දැවැන්ත නෞකා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    Freedom Ship

    මෙය නෞකාවකට වඩා පාවෙන නගරයක් ලෙස හැඳින්වුවහොත් වරදක් නැත.මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් වෙන්නේ අනූව දශකයේ අගභාගයේදීය.මෙය මිනිසුන් 50,000කට ජීවත්වීමට හැකි ලෙස සැලසුම් කර තිබිණි.තට්ටු 25කින් සමන්විත මෙම පාවෙන නගරය මීටර් 106ක් උසකින්ද ,මීටර් 1,371 දිගකින්ද ,මීටර් 225ක පළලකින්ද යුක්තය,නිවාස,පාසල්,හෝටල්,කැසිනෝශාලා ආදී පහසුකම් වලින් යුක්තවන සේ මෙය සැලසුම් කර තිබේ.නමුත් මෙවැනි ඉදිකිරීමක් ස්වභාවික ආපදා ආදියට ගොදුරුවීමේ සහ ඉන් හානියට පත්වීමේ අවදානම වැඩි බව බැලූ බැල්මටම පෙනීයයි.1999 වන විට මෙම ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට ඇ.ඩො. බිලියන 6ක් වැය වෙතැයි ගණන් බලා තිබිණි.2013 වන විට එය ඇ.ඩො. බිලියන 10 දක්වා වැඩිවිය.නමුත් Freedom Ship ව්‍යාපෘතිය තවමත් ආරම්භ කර නොමැත. දරන්නට වන අධික වියදම හමුවේ බොහෝවිට මෙය සංකල්පයකට පමණක් සීමාවනු ඇත.

    p2yxJfQ.jpg


    nII9ogQ.jpg


    IjYtAVS.jpg


    DZppAlf.jpg


    394pUqo.jpg






    තවත් සංකල්පිත දැවැන්ත නෞකා


    හැරී බී.බර්නාඩ් නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සැලසුම් කල දැවැන්ත නෞකාවක් - Airport Docks for New York

    aYpbpiE.jpg


    QNe7lbF.jpg




    Kvaerner Masa-Yards' Super-Large Cruise Ship(වම්පස) The Nova,Panamax-Max ship(දකුණුපස)​

    bjUDQfg.jpg




    Royal Caribbean සමාගමේ Project Genesis යටතේ නිපදවූ ලොව විශාලතම මගී නෞකාදෙකක් වන්නේ Oasis of the Seas සහ Allure of the Seas​

    izptF2k.jpg


    pA9yDCU.jpg





    ලිබර්ටි ප්‍රතිමාව සමග විශාලතම මගී නෞකා දෙකක් සංසන්දනය - MS Freedom of the Seas සහ Queen Mary 2

    Mai2QjQ.jpg





    Freedom of the Seas

    තට්ටු 18කින් යුක්ත මගීන් 3634ක් ගෙන යාහැකි ටොන් 220,000ක් බර නෞකාවක් වන 2006 වසරේ සිට සේවයේ යොදවා තිබේ.

    f62SynB.jpg




    Pierre Guillaumat

    ලොව මෙතෙක් නිර්මාණය කල විශාලතම නෞකාවන්ගෙන් එකක් වන්නේ Pierre Guillaumat නම් තෙල් ප්‍රවාහන කරන යාත්‍රාවයි.මෙය 1977දී නිර්මාණය කල අතර 1983දී සේවයෙන් ඉවත් කර තිබේ.මෙය මීටර් 414ක් දිගකින් යුක්තය.මෙම නෞකාව Batillus class පන්තියට අයත් එක් නෞකාවකි.එයට තවත් සහෝදර නෞකා 3ක් තිබිණි.ඒවා Batillus,Bellamya,Prairial යන නම්වලින් හැඳින්වීය.ඉහත සඳහන් කල නෞකා හතරම දැන් සේවයෙන් ඉවත් කර තිබේ.

    yJN4l8U.jpg


    EKi6xbC.jpg


    Uutr1bQ.jpg



    දැවැන්ත නෞකා නිපදවූ පසු මෙවැනි ඇළ මාර්ග ඔස්සේ ඒවා ගෙන යාමේදී ගැටලු ඇතිවේ.

    ikAMnGa.jpg




    Seawise Giant

    ලොව දිගම නෞකාව යන ලෝක වාර්තාවට දැනට හිමිකම් කියන්නේ Seawise Giant නම් නෞකාවයි.මෙය කලින් කලට විවිධ නම්වලින්(Happy Giant,Jahre Viking, Knock Nevis,Mont) හඳුන්වා තිබේ.Seawise Giantයනු තෙල් ප්‍රවාහන නෞකාවකි.ජපාන සමාගමක් විසින් මෙම නෞකාව නිපදවා තිබේ.1979 සිට 2009 වසර තෙක් Seawise Giant නෞකාව සේවයේ යොදවා තිබේ.

    cduwUIz.jpg


    XkxlDOQ.jpg





    Seawise Giant නෞකාවේ ප්‍රමාණය සම්බන්ධව පහත රූපවලින් දළ අදහසක් ලබාගත හැකිය.මෙහි දැක්වෙන්නේ Seawise Giant නෞකාව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ එල්ලෙන පාලම සමග සංසන්දනය කිරීමකි.

    sMmiMZG.jpg





    එක්සත් ජනපදයේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල සහ ප්‍රංශයේ අයිෆල් කුළුන සමග සංසන්දනය කිරීම

    GMOnDSX.jpg



    DS51nKi.jpg


    W3qlmWj.jpg


    CvPRXdO.jpg



    Seawise Giant නෞකාව ඉරාන-ඉරාක යුද සමයේදී(1988)ඉරාක ප්‍රහාරක යානාවල බෝම්බ ප්‍රහාරයන්ට ලක්වී දැඩි ලෙස හානිවිය.සිදුවූ හානිය හමුවේ මෙම දැවැන්තයා ඉරානයේ හෝම්ස් සමූද්‍ර සන්ධිය ආසන්නයේ ගිලී ගියේය.නමුත් නෝර්වේ සමාගමකින් විසින් මිල දී ගත් මෙම හානියට පත් දැවැන්තයා යළි යාත්‍රා කල හැකි තත්ත්වයට පත් කර 1991 වසරේ පටන් යළි සේවයේ යොදවන ලදි. ඒ Happy Giant යන නමිනි.

    ikgqmW5.png


    FECtIxz.png




    දැවැන්තයන්ගේ හදවත

    පහත දැක්වෙන්නේ අතිවිශාල කන්ටේනර් ප්‍රවාහන නෞකාවලට යොදාගන්නා ඩීසල් එන්ජිමකි.එය Wartsilä-Sulzer RTA96-C නමින් හඳුන්වයි.බර ටොන් 2,300ක් වන මෙම එන්ජිමට කිලෝවොට් 80,080ක බලයක් නිපදවීමේ හැකියාව තිබෙන බව කියවේ.

    FnDcErE.jpg




    මෙම එන්ජිමේ පළල මීටර් 26.7ක් ද උස මීටර් 13.2ක්ද වේ.

    JSV4sfF.jpg


    PqHp40D.jpg




    එන්ජිමේ තිබෙන පිස්ටන්වල විශ්කම්භය මීටරයක් පමණ වේ.

    NJ8l3eQ.jpg




    එන්ජිමේ ඇතුලත කොටස් කිහිපයක්

    bL7gpjb.jpg


    DAiklBY.jpg


    F9TmMkN.jpg




    මෙම එන්ජිමක කුඩා ප්‍රමාණයේ මොඩල තෙල් ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ නෞකාවල සහ භාණ්ඩ ප්‍රවාහනය කරන දැවැන්ත නෞකාවල අඩංගුය.

    48aIlKC.jpg


    uk17V69.jpg



    සිලින්ඩර් 14 සහිත මෙවැනි දැවැන්ත එන්ජිමක් 2006 වසරේදී EMMA MAERSK නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට සවිකරන ලදි.​

    OojZnJ2.jpg



    කන්ටේනර් ප්‍රවාහනය කරන ලොව විශාලතම නෞකාවන්ගෙන් එකක් - EMMA MAERSK

    jORltcl.jpg


    ZUvhrIi.jpg



    මෙය මීටර් 397ක් දිගය.Emma Maersk නෞකාවට කන්ටේනර් බහලුම් 11,000-14,500ක් අතර ප්‍රමාණයක් ගෙන යා හැකිය.

    25UdtJ4.jpg





    කන්ටේනර් ප්‍රවාහනය කරන ලොව විශාලතම නෞකාව - MSC Oscar

    මෙම නෞකාව දිගින් මීටර් 395කි.MSC Oscar නෞකාවේ වටිනාකම මිලියන 200කි.

    uLH5ZWd.jpg




    ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව-MS Allure of the Seas

    මෙම නෞකාව ෆින්ලන්තයේ නිපදවූවකි.MS Allure of the Seasහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2කි.2009 වසරේදී මෙම නෞකාව දියත් කරන ලදි.නෞකාවේ ගෙන යා හැකි උපරිම මගීන් සංඛ්‍යාව 6,296කි.

    2MOhv1k.jpg


    laf0lfX.gif

    MS Allure of the Seas සහ Titanic සංසන්දනය​



    දැවැන්ත නෞකාවල ප්‍රමාණය සම්බන්ධ දළ අදහසක් ලබාගන්න පහත ඡායාරූප බලන්න.​

    hC5CHwG.jpg


    hGDmD9Q.jpg



    දකුණුපස දැක්වෙන්නේ ලොව විශාලතම අවරපොත්තයි.මෙහි බර ටොන් 101.5කි.විශ්කම්භය මීටර් 9කි.

    11Kp2we.jpg





    කන්ටේනර් බහලුමක් ගොඩබෑමේදී සිදුවූ අනතුරක්

    MNNY7Jd.jpg


    MJ5HgDt.jpg


    fZOv2KL.png

    ලා නිල් පැහයෙන් - එක්සත් ජනපදයේ පෙන්ටගනය(431m) , රෝස පැහැයෙන් - ක්වීන් මේරි මගී ප්‍රවාහන නෞකාව(345m) , කහ පැහැයෙන් - එ.ජ. ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Enterprise(342m) , කොළ පැහැයෙන් - ගුවන් නැවක් වු LZ 129 Hindenburg(245m) , තද නිල් පැහැයෙන් - ජපාන යුද නැවක් වු Yamato(263m) , අළු පැහැයෙන් - එම්පයර් ස්ටෙට් ගොඩනැගිල්ල(443m) , රතු පැහැයෙන් - Knock Nevis නම් තෙල් ප්‍රවාහන නෞකාව(458m)



    සෝමාලියාව ආසන්න මුහුදේදී කන්ටේනර්, කුඩා බෝට්ටුවලට පටවන අයුරු

    GNKfiie.jpg



    ටග් යාත්‍රාවක්

    FArmreW.jpg



    දැවැන්ත නෞකා ඇදගෙන යන අයුරු

    ZbT09Sn.jpg



    දැවැන්ත නෞකාවක් සිය නැංගූරම පහළට දමන විට කුඩා යාත්‍රාවක ගැටෙන අයුරු

    yFsvpXX.jpg



    කුඩා යාත්‍රාවේ ඉරණම

    g6YBHBs.jpg





    දිගම යුද නැව්

    නාවික හමුදා භාවිතා කරන ගුවන් යානා ප්‍රවාහන නෞකා යුද නෞකා අතරින් දිගින් වැඩිම ඒවා වේ.එවැනි වර්ගයේ නෞකා වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන්නේ එක්සත් ජනපදයයි.ඔවුන් නිෂ්පාදනය කල දිගම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වූයේ USS Enterpriseය.එය 1962 පටන් 2012 දක්වා සේවයේ යොදවා තිබේ.ඇ.ඩො. මිලියන 451 වටිනා මෙම නෞකාව මීටර් 342 දිගකින් යුක්තය.

    H2lfbCt.jpg




    Battleship වර්ගයේ නෞකා තිබෙන්නේ මෙම ලැයිස්තුවේ පහළින්ය.1944 ගිල්වා දැමූ ජපානයේ Yamato නෞකාව ලොව විශාලම Battleship වර්ගයේ නෞකාව ලෙස හැඳින්වේ.

    Kqi5xx5.jpg



    එක්සත් ජනපදය විසින් නිපදවූ Iowa-class වර්ගයේ යුද නැව් හතර මෙතෙක් ලොව නිපදවූ දිගම battleship වර්ගයේ යුද නැව් වේ.මේවා දෙවන ලෝක යුද්ධය,කොරියන් යුද්ධය,වියට්නාම සහ ගල්ෆ් යුද්ධ සඳහා යොදාගෙන තිබෙන අතර එක් නෞකාවක් දිගින් මීටර් 270ක් විය.

    khLdlbr.jpg





    මෙතෙක් සාකච්ඡා කල දැවැන්ත නෞකා කිහිපයක ප්‍රමාණයන් සංසන්දනය කල විට

    cIWHJRS.png






    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    Ela machan...
    rep denna bahalu

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    පට්ට මචන් උබේ threadsනම්. මේකත් නිවාඩු පාඩුවේ කියවන්න ඕනේ.
    +6
     
    • Like
    Reactions: HarshaLulzSec

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට බං.. උඹගෙ සමහර ත්‍රේඩ් බුක්මාක් දාගෙන ඉන්නවා.. නිවාඩු පාඩුවෙ කියවන්න..