නිර්වින්දන හා විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගතවීම සඳහා නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක් - සෞඛ්‍ය අමාත්‍යාංශය
එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය හිඟය දැඩිව පවතින ක්ෂේත්‍ර කිහිපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.
යම් හෙයකින් අමාත්‍යාංශයට නොදන්වා ඔවුන් විදේශගත වුවහොත් සේවයෙන් නෙරපා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඇතැම් ක්ෂේත්රවල විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි.
පසුගිය කාලයේ එවැනි වෛද්‍යවරුන් විදේශගත විම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් හට ගැණුනි.
ලේකම්වරයා ප්‍රකාශ කළේ, විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 600 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශ ගතව ඇති බවයි.
ඉන් 300 ක් පමණ මේ වසරේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.
ඔවුන් පැමිණි පසු එක් එක් ක්ෂේත්රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් තාක් දුරකට සමනය වනු ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේ, පසුගිය මැයි 31 න් අවසන් වූ වසරක කාලසීමාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි.
එම කාලසීමාව තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකු ද රටහැර ගොස් ඇති බව එම සංගමය ප්‍රකාශ කළේ ය.
------ Post added on Aug 16, 2023 at 3:32 PM

wiyadam krapu ganne 50% wage wath argena 
