ඔය වගේ දේවල් ගැන පර්යේශණ කරන්න මං හිතන්නෙ විද්‍යාව පවා තාමත් ලාබාළ වැඩියි කියලා. නමුත් අපි නිතරම කියන දෙයක් තමයි යම්කිසි දෙයක් අපට ගෝචර නොවන පලියට ඒක ලෝකෙ පවතින්නෙ නෑ කියලා අපට කියන්න බැහැ කියන එක. බුදුන් වහන්සේ පවා එවන් මිනිසාට ගෝචර නොවන දේවල්, ජීවීන් ගැන එහෙම දේශනා කරලා තියෙනවා (කොතනදිද කියන එකනම් මට මතක නෑ කොළුවො මේ වෙලාවෙ).

ඇයි අපායන් වල ජීවත් වන සිරුරු රහිත සත්වයෝ ගැන ? ඔය වාගේ ටොන් ගණන් list එකට දාතෑකි

මේ ගැලැක්සියේ තියෙන ජීවය පවතින අනික් ලෝකවල් 30 ගැන ? ඒ එකක්වත් හොයාගෙන නෑ නේ

අනික තමා ධාතූන් කෙරෙහි ජනතාව තුල ඇති ශ්‍රද්ධාව. ධාතු ප්‍රදර්ශනවලදි වහිනකොට .......කුසල් රැස් කරන්න කියලා අන්තිම මොහොතෙත් කියන්නෙ ඒකයි. මේ වැඩේට මොලේ විතරක් තිබිලා මදි නිසයි....
මෙහෙමනෙ අක්කෙ. ශ්‍රද්ධාව වගේම(මොළෙ අදාල වෙන
) ප්‍රඤාවත් පිහිටුවාගන්න ඕන නේද. මේ දෙකේ නියම balance එක තිබ්බොත් තමා නිවන් මග විවර වෙන්නෙ. නමුත් මේ වෙන දේවල් වල හැටියට මිනිස්සු වැඩි වැඩියෙන් බරවෙන්නෙ ශ්රද්ධාවටත් නෙවෙයි නිකං භක්තිය පැත්තටදෝ කියලත් හිතෙනවා.බුදුරජාණන් වහසේ කිසිම දවසක මැජික් කාරයෙක් උනේ නෑ උන් වහන්සේ මැජික් වලට තැන දුන්නෙත් නෑ. ඊට හොඳම උදාහරණේ අපි හැමෝම දන්න අර තොටියාගෙ කතාව
... ඒක නිසා මම උනත් කැමතියි ඔය වගේ දේවල් ප්රාතිහාර්යයන් ලෙසටම අපේ සංස්කෘතියෙ පවතිනව නම් ..... අනික එහෙම තියෙන එක ඕවා අපි අතර දීර්ඝ කාලයක් පවතින්නත් උදව් වෙනවා ....... පැහැදිලි කිරීමක් කලාට පස්සෙ මිනිස්සු ඔය දේවල් අතහරිනව ලේසියෙන්ම.
ප්‍රායෝගිකව ගත්තොත් අක්කෙ ඔයා ඔය කියන කතාවෙ ඇත්තක් තියෙනවා.
ලංකාවෙ බුදු දහම සුරැකුනේ ගමේ ගොඩේ නූගත් මිනිස්සුන්ගේත් නොමඳ දායකත්වය නිසයි. අද අපි හේතුඵල දහම වගේ අතිශය ගැඹුරු සිද්ධාන්ත පවා extract කරන්නෙ ඒ මිනිස්සුන්ට නොදැනුවත්වම රැකගත්තු ඒ දැනුමට පින්සිද්ධවෙන්න

හරියට තොරණ වගේ. මිනිහෙක්ගෙන් තොරණක් විස්තර කරන්න කිව්වම ඒකෙ තිබ්බ ඩෙකරේශන් ලයිට් ගැන පැය ගානක් කියවල තමා ජාතක කතාව ගැන විනාඩි 10 කියන්නෙ. අපි දැනගන්න ඕනෙ විනාඩි 10 වෙන්කරගන්න

නමුත් ඔය හැමදේකින්ම වඩ වඩාත් බරවෙන්නෙ
- ශ්රද්ධාවට විතරක්
- සැදැහැවතුන් වෙනුවට බැතිමතුන් බිහිවෙන එක නෙවෙයිද ?

හෆොයි ..........හිතුවට වඩා ගොඩක් ලියවුණා![]()





