න පිටසක්වලයොන්ට කවදාවත් මිනිස්සුන්ට සමාන ඇඟක් නැහැ. මොකද ඒව පුලුවන් තරම් realistic වෙන්න බලන හින්දා.
උදා:- ආතර් සී. ක්ලාක්ගෙ රාමා series එකේ ඉන්න octospiders ලා / Andy Weir ගෙ Project Hail Mary එකේ ඉන්න Rocky
මේ ළඟපාතක aliens ල ඉන්නව නම් උන් අපිත් එක්ක communicate කරල මේ වෙද්දි. radio message එකක් එවාගන්න බැරි නම්, උන්ට පෘථිවියට එන්න තරම් තාක්ෂණයක් තියෙන්න විදිහක් නෑ.
ආලෝක වර්ෂ ගානක් ඈත ඉඳල පෘථිවියට එන්න තරම් තාක්ෂණයක් තියෙන උන් හොරෙන් මෙහෙට ආව කියමුකො? එච්චර බුද්ධිමත් aliens ල මෙහෙ පාරවල් පනිද්දි කාර් වල dashcam වලට අහු වෙයි කියල හිතනවද?
aliens ල ගැන හොයන්න කැමති නම්
උඩ බලපන්;
බිම බලන්න එපා