දුම්රිය~සේවයේ~හැඩකාරයා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුම්රිය~සේවයේ~හැඩකාරයා

    අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති හැඩකාරම දුම්රිය එන්ජිම ගැන. ඒ M7 වර්ගයට අයත් දුම්රිය ඇන්ජින්.

    4602760171_05a3e0cb4e_b.jpg


    මේ M7 වර්ගයේ දුම්රිය ඇන්ජින් නිපදවලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ Brush Traction සමාගම.

    168323_1548904047898_1393998776_31222512_7815814_n.jpg


    168323_1548904207902_1393998776_31222513_7989232_n.jpg


    මේ ඇන්ජිම Diesel Electric ඇන්ජිමක්. බල සැපයුම EMD 8-645 E 2 Stroke එකක්. උපරිම බලය අශ්ව බල 994යි. පැ.කි.මී 84 ක උපරිම වේගයක් මේ ඇන්ජිමට තියනවා. මීටර 12.8ක් දිගයි. බර ටොන් 66ක්.

    5688184779_ed4413e713_b.jpg


    3732034799_a9e938ae15_b.jpg



    මුලින්ම ලංකාවට ගෙනවලා තියෙන්නේ 1981 වසරේ. මේ M7 වර්ගයේ ඇන්ජින් 16ක් ලංකාවට ගෙනාවා. මේ ඇන්ජිම අපේ දුම්රිය සේවයට විශේෂයි. අපේ දුම්රිය මාර්ග පද්ධතියේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ඇන්ජින් අතරින් බලය අඩුම, බර අඩුම වගේම, දිග අඩුම ඩීසල් ඉලෙක්ට්‍රික් ඇන්ජිම වෙන්නේ මෙයා. No 799 සිට 814 දක්වා තමයි මෙයාලා නම් කරලා තියෙන්නේ.

    3732034811_09e25cbca4_b.jpg


    අපේ රටේ මගී ප්‍රවාහනයට වගේම භාන්ඩ ප්‍රවාහනයට මෙයා යොදා ගත්තත් නිෂ්පාදක සමාගම මේ ඇන්ජිම සලකන්නේ ෂන්ටින් කටයුතු සඳහා යොදා ගන්නා ඇන්ජිමක් විදියටයි. (එසේ සැලකීමට ප්‍රධාන හේතුව වන්නේ බලය 1000hp වලට වඩා අඩු වීම. පිටරටවල ෂන්ටින් කටයුතු සැලකිය යුතු දුරක් සිදු කෙරෙන නිසා සමාගම මේ ඇන්ජිම මූලික වශයෙන් ෂන්ටින් ඇන්ජිමක් ලෙස යොදා ගන්නවා වන්නට පුළුවන්.)

    2903917273_53dd05b21b_b.jpg


    3732034819_e5cb8614a4_b.jpg




    ලංකාවට මේ වර්ගයේ ඇන්ජින් 16ක් ආනයනය කල බව මා මුලින් පැවසුවා. නමුත් අද වෙනකොට මේ අතරින් ධාවනය වන්නේ 15ක් පමනයි. 1999 වසරේ ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දී සිදු වෙච්ච දරුණු අනතුරක් නිසා අංක 803 දරන ඇන්ජිම නැවත භාවිතයට ගත නොහැකි ලෙස අනතුරට පත් උනා. කොළඹට පැමිනෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ පසුපස ගැටුනු අංක 803 ඇන්ජිම තමයි මේ විදියට අපිට නැති වෙලා ගියේ. එසේ වීමට හේතු වෙලා තියෙන්නේ M7 ඇන්ජිමේ තිරිංග වල දෝශයක් බව හෙලි වෙලා තිබුනා. ඉන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුව තීරනය කලා උඩරට මාර්ගයේ M7 ඇන්ජිම් ධාවනය නොකරන්නට. අද වෙනකොට 803 ඇන්ජිමේ කොටස් රත්මලාන දුම්රිය අංගනයේ දිරාපත් වෙමින් තියෙනවා.

    221643_122742514471127_100002061369922_178942_2115241_n.jpg



    උඩරට මාර්ගයේ හැරෙන්නට ලංකාවේ අනෙකුත් සෑම මාර්ගයකම ධාවනය කිරීමේ හැකියාව මෙයාට පවතිනවා. (උඩරට මාර්ගයෙත් මහනුවර දක්වාත් සමහර අවස්ථා වල නාවලපිටිය දක්වා ධාවනය වෙනවා) ඒයට මූලිකම හේතුව බලය මද කමත් මුලින් මම සඳහන් කලතිරිංග පද්ධතියේ ඇති ගැටලුවත්.

    3732034827_8441ae8e17_b.jpg


    2894597673_0d28255330_o.jpg



    අද වෙනකොට සියලුම ඇන්ජින් රතු හා කොළ පාටින් යුතු උනත් මුල් කාලයේ තැඹිලි හා රතු වර්නයේ ඇන්ජින් 03ක් ධාවනයේ යෙදිලා තියෙනවා. ඒවා 2002 වසර වෙනකන් ධාවනයවෙලා පසුව රතු හා කොළ වර්ණ ගන්වලා තියෙනවා.

    3697725601_9d319e6781_z.jpg


    3706784654_727986986d_b.jpg



    මේ හැඩකාර M7 වර්ගයේ ඇන්ජින් 15ටම කිසිදු ආන්තරාවකින් තොරව තවත් දිගු කාලයක් අපේ දුම්රිය මාර්ග පද්ධතියේ ධාවනය කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

    199511_1591551794065_1393998776_31291522_7591080_n.jpg


    179872_1540061186832_1393998776_31207591_6449365_n.jpg


    179872_1540060826823_1393998776_31207588_8319014_n.jpg


    180945_1551331268577_1393998776_31226456_4307657_n.jpg


    තොරතුරුහා ඡායාරූප සපයා ගැනීමට මට සහය වූ Tajmal හා Lahiru සහෝදරයන් දෙදෙනාට මාගේ ස්තුතිය.

    :):):)


    74348_122140371181404_100001563261148_172635_7564691_n.jpg

     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එලකිරියේ හැඩකාරයා ;);)
    හෙවත්
    කෝච්චි පෙරේරාගෙන් :shocked:
    එලකිරි වැඩක්!
    11.gif
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එලකිරි පෙරේරා මස්සිනා .කාලෙකට පස්සෙ ආයෙ කෝච්චි ත්‍රෙඩ් එකක්.
    රෙප් දෙන්න ඕන දෙයක් බට් ස්ප්‍රෙඩ් කොරන්න කියනවනෙ .
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එලකිරි පෙරේරා මස්සිනා .කාලෙකට පස්සෙ ආයෙ කෝච්චි ත්‍රෙඩ් එකක්.
    රෙප් දෙන්න ඕන දෙයක් බට් ස්ප්‍රෙඩ් කොරන්න කියනවනෙ .

    ah mata denna.. paw ne pererata Udauwak Washayen mama Kiuwe..:dull:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ එළ.......කොච්චි පෙරේරාගෙන් තවත් කෝච්චි ත්‍රෙඩ් එකක්. ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹ නම් ගිය ආත්මේ කෝච්චියක්ද කොහෙද.....?? :rolleyes: :P :lol: දැන් පුලුවන් නම් කියපන්, මම ගිය ආත්මේ බස් එකක් කියලා .......!! :growl::angry:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උඹ නම් ගිය ආත්මේ කෝච්චියක්ද කොහෙද.....?? :rolleyes: :P :lol: දැන් පුලුවන් නම් කියපන්, මම ගිය ආත්මේ බස් එකක් කියලා .......!! :growl::angry:



    :lol: අනිවා බස් එකක්. :yes: