දුම් පානය නතර කිරීමෙන් මතක ශක්තිය වැඩිකර&#3484

chamarakch

Member
Dec 18, 2011
33
5
0
දුම් පානය නතර කිරීමෙන් මතක ශක්තිය වැඩිකර&#3484

bf616233e6.jpg


දුම් පානය නතර කිරීමෙන් මතක ශක්තිය වැඩිකරගනිමු

දුම් පානය නතර කිරීමෙන් මතක ශක්තිය වැඩිවන බව ඔබ දානවද. දුම් පානය නතර කිරීමෙන් ඔබගේ සෞඛයට හොද පමණක් නොව මතක ශක්තිය වැඩි වීමටද හොද බව Northumbria University එකේ පර්යේෂණ මගින් සොයාගෙන ඇත . Northumbria University. එකේ Drug and Alcohol පර්යේෂණ කණ්ඩායම දුම් පානය කරන පුද්ගලයන් 27 දෙනෙක්, දුම්පානය නතර කරපු 18 දෙනෙක් සහ දුම් පානය නොකරන 24 දෙනෙක්ගේ මතක ශක්තිය පරික්ෂා කරන ලදී. මෙහිදී දුම් පානය කරන පුද්ගලයන්ගේ මතක ශක්තිය බොහෝ දුරට අඩු අතර දුම් පානය නොකරන පුද්ගලයන්ගේ මතක ශක්තිය ඉතා හොදින් පවතී. මෙම පරීක්ෂණයේදී දුම් පානය කරන පිරිස 59% ක පමණ මතකයක් පවතින අතර දුම් පානය නතර කරපු පිරිසට 74 % ක පමණ මතකයක්ද දුම් පානය නොකරන පිරිසට 81 % ක පමණ මතකයක්ද පවතී.

ef0dc4f555.jpg

මේ අනුව බලනකොට අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අපේ මල්ලිලාගේ දුම් පානය නතර කෙරුවොත් ඒගොල්ලන්ට ඉගෙන ගන්න දේ හොදට මතක හිටියි නේද ?. එතකොට ව්භාග වලින් ලේසියෙන්ම සමත වන්නටත් පුළුවන්. අනික ගැණු ළමයි එහෙම ස්මාර්ට් කොල්ලන්ට කැමතියිනේ. නැද්ද මචන්..?

 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙක් ඒ ගැන හිතන්න යන්නේ නෑ..
    යම් දවසක මොනවා හරි ප්‍රශ්නයක් වුනාට පස්සේ තමයි හිතන්න පෙළබෙන්නේ
    ආහ්, අර අහවල් පුද්ගලයා කියපු කතාව ඇත්ත නෙන්නම් කියලා..
    මොනවා වුනත් මේ තොරතුරු බොහෝ දෙනෙකුට
    වැදගත් වෙයි.
    රෙප්+ 10