දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    Ranilta bannama Sadun Buwa :lol::lol:

    gifs_20.gif
     
    Last edited:
    • Like
    Reactions: b.banda

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කලු පූසා;19716464 said:
    hamme mage jathakema kiyala mun rep kapanne. thawa kapapiyaw mata pan da :rofl:

    You must spread some Reputation around before giving it to කලු පූසා again.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බලපෑම් කරා කියලා උබ කොහොමද කියන්නේ?දෙරණ ආණ්ඩුවේ චැනල් එකක් නෙමෙයිනේ බලපෑම් කරන්න.අනික පහුගිය ආණ්ඩුව කාලේ මාධ්‍ය ආයතන ගිනි තිබ්බ ඒවා,මහින්දට වචනයක් කිව්වත් වෙබ් සයිට් බෑන් කරපු ඒවා අපිට නම් තාම මතකයි බයියොන්ට අමතක උනාට.:lol:

    :dull:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මාධ්‍ය විකාශන අයිතිය භාවිත කරමින්
    කිසිවකුට අපහාස කිරීමට ඉඩ දෙන්නේ නෑ

    - අගමැති විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියයි

    නමුණුකුල යූ. බී. පල්ලේගෙදර, බදුල්ල - එස්‌. රත්නායක, හාලිඇල - වීරසිංහ, බෝගොඩ රත්නායක, මඩොල්සිම - කපිල ගුණවර්ධන

    මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් බදුල්ලේදී පෙරේදා (13) පැවසීය.

    මාධ්‍යයේ විකාශන අයිතිය අයුතු අයුරින් පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    ජාතික නිදහස්‌ දින උත්සවයෙන් පසුව පැවැති සංස්‌කෘතික ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ගායිකාවගේ ගායනය බැල්ලියකගේ කෑ ගැසීමකට සමාන කරමින් කළ ප්‍රකාශයක්‌ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් විකාශය කිරීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    බදුල්ල හෙරිටේඡ් හෝටලයේදී විශේෂ ප්‍රකාශය කරමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

    ''ජාතික දින උත්සවයෙන් පසු පැවැති ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ එම ගායිකාව බැල්ලියක්‌ කෑ ගසනවා යෑයි පෞද්ගලික රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයේදී කියන ආකාරය මා දුටුවා.

    ඕනෑම ගීතයක්‌ බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්‌ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්‌ත්‍රීය විවේචනයක්‌ කළ හැකියි. හොඳ මෙන්ම විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහ`ඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක්‌ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක්‌ ගායනා කළ කාන්තාවකට බැල්ලියක්‌ යෑයි පැවසීමට රූපවාහිනි නාලිකාවකට අයිතියක්‌ තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක්‌ කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක්‌ තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලී කියා කතා කරනවා.

    රාජපක්‌ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්‌කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්‌ටැඹිරාළලා ගණනාවක්‌ තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්යුත් මාධ්‍යයේ එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම් වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක්‌ කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක්‌ යෑයි බනින කණ්‌ඩායමක්‌ අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සූදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලු වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැඳවනවා. මේ පිළිබඳව විනය පරීක්‌ෂණ කළාදැයි මම ඔවුන්ගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක්‌ ගන්නවා. රාජපක්‌ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක්‌ හැදෙන්න. වගකීමක්‌ ඇතිව වැඩ කරන්න. ජාති වාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

    http://www.divaina.com/2016/02/15/news04.html
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බලපෑම් කරා කියලා උබ කොහොමද කියන්නේ?දෙරණ ආණ්ඩුවේ චැනල් එකක් නෙමෙයිනේ බලපෑම් කරන්න.අනික පහුගිය ආණ්ඩුව කාලේ මාධ්‍ය ආයතන ගිනි තිබ්බ ඒවා,මහින්දට වචනයක් කිව්වත් වෙබ් සයිට් බෑන් කරපු ඒවා අපිට නම් තාම මතකයි බයියොන්ට අමතක උනාට.:lol:

    Well Said. බයියෝ හාන්සියි.
    ලගකදි ඉදන් දෙරණේ පංඩිතයෝ ටිකක් බෝ වෙලා. මහින්දගේ කාලේ නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන හිටපු උන් පීදෙන්න පටන් අරන්. දැන් මුට ගෙදරට වෙලා බැලලියෝ කෑගහන ඒව හොදට අහ අහ ඉන්න පුලුවන්. තකතීරුවෝ ගෙනැල්ලා මාධ්‍යවේදීන් කොලාම ඔහොම තමයි වෙන්නේ. ඕක තම කියන්නෙ රස්සාවයි දේශපාලනයයි පටලවා ගන්න එපා කියලා. අනික මධයවේදියෙක් කියන්නේ ආචාර ධර්ම එක්ක වැඩ කළයුතු උගත්, දැනුවත්, කුසලතා හා හර පද්ධතියක් තියන මිනිහෙක්. එක එක දේශපලුවන්ට කඩේ යන අය නොවේයි. මේක කාට වුනත් හොද පාඩමක්. හැබැයි මු තව මාස 2-3 ආයිත් වැඩට ගනියි. කොහොම වුනත් .

    ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

    ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.

    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    Bump..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔකෙ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ මනස නොතේරෙන එකනේ, ජාතික උස්සවේක උඩ බුරන්ඩ ගියාම ඔහොම තමා.උබ කොච්චර ආවැඩුවත් රටේ අතිශය බහුතරයක් ඔක පිලි ගන්නෙ නැ. බුදු ගුන ගීතයක් ඔපෙරා කිසිම කිසිම ලෙසකින් පිලි ගන්නෙ නෑ, අනික මහ රැජිනට unp ගොට්ටොයි සිරිසේනගෙ උන්දයි දෙකට නැමිල නිවට කම පෙන්නුවට රටේ අනිත් මිනිස්සු බල්ලට ගනන් ගන්නෙ නැ,මහ සුද්දි ඉස්සරහ ඔකි ඔපෙරා කියන්ඩ අති මුලින්ම සුද්දි ඉස්සරහ හතරට නැමිල වන්දනා කරල නිවට කම පෙන්නුවෙ හිටන්ගෙ උන්ද,:lol::lol: ඔව මතක් වෙද්දි ගඩොල් බාග කතාව හරියට හරි.මාධ්ය නිදහස කියන්නෙ පොනිලට ආවඩන එක නෙමේ,:no::no:
     
    • Like
    Reactions: lovesl

    waligamaya

    Well-known member
  • රනිල්ගේ පලිගැනීම මොනවා උනත්. මේ සිදියේදී සංකගේ කතා විලාසය නම් අන්තිමයි, හරි හමන් මහත්මයෙක්නම් අඩුගානේ මිනිහට සමව ගන්න තිබුනා. අපිට කලාව ගැන විවේචන කරන්න පුළුවන් එත් එක හන්දිවල බෝක්කු උඩ කොල්ලෝ කරන විදියට ප්ර්සිදියේ මද්යකින් කිරීම හරිම පහත පෙලේ දෙයක්
     
    waligamaya

    Well-known member
  • ඒ 2006 අගෝස්තු මස 7 වෙනිදා ය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර දැවී ගියේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් වන අතර ඉන් පසුව එළඹියේ අනුග්‍රාහකයන් සඳහා වූ කෙටි විරාමයකි. එම විරාමය අතරතුරදී තරඟයේ විස්තර විචාරකයෙකු වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ මුවින් පිටවූවේ මෙවන් වදනකි. "ත්‍රස්තවාදියා ආයෙත් කඩුල්ලක් ගත්තා" (The terrorist has got another wicket). ඔහු 'ත්‍රස්තවාදියා' ලෙස හැඳින්වූවේ ඉස්ලාම් භක්තිකයෙකු වන හෂීම් අම්ලාවය.

    විරාමයක් තුලදී කියැවුණත් ජෝන්ස්ගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් දකුණු අප්‍රිකානු තරඟ විකාශය ඔස්සේ එරට නරඹන්නන්ට අසන්නට ලැබුණි. ඉන්පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ ඩීන් ජෝන්ස්ගේ Ten Sports ආයතනය හා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසිකිරීමට එම බලධාරීන් තීරණය කළ අතර තරඟාවලිය අතරමැදදීම ජෝන්ස්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදු විය. බලධාරීන් පවසා සිටියේ ජෝන්ස් එම ප්‍රකාශය සිදු කළේ විරාමයක් අතරතුරදී වුවත් තම ආයතනය හා ගිවිසුමක් ඇති පුදගලයෙකු අතින් එවන් ජාතිවාදී වැකියක් කියැවීම තමන්ට අනුමත කළ නොහැකි බවයි.

    ඔස්ට්‍රේලියාව බලා යාමට පෙර මාධ්‍යවේදීන් හා අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් එම ප්‍රකාශය තමන් අතින් සිදුවීම පිලිබඳ ඉතාම කණගාටුවන බව පැවසුවේය. ඉස්ලාම් දහමට හෝ හෂීම් අම්ලාට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් තරඟාවලිය අවසන්වූ වහාම හෂීම් අම්ලා මුහුණට මුහුණ මුණ ගැසී ඔහුගෙන් සමාව ගැනීමට බලාපොරොත්තු වන බවත් ජෝන්ස් කියා සිටියේය.

    'පර සුද්දෙකු' වූ ඩීන් ජෝන්ස්ගේ කතාව මොහොතකට පසෙකින් තබා අපි දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.

    වැඩසටහනක් අතරතුර කිව යුත්තේ මොනවාද නොකිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ අබමල් රේණුවක තරම්වත් මොළේ කලඳක් තමන්ට නැතැයි මුළු රටටම පෙන්වූ මේ නිවේදකයාගේ නිර්ලජ්ජිත අපහාසයට එරෙහිව මේ රටේ සිටින හැට හුට හමාරක් කලා සංගම්වලින් අඩුම ගානේ මාධ්‍ය නිවේදනයක්වත් නිකුත් කෙරුණේ නැති බව කියන්නේ කණගාටුවෙනි. ගීතයක් පිලිබඳ විවේචනය කිරීම හා එයට පුද්ගලිකත්වය ඈඳා ගනිමින් අපහාස කිරීම යනු දෙකක් බව මේ මහා 'මාධ්‍යවේදීන්' දන්නේම නැත. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.

    තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.

    මේ අප රටේ බහුතරයක් 'මාධ්‍යවේදීන්ගේ' හා මාධ්‍ය ආයතනවල සැබෑ ස්වරූපයයි. ඔවුන් දන්නා දෙයක් නැත. එහෙත් කිසිවක් නොදන්නා බව ඔවුන් පවසන්නේ 'ආඩම්බරයෙනි'. අදාළ වැඩසටහනට පෙර සංඛ අමරජිත්ට කතා කිරීමට යන කාරණය පිලිබඳ අමතර තොරතුරු සොයා බැලීමටවත් වෙලාවක්තිබූ බවක් නොපෙනේ.

    ප්‍රසිද්ධ වීමට ඇත්නම් මාධ්‍යවේදියෙකු සතුවිය යුතු සදාචාරය හා සමාජ වගකීම බල්ලාට දමන මොවුන්ට ඔපෙරා ශෛලියෙන් පැරණි ගීයක් ගායනා කළ ගායිකාවකට එරෙහිව ගඩොල් බාග අමෝරා ගන්නට ඇති පදම් වෙලාව තිබුණද මේ වන විට පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් දැක්වූ දක්ෂතා අගය කිරීමට කාලයක් වෙන් කර ගත නොහැක. මොවුන්ගේම වචන වලින්ම කියනවානම් ගඩොල් බාග එල්ල විය යුත්තේ මොවුන් වැනි ඔලමොට්ටලයන්ටමය.

    මෙත්මලි දිසානායක

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    බොල නරියෝ සංඛයා බැළලි කිව්වේ, පූස් වර්ගයේ ගෑනු සතෙකුට නෙමෙයි, ලංකාවට ගෞරවයක් ගෙනාපු තරුණ ශ්‍රී ලාංකික කාන්තාවකට. මහින්දයාගේ පුත්තු පල් හොරු වෙලා හිරේ ලගිද්දී මේ කාන්තාව රටට ගෞරවයක් ගෙනාවා.

    මුලු රටේම සංස්කෘතිය කාපු බලු සිරස එෆ්.එම් එකෙන් බිහිවුනු, වැඩි පඩියට දෙරණට පැනගත් වාචාලයෙක් සංඛයා කියන්නේ. දැන් ඌව බොරුවට සම්භාවනීය මාධ්‍යකාරයෙක් කරන්න එපා. කුලියට රෙජිමෙට කැහැපු පුරුද්දට උන් හිටි තැන් අමතක වුනා...
     
    මොකක්ද මේ ගැනි ගෙනාව ගෞරවය?? මහ සුද්දි ඉස්සරහ තනියෙන් විලාප තිබ්බාම ගෞරවයක් වෙනවද ?? බුදු ගුන ගීතයක් ඔපෙරා කරාම ගෞරවයක් වෙනවද?? එහෙනම් හිටන්ගෙ උන්දත් හතරට නැමිල වන්දනා කරාම ඊටත් වඩා ගෞරවයක් වෙන්ඩ ඇතිනෙ ලොල්,:lol::lol: අනේ පලයන් ටොයියො යන්ඩ උබල වගේ පරගැති මානසිකත්වයෙන් පෙලන හීනමානකාරයො ගොඩක් අඩුයි,දැන් රෙජිම නැ තියෙන්නෙ යහපාලනේ එකෙ අගමැති ඌරා පාර්ලිමේන්තුවෙදිම මාධ්ය වේදින්ට පරිබව කරන්නෙ ඔන්න මාධ්ය නිදහස.