දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග. 🥱
    TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.

    Safety කියලා නාමයක් නැති හුkaන රටවල් වල තැරි මලකඩ කුණු ගොඩවල් බලන්න යන මෝඩ හරක් ඉන්නවනේ ඉතින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_0fdf135521.jpg
    (පාලිත නානායක්කාර සහ ප්‍රසන්න පද්මසිරි)
    දියතලාව නරියාකන්ද , "ෆොක්ස්හිල්" මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
    අනතුරින් තවත් 15 දෙනකු පමණ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය.
    එක් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පැවසීය.
    image_dc7c7ac173.jpg
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    update

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවය.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    මෙහම තරග තියන්න අවසරය ගන්න ඔන කාගෙන්ද?
    ඇයි එයාලට මේවා නියාමනය කරන්න බැරි..පව්
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    හොඳ වැඩේ. රටේ මිනිස්සුන්ට එදා වේල කන්නත් නැතුව ඉන්නේ. මුන් බොරුවට තෙල් පුච්චගෙන ජවුසං නටනවා