“මාගේ ශාසනය තවමත් සැම තැනම පැතිරී නැත. බොහෝ සත්වයින් මා පිරිණිවන් පෑ පසුව මාගේ ශාරීරික ධාතූන් ගෙන තම තමන් වාසය කරන්නා වූ ස්ථානයන්හි ස්තූප කරවා වන්දනා කර මරණින් මතු සුගතිගාමී වන්නාහ.” මෙසේ බුදු රජාණන් වහනසේ ධාතූන් විසිරීමට අදිටන් කළසේක. මහාධාතු හත නොකැඩි, නොබිඳී, නොවිසිරී එලෙසින්ම පැවතුණි. අනෙක් සියලු අස්ථිධාතු කුඩා කැබිලිවලට බෙදී වෙන්වුණහ. නොවිසිරුණු සප්ත මහා ධාතූන් වහන්සේලා නම් ලලාට ධාතුවය. අකුධාතු දෙනමය, සතර දළදාවන්ය යන ධාතූන් වහන්සේලාය.
![]()
මකුට බන්ධන චෛත්‍යය, අංගාර චෛත්‍යය යන නම් කීපයකින්ම කුසිනාරා නුවර පිහිටි මෙම ආදාහන චෛත්‍යය හඳුන්වයි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු බුදු සිරුර ආදාහනය කළේ මේ ස්ථානයේදී වීමත්, ශ්‍රී දේහය දැවූ සෑයේ අඟුරු ගෙන සෑදූ චෛත්‍යය නිසාත් මෙය අංගාර චෛත්‍යය නම් විය. බුදු සිරුර ආදාහනය කිරීමේදී නොයෙක් සුවඳ දර, සුවඳ පැන්, සුවඳ වර්ග යෙදූ නිසා මෙම ස්ථානයේ පස් බොහෝ කලක් සුවඳවත් විය. ද්‍රෝණ බමුණා ධාතු බෙදුවේ, මේ ස්ථානයේ සිට ය. ගරාවැටී තිබූ මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට අවට භූමිය අලංකාර ලෙස මල්ගස් ආදිය රෝපණය කොට තබා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
![]()
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා සර්වඥ ධාතු කොටස් අටකට බෙදූ ස්ථානයේ ඇති කුඩා ස්ථූප ඡායාරූපයෙන් දැක්වෙයි.

bohoma pin...ක්ෂීණ කියන වචනෙ තියෙන්නෙ සුන් වූ (නෂ්ට) කියන අදහස.
නැළිය කියන්නෙ මිනුම් ඒකකයක්.
"කුරුණියෙන් හතරෙන් එක නැළිය නම් වේ. අවුන්ස තිස්දෙක නැත්නම් රාත්තල් දෙක ද නැළියකි." (2008/07/27 සිළුමිණ)
නියෝජිතයා ඉන් ඇක්ශන්![]()


බොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්.
අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි පටක නිසා. එමෙන්ම අස්ථිවල වැඩි කොටසක් තියෙන්නෙත් අජීවී කැල්සියම් නිසා. (කෙස්, නිය, අස්ථි වැනි කොටස් තමයි එහෙම ජීවිතය නැති වුණත් දිගට පවතින්නෙ.)
ඒ නිසා ග්‍රීවා ධාතුව කියන්නෙ ගෙල පෙදෙසේ කශේරුකා (ශම්මි කිව්වා වගේ බෙල්ල පිටිපස්සෙන් අත ගාගෙන යනකොට අහු වන අස්ථි පෙළ) වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

අපි ඉංග්‍රීසියෙන් කියන larynx නෙවෙයි.සුදුනෝනත් කියන එක සාධාරණයි කියන එක ඕනම කෙනෙකුට වැටහෙනවා ඇති.පහළ අස්ථිපංඤ්ජරය මස්තිස්කයට(හිස්කබලට) සම්බන්ධවන තැන තියන දැඩිම (කඨින)කොටස තමයි මෙයින් අදහස් කරන්නේ.
දෙය්යා ඉතිං කමියුනිස්ට්වාදියානේහොඳ විස්තරයක්. අමල්ක අක්කෙ (බොහෝම ස්තූතියි පෙන්නුවට)
නමුත් අවංකවම කිව්වොත් නම්
දහසක් වූ වැරදි මාර්ග වලින් නිවන කරා යන මාර්ගය හොයාගත් ඒ ශ්‍රේශ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේගේ සිහිවටනයක් ඇරෙන්න
ඔය කියන ධාතූන්වහසේලාගෙ වටිනාකම ගැන මට කිසිම අවබෝධයක් නෑ.


ඒත් වටිනාකමක් නෑ කියන වචනය ආව ගමන් ලොකු ගැටළුවක් එනවානේ?සිහිකරන්න තරම් නොවටිනා කෙනෙක්ගේ දෙයක් සිහි කරනවාද?ඇයි සිහි කරන්නේ?
ජීවමාන බුදුන් වෙන්නෙ මචං උන්වහන්සේගේ ධර්මය නේද මචං?
"යෝ ධම්මං පස්සති සෝමං පස්සති" නේද ?
මං මේ අගෞරව කරන්නවත් සාල උණ ගහලවත් නෙවෙයි අහන්නෙ දැනගන්න ඕන නිසයි
ශ්‍රද්ධාව උපදවීම හැර
බුදුන්වහසේගේ උනත් දන්ත ධාතුවක්(දන්න භාසාවෙන් කිව්වොත් දත් කෑල්ලකින්) ධර්මය සොයන මිනිස්සුන්ට තියෙන වටිනාකම මොකක්ද ?

දෙය්යා ඉතිං කමියුනිස්ට්වාදියානේ
මෙහෙමයි ශ්‍රද්ධාව මෝරා නොවැඩුන-නිවන මුහුකුරා නොගිය අයට බුදු කෙනෙක් ගැන හැඟීම උපදවා නිවන කරා යන්න මේ ශාරීරික-උද්දේශික-පාරිභෝගික චෛත්‍ය හෙවත් සිහිවටන උපකාර වෙන නිසයි බුදුන් ධරමාණව සිටියදිත් ආනන්ද බෝධිය වැඳ බුදුන්ට වඳින පිණම ලබාගන්න කියලා අනුදැන වදාළේ. දැන් තරමක් පැහැදිලි ඇති.මදි නම් කියන්න ඉඩහසර ඇති පරිදි විස්තර කරන්නම්.
ඇත්තම කිව්වොත් මේවා සිහිවටන තමා.ඒත් වටිනාකමක් නෑ කියන වචනය ආව ගමන් ලොකු ගැටළුවක් එනවානේ?සිහිකරන්න තරම් නොවටිනා කෙනෙක්ගේ දෙයක් සිහි කරනවාද?ඇයි සිහි කරන්නේ?
![]()







දෙය්යා ඉතිං කමියුනිස්ට්වාදියානේ![]()
මෙහෙමයි ශ්‍රද්ධාව මෝරා නොවැඩුන-නිවන මුහුකුරා නොගිය අයට බුදු කෙනෙක් ගැන හැඟීම උපදවා නිවන කරා යන්න මේ ශාරීරික-උද්දේශික-පාරිභෝගික චෛත්‍ය හෙවත් සිහිවටන උපකාර වෙන නිසයි බුදුන් ධරමාණව සිටියදිත් ආනන්ද බෝධිය වැඳ බුදුන්ට වඳින පිණම ලබාගන්න කියලා අනුදැන වදාළේ. දැන් තරමක් පැහැදිලි ඇති.මදි නම් කියන්න ඉඩහසර ඇති පරිදි විස්තර කරන්නම්.![]()


ඒත් වටිනාකමක් නෑ කියන වචනය ආව ගමන් ලොකු ගැටළුවක් එනවානේ?සිහිකරන්න තරම් නොවටිනා කෙනෙක්ගේ දෙයක් සිහි කරනවාද?ඇයි සිහි කරන්නේ?![]()
ශ්‍රද්ධාව උපදවීම හැර
බුදුන්වහසේගේ උනත් දන්ත ධාතුවක්(දන්න භාසාවෙන් කිව්වොත් දත් කෑල්ලකින්) ධර්මය සොයන මිනිස්සුන්ට තියෙන වටිනාකම මොකක්ද ?

ශ්‍රද්ධාව උපදවීමත් ධර්මයෙහි පිහිටුවීමට හේතුවක් .... (නියම ශ්‍රද්ධාවක් )![]()
. බලන්න මේ නිසා මීට අමතරව නොයෙකුත් විශ්වාස මුල් බැසගෙන තියෙන හැටි. ( මතක තියාගන්න මං කොතනකවත් කියල නෑ මේව මිත්‍යා විශ්වාස කියල )










ඔය ගන්ධාරය කියන්නෙ වර්තමාන මියන්මාරයට කියල මතයක් තියෙනව නේද. මොකද මියන්මාරයෙන් ඔය නැති වුනු දළදාව මේ ළඟකදි හමු වෙලා කියල රාවයක් ගියා මට මතකයි වගේ. වැඩි පුර විස්තර හමු වුනොත් දාන්නම්. මට මතකයි සිරස ටීවී එකේ කිංස්ලි රත්නායක ගන්ධාර දේශය කියල වැඩසටහනකින් මේ ගැන විස්තර ගොඩක් ඉදිරිපත් කළා.හ්ම්ම්ම් ....... හරියටම කියන්න බෑ, ඉන්දියාවෙ ගන්ධාරයට ගිය දළදාව ගැන ඊට පස්සෙ පැහැදිලි විස්තරයක් ලැබිලා නැහැනෙ. සමහරවිට මේ හමුවෙලා තියෙන්නෙ බුදුන් වහන්සේගෙම දළදාවක් නම් මේ ගන්ධාරයේ එක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මං දන්න තරමින් (අහලා තියෙන තරමින්) බුදුන් වහන්සේගෙ සර්වඥ ධාතුන් ඔක්කොම වගේ තියෙන්නෙ ලංකාවෙ .... ඒ වගේම ඉතිහාසෙ පුරාවට ඉන්දියාවෙ කල්ක්‍රියාව නිසා ඒ පැත්තෙන් ඇහෙන කතාන්දරත් එක පාරටම පිළිගන්න අපි තවදුරටත් ලෑස්ති නෑ. හොඳම දේ අපිම තොරතුරු රැස් කරලා ඇත්ත හොයාගන්න එකයි.![]()
අපේ හිතේ තියෙන හෘද්‍යංගම බව පෙන්වන්න. (දන්න වචනෙං කිව්වොත් තැන්ක් යූ කියන්න )ඔක්කෝටම කලින් බොහෝම ස්තූතියි මට මේ දේ තේරුම් කරන්න කාලය වෙන් කළාට
මං ඔය වචනෙ තේරුමවත් දන්නෙ නෑ![]()
ඔව් ඒ කියන්නෙ ශ්‍රද්ධාව උපදාවගැනීම නේ නේද ? ඒක තමා මාත් කලින් කිව්වෙ
අපි බුදුන් වහසේට මල් පූජා කරන්නෙ ඒ අමා මහ නිවන මග මැනවින් දේශනා කළ නිසා,ලෝකයට ඒ මාර්ගය පෙන්වීමට තරම් උන් වහන්සේ කාරුණික උන නිසා,
අපේ හිතේ තියෙන හෘද්‍යංගම බව පෙන්වන්න. (දන්න වචනෙං කිව්වොත් තැන්ක් යූ කියන්න )
අන්තිමේදි බැලුවම මේ ඔක්කොම ශ්රද්ධාවට සම්බන්ධයි නේද ?
මං වටිනාකමක් නෑ මයි කිව්වෙ නෑ අක්කෙ බලන්න මං කියල තියෙන දේ
ඉතින් ඒකයි මං අහන්නෙ ශ්‍රද්ධාව ඉපදීම ඇරෙන්න ඇයි අපි මේවාට ජීවමාන බුදුන් වහ්න්සේගේ තැන දෙන්නෙ කියන එකයි.
ජීවමාන බුදුන් කියන්නෙ කොටින්ම ගුණ විස්තර කරල ඉවර කරන්න බැරි.
- ග්රේෂ්ඨ මග පෙන්වන්නෙක්
- ගුරුවරයෙක්
- තෙරක් නැති දැනුම් සම්භාරයක්
නමුත් උන් වහන්සේගේ ධාතු ?![]()
( මා හට අතුල හෝ සාලයා replce කිරීමෙ මදටිය ඇටයකුදු අබිප්රායක් නොමැති බව පුන පුනා repeat කරමි![]()

. කියන දේට 95% ක්ම එකඟ වෙන්න පුළුවන්
......
ඔවු සරළ සිංහලෙන් කිව්වොත් ඇත්ත.නමුත්, නිවන කරා යන ගමන ඒ ඒ පුද්ගලයාගේ පින් මහිමය-නිවන කරා ඇති ආසන්නතාවය අනුව හිතා ගන්න බැරි තරම් විවිධයි..........



......මේ ධාතු කොටස් තියන තුරු ලෝකය මොන ජගතටවත් විනාශකරන්න බෑ....
ඒවා මහා ආශ්චර්ය ධර්මතා.බුදුන් නැති තැන ඒ බුදු සිරුරේ ඉතිරි කොටසක්වත් බුදුන් කියා හිතමින් නිවන් මඟ පාදාගන්න රැකුලක් කර ගන්න එක මොනතරං දෙයක්ද?
(නමුත් ඒකත් මං අර මුලින් කියපු ශ්රද්ධාවටම සම්බන්ධයි
)ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය????
නලාට ධාතුව??
ග්‍රීවා ධාතුව???
පඩි ඕනෙ; අතුරු දීමනා ඕනෙ; අමතර දීමනා ඕනෙ; අති කාල ඕනෙ; දුෂ්කර දීමනා ඕනෙ; ප්‍රසාද දීමනා ඕනෙ; නිවාඩු ඕනෙ; ඇහැක්ද?ස්තුතියි පැහැදිලි කිරීමට
සුදු නෝනෙට ඇහැක්ද මගෙ අළුත් නියෝජිතයා වෙන්ට?![]()

අන්‍යාගම් වල ඇදහිලි විශ්වාස වල අභාශය ලැබූ අය මේ ධාතු ගැනත් වැරදියට හිතන්න පුළුවන් නේද ?
උදාහරණයක් විදියට ගත්තොත් මෙන්න මේ කොටසට ඇත්තද කියන්න මම දන්නෙ නෑ
ලෝකයේ න්‍යශ්ටික ආයුධ බලය තියෙන එක රටක් ඒක පාවිච්චි කරන්න හැදුවොත් ඒ දේ වලක්වන්න ධාතූන්ට පුළුවන්ද ?![]()
බුදුන්වහන්සේ ජීවමානව සිටි කාලයේ පව සමහර මිනිසුන්ව වෙනස් කරන්න බැරි උනා .
ඉතින් උන් වහසේගේ ධාතුවක ඒ දේ කරන්න පුළුවන් වෙයිද ?
ඔයා quote කරල තිබුණු කොටස- මේ ධාතු කොටස් තියන තුරු ලෝකය මොන ජගතටවත් විනාශකරන්න බෑ....
මේ කතාව කොතනකින් ගත්තද කියල මම දන්නෙ නෑ. නමුත් මා දන්නා තරමින් එහි සත්‍යතාවයක් නැහැ. භක්තිය වැඩි කෙනෙක් අන්ධ වෙලා කිව්වොත් මිස.

පුළුවන් නම් දළදා වහසේ වැඩම කළාම වැස්ස ලැබෙන හැටි කියල දෙනවද ? 
පඩි ඕනෙ; අතුරු දීමනා ඕනෙ; අමතර දීමනා ඕනෙ; අති කාල ඕනෙ; දුෂ්කර දීමනා ඕනෙ; ප්‍රසාද දීමනා ඕනෙ; නිවාඩු ඕනෙ; ඇහැක්ද?![]()




