ධම්මික පෙරේරා

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කවුද මේ කුරුප්පුආරච්චිගේ ‍ෙදාන් ධම්මික පෙරේරා?
    ඔහු කොහොමද ධනවතෙක් වුණේ?


    san5vhtcbkktssppnf97rtffi7_ag6k0231-copy.jpg.jpeg


    සරසවි අධ්‍යාපනය කෙනෙක්ගේ ජීවිතයේ ඉතා වැදගත් දෙයක් කියලා කවුරුත් පිළිගන්න දෙයක්. සරසවියෙන් උපාධි නොලබා අති දක්‍ෂ ව්‍යාපාරිකයන් වුණ මැලිබන් මුදලාලි, සිද්ධාලේප වෙද මහත්මයා, නවලෝක මුදලාලි වගේ ජනප්‍රිය ව්‍යාපාරික චරිත ගැන රසවත් කතා වගේම සරසවි අධ්‍යාපනය ඕනෑවටත් වඩා නිසි ලෙස සම්පූර්ණ කළ ඉන්දියාවේ රටාන් ටාටා, ඇමෙරිකාවේ වොරන් බෆට් වගේ ව්‍යාපාරිකයනුත් ඉන්නවා. මේ අතර තවත් කොටසක් සරසවියට ඇතුළත් වෙලා සරසවි අධ්‍යාපනය අතරමඟ නවත්වනවා. ධම්මික පෙරේරා අයිති වෙන්නේ අන්න ඒ රැඩිකල් කුලකයට. ලොව අංක එකේ සමාගම කියලා කවුරුත් කියන ඇපල් සමාගමේ සදාතනික ව්‍යාපාරික දාර්ශනිකයා වන ස්ටීව් ජොබ්ස්, මෘදුකාංග ලෝකයේ සුල්තාන් කියන විරුදාවලිය ලැබූ බිල් ගේට්ස් වගේම මෑත කාලීනව වඩාත් කතාබහට ලක්වුණ ෆේස් බුක් ව්‍යාපාරයේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ඇතුළත් වෙන්නෙත් ධම්මික ගේ කුලකයට තමයි. මන්දයත් ඔවුන් සියලු දෙනා සරසවියට ඇතුළත්ව කාලයක් ගියාම සරසවි අධ්‍යාපනය අතරමඟ නවත්වන්නේ ගමට ගිහින් බොක්ක රත් කරන්න නෙවෙයි. සරසවියේ එක් උපාධියක් අමතක කරන ඔවුන් තවත් දක්‍ෂ උපාධිධාරීන් දහස් ගාණකට රැකියා දෙන්න පුළුවන් දැවැන්ත ව්‍යාපාර අනාගතයේදී බිහිකරන්න තීරණය කරනවා. ධම්මික පෙරේරා ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලයක් වන මොරටුව සරසවියට ඇතුළත් වෙලා කාලයක් අධ්‍යාපනය ලැබුවත් ඔහු සරසවියට සමුදෙන්න තීරණයක් ගන්නේ වඩා හොඳ අනාගතයකට පියමනින්න අවශ්‍ය සිහිනයක් හදවතේ තිබුණ නිසා. 1987දී ඔහු සරසවියෙන් සමුගෙන තායිවානයට යන්නේ තාක්‍ෂණික පුහුණුවක් ලබාගන්න. තායිවානයේ තාක්‍ෂණික පුහුණුව ලැබූ ධම්මික තුන් මාසෙකට පස්සේ ලංකාවට එන්නේ ජැක්පොට් යන්ත්‍ර නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගන්න. එම ව්‍යාපාරය ක්‍රමයෙන් සාර්ථක වෙද්දී එනම් 1991 පමණ කාලයේදී රජය විසින් ජැක්පොට් අලෙවිය තහනම් කරනවා. ඒ අනුව උපක්‍රමශීලීව පසු බහින්නේ නැතිව උපක්‍රමශීලීව වෙනස් වෙන ධම්මික වාහන වෙළෙ¼දාමටත්, සූදු ව්‍යාපාරයටත් සම්බන්ධ වෙනවා. ඒ අනුව 1993දී ඔහු ඔහුගේ ප්‍රථම කැසිනෝ ව්‍යාපාරය පටන් ගන්නවා. මේ වන විට නම් ඔහු ජැක්පොට් යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපාරය නොකරන අතර කැසිනෝ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඔහුගේ සමස්ත ව්‍යාපාරවලින් ලැබෙන ලාභයෙන් 3%ත් 4%ත් ප්‍රමාණයක් බව ඔහු පවසනවා.

    ධම්මික පෙරේරා මහතා උපතින් දුප්පතෙක් නොවෙනවා මෙන්ම රටේ සුප්‍රසිද්ධම මහා ධනවතෙක්ගේ දරුවෙක්ද නොවෙයි. නමුත් ධම්මිකගේ මුත්තා පයාගල ප්‍රදේශයේ යමක් කමක් තිබුණ ඉඩම් හිමි ප්‍රාදේශීය ධනවතෙක් වුණා. ධම්මිකගේ පියා සිල්ලර වෙළෙන්දෙක් වන අතර ඔහුගෙ මව ගුරුවරියක්. ඒ වගේම ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් ඉන්නවා. ධම්මික පසු කාලයකදී මතක් කරන විදියට ඔහුගේ අම්මා ඔහුට මූල්‍ය කළමනාකරණය ගැන පාඩම් කියලා දුන්න ප්‍රථම තැනැත්තිය වෙනවා. අම්මා විය හියදම් කරන්න පුංචි කාලෙදී ධම්මිකට දුන්න රුපියල් 300 හරි විදියට ආයෝජනය කිරීමෙන් ව්‍යාපාර ක්‍ෂේත්‍රයට අවිඥානිකව අත්පොත් තැබූ ධම්මික මේ වන විට ව්‍යාපාර ලෝකය නම් තරගකාරී සමනලයාගේ තටු සැලීම පිළිබඳ සවිඥානක සිටින බව ඔහු ගන්න දිගුකාලීන ලාභදායී තීරණ දිහා බැලුවාම හිතෙනවා. එම නිසාම ඔහු මේ වන විට ශ්‍රී ලංකාව කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම් 23ක හිමිකාරිත්වය දරනවා. එසේම ඔහු තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, එංගලන්තය වැනි විදේශ රටවලද ආයෝජන රැසක් කරලා තියෙනවා. ෆොර්චූන් 500 ලැයිස්තුවේ අංක එකටම ඉන්න වෝල්මාර්ට් සමාගමේ කැනඩා ශාඛාවට භාණ්ඩ සපයන ඔහු ලිවයිස් සමාගම වෙනුවෙන් ලිවයිස් ඩෙනිම් ඇඳුම් ද නිෂ්පාදනය කරනවා. ඔහුගේ රෝයල් සෙරමික් සමාගම 2010 වසරේ දී ෆෝර්බ්ස් ඒෂියා සඟරාව ලැයිස්තු ගත කළ ආසියා ශාන්තකර කලාපයේ බිලියන 1ක වාර්ෂික ආදායමක් උපයන හොඳම සමාගම් 200 අතරට ඇතුළත් වුණා.

    san5vhtcbkktssppnf97rtffi7_loyalty_rocell.jpg


    ධම්මිකගේ ව්‍යාපාර සාර්ථකත්වය කෙටි කාලීන සැලසුමක වාසනාවන්ත ජයග්‍රහණයක් නෙවෙයි.:no: ඇත්තෙන්ම එය දිගු කාලීන කැපවීමක සහ ඉවසීමක සාර්ථක සන්ධිස්ථානයක් කිව්වොත් වැරැදි නැහැ.:yes: 1999 වසරේදී ධම්මික පෙරේරා ඔහුගේ 32 වැනි විය සම්පූර්ණ කිරීමෙන් පමණක් නොනැවතී විසි වසරක දැවැන්ත ව්‍යාපාර සැලැස්මක් සකසනවා.:yes: එනම් 2019 වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර අංශ 12ක ප්‍රමුඛයා වීම තමයි එම දිගුකාලීන සැලැස්මේ අවසාන ඉලක්කය. එම සැලැස්ම සම්පූර්ණ වීමට තවත් වසර හයක කාලයක් ඉතිරිවෙලා තිබෙනවා. මේ මොහොත වන විට ඔහු ඉලක්ක කළ ව්‍යාපාර අංශ 12න් 9 කම සිය අණසක පතුරා අවසානයි. තව ඉතිරිව ඇත්තේ රක්‍ෂණය, සෞඛ්‍ය අංශය සහ දුරකතන සන්නිවේදන වෙළෙඳපොළ පමණයි. මෙම විසි වසරක ව්‍යාපාර සැලැස්ම සැකැසීමට ඔහුට උපකාර වෙන්නේ ඒ දවස්වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත නදීම් උල් හක් මහතා.
    san5vhtcbkktssppnf97rtffi7_dr-nadeem-ul-haque.jpg

    ව්‍යාපාර ලෝකය තුළ සවිඥානිකව සහ අවශ්‍ය අවස්ථාවන්හි අවේගශීලීව හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් ලබාදෙන නදීම් උල් හක් ඔහුගේ විසි වසරක ව්‍යාපාර සිහිනය සකස් කරන්න අවශ්‍ය මූලික අඩිතාලම දාන්න විශාල සහයෝගයක් දෙනවා. නදීම් උල් හක්ගේ සහයෝගයෙන් ජර්මනියේ පැවැති සුවිශේෂී පුහුණු වැඩසටහනකට යන්න අවස්ථාව ධම්මිකට උදාවෙනවා. එම පුහුණුවෙන් පසුව ධම්මික ලංකාවට එන්නේ අවදානම් කළමනාකරණය සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය ගැන නව්‍ය දැක්මක් ජීවිතයට එකතු කරගෙන.
    san5vhtcbkktssppnf97rtffi7_pan_asia_bank_logo.png

    ඔහුගේ ප්‍රථම සමාගම් අත්පත් කරගැනීම කියලා හඳුන්වන පෑන් ඒෂියා බැංකුව 2000 වසරේදී අත්පත්කර ගැනීමේදී පෑන් ඒෂියා බැංකුව සමඟ තවත් වටිනා චරිතයක් ධම්මිකට හමුවෙනවා. ඒ නිමල් පෙරේරා මහත්මයා.
    san5vhtcbkktssppnf97rtffi7_perera.jpg

    නිමල් පෙරේරා ධම්මික පෙරේරා යන නම් එකට කියවෙන ආකාරයටම ඔවුන් සමීපයි. අද වන විට ධම්මිකගේ දකුණු අත වගේ වැඩකරන්නේ නිමල් පෙරේරා. ව්‍යාපාර ලෝකය තුළ වාසනාව දැඩිව විශ්වාස කරන නිමල්, ඔහුගේ ප්‍රධානියා වන ධම්මික සමඟ එකතු වෙලා වඩා ලාභදායී සමාගම් අත්පත් ගැනීම් රැසක් කළා.
    san5vhtcbkktssppnf97rtffi7_main-pic24.jpg


    ඩෙල්මේජ්, සම්පත් බැංකුව, හේලීස් සහ ලංකා ටයිල් වැනි සමාගම් අත්පත් කර ගැනීම් ඒ අතර විශේෂයි. බොහෝ අවස්ථාවල අවදානම මුසු වුණ ඍජු තීරණ තුළින් සාර්ථකත්වය ස්පර්ශ කිරීම ධම්මිකගේ සාර්ථකත්වයේ රහස කියලා හඳුන්වන්න පුළුවන්. ධම්මික පෙරේරා ඔහුගේ ප්‍රථම හෝල්ඩින් සමාගම වන වැලිබල් සමාගම වැලිබල් 2, වැලිබල් 3, වැලිබල් 4 සහ වැලිබල් 5 ලෙස ව්‍යාප්ත කිරීමට සූදානම්. මෙයින් තුනක් ඔහුගේ දියණියන් තිදෙනා වෙනුවෙන්ද අනෙක් සමාගම් 2 සමාජ සත්කාරක සේවා වෙනුවෙන්ද වෙන් කිරීම ඔහුගේ සැලැසුමයි.
    san5vhtcbkktssppnf97rtffi7_vallibel.jpg


    බෞද්ධයෙක් වන ධම්මික පෙරේරා මහතා 1999 සිට භාවනා කරනවා. ඔහු මත්පැන් පානය කිරීමට සහ සිනමාපට නැරඹීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහු මෝටර් රථ සඳහා ප්‍රිය කරන අතර ඒ සියල්ලම මර්සිඩීස් බෙන්ස් වීමත් විශේෂත්වයක්. ඔහු සතුව බෙන්ස් රථ හයක් තියෙනවා. ජීවිත කාලය පුරාම රොලෙක්ෂ් ඔරලෝසු පමණක් පලඳින මෙම ධනවතාගේ අපූරු විනෝදාංශය වෙන්නෙත් ලොව පුරා විසිරී පවතින දැවැන්ත සමාගම් පිළිබඳ අධ්‍යයනය කිරීම. 'සතුටු වෙන්න නම් පුංචි ආතතියක් තියෙන්න ඕනි. එහෙම වුණාම මම ආවේගශීලී වෙනවා. එතකොට මට වැඩ කරමින් ආතතිය විඳින්න පුළුවන්. ඔහුගේ ජීවන රටාව ගැන එහෙම කියනවා.
    san5vhtcbkktssppnf97rtffi7_0613.jpg


    ෆෝර්බ්ස් වාර්තාවට අනුව ධම්මිකගේ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 550ක් වෙනවා. :shocked: නමුත් එම ප්‍රමාණයට වඩා වැඩි ධනයක් ඔහුට තියෙනවා කියලා ඔවුන් තවදුරටත් කියනවා. :shocked::shocked::shocked:විසි වසරක ව්‍යාපාර සිහිනයක් හඹා යන ධම්මිකගේ ඊළඟ උපක්‍රමශීලී ව්‍යාපාර තීරණය කුමක් විය හැකිද කියන කාරණයත් අපි නොදන්නවා වුණාට ඔහුගේ එම දිගුකාලීන දැක්ම තුළ අනිවාර්යයෙන්ම ඇති. එය කුමක්ද කියලා ළ¼ගදීම දැනගන්න ලැබෙයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවමත් හිඟ දක්‍ෂ ව්‍යවසායකයන්ගේ අඩුව පිරවීමට ධම්මික පෙරේරා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. :yes:තවත් ධනවත් ව්‍යවසායකයන් රැසක් බිහිවිය යුතුයි. එවිට රට තවත් වේගවත්ව ඉදිරියට යනු ඇත.:yes:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ වගේ කැසිනෝ කාරයො ප්‍රොමෝට් කරන්න එපා.සක්විති රණසිංහලාගේ කෝටි ගනන් සල්ලි කෑවේ මුන්ගේ කැසිනො.ඒ මිනිස්සු විඳින දුක බලපියව්.ඒවගේම කැසිනෝ නිසා විනාස වුන පවුල් ලක්ෂ ගානක් තියෙනවා.මේවා බුදුන් වහන්සේ මිනිස්සු නොකල යුතු බිස්නස් විදිහට හඳුන්වපු ඒවා.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔහු මත්පැන් පානය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ

    අනිත් එවනම් දන්නෙ නැ මෙකනම් ටොම් පචයක් , මෙ මනුස්සයට ඉස්සරම තිබුන නුවර එලියෙ සන්හිල් කියල හොටලයක් එහෙම දියුනු වෙලා මිනිහ කැශිනො / කැරොකෙ ක්ලබ් බිස්නස් එකට අතගැහුව ,ඔවගෙ වැඩ කරන උන්නම් දන්නවා මිනිහ සැදැහවත් බෞද්ධය තමයි කියල :D:D , ඔය ක්ලබ් එකක මැනෙජරයෙක් මගෙ යාලුවෙක් :yes:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Paka thamai muu bonna kiyanne. may wesawa thamai lankawe amathanama casino arinna permit illanne. muta thamai lankawe wadipurama casino thiyenneth. muu komada banzz sadawantha bauddayek wenne??? mu hambukarala thiyenne sudu kelala.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවමත් හිඟ දක්‍ෂ ව්‍යවසායකයන්ගේ අඩුව පිරවීමට ධම්මික පෙරේරා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

    ධනවත් ව්‍යවසායකයන් රැසක් බිහිවිය යුතුයි. එවිට රට තවත් වේගවත්ව ඉදිරියට යනු ඇත.

    Machan mama ahala thiyena vidihata mu salli podi gahanava misak ratata vath eke minussuta vath karapu deyak naa :no:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Machan mama ahala thiyena vidihata mu salli podi gahanava misak ratata vath eke minussuta vath karapu deyak naa :no:

    සංස්කෘත ශ්ලෝක වල තියෙනවා ගුප්ත ධනය කියලා දෙයක් ,පොදි ගැහිම විතරයි. බෙහෙතකටවත් වියදම් කරන්නේ නෑ. මෙයාගෙ ධනයත් ඒ වගේ.
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    man kamathima porak ela post eka machan

    Casino ගහන බහුතරයත් අමාරුවෙන් දුක් විදල හම්බ කරන අය නෙවේ මචන්.. ධම්මික අල්ලපු එක Market ඒගොල්ලෝ වෙන්න පුලුවන්.. අපි බලන්න ඕනා ලාoකිකයයෙක් විදියට වර්තමනයේ මේ මිනිහා ලෝකේ ඉස්සරහ ඉන්න තැන විතරයි ඉතින්... මීටරෙන් ගේමක් ගහන එකෙක්ට මේ වගේ වේන්න බැරි නෑ මචන්.. ඒකයි මේ කතාව දැම්මෙත්
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මුත් සිරාවටම ගගෙන් එගොඩ එකෙක් sure එකට......
    මට තියන ප්‍රශ්නෙ මූ casino කරලා හරි හම්බ කරල 1 උණා...ඒත් කොහෙමද අපේ මූදල් ඇමති 2 උණේ......:oo::oo::oo: