ධර්ම_ගැටළුවක්

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එතකොට නිවන කියන්නෙ මොකක්ද බන් ආය ඉපදෙන්නෙ නැති එක හැර :oo:

    ආය ඇහැරෙන්නෙ නැතිවෙන්න නින්ද ගියා වගේ එකක්(හීන මොනවත් නැති) කිව්වම මචන් එතන තියෙන්නේ වෙනම දෙයක් .! එකයි මම ඒ වගේ උත්තරක් දුන්නේ :yes:
    නැවත ඉපදීම නැති එක ඇරෙඅන්න නිවනේ වෙන දෙයක් නෑ තමයි :yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    මේක තමයි උත්තරේ .! තෙරුවන්සරණයි මචන්
    :yes::yes::yes:

    මෙ පොත කියවල බලන්න. ඔය ගැන තව ගොඩක් විස්තර තියෙනවා.

    http://www.seeingthroughthenet.net/files/sin/books/other/manase_mayawa.pdf

    තව ගොඩක් හොඳ පොත් සහ බණ මෙ සයිට් එකෙන් ගන්න පුළුවන්.
    http://www.seeingthroughthenet.net/
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ශුන්‍යතාවෙදි ඉන්ද්‍රීයන්ගෙන් කිසිම අරමුනක් හටගන්නේ නැහැ. මනස මනසම අරමුනු කරගෙන ඔහේ තියෙන තත්වයක්. ශුන්‍යතාවයක් ඇතිකරගන පුළුවන්නම් ඉස්සරහට යන්න ලේසියි.

    නිවන ශුන්‍යතාවයට වඩාගොඩක් ගැබුරු දෙයක්.
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආය ඇහැරෙන්නෙ නැතිවෙන්න නින්ද ගියා වගේ එකක්(හීන මොනවත් නැති) කිව්වම මචන් එතන තියෙන්නේ වෙනම දෙයක් .! එකයි මම ඒ වගේ උත්තරක් දුන්නේ :yes:
    නැවත ඉපදීම නැති එක ඇරෙඅන්න නිවනේ වෙන දෙයක් නෑ තමයි :yes::yes:
    අර මේසන් බාස් කිව්වෙ මේ ලෝකෙ සියල්ල අනිත්‍යයි වෙනස් වල සුලුයි ඒ බව අවබෝධකරගත්තොත් ලැබෙන නිවන නිත්‍යයි වගේ එකක්ද :rolleyes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අන්න එතන තමයි මචන් මගේ ගැටලුව ..එහෙම conditions නැති වෙනවනම් එතන හිස් දෙයක්
    එහෙම උනාම ශුන්‍යයි ..!
    ශුන්‍යතාවය කියන්නේ ඒ හිස් දේට

    man ubata answer eka dennan but buddhagamen newe mchn mokada mata kattiya baninawa buddagame sutra wala nethi ewa kiyawanawa kiyala.man mae sadguru gen igena gatta ewa kiyanne.yogic side eken.mata terena widiyata budhuhamduruwoth kivve ekama tama.

    api shunyathawa kiyana word ekata enne mchn physical laws padanam karagena.but meka physical law walin eha giya deyak.eka oluwata terum ganna amarui.meka tama expand wena universe ekak.e kiyanne kisima law ekakta ahuwenne nethi intelligence ekak tiyenawa.onna othanin hemadema create wenawa.meka apita logically hitanna be.

    mae univerese ekama emptiness ekak.e kiyanne hemadema effect ekak witarai penne cause ekak hoyanna be.mae mulu lokema apita experience wenne ape aga athulen,ape senses walin.picture ekak mawenne brain eka athule.taste eka danne diwen.wena sathekta wena widiyakata.eka etakota reality eka newe.

    reality eka pure emptiness ekak godak amarui oluwata ganna.pure emptiness eken shunyathawayak adahas wenne ne.intelligence ekak tiyenawa onna oya intelligence ekama wenawa kiyana eka tamai nirvanayen adahsas wenne.

    meka ahanna ubata sahenna igena ganna puluwan

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පහනක් නිවුනම පහන් දැල්ලට මොකද වෙන්නේ?

    pahan della mchn ekko air wenawa,nattan heat,water widiyata convert wenawa.mata uba mean karapu eka hariyata tereune ne.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අර මේසන් බාස් කිව්වෙ මේ ලෝකෙ සියල්ල අනිත්‍යයි වෙනස් වල සුලුයි ඒ බව අවබෝධකරගත්තොත් ලැබෙන නිවන නිත්‍යයි වගේ එකක්ද :rolleyes:

    ම්ම්..මෙහෙමයි මචන් ..මම ඇහුවේ නිවන තුල සැපත් නැත්නම් දුකත් නැත්නම් එතන හිස් දෙයක් නේ තියෙන්න ඕනේ ,,එහෙම උනොත් නිවන කියන්නේ හිස් දෙයක් .ඒක තුල කිසි සෙයක් තියෙන්න බෑ
    නමුත් එහෙම ශුන්යවෙනවානම් වෙනවනම් රහතන්වහන්සේ කෙනෙක්ට අඩුමතරමේ බඩගින්නවත් දැනෙන්න විදිහක් නෑ නේ ..! ඒ හින්දා තර්කයක් එනවා නිවන ශුන්‍ය නෑ කියල .ඔන්න ඔය කාරණා දෙක අතර දෝලනයක් තියනව .අද ඊයේ ඉදල නෙමෙයි ඈත අතීතේ ඉදල මේ ගැටලුව ගොඩක් යට තිබ්බා ඒ වගේම පොත් ,මතවාද පවා ඇතැම් ස්වාමීන්වහන්සේලා ඉදිරිපත් කරලා තියනවා නිවන ශුන්‍යයි කියල
    නමුත් මේසන් බාස් කිව්වේ මේකයි ..!

    නිවන ශුන්‍ය වෙන්නේ නැත්තේ සංස්කාර අනිත්‍යයි කියල 100% අවභොඩ කරගත්තොත් කියල ..එක හරි ..එහෙම උනාම එතන තියෙන්නේ අවබෝදයක්
    ඒ නිසා ලැබෙන නිවන නිත්‍යයි :yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අර මේසන් බාස් කිව්වෙ මේ ලෝකෙ සියල්ල අනිත්‍යයි වෙනස් වල සුලුයි ඒ බව අවබෝධකරගත්තොත් ලැබෙන නිවන නිත්‍යයි වගේ එකක්ද :rolleyes:

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්නේ සංකල්පීය ලෝකයෙ තියෙන දේවල් (හෙවත් සංස්කාර ). සංකල්පීය ලෝකය කියන්නේ අපි හිතින් හදාගන්න, මම කියන සංකල්පය ඇතුළු සියළු දේවල්. උදාහරණයක් විදියට අපේ ඉන්ද්‍රිය පහෙන් එකකටවත් පුටුවක් ගෝචර වෙන්නෙ නෑ. ඇහැට පේන පාට, ඇඟට දැනෙන තද බව ආදී දේවල් ආශ්‍රයෙන් අපි පුටුවක් හිතේ මවාගන්නවා. එතකොට පුටුව කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. අපේ හිතේ අති වෙච්ච බොරු සංකල්පයක් විතරයි. පුටුවේ ඉඳල, "මම" කියන එක දක්වාම තියෙන ලොකු කුඩා හැම "දෙයක්"ම මේ වගෙ නිකම්ම නිකම් හිස් සංකල්ප ටිකක් විතරයි. මේ හිස් බව තමයි ශුන්‍යතාව කියන්නේ.

    එතකොට ඔය සංකල්ප ඔය විදියට ශුන්‍ය සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අවබෝධ කරගැනීම තමයි නිවන. ඒක සියළු සංකල්ප වලින් නිදහස් වීමක්. එතන තියෙන්නේ සියළු සංකල්ප වල හිස් බව සහ අනිත්‍ය බව අවබෝධ කරගැනීම. එතකොට නිවන කියන්නේ සංකල්පයක් නෙවෙයි. ඒ නිසා තමයි නිවන අනිත්‍ය හෝ ශුන්‍ය දෙයක් කියල කියන්නෙ නැත්තේ. ඒත් ඒකෙන් කියන්නේ නෑ නිවන කියන්නේ නිත්‍ය දෙයක් කියල. මොකද "දෙයක්" කියල කියන්නේ සංකල්පයකට පමණක් නිසා.
     
    • Like
    Reactions: kinkon

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    නිවන කියන්නේ නිවීම. අපි සාමාන්‍යයෙන් නිවන්නේ දැවෙන ගිනිගන්න දෙයක්නේ. එහෙනම් මොනවද මේ නිවනෙන් නිවන්න යන ගින්දර. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සත්වයා එකොලොස් අකාර ගින්නකින් දැවෙනවා. රාග, ද්වේශ, මෝහ කියන ප්‍රධාන ගිනි තුනයි, ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන අනෙක් අටයි. ඔය එකොලොස් ගින්න නිවීමට තමා නිවන කියල දේශනා කරේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හරියටම හරි මචං. පහන් දැල්ලෙ ආලෝකයට මොකද වෙන්නෙ?

    alokyaa kiyanne mchn air/heat ingredients wala ekathuwak hinda pena deyak.alokaya kiyala unique deyak ethana nehe.so alokaya nethi wenawa kiyanne aye ara ingreients wlatama convert wenawa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ම්ම්..මෙහෙමයි මචන් ..මම ඇහුවේ නිවන තුල සැපත් නැත්නම් දුකත් නැත්නම් එතන හිස් දෙයක් නේ තියෙන්න ඕනේ ,,එහෙම උනොත් නිවන කියන්නේ හිස් දෙයක් .ඒක තුල කිසි සෙයක් තියෙන්න බෑ
    නමුත් එහෙම ශුන්යවෙනවානම් වෙනවනම් රහතන්වහන්සේ කෙනෙක්ට අඩුමතරමේ බඩගින්නවත් දැනෙන්න විදිහක් නෑ නේ ..! ඒ හින්දා තර්කයක් එනවා නිවන ශුන්‍ය නෑ කියල .ඔන්න ඔය කාරණා දෙක අතර දෝලනයක් තියනව .අද ඊයේ ඉදල නෙමෙයි ඈත අතීතේ ඉදල මේ ගැටලුව ගොඩක් යට තිබ්බා ඒ වගේම පොත් ,මතවාද පවා ඇතැම් ස්වාමීන්වහන්සේලා ඉදිරිපත් කරලා තියනවා නිවන ශුන්‍යයි කියල
    නමුත් මේසන් බාස් කිව්වේ මේකයි ..!

    නිවන ශුන්‍ය වෙන්නේ නැත්තේ සංස්කාර අනිත්‍යයි කියල 100% අවභොඩ කරගත්තොත් කියල ..එක හරි ..එහෙම උනාම එතන තියෙන්නේ අවබෝදයක්
    ඒ නිසා ලැබෙන නිවන නිත්‍යයි :yes:
    කිව්ව දේ පැහැදිලියි ;)
     
    methana mchn uba poddak weradiyata terum aran wage.nirvana kiyanne mae physical body ekath nethi wunata passe wena deyak.jivath wa innakan nivan awabodyak pamanai sidda wenne.e kiyanne intellectually realize karaganimak.jivathwa innakan nirvanayata enter wenna be.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්නේ සංකල්පීය ලෝකයෙ තියෙන දේවල් (හෙවත් සංස්කාර ). සංකල්පීය ලෝකය කියන්නේ අපි හිතින් හදාගන්න, මම කියන සංකල්පය ඇතුළු සියළු දේවල්. උදාහරණයක් විදියට අපේ ඉන්ද්‍රිය පහෙන් එකකටවත් පුටුවක් ගෝචර වෙන්නෙ නෑ. ඇහැට පේන පාට, ඇඟට දැනෙන තද බව ආදී දේවල් ආශ්‍රයෙන් අපි පුටුවක් හිතේ මවාගන්නවා. එතකොට පුටුව කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. අපේ හිතේ අති වෙච්ච බොරු සංකල්පයක් විතරයි. පුටුවේ ඉඳල, "මම" කියන එක දක්වාම තියෙන ලොකු කුඩා හැම "දෙයක්"ම මේ වගෙ නිකම්ම නිකම් හිස් සංකල්ප ටිකක් විතරයි. මේ හිස් බව තමයි ශුන්‍යතාව කියන්නේ.

    එතකොට ඔය සංකල්ප ඔය විදියට ශුන්‍ය සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අවබෝධ කරගැනීම තමයි නිවන. ඒක සියළු සංකල්ප වලින් නිදහස් වීමක්. එතන තියෙන්නේ සියළු සංකල්ප වල හිස් බව සහ අනිත්‍ය බව අවබෝධ කරගැනීම. එතකොට නිවන කියන්නේ සංකල්පයක් නෙවෙයි. ඒ නිසා තමයි නිවන අනිත්‍ය හෝ ශුන්‍ය දෙයක් කියල කියන්නෙ නැත්තේ. ඒත් ඒකෙන් කියන්නේ නෑ නිවන කියන්නේ නිත්‍ය දෙයක් කියල. මොකද "දෙයක්" කියල කියන්නේ සංකල්පයකට පමණක් නිසා.
    පැහැදිලි කරාට ස්තූතියි+ :D
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    bana geyakadi kiwwe mchn
    hariyata pahan dalla niwuna wage kiyala

    :yes::yes:
    නිවන කියන්නේ අවබෝධයක්‌ මිසක්‌ ස්‌ථානයකට යැමක්‌ නොවෙයි. නිවන සාක්‍ෂාත් කළ ආර්ය ශ්‍රාවකයා පහන් දැල්ල නිවී යන්නේ යම්සේද ඒ අයුරින් නිවී යනවා. කාම ලෝකයක රූප ලෝකයක, අරූප ලෝකයක උප්පත්තියක්‌ කරා යන්නේ නෑ. (තිබ්බන්ති ධීරා යථායං පදීපො)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    methana mchn uba poddak weradiyata terum aran wage.nirvana kiyanne mae physical body ekath nethi wunata passe wena deyak.jivath wa innakan nivan awabodyak pamanai sidda wenne.e kiyanne intellectually realize karaganimak.jivathwa innakan nirvanayata enter wenna be.

    මම මචන් ඔතන අදහස් කලේ අවභෝදය ගැන තමයි :yes:
    මොකද නිවනෙන් පස්සේ මොකක් වෙනවද කියල අපිට කියන්න බෑ නේ :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්නේ සංකල්පීය ලෝකයෙ තියෙන දේවල් (හෙවත් සංස්කාර ). සංකල්පීය ලෝකය කියන්නේ අපි හිතින් හදාගන්න, මම කියන සංකල්පය ඇතුළු සියළු දේවල්. උදාහරණයක් විදියට අපේ ඉන්ද්‍රිය පහෙන් එකකටවත් පුටුවක් ගෝචර වෙන්නෙ නෑ. ඇහැට පේන පාට, ඇඟට දැනෙන තද බව ආදී දේවල් ආශ්‍රයෙන් අපි පුටුවක් හිතේ මවාගන්නවා. එතකොට පුටුව කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. අපේ හිතේ අති වෙච්ච බොරු සංකල්පයක් විතරයි. පුටුවේ ඉඳල, "මම" කියන එක දක්වාම තියෙන ලොකු කුඩා හැම "දෙයක්"ම මේ වගෙ නිකම්ම නිකම් හිස් සංකල්ප ටිකක් විතරයි. මේ හිස් බව තමයි ශුන්‍යතාව කියන්නේ.

    එතකොට ඔය සංකල්ප ඔය විදියට ශුන්‍ය සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අවබෝධ කරගැනීම තමයි නිවන. ඒක සියළු සංකල්ප වලින් නිදහස් වීමක්. එතන තියෙන්නේ සියළු සංකල්ප වල හිස් බව සහ අනිත්‍ය බව අවබෝධ කරගැනීම. එතකොට නිවන කියන්නේ සංකල්පයක් නෙවෙයි. ඒ නිසා තමයි නිවන අනිත්‍ය හෝ ශුන්‍ය දෙයක් කියල කියන්නෙ නැත්තේ. ඒත් ඒකෙන් කියන්නේ නෑ නිවන කියන්නේ නිත්‍ය දෙයක් කියල. මොකද "දෙයක්" කියල කියන්නේ සංකල්පයකට පමණක් නිසා.

    අපි කොළ, අතු, කඳ, මුල එකට ගත්තම ඒකට ගහක් කියනව. ඒත් ඒ දේවල් වෙන වෙනම ගොඩ ගැහැව්වොත් අපි ඒකට ගහක් කියන්නෙ නැහැ.
    සීනි, තේකොල, කපිටි, වතුර එකතු කලාම තේ එකක් හැදෙනවා. ඒත් ඒ දේවල් වෙන වෙනම ගත්තොත් අපි ඒකට තේ කියන්නෙ නැහැ.
    එතකොට අපි ඇත්තටම ගහ කියල තියෙන්නේ ගහකට නෙවේ, තේ කියල තියෙන්නෙ තේ එකට නෙවේ. අර මුලික දේවල් වල එකතුවට කියන නමක් මිසක් ඇත්ත දෙයක් නෙවේ.
    ඒ වගේම ලේ, ඇට, මස්, නහර, සොටු, කඳුළු, කෙල, අත, පය, හිස ආදී දේවල් වල එකතුවකට අපි "මම" කියල කියනවා. නමුත් ඇත්තටම මම කියල දෙයක් නැහැ