දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස&#3

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස&#3

    050219_twin2_hmed_8a.hmedium1.jpg


    පුංචි පුතුගේ ටිකිරි හිනා
    මගේ පැලේ ‍රැව් දෙන්නා
    අනේ පුතේ ලොව පෙන්නා
    උඹට දෙන්න මට බැරුවා

    දෙවියො දුන්න මගේ පුතා
    නෙත් සඟලම අහිමි වෙලා
    කොහේ කොතන වැ‍රැද්දිලා
    දෙවියෝ ඇයි නපුරු වෙලා

    අනේ කොහෙද මේ දෙවියා
    කිව මැන හරියට හොයලා

    මගේ හිමිගේ අංග විකල
    වාරු නොමැති අත පා යුග
    දෙවියො ඇවිත් අරන් ගිහින්
    කයේ තිබුන හයි හත්තිය

    ලේ කිරි කර පෙව් අම්මා
    මගේ තනියට හිටි අම්මා
    පිළිකාවක් උඩු දුවලා
    දෙවියො ඇවිත් ගෙනිහිල්ලා

    සරණට හිටි එකම පියා
    ඔලුව තදින් නරක් වෙලා
    පිස්ස කියල හඩු ගහලා
    දෙවියො අහක බලා ගියා

    අනේ කොහෙද මේ දෙවියා
    කිව මැන හරියට හොයලා

    නාකි වෙච්ච් මගේ දෝනි
    දීග යන්න ඕනි වෙච්චි
    දෙවියො නිදාගෙන ඉඳිද්දි
    අකුණු ගහල ගියා පිච්චි

    අනේ අපේ ලොකු එකාගෙ
    මොලේ ගෙඩිය පුපුරලානෙ
    ඌ කාගෙත් හිතවතානෙ
    දේවියට අමතක වෙලානෙ

    අනේ කොහෙද මේ දේවියා
    කිව මැන හරියට හොයලා

    දෙවියො දීපු හතරවෙනිය
    පෙකිනි වැලත් ඔතන් හිටිය
    මරුවා ගත්තා බිලිඳු කැටිය
    දෙවියො මරන් ගත්තා පලිය

    අනේ රෝස පාට මුහුණ
    නෑ මුව කිරි ඉල්ලලා හැඬුම්
    දස මස මා කුස රැක්කා
    කල වරදක් නැත දන්නා

    මට විතරද මේවා උනේ
    නැතිවද අන් අයට උනේ
    උන් හැම දෙවියෝ මවලා
    අනේ කවරු අපෙ මවලා

    අනේ කොහෙද මේ දෙවියා
    කිව මැන හරියට හොයලා

    - නයනි රණසිංහ


    ගත්තෙ සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙනි....උඹලටත් බලන්න දැම්මෙ...
     
    • Like
    Reactions: naleen rox

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අනේ කොහෙද මේ දෙවියා
    කිව මැන හරියට හොයලා:confused::confused::confused: