https://www.youtube.com/playlist?list=PLabNmtMuBa0CEk34-ZgeKu3aVaZIa67zBමචන් පන්සිල් මලුවේ බණ සෙට් එකත් තියෙනවද?
හිතවත් බෞද්ධ මිතුරු මිතුරියනි,
අලුත් වැඩක් පටන් ගත්තා..ඒ කියන්නේ දැනෙන වැඩක්..
නෙට් එකේ කොච්චර ධර්ම දේශනා තිබ්බත් ඒවා සාමාන්‍ය ජනතාව අතරට යනවා මදි..
අද කාලෙ බණ දහමත් මොඩ් වෙලා,විකෘති කරලා, හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා අඳුර ගන්න අමාරුයි..
ඉතින් මේ අබුද්දස්ස කාලේ ...අපි තීරණය කළා පිරිසිදු බුදු බණ අකුරක් අඩු නොකොට මධුරස්වරයෙන් දේශනා කරණ
ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක,
සාසන ධජ,මහා කම්මට්ඨානාචාර්ය,
අති පූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමියන්ගේ
![]()
බණ දේශනා,භාවනා,ධර්ම සාකච්ඡා ඇතුලත් CD එකක් නොමිලේ බෙදා දෙන්න.
ඇසිය යුතුම දහම් කරුණු අඩංගු මෙම තැටිය ඔබටත් ලබා ගන්න පුලුවන්.හැබැයි එක පොරොන්දුවක් පිට.
------------------------------
අපි යාලුවො 4 දෙනෙක් එකතු වෙලා තමයි මේක කළේ..CD හිතවතුන් අතරේ බෙදා දුන්නා.තව ස්වල්ප ප්‍රමාණයයි ඉතුරු...
ඔයාලත් දෙතුන් දෙනෙක් හරි එකතු වෙලා කොපි 100ක් වත් නොමිලේ බෙදා දෙන්න පුලුවන් අය ඉන්නවා නම් ගෙදර ලිපිනය මට PM කරන්න.
නැත්නම් [email protected] ට කරන්න.
------------------------------
එකකට වියදම රුපියල් 30ක් වගේ යන්නේ...හැබැයි මේක බිස්නස් එකක් නම් කරගන්න එපා.බුදු දහමේ උන්නතිය වෙනුවෙන් අවංකව කරන උතුම් පින්කමක් මේක.
------------------------------
කැමති අය බණ ඩවුන්ලෝඩ් කරන්න මෙතනින්.
http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/
මෙතන තියෙන බණ වලින් දැන ගත යුතුම දහම් කාරණා අඩංගු බණ තමා CD එකට දැම්මේ.
------------------------------
![]()
Print කරන්න CD Cover එක ඕනෙ නම් මෙතනින් Download කරගන්න.
http://www.mediafire.com/?7na02544i9s8pc2
කවරේ නැතත් කමක් නෑ බණ CD එක බෙදන්නයි ඕනෙ.
------------------------------
පාසැල්,සරසවි බෞද්ධ සංගම්, බෞද්ධ සමිති,වල සාමාජිකයො ඉන්නව නම් එකතු වෙලා මේක කරන්නත් පුලුවන්..
ධර්ම දානය කියන්නේ කරන්න පුලුවන් ලොකුම පිනක්...
එක බණක් හරියට සිහියෙන් ඇහුවත් සංසාරෙ කල්ප කෝටි ගණනක් කෙටි වෙනවා.
එක් කෙනෙක් CD 100 ගානේ 100 දෙනෙක් CD copy කරලා බෙදුවොත් 10000ක් නිකන්ම ලංකාවේ බෞද්ධයො අතරේ බෙදෙනවා..
------------------------------
හිතුවට වඩා ගොඩක් අය වැඩේට එකතු වෙලා තියෙනවා.ඇත්තටම සතුටුයි.
හැකි ඉක්මනින් තැපැල් කරන්නම්...
CD එකට අමතරව තවත් ගොඩක් ධර්ම දේශනා,අභිධර්ම පාඩම්,දහම් පත්‍රිකා,භාවනා පොත් අඩංගු DVD එකකුත් එවන්නම්...ඔය ගොල්ලන්ට ධර්මය ඉගෙන ගන්න උනන්දුව තියෙන නිසා...දහම් පඬුරක් විදියට
------------------------------
ඔබ සැමට තෙරුවන් සරණයි!
Gstar ගේ තවත් ධර්ම දානයක්...
machan puluwannam dharmayai obai cd tikakuth gennagena bedapan loku deyak