කතෝලිකයෝ නම් උපතින්ම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විස්වාස කරන එන්නේ....බෞද්දයොත් ගස් වලට වන්දනා කරන එකනේ පුදුමේ...
![]()
මන් නම් හිතන්නේ නැහැ කිසිම කෙනෙක් උපතින්ම ආගම නිශ්චය කරගෙන මේක අදහනවා කියලා එනවා කියලා.
බෞද්දයෙක් හිතෙන හිතෙන ගහට ගිහින් වන්දනා කරනවානම් එතන ලොකු අව්ලක්.(එයාගේ විශවාස වල)
සාමාන්යෙන් බෞද්දයෝ බෝ ගහට වන්දනාමාන කරනවා.
ඒක කරන්න ඕනේ ගරු කිරීමක් හැටියට.
බුදුන් වහන්සේ තමයි මුලින්ම බෝ ගහට තමන්ගේ කෘතගුණ සලකන්න සතියක් එකදිගට ඒ දිහා බලාගෙන ගෞරව කරේ.
අයි එහෙම කරේ?.බුදුන් වහන්සේට චත්රර්ය සත්‍ය අවබෝද කරගන්න එක්තරා විදියක උදව්වක් වුන නිසා.
බෞද්දයෝ පන්සලකට ගියාම බෝදීන් වහන්සේට චයිත්‍යට විහාරගෙයි බුදු පිළිමෙට ගෞරව කරනවා මල් පූජා කිරීමෙන් සුවඳ දුම් දැල්වීමෙන් පහන් දැල්වීමෙන් සහ ඒවා පුජ කරන ගත කියමින්.
ඊට අමතරව එක් එක් ස්ථානයට වන්දනා කරන්න වෙනම ගාථාත් තියෙනවා.
අයි එහෙම කරන්නේ? බුදුන් වහන්සේ ව වන්දනා කරන්න බෞද්දයන්ට ඉතිරි වෙලා තියෙන පූජා වස්තුන් ඒවා නිසා.(සංගරත්නය,දම්මරත්නය හැරුණු කොට)
බුදුන් වහන්සේගේ දතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා චයිත්‍යහී,පන්සලේ තියෙන බෝදීන් වහන්සේ බුදුන් වහන්සේ පිටදුන් බෝදියේ(බෝ ගසෙහි) ශාකාවක් වීම,බුදුන් වහන්සේගේ ආකාරයට නෙලපු ප්‍රතිමාව සහ අනිකුත් රහතන් වහන්සේලාගේ ප්‍රතිමා.
කවුරුහරි බෝදීන් වහන්සේ කෙනෙක් ලගට ගිහිල්ල මගේ අපල දුරු කරන්න,මගේ කරදර ඉවර වෙන්න,මගේ අද්යපනේ සාර්ථක වෙන්න කියලා ඉල්ලනවානම් වෙන කිසිම තමාගේ උත්සහයක් නැතිව එකත් හරියට පල්ලියේ අල්තාරය ලග වැටිලා මගේ පවු සමා කරලා දෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලනවා වගේ වැඩක්.
ඔය දෙකේදීම වෙන්නේ මිනිසුන්ගේ හිතේ ඇතිවන විශ්වාශය නිසා ඔය දේවල් කිරීමෙන් සහනයක් ලැබෙනවා කියන එක විශ්වසහ කිරීම.
පොදුවේ ගත්තොත් දෙකෙන්ම මානසික සහනයක්,තෘප්තියක් ලැබෙනවා.විශ්වාස කරන්නාට.
බෝධි පූජා වලින් සාමාන්‍ය මානසික සහනයක් හැරුනු කොට ඊට අමතරව විශේෂ ගුණයක් අත්වෙනවද කියන්න දැන්ම කල් වැඩියි.
විද්‍යාව තව තවත් දියුණු වුනාම ඒවාට පැහැදිලි කිරීම් හොයාගන්න පුළුවන් වෙයි.





