දේශීයව නිශ්පාදනය කල මල්ටි බැරල් අවිය
මේ වසරෙ නිදහස් දින උත්සවයෙදි ප්‍රදර්ශනය කලත් රජයේ බලපෑම මත මාධ්‍යයෙන් වසන් කරනු ලැබූ දේශීයව නිශ්පාදනය කල මල්ටි බැරල් අවිය මතකද?
සියයට සීයක්ම දේශීය විශේෂඥයන්ගෙ දායකත්වයෙන් සැලසුම්වුන මේ අවිය ආරක්ශක අමාත්‍යංශය යටතේ ඇති ආරක්ශක පර්යේශන සහ සංවර්ධන මධ්‍යස්ථානයෙ( The Centre for Research and Development (CRD) ) නිශ්පාදනයක්.
මේ ආයතනය බිහිවෙන්නෙ එවකට ආරක්ශක ලේඛම් ගෝඨාභය රාජපක්ශගෙ සංකල්පයක් අනුව.ඒ 2006 මාර්තු 29දා මීට අදාල කැබිනට් පත්‍රිකාව අනුමත වන අතර 2006 ජූලි 30 දා නිලවශයෙන් කටයුතු පනාගොඩ යුධ හමුදා පරිශ්‍රයෙදි ආරම්භ කෙරෙනව.
ආරම්භයේදි එහි මූලික කාර්යය වෙන්නෙ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ක්ලේමෝ බෝම්බ පිපිරවීමට ගන්න දුරස්ථපාලන ක්‍රමවේදයට බාධා කරන ජෑමර්(remote control jammers) නිපඳවීම.
ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්න විශේශඥ දැනුමේද උපකාරයෙන් එම ජෑමර් උපකරන නිපඳවා ත්‍රස්ත ක්ලේමෝ බෝම්බ හඳුනාගෙන පුපුරවා හැරිය හැකි තත්වයටම දියුණු කිරීමට ආයතනයට අදාල ඉන්ජිනේරුවන් සමත් වෙනව.
පසුව මෙම උපකරන ප්‍රභූ ආරක්ශක රත පෙලවල් වල අනිවාර්ය අංගයක් බවට පත්වෙනව.මීට අමතරව වැලිකඩ බන්ධනාගාරය තුල සිරකරුවන් ජංගම දුරකථන භාවිතය වැලැක්වීමට මෙම උපකරණ භාවිත කෙරෙනව.
මීට අමතරව ආරක්ශක අංශවලට අයත් සන්නිවේදන උපකරණ විශාල සංඛ්‍යාවක් මේ ආයතනය තුලදී සංකීර්ණ අලුත්වැඩියාවන් ගණනාවකට ලක් කෙරෙනව.
කෙසේ නමුත් පසුකාලීනව සුවිශේෂී නව නිපැයුම් ගණනාවක් හඳුන්වා දෙනව.
පහතින් දැක්වෙන්නෙ ඒවායෙන් කිහිපයක්.
* ආපදා අවස්ථාවලදී භාවිතයට ගත හැකි ආපදා කලමනාකරන මෙහෙයුම් පද්ධතිය.
(Global Disaster Risk Analysis, Prevention and Mitigation Application)
* දේශීයව නිපඳවූ ඩ්‍රෝන යානා අඩංගුකරමින් නිපඳවා ඇති පද්ධතිය මගින් ගුවන් ජායාරූප හා දුරස්ථ සංඥා ආශ්‍රයෙන් මුදාගැනීමේ කණ්ඩායම් අදාල ස්ථාන වෙත යොමුකල හැකී.
සාලාව පිපිරීම සිදුවූ අවස්ථාවේදී සහ අරණායක නායයාම් අවස්ථාවේදී මෙම පද්ධතිය සාර්ථකව භාවිතයට ගැනෙනව.
* මෙම ආයතනය තුලදී කෙටි කාලයක් තුල නිපඳවූ ජී පී එස් පද්ධතියක් හරහා පොදුරාජ්‍ය මණ්ඩල සමුලුවට පැමිණි නායකයන්ගේ ගමන් බිමන් නිරීක්ශණය හා සම්බන්ධීකරණය සිදු කරනු ලබනව.බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ දුම්රිය ගමන ඉන් සුවිශේෂයි.
මෙම පද්ධතිය පසුකාලීනව දුම්රිය දෙපාර්ථමේන්තුවේ ගමන් පාලනය සඳහා ලබාදුන්නත් එය භාවිතයට ගැනෙන්නෙ නෑ.
*මැතිවරණ දෙපාර්ථමේන්තුව සඳහා නිමැවූ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ශණ පද්ධතිය.
* සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා නිපඳවූ ඩෙංගු රෝග පැතිරීම කලමණාකරන පද්ධතිය.
(dengue epidemic monitoring system)
* කාලතුවක්කු වෙඩිතැබීම් පුහුණුව සඳහාවූ සිමියුලේටරය.(artillery fire training simulator).
ඉන්දියානු සිමියුලේටරයක් මිලට ගැනීම සඳහා යෙදවීමට තිබුණු ඩොලර් මිලියනයක මුදලක් මේ හරහා ඉතුරු කරදීමට හැකිවිය.
* ගුවන් නියමු පුහුණු සිමියුලේටරය
* පැරිශුට් පුහුණු සිමියුලේටරය
* කිලෝමීටර් 150ක මෙහෙයුම් පරාසයක් සහිත නියමුවන් රහිත ගුවන් යානය(UAV).
විවෘත වෙලඳපලෙහි මෙවන් යානයක වටිනාකම රුපියල් බිලියනයක් පමණ වේ.
මෙම ව්‍යාපෘතිය මොරටුව විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් සිදුකරන ලද අතර පසුකාලීනව ඊට සම්භන්ධවූ සිසුන් ආයතනයට බඳවාගෙන පාලන සංඥා ගිලිහීගිය පසු යානය නැවත පාලන මධ්‍යස්ථානයට ස්වයංක්‍රීයව පැමිනෙන ආකාරයට යානාව වැඩි දියුණු කෙරිණි.
* සන්නද්ධ රථ සිමියුලේටරය.
(Armored vehicle simulator)
* නාවුක යාත්‍රා අවි ස්ථායීකරන වේදිකාව(stabilisation platform) .
මුහුදු රැලිවලට අනිරූපව යාත්‍රාවල ඇති අවි ගැස්සීම වැලක්වීම මෙම පද්ධතියේ කාර්යයයි.
* මායිම් ගම්මාන සඳහා නිපඳවූ එලෙක්ට්‍රොනික එලාම් පද්ධතිය
* කමාන්ඩෝ සහ විශේෂ බලකා සඳහාවූ සමීප සටන් සිමියුලේටරය(CRD innovative Digital Close Quarter Combat Theatre.)
* යුධටැංකි නාශක මිසයිල් පද්ධතිය.
සතුරු යුධටැංකි සහ කුඩා නාවික යාත්‍රා සාර්ථකව ඉලක්ක කර පහර දීමට නිපඳවා තිබෙන මෙම මිසයිලය මේ වසරේ නිදහස් දිනහේදී ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට තිබුණත් එය සිදුවන්නේ නෑ.
* බැරල් 10 මල්ටිබැරල් රොකට් ලෝන්චරය සහ රොකට් වෙඩි.
ප්‍රහාරක පරාසය කිලෝමීටර් 20කි.නිශ්පාදන වියදම රුපියල් මිලියන7කි.
විවුත වෙලඳපලේ සමාන අවියක මිල ඩොලර් මිලියන 2ක් පමණ වේ.එනම් රුපියල් කෝටි 36ක් පමණ වේ.
ඉදිරියේදී බැරල් 20 සහ 40 මල්ටිබැරල් අවි දේශීයව නිපඳවීමට සැලසුම් කර තිබුණත් මුදල් අමාත්‍යංශය හරහා ලැබිය යුතු ප්‍රතිපාදන නිසි පරිදි නොලැබීම නිසා එම කරයුතු අඩාල වෙලා තියෙන බවයි ආරංචිය