මචන් මේ ප්‍රශ්නයට කෙටි උත්තරය නිවන යනු ශුන්‍යතාවය නොවේ කියන එක. ශුන්‍යතාවය කියන දේ චතුශ්කොටිකයට ගොචරයි. එත් නිවන චතුෂ්කෝටික ධර්මයන්ට ගෝචර වෙන්නේ නෑ.
නිවන යනු ශුන්‍යතාවය නෙවේ නම් , නිවන කියන්නේ මොකද්ද කියල ඇහුවොත් එකට ඇත්තටම උත්තරයක් නෑ. මේක බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න ගණයට අයත් ප්‍රශ්නයක්.
“භාග්‍යවතුන් වහන්ස, විමුක්තියට පත් පුද්ගලයා උපදී ද? නූපදී ද?” යනුවෙන් වච්චගොත්ත නගන මේ චතුෂ්කෝටික ප්‍රශ්නයන්ට බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ: උපදීයයි නොයෙදේ - නූපදීයයි නොයදේ, උපදී නූපදීයයි නොයෙදේ, නොම උපදී නොම නූපදීයයි නොයෙදේ යනුවෙනි.
තථාගතයන් වහන්සේ තුළ බුදුරජාණන් වහන්සේගේ පැවත්ම පිළිබඳව, රහතන් වහන්සේ පිළිබඳ (මරණින් මතු ශාස්වත වේද උච්ඡේද වේද) නිර්වාණය පිළිබඳ ආදි වශයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු නොදී තුෂ්ණිම්භූත වූයේ ඒවාට පිළිතුරු දෙනු නොහැකිව නොවන අතර යථාර්ථය අවබෝධ කළ කල්හි එබඳු පැනයකට ඉඩක් නොලැබෙන බැවිනි.
”අත්ථංගතස්ස න පමාණමත්ථි
යෙන නං වජ්ජු තං තස්ස නත්ථි
සබ්බේසු ධම්මේසු සමූහතේසු
සමූහතා වාදපථාපි සබ්බේ “ (සුත්ත නිපාතය)
“නිවන අවබෝධ කළ තැනැත්තා මැනීමට මිණුම් දණ්ඩක් නොමැත. යමකින් ඔහු ගැන කිව හැකිද ඔහුට එය නැත. සියලු ධර්ම විනාශ වී ගිය කල්හි සියලුවාද පථයන් ද (කථා ව්‍යවහාරයන්) විනාශ වේ.
මෙයින් යථෝක්ත විවරණය සාධනය වන අතර, “ වච්ඡය උපදී යන්න නොගැලපේ. නූපදී යන්න ද නොගැලපේ. උපදී සහ නූපදී යන්න ද නොගැලපේ. උපදින්නේ නොවේ.
නූපදින්නේ නොවේ යන්න ද නොගැලපේ “ යනුවෙන් බුදුරදුන් රහතන් වහන්සේගේ මරණින් මතු පැවැත්ම ගැන වච්ඡ ගොත්තයන්ට පැහැදිලි කර දුන් ආකාරය තුළින් අපට එළැඹිය හැකි නිගමනය නම් චතුෂ්කෝටික වාද පථය උපයෝගී කරගෙන බෞද්ධ යථාර්ථ සාධනයන් විවරණය කිරීමට දරන ප්රයත්නය අසාර්ථක බවය.
බුදුසමය වූ කලී අතක්කවාචර වූ දහමකි. සම්මුති සත්‍යයේ සිට පරමාර්ථය දක්වා වූ එහි ගමන් මඟ සකස් වී ඇත්තේ භාෂාමය හරඹයකින් නොව ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයෙනි.
එහෙයින් සියලු වාද පථයන් ඉක්ම වූ බෞද්ධ යථාර්ථවාදය තේරුම් ගැනීමට චතුෂ්කෝටිය ප්‍රාමාණික නොවන අතර ඉන් මෙහා වූ ධර්ම කරුණු විග්රහයට පමණක් එහි භාවිතාව උපයෝගී කරගෙන ඇති බව කිව හැකිය.
මීට වඩා විස්තර සහිතව කියවන්න ඕන නම් මෙන්න මේ ලින්ක් වලින් ගිහින් බලන්න
චතුෂ්කෝටිය හා බෞද්ධ පරමාර්ථ විග්‍රහය
බුදුරදුන් පිළිතුරු නුදුන් ප්‍රශ්න