දු‍ටුගැමුණු රජුගේ අභිරහස් මරණය

fernando93

Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    405209199_1781613325632185_8619056636256155789_n.jpg

    නාගයෝ කියන්නේ නාවිකයන් හෝ වෙලදාම් කරපු අය
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කතා නම් කාට හදන්න බැරිද. නාගලෝකෙ කියන්නෙ අමුතු ලෝකයක් නෙවෙයි.වෙන පලාතක වෙනත් ජන කොටසක්. දුටුගැමුනු මැරුනෙ නයි දශ්ටනයකින් කියල අහල තියේ. ඒක එහෙම නම් බලේ ගන්න හෝ පලි ගන්න ගහපු ප්ලෑන් එකක් වෙන්න ඕනි
     
    • Like
    Reactions: War Fighter

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    නාග කියන්නේ ලංකාවේ නාවික ජන කොට්ඨාශය. ඉන්දියාවේ නාග වෙනයි ලංකාවේ නාග වෙනයි. සිව් හෙලය කියන්නේ යක්ශ නාග රක්ශ දේව. යක්ශ කියන්නේ ගොවියෝ. නාග කියන්නේ වෙළෙන්දෝ. රාක්ශ කියන්නේ සමාන්‍යයෙන් සත්තු ඇතිකරපු දඩයම් කරපු කට්ටිය. දේව කියන්නේ වෛද්‍ය යක්දෙස්සෝ. ඔය තුන්ගොල්ලම කුල අනුව ආපහු එකට කලවම්. යක්ශ තමා ලොකුම ජන කොටස ඊළඟට නාග. නාග වැඩිහරියක් හිටියෙ නැව් තොටු වල.
    දුටුගැමුණු කියන්නේ කලවම් රජකෙනෙක්. ඉන්දියානු රජ පරම්පරාවලයි යක්ශ රජ පරම්පරාවල කලවමයි අන්තිමට නාග රජු පරම්පරාවත් එක්ක කලවම් වෙනවා. නාග රජ පරම්පරාව කාවන්තිස්සගෙන් ඉවර වෙනවා.
    දුටුගැමුණු කොහොමත් කලවම් පරම්පරාවක පුරුකක්. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අගබිසව සාමාන්‍ය යක්ශ ග්‍රෝත්‍රික කාන්තාවක්. උසස් කුල එහෙමත් නැතිනම් ගොවි. දුටුගැමුණු කියන්නේ අමුතුම රජ කෙනෙක්. අවුරුදු පහක්ම කොහෙද යුද්ධ කලාවූ අනුරාධපුරය අල්ලා ගන්න.
    දුටුගැමුණුගෙන් පස්සේ ඒ පරම්පරාව ඉවර වෙනවා. සාලිය කුමාරයා කවදාවත් රජ වෙන්නේ නැහැ. දුටුගැමුණු රජ්ජුරුවෝ මැරෙන කොට තුන්වෙනි පුරුක් තමා සාලිය කුමාරයා කියන්නේ. කාවන්තිස්සට පුත්තු තුනයි. වැඩිමලා දීඝගාමිනි. හැබයි රජ කම අගබිසවගේ ලමයින්ට. එතකොට දුටුගැමුණු උඩට එනවා. ඊළඟට තිස්ස. සාලිය ආවාම තුන සාලිය වෙනවා. හැබයි සාලිය කවදාවත් රජ වෙන්නේ නැහැ. තිස්සගේ න් පස්සේ තිස්සගේ ලමයි.

    දුටුගැමුණු කියන්නේ එක විදිහක් මර්මස්ථානයක් ලංකා ඉතිහාසයේ. ඉතින් ඒ වටා පුදුම විදිහට කතන්දර හැදිලා තියනවා. ඒ වගේ තමා අනිත් පැත්තට. ඒ චරිතෙට වටේ කුණු කතාත් හදලා තියනවා. බොහෝ විට එහෙම වෙන්න පුළුවන්. දුටුගැමුණු රජ්ජුරුවෝ අඩු වයසින් නැතිවෙනවා. එකක් එක්ක ඉතින් වෙනම අමුතු කතන්දර මහාවංශයේ ලියලා තියනවා. හැබයි මහාවංශය ලියන්නේ අවුරුදු හාරසියයකින් පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ට.