දුම්රිය~සේවයේ~හැඩකාරයා
අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති හැඩකාරම දුම්රිය එන්ජිම ගැන. ඒ M7 වර්ගයට අයත් දුම්රිය ඇන්ජින්.
මේ M7 වර්ගයේ දුම්රිය ඇන්ජින් නිපදවලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ Brush Traction සමාගම.
මේ ඇන්ජිම Diesel Electric ඇන්ජිමක්. බල සැපයුම EMD 8-645 E 2 Stroke එකක්. උපරිම බලය අශ්ව බල 994යි. පැ.කි.මී 84 ක උපරිම වේගයක් මේ ඇන්ජිමට තියනවා. මීටර 12.8ක් දිගයි. බර ටොන් 66ක්.
මුලින්ම ලංකාවට ගෙනවලා තියෙන්නේ 1981 වසරේ. මේ M7 වර්ගයේ ඇන්ජින් 16ක් ලංකාවට ගෙනාවා. මේ ඇන්ජිම අපේ දුම්රිය සේවයට විශේෂයි. අපේ දුම්රිය මාර්ග පද්ධතියේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ඇන්ජින් අතරින් බලය අඩුම, බර අඩුම වගේම, දිග අඩුම ඩීසල් ඉලෙක්ට්‍රික් ඇන්ජිම වෙන්නේ මෙයා. No 799 සිට 814 දක්වා තමයි මෙයාලා නම් කරලා තියෙන්නේ.
අපේ රටේ මගී ප්‍රවාහනයට වගේම භාන්ඩ ප්‍රවාහනයට මෙයා යොදා ගත්තත් නිෂ්පාදක සමාගම මේ ඇන්ජිම සලකන්නේ ෂන්ටින් කටයුතු සඳහා යොදා ගන්නා ඇන්ජිමක් විදියටයි. (එසේ සැලකීමට ප්‍රධාන හේතුව වන්නේ බලය 1000hp වලට වඩා අඩු වීම. පිටරටවල ෂන්ටින් කටයුතු සැලකිය යුතු දුරක් සිදු කෙරෙන නිසා සමාගම මේ ඇන්ජිම මූලික වශයෙන් ෂන්ටින් ඇන්ජිමක් ලෙස යොදා ගන්නවා වන්නට පුළුවන්.)
ලංකාවට මේ වර්ගයේ ඇන්ජින් 16ක් ආනයනය කල බව මා මුලින් පැවසුවා. නමුත් අද වෙනකොට මේ අතරින් ධාවනය වන්නේ 15ක් පමනයි. 1999 වසරේ ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දී සිදු වෙච්ච දරුණු අනතුරක් නිසා අංක 803 දරන ඇන්ජිම නැවත භාවිතයට ගත නොහැකි ලෙස අනතුරට පත් උනා. කොළඹට පැමිනෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ පසුපස ගැටුනු අංක 803 ඇන්ජිම තමයි මේ විදියට අපිට නැති වෙලා ගියේ. එසේ වීමට හේතු වෙලා තියෙන්නේ M7 ඇන්ජිමේ තිරිංග වල දෝශයක් බව හෙලි වෙලා තිබුනා. ඉන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුව තීරනය කලා උඩරට මාර්ගයේ M7 ඇන්ජිම් ධාවනය නොකරන්නට. අද වෙනකොට 803 ඇන්ජිමේ කොටස් රත්මලාන දුම්රිය අංගනයේ දිරාපත් වෙමින් තියෙනවා.
උඩරට මාර්ගයේ හැරෙන්නට ලංකාවේ අනෙකුත් සෑම මාර්ගයකම ධාවනය කිරීමේ හැකියාව මෙයාට පවතිනවා. (උඩරට මාර්ගයෙත් මහනුවර දක්වාත් සමහර අවස්ථා වල නාවලපිටිය දක්වා ධාවනය වෙනවා) ඒයට මූලිකම හේතුව බලය මද කමත් මුලින් මම සඳහන් කලතිරිංග පද්ධතියේ ඇති ගැටලුවත්.
අද වෙනකොට සියලුම ඇන්ජින් රතු හා කොළ පාටින් යුතු උනත් මුල් කාලයේ තැඹිලි හා රතු වර්නයේ ඇන්ජින් 03ක් ධාවනයේ යෙදිලා තියෙනවා. ඒවා 2002 වසර වෙනකන් ධාවනයවෙලා පසුව රතු හා කොළ වර්ණ ගන්වලා තියෙනවා.
මේ හැඩකාර M7 වර්ගයේ ඇන්ජින් 15ටම කිසිදු ආන්තරාවකින් තොරව තවත් දිගු කාලයක් අපේ දුම්රිය මාර්ග පද්ධතියේ ධාවනය කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
තොරතුරුහා ඡායාරූප සපයා ගැනීමට මට සහය වූ Tajmal හා Lahiru සහෝදරයන් දෙදෙනාට මාගේ ස්තුතිය.

Last edited:

දැන් පුලුවන් නම් කියපන්, මම ගිය ආත්මේ බස් එකක් කියලා .......!! 