ලංකාවේ අපි දුප්පත්කම නැත්නම් දරිද්‍රතාව ගැන කතා කරනවා. මිනිස්සුන්ට සල්ලි නෑ කියලා කියනවා. ඒත් ඇත්තටම ඒක එහෙමමද? ඇත්තටම ලංකාවේ මිනිස්සු අහිංසකද? මේ කතා කීපයම මම දන්නා පවුල් කීපයකට අදාළව.
1- මෙයාලා කියන්නෙ දුප්පත් කියලා. රජයෙන් ලැබෙන ඕනම සහනාධාරයක් පැනලා ගන්නේ. කට ඇරියොත් කියන්නෙ සල්ලි නෑ කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ රජයේ ඉඩම් බලෙන් අල්ලගෙන ඒවයේ වගා කරලා අක්කර ගාණක, තේ,ගම්මිරිස්,කුරුඳු වගේ ඒවා. කුඹුරුත් තියෙනවා. ඒවයේ ඵලදාව විකුණලා මාසෙකට ලක්ෂයක්, දෙකක් විතර හම්බ කරනවා. දර,වතුර,එළවලු වත්තෙන් නැත්නම් ගමෙන්. හම්බ කරන දේ අන්තිම සතේට එනකම් කෑමට,බීමට,අඳින්න වියදම් කරනවා. ළමයි ලොකුවට ඉගෙන ගන්නෙ නෑ. ගෙදර බඩු ගත්තාම satellite TV, washing machine, fridge,.JBL ඔක්කොම තියෙනවා. හැබැයි කියන්නෙ දුප්පත්.
2- තවත් පවුලක් ඉන්නේ නගරයට ආසන්නව. හන්දියට මීටර් 100 විතර යන්නෙ නැතුව ළඟම කඩෙන් ණයට බඩු ගන්නවා, ඒ හන්දියේ කඩේ ඊට වඩා ලාබෙට තියෙද්දි. පයින් යන දුරක තියෙන ඉස්කෝලෙට ළමයි පයින් යවන්නෙ නෙ, අඩුම බස් එකේවත් යවනවා. ගෙදර computers,TV,fridge,JBL තීයෙනවා. ළමයි ඉගෙන ගන්න එක කෙසේ වෙතත් සී ඩී කඩවල ඉන්නේ. හැබැයි දුප්පත් කියලා කියන්නේ.
3- අනෙක් පවුලේ පිරිමියා මේසන් වැඩ කරන්නෙ. හැමදාම වැඩ. හැබැයි දුප්පත් කියලා කියන්නේ. දවසේ හම්බ කරන දෙයින් හිඳෙන කම්ම කන බොන එක කරනවා. කොටින්ම මාසෙකට කන කුකුල්ලු ගාණට පණ ආවා නම් ගෙදර ලොකු කුකුල් කොටුවක් දාන්න පුළුවන්. මේසන් වුනාට ගේ බාගෙට හදලා තියෙන්නේ. ඒක හදා ගන්න ආණ්ඩුවේ ආධාරයක් බලන් ඉන්නවා. හම්බ කරන සල්ලි ඉතුරුවක් කරන්න හිතන්නෙ නෑ.
දැන් එතකොට ඇත්තටම ලංකාවේ දුප්පත්කම කියන්නෙ හුදෙක් සල්ලි නැති කමද නැත්නම් එටත් එහා ගිය ප්‍රමුඛතා හා ආකල්ප වල ප්‍රශ්නයක්ද?
මම කියන්නෙ නෑ, මේ වගේ කියලා හැමෝම. ඒත් ඕනම ටවුමක අලුතෙන් රෙදි කඩයක් දැම්මාම ඒ පළාතෙම මිනිස්සු එතකන් හෙළුවෙන් හිටියා වගේ අර කඩේ පොර කකා ඇඳුම් ගන්නවා, කාගේ සල්ලිද? කෑම කඩ වල සෙනඟ අඩුවක් නෑ. සල්ලි කොහෙන්ද? නිවාඩුවක් ආපුවාම පාර පුරා වාහන, මිනිස්සු trip යනවා. එතකොට මේක වෙන්නේ කොහොමද?

.