ධාතු විස්තරය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය වගේ දේවල් ගැන පර්යේශණ කරන්න මං හිතන්නෙ විද්‍යාව පවා තාමත් ලාබාළ වැඩියි කියලා. නමුත් අපි නිතරම කියන දෙයක් තමයි යම්කිසි දෙයක් අපට ගෝචර නොවන පලියට ඒක ලෝකෙ පවතින්නෙ නෑ කියලා අපට කියන්න බැහැ කියන එක. බුදුන් වහන්සේ පවා එවන් මිනිසාට ගෝචර නොවන දේවල්, ජීවීන් ගැන එහෙම දේශනා කරලා තියෙනවා (කොතනදිද කියන එකනම් මට මතක නෑ කොළුවො මේ වෙලාවෙ).
    :yes:

    ඇයි අපායන් වල ජීවත් වන සිරුරු රහිත සත්වයෝ ගැන ? ඔය වාගේ ටොන් ගණන් list එකට දාතෑකි :)

    මේ ගැලැක්සියේ තියෙන ජීවය පවතින අනික් ලෝකවල් 30 ගැන ? ඒ එකක්වත් හොයාගෙන නෑ නේ :D

    අනික තමා ධාතූන් කෙරෙහි ජනතාව තුල ඇති ශ්‍රද්ධාව. ධාතු ප්‍රදර්ශනවලදි වහිනකොට .......කුසල් රැස් කරන්න කියලා අන්තිම මොහොතෙත් කියන්නෙ ඒකයි. මේ වැඩේට මොලේ විතරක් තිබිලා මදි නිසයි. ;) ...

    මෙහෙමනෙ අක්කෙ. ශ්‍රද්ධාව වගේම(මොළෙ අදාල වෙන :P ) ප්‍රඤාවත් පිහිටුවාගන්න ඕන නේද. මේ දෙකේ නියම balance එක තිබ්බොත් තමා නිවන් මග විවර වෙන්නෙ. නමුත් මේ වෙන දේවල් වල හැටියට මිනිස්සු වැඩි වැඩියෙන් බරවෙන්නෙ ශ්‍රද්ධාවටත් නෙවෙයි නිකං භක්තිය පැත්තටදෝ කියලත් හිතෙනවා.

    බුදුරජාණන් වහසේ කිසිම දවසක මැජික් කාරයෙක් උනේ නෑ උන් වහන්සේ මැජික් වලට තැන දුන්නෙත් නෑ.
    ඊට හොඳම උදාහරණේ අපි හැමෝම දන්න අර තොටියාගෙ කතාව :D

    ... ඒක නිසා මම උනත් කැමතියි ඔය වගේ දේවල් ප්‍රාතිහාර්‍යයන් ලෙසටම අපේ සංස්කෘතියෙ පවතිනව නම් ..... අනික එහෙම තියෙන එක ඕවා අපි අතර දීර්ඝ කාලයක් පවතින්නත් උදව් වෙනවා ....... පැහැදිලි කිරීමක් කලාට පස්සෙ මිනිස්සු ඔය දේවල් අතහරිනව ලේසියෙන්ම.

    ප්‍රායෝගිකව ගත්තොත් අක්කෙ ඔයා ඔය කියන කතාවෙ ඇත්තක් තියෙනවා. :yes: ලංකාවෙ බුදු දහම සුරැකුනේ ගමේ ගොඩේ නූගත් මිනිස්සුන්ගේත් නොමඳ දායකත්වය නිසයි.
    අද අපි හේතුඵල දහම වගේ අතිශය ගැඹුරු සිද්ධාන්ත පවා extract කරන්නෙ ඒ මිනිස්සුන්ට නොදැනුවත්වම රැකගත්තු ඒ දැනුමට පින්සිද්ධවෙන්න :yes:

    හරියට තොරණ වගේ. මිනිහෙක්ගෙන් තොරණක් විස්තර කරන්න කිව්වම ඒකෙ තිබ්බ ඩෙකරේශන් ලයිට් ගැන පැය ගානක් කියවල තමා ජාතක කතාව ගැන විනාඩි 10 කියන්නෙ. අපි දැනගන්න ඕනෙ විනාඩි 10 වෙන්කරගන්න ;)

    නමුත් ඔය හැමදේකින්ම වඩ වඩාත් බරවෙන්නෙ

    • ශ්‍රද්ධාවට විතරක්
    හෝ

    • සැදැහැවතුන් වෙනුවට බැතිමතුන් බිහිවෙන එක නෙවෙයිද ? :eek:

    හෆොයි ..........හිතුවට වඩා ගොඩක් ලියවුණා :cool:
    ;)
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Sanwaadaya digatama yanawa wage...sahabagee wana hemotama sthuthiwantha wenawa mema thread eka digatama pawathwaageneema pilibandawa...:D
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    ඔයා quote කරල තිබුණු කොටස- මේ ධාතු කොටස් තියන තුරු ලෝකය මොන ජගතටවත් විනාශකරන්න බෑ....
    මේ කතාව කොතනකින් ගත්තද කියල මම දන්නෙ නෑ. නමුත් මා දන්නා තරමින් එහි සත්‍යතාවයක් නැහැ. භක්තිය වැඩි කෙනෙක් අන්ධ වෙලා කිව්වොත් මිස.

    ධාතුන්වහන්සේලා මේ ලොවෙන් බුද්ධධර්මය අතුරදහන් වුණාම ඉබේම අතුරුදහන් වෙනවා. කාටවත් උපක්‍රමයකින් විනාශකරන්න බැහැ. හේතුව තමයි බුද්ධ පාරමිතා ශක්තිය. මේ පාරමිතා ශක්තිය නිසා බුදුපියාණන් වහන්සේ, ශ්‍රී මහා බොධින් වහන්සේ, ධාතුන්වහන්සේලා මෙසේ උපක්‍රමයකින් විනාශ කරන්න බැහැ. සාර අසංඛ කල්ප ලක්‍ෂයක් පෙරූ පාරමිතා ශක්තිය ඊට වඩා බලවත්.

    සාමාණ්‍යයෙන් ඕන පුද්ගලයකුගේ රාග, ද්වේශ සහා මෝහ (මේවා ගිනි ලෙස ගන්නෙ) ඇටකටුවලට කා වැදෙනවා. රහතවහන්සේගෙ මේ රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි නිවිලා ඒකයි උන්වහසේලාගෙ ඇටකටු ආදාහනයේදි පිච්චෙන්නෙ නැතුව රසායනික පරිවර්තනයක් වෙලා ධාතුන්වහන්සේලා බවට පත්වන්නෙ.. (ඉතින් බුදුපියාණන් වහන්සේගෙ ධාතුන් වහන්සේලා ගැන කවර කතාද.. )

    වහින එක විස්තර කරන්න නම් ඔබතුමන්ලා දේව සංකල්ප ගැන විශ්වාසයක් ඇතිවෙන්න (තියෙන්න) ඕන. ඔය වලාකුළු සහ ඒ ආශ්‍රිතව මේඝ , වැහි වලාහක දෙවිවරුන්ගෙ විමන් තියෙනවා. ඒ අයට ඕන වෙලාවක වස්සන්න නවත්වන්න පුළුවන් (ඒකයි බුදුපියාණන්වහන්සේ දේශණා කලේ අහස ගැන අනාවැකි කියන්න පුළුවන් කියලා - මම අහලා දැනගත්ත දෙයක් මේක කොහි පොතේද තිබ්බෙ කියලා නම් අහන්න එප හොඳේ මම දන්නෙ නැහැ) . ඉතින් දන්ත ධාතුන්වාහන්සේ එලියට ගන්න් විට ඒ දේවතාවන් චිත්ත ප්‍රීතියට පත්වෙලා වස්සන්න පුළුවන්. මොකද ඒ දේවතාවන් බුදුපියාණන් වහන්සේව ජීවමානව වැඳපුදා ගෙනත් ඇති :)

    ෴ තෙරුවන් සරණයි ෴
     
    • Like
    Reactions: Zeus and Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    ස්තුතියි යාළුවා මේ විස්තර වලට

    ඇත්තටම බුදු කෙනෙක් බෝසත් ආත්ම වලදි පුරන පාරමී ධර්ම, බුද්ධත්වයට පත් වුණාට පසුව කරන අධිෂ්ඨාන වල ශක්තිය තවමත් ලෝකෙ රඳා පවතිනවා. මේ හැම දෙයක්ම අපට විද්‍යාත්මකව හෝ වචන වලින් තේරුම් කරලා දෙන්න බැරි අවස්ථාවන් එමටයි.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :yes:
    මෙහෙමනෙ අක්කෙ. ශ්‍රද්ධාව වගේම(මොළෙ අදාල වෙන :P ) ප්‍රඤාවත් පිහිටුවාගන්න ඕන නේද. මේ දෙකේ නියම balance එක තිබ්බොත් තමා නිවන් මග විවර වෙන්නෙ. නමුත් මේ වෙන දේවල් වල හැටියට මිනිස්සු වැඩි වැඩියෙන් බරවෙන්නෙ ශ්‍රද්ධාවටත් නෙවෙයි නිකං භක්තිය පැත්තටදෝ කියලත් හිතෙනවා.
    ප්‍රඥාවත් තියෙන්න ඕනෙ ඒකත් ඉතිං සිත දියුණු කිරීමත් එක්ක එන දෙයක් නෙ (නුවණයි ප්‍රඥාවයි කියන්නෙ 2ක්)
    භක්තියයි ශ්‍රද්ධාවයි වෙන වෙනම අර්ථ දක්වන්නකො පොඩ්ඩක් (දෙකම එකක් නෙමේද? ...... මට නම් හිතෙන්නෙ එකක් වගේ)

    බුදුරජාණන් වහසේ කිසිම දවසක මැජික් කාරයෙක් උනේ නෑ උන් වහන්සේ මැජික් වලට තැන දුන්නෙත් නෑ. ඊට හොඳම උදාහරණේ අපි හැමෝම දන්න අර තොටියාගෙ කතාව :D

    බුදුන් වහන්සේ මැජික් කාරයෙක් නොවුණ බව ඇත්ත. ඒත් ඉතිං අවශ්‍ය තැනදි යමා මහ පෙළහර පෑවා .... ඛේමා දේවියට පේන්න ලස්සන කෙනෙක් මහළු වෙනහැටි මැව්වා ...... ඔය විස්තරයෙත් තියෙන්නෙ සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ සර්වඥ ධාතුන් පෙළහර පාන්න කියලා අධිෂ්ඨාන කල අවස්ථාවක් ගැන. බුදුවරයෙක් කරන එවන් අධිෂ්ඨාන ඒ අයුරින් සිදු වෙනවා. ඒ දේවල් අපට වර්තමාන ලෝකයේ හෝ අතීතයේ තවත් පුද්ගලයක් එක්ක සසඳලා පැහැදිලි කරන්න බෑ ...... බුදුවරයෙක් සමාන වෙන්නෙ තවත් බුදු කෙනෙකුට විතරමයි.

    ප්‍රායෝගිකව ගත්තොත් අක්කෙ ඔයා ඔය කියන කතාවෙ ඇත්තක් තියෙනවා. :yes: ලංකාවෙ බුදු දහම සුරැකුනේ ගමේ ගොඩේ නූගත් මිනිස්සුන්ගේත් නොමඳ දායකත්වය නිසයි.
    අද අපි හේතුඵල දහම වගේ අතිශය ගැඹුරු සිද්ධාන්ත පවා extract කරන්නෙ ඒ මිනිස්සුන්ට නොදැනුවත්වම රැකගත්තු ඒ දැනුමට පින්සිද්ධවෙන්න :yes:
    ;)
    මෑතක් වෙනකන්ම ධර්ම කරුණු ගැන මෙතරම් ගැඹුරට කතා කරන, ප්‍රශ්න නගමින් අපැහැදිලි තැන් පැහැදිලි කරගන්න තරුණ පරපුර උත්සුක වෙනවා දකින්න ලැබුණෙ නෑ ........ නමුත් දැන් දැන් ලොකු ප්‍රබෝධයක් තියෙනවා. අද වෙනකොට අපි මෙහෙම කතා කරන්නෙ පැරැන්නො මේ දෙවල් රැකලා තිබ්බ නිසයි ..... ඒ නිසාම අපි මොන දේ සාකච්ඡා කලත්, අපට පැහැදිලි මෙන්ම අපැහැදිලි ධර්ම කොටසුත් අපිත් අනාගතේට දෙන්න ඕනෙ, අපට පිළිගත නොහැකි කොටස් බැහැර නොකරම.

    ඔහොම යනකොට දවසක් එයි අපේ හිත් වලට එන ගැටළු වලට උත්තර බඳින්න බුදුවරයෙක්ම උවමනා වෙන :D
     
    • Like
    Reactions: one_genuine

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    (ඒකයි බුදුපියාණන්වහන්සේ දේශණා කලේ අහස ගැන අනාවැකි කියන්න පුළුවන් කියලා - මම අහලා දැනගත්ත දෙයක් මේක කොහි පොතේද තිබ්බෙ කියලා නම් අහන්න එප හොඳේ මම දන්නෙ නැහැ)
    ෴ තෙරුවන් සරණයි ෴

    සමාවෙන්න පොඩි වැරදීමක් (typo error) ඉහත කොටස මෙසේ නිවැරිදි විය යුතුයි.

    (ඒකයි බුදුපියාණන්වහන්සේ දේශණා කලේ අහස ගැන අනාවැකි කියන්න එපා කියලා - මම අහලා දැනගත්ත දෙයක් මේක කොහි පොතේද තිබ්බෙ කියලා නම් අහන්න එප හොඳේ මම දන්නෙ නැහැ)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sanwaadaya digatama yanawa wage...sahabagee wana hemotama sthuthiwantha wenawa mema thread eka digatama pawathwaageneema pilibandawa...:D

    :D

    ප්‍රඥාවත් තියෙන්න ඕනෙ ඒකත් ඉතිං සිත දියුණු කිරීමත් එක්ක එන දෙයක් නෙ (නුවණයි ප්‍රඥාවයි කියන්නෙ 2ක්)

    ඔව් අනිවා:yes:
    න්‍යශ්ටික බෝම්බ නිපදනව විද්‍යාඥයන්ට බුද්ධිය තිබුනට ප්‍රඤාව නෑ
    ඕන්න උදාහරණයක් :D

    භක්තියයි ශ්‍රද්ධාවයි වෙන වෙනම අර්ථ දක්වන්නකො පොඩ්ඩක් (දෙකම එකක් නෙමේද? ...... මට නම් හිතෙන්නෙ එකක් වගේ)

    මෙහෙමයි අක්කෙ මං ක්‍රමානුකූලව පොත්පත් පරිශීලනය කරපු කෙනෙක් නෙවෙයි මොකද. බුදුන්ගෙ පිරිසිදු දහම්කරුණු ලියවුණුපොත් තියෙන්නෙ එක්කො පාලියෙන් නැත්නං කියවද්දි දිව හැපෙන දත කට පූට්ටුවෙන සිංහලෙන්:frown::frown::frown::frown::frown::frown::frown::frown:(මේක ඉතාම අභාග්‍යවන්ත තත්වයක්)

    ඒ වගේම සරල සිංහලෙන් තියෙන පොතබොහෝමයකගෙ දහම් කරුණු එක්ක ඒගොල්ලන්ගෙ මතවාදත් ඔබ්බවල. මට ඔනෙ බුදුන්වහන්සේගෙ පිරිසිදු දහම් පණීවිඩයක මිසක් ඒගොලන්ගෙ විවේචන නෙවෙයි

    මං දන්න විදියට භක්තිය කියන්නෙ අක්කෙ කරුණූකාරනා හරි හැටි නොදැන ඇතිවන්නා වූ බිය මිශ්‍ර ගෞරවයක් වගේ දෙයක්. ඔය කතරගම දෙයියො ගැන එහෙම තියෙන්නෙ එහෙම දෙයක් :yes:

    ශ්‍රද්ධාව කියන්නෙ අක්කෙ කරුණු කාරනා හරි හැටි දැනගත්තාම ඉබේම සිතේ ඇතිවෙන පැහැදීමට. එතාන භය කියන එක නෑ :)

    බුදුන් වහන්සේ මැජික් කාරයෙක් නොවුණ බව ඇත්ත. ඒත් ඉතිං අවශ්‍ය තැනදි යමා මහ පෙළහර පෑවා .... ඛේමා දේවියට පේන්න ලස්සන කෙනෙක් මහළු වෙනහැටි මැව්වා ....

    නමුත් ඒ හැම පෙලහරක් අවසානයේම බුදුරජානන්වහන්සේ කරුණු කාරනා පැහදිළී කළා. ශ්‍රද්ධාව ඇතිකළා
    අද ඒ දේ වෙනවද කියන එක තමා අක්කෙ ප්‍රශ්නෙ :)

    .. ඔය විස්තරයෙත් තියෙන්නෙ සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ සර්වඥ ධාතුන් පෙළහර පාන්න කියලා අධිෂ්ඨාන කල අවස්ථාවක් ගැන. බුදුවරයෙක් කරන එවන් අධිෂ්ඨාන ඒ අයුරින් සිදු වෙනවා. ඒ දේවල් අපට වර්තමාන ලෝකයේ හෝ අතීතයේ තවත් පුද්ගලයක් එක්ක සසඳලා පැහැදිලි කරන්න බෑ ...... බුදුවරයෙක් සමාන වෙන්නෙ තවත් බුදු කෙනෙකුට විතරමයි.

    :yes: බුදුන්වහන්සේ ඇත්තටම එවන් දෙයක් අධිෂ්ථාන ක්ලා නම් අනිවාර්‍යෙන්ම ඒකට හොඳ හේතුවක් තියෙන්න ඕනෙ :yes: ඒ හේතුව දැනගන්න පුළුවන්නම් කොච්චර දෙයක් ද :)

    මෑතක් වෙනකන්ම ධර්ම කරුණු ගැන මෙතරම් ගැඹුරට කතා කරන, ප්‍රශ්න නගමින් අපැහැදිලි තැන් පැහැදිලි කරගන්න තරුණ පරපුර උත්සුක වෙනවා දකින්න ලැබුණෙ නෑ ........ නමුත් දැන් දැන් ලොකු ප්‍රබෝධයක් තියෙනවා. අද වෙනකොට අපි මෙහෙම කතා කරන්නෙ පැරැන්නො මේ දෙවල් රැකලා තිබ්බ නිසයි ..... ඒ නිසාම අපි මොන දේ සාකච්ඡා කලත්, අපට පැහැදිලි මෙන්ම අපැහැදිලි ධර්ම කොටසුත් අපිත් අනාගතේට දෙන්න ඕනෙ, අපට පිළිගත නොහැකි කොටස් බැහැර නොකරම.

    :D
    ඒකෙත් ඇත්තක් තියෙනවද මංද බලාගෙන ගියාම :yes:

    (හැබැයි ඕව කිව්ව කියල අපේ හැකර කට වහනව බොරු:P නොදන්න දේවල් අපි දිගටම අහනවා ;) )
    බුදුදහමෙ බුදුන්ගේ චරිතය පාවා ප්‍රශ්න කරන්න ඕනෙ ඕනෙ තරම් ඉඩ දීල තියෙන එක කොයි තරම් වාසනාවක්ද :D

    ඔහොම යනකොට දවසක් එයි අපේ හිත් වලට එන ගැටළු වලට උත්තර බඳින්න බුදුවරයෙක්ම උවමනා වෙන :D
    ඒ උවමනාව නම් මට කරුණු කාරනා හරියට තේරෙන කාලෙ ඉඳන්ම අක්කෙ තියෙන්නෙ. මං ඒ තරම් පොත් කියවන්න ආස කෙනෙකුත් නොවෙන හින්ද උන්වහසේට ඉදිරිපත්කරල කතා කරල විසඳගන්න දිග ප්‍රශ්න ලිස්ට් එකක්ම මං ගාව තියෙනවා :P:P:P
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    ජීවමාන් බුදුන් අපට නති උනත් අද අපට උන්වහන්සෙගෙ නාමයෙන් මේ ධාතු ඉතුරු වෙල තියනව.
    ඉතින් මේ ගැන හිත පහදගෙන බුදුවනහ්සෙගේ ගුන කන්ද සිහියට ගන්නවනම් එයාට තමයි නියම සද්දාව තියෙන්නෙ,
    සද්දාව කියල ධර්මයෙ තිබෙන්නෙ,
    සද්දාහති තතාගතස්ස බොධී, ඒ කියන්නෙ භාග්යවතුවහන්සෙගෙ අවබොදය අදහගැනීම කියන එකයි නත්තම් මෙ අපි කියන පැහැදීම නෙවෙයි, සද්දාව තියන කෙනාට ඊලන්ගට අතිවෙන්නෙ ලෞකික සම්මා දිට්ටිය, එහෙම් කෙනට තමඉ ලොකොත්තර සම්මදිට්ටිය අතිවෙන්නෙත්, මෙ දහම් මග විවර වෙන්නෙත්.
    විමානවත්තුවෙ සන්දහන් වෙනව කස්සප බුදුන් වහන්සෙගෙ සෑයට මල් පූජ කරල දෙව්ලොව සැප වින්දින දෙවිවරු ගැන ඉතින් අපිට මෙ ලැබිල තියෙන්නෙ ලාබයක් නතිව වාදයක් කර කර තමන්ගෙ මතේ හරි කියන්න දන්ගලන වෙලාවක් නෙවේ
     
    • Like
    Reactions: Amalka101

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මංහිතනව මේ කතා කරල තියෙන්නෙ මට අදාලව කියල :)

    ......... ඉතින් අපිට මෙ ලැබිල තියෙන්නෙ ලාබයක් නතිව වාදයක් කර කර තමන්ගෙ මතේ හරි කියන්න දන්ගලන වෙලාවක් නෙවේ

    ඔක්කොටම කලින් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන්න ඒ කරල තියෙන්නෙ තමන්ගෙ මතය හරි කියන්න කර දේශපලන පොරයටක්ද නැත්නම් කරුණු විමසීමක්ද කියල.

    ශම්මි අක්ක මට හොඳ පිළිතුරක් දුන්න මං ඒකෙන් සෑහෙන්න දෙයක් ඉගෙනගත්තා
    ඉතාම හොඳ විස්තරයක් :yes:. කියන දේට 95% ක්ම එකඟ වෙන්න පුළුවන්:yes:
    .........
    ඒ නිසා ධාතූන් ඒ තරම් වැඩක් නෑ කියන මගේ තර්කය බිඳ වැටෙනවා. ඒක මම පිළිගන්නව. වටහල දුන්නට බොහෝම පින් :D
    :http://www.elakiri.com/forum/showpost.php?p=7335536&postcount=93

    ------------------------------------------------

    .....
    වෙලාවක් තියෙනවනං පස්සෙ කියවල බලල අදහසක් දෙන්න. වැරදුනා කියල බනින අය මෙතන නෑ :D
    කොටින්ම මම තනිකර නැට්ට පාගගෙන වෙන්න පුළුවන් :D
    :http://www.elakiri.com/forum/showpost.php?p=7342956&postcount=110

    ---------------------------------------------------------

    ......
    නිදහස් වෙලාවක් හොයාගෙන. මට ඇප නැතිවෙන්න කියල දෙන්න. මටත් ඕන ඒ දේ එහෙම වෙනව දකින්නයි :D
    :http://www.elakiri.com/forum/showpost.php?p=7344441&postcount=119

    තමන්ගෙ මතේ හරි කියන්න දන්ගලන වෙලාවක් නෙවේ

    කෙනෙක් තමන්ගෙ මතේ හරි කියල දඟලන්නෙ මේ විදියටද ?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචං ගොඩක් ගැටුම් වලදි බෞද්ධ පොත් පත් තොග පිටින් පිළිස්සුනා කටින් කට පැවත එන සමහර දහම් කොටස් පොඩ්ඩක් වෙනස් වුනා
    ඒකට එකතු උන සාහිත්‍ය මගින් මිනිසුන් අතර බුදුදහම පැවතෙන්න රුකුළක් දෙන අතරම දහම් කරුණූ විකෘති උනා.
    ඒ නිසාමයි අපට දැනට ඉතිරිවෙලා තියෙන දහම් දැනුම නුවණින් විමසා බැලීම අත්‍යාවශ්‍ය දෙයක් වෙලා තියෙන්නෙ.

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    මංහිතනව මේ කතා කරල තියෙන්නෙ මට අදාලව කියල :)

    ඔක්කොටම කලින් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන්න ඒ කරල තියෙන්නෙ තමන්ගෙ මතය හරි කියන්න කර දේශපලන පොරයටක්ද නැත්නම් කරුණු විමසීමක්ද කියල.

    ශම්මි අක්ක මට හොඳ පිළිතුරක් දුන්න මං ඒකෙන් සෑහෙන්න දෙයක් ඉගෙනගත්තා
    :http://www.elakiri.com/forum/showpost.php?p=7335536&postcount=93

    ------------------------------------------------

    :http://www.elakiri.com/forum/showpost.php?p=7342956&postcount=110

    ---------------------------------------------------------

    :http://www.elakiri.com/forum/showpost.php?p=7344441&postcount=119

    කෙනෙක් තමන්ගෙ මතේ හරි කියල දඟලන්නෙ මේ විදියටද ?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචං ගොඩක් ගැටුම් වලදි බෞද්ධ පොත් පත් තොග පිටින් පිළිස්සුනා කටින් කට පැවත එන සමහර දහම් කොටස් පොඩ්ඩක් වෙනස් වුනා
    ඒකට එකතු උන සාහිත්‍ය මගින් මිනිසුන් අතර බුදුදහම පැවතෙන්න රුකුළක් දෙන අතරම දහම් කරුණූ විකෘති උනා.
    ඒ නිසාමයි අපට දැනට ඉතිරිවෙලා තියෙන දහම් දැනුම නුවණින් විමසා බැලීම අත්‍යාවශ්‍ය දෙයක් වෙලා තියෙන්නෙ.

    මචන් බුදු කෙකෙන්ගෙ පරම ගම්භීර දර්මයක් අපිට තනියෙන් හිතල අවබොද කරන්න බැහැ. එකට තමයි උන් වහන්සෙ දෙශනා කරේ මෙ මුලු සාසනේම පවතින්නෙ කල්යාන මිත්‍රය මත කියල. ඉස්සල්ලම කල්යාන මිත්‍ර සෙවනය පුරුදු වෙයන් තනියෙන් හිතල අමාරුවෙ වැටෙන්න එපා.
    බෞද්ද පොත් පත් පිලිස්සුනාට අපිට පිරිසිදු ත්‍රිපිටකයක් තියනව රහතන් වහන්සෙලා සන්ගායනාවෙන් ගෙනාපු.
    අපි දර්මෙ චුට්ටක්වත් දන්නෙ නැතිව අපෙ මතවාද හරි කියල ඔප්පු කරන්න ගියොත් පහර වදින්නෙ දහමටමයි.
    පොඩ්ඩක් ත්‍රිපිටකයෙ පරිශීලනය කරල බලපන.
    ඉස්සල්ල මගේ අති වැරදි දෙයක් කිය උනානම් මට සමාවෙයන් මචන්..
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කියවලා බලන්න ශාසනාන්තර්ධානය. මේ බුදු සසුන අතුරුදහන් වීමේ අන්තිම පියවර ධාතූ අන්තර්ධානයයි.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    හරිම වටින විස්තරයක් අක්ක මෙ ලියල තියෙන්නෙ බොහොම පින්:yes:
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    කියවලා බලන්න ශාසනාන්තර්ධානය. මේ බුදු සසුන අතුරුදහන් වීමේ අන්තිම පියවර ධාතූ අන්තර්ධානයයි.

    :yes: මම අහලා තියෙන විදිහට.. සියළුම ධාතුන්වහන්සේලා එකතැනකට වැඩලා බුද්ධ ශරීරය මැවෙනවාළු .. ඊට පස්සෙ අතුරුදහන් වෙනවාළු (මේක දෙවියන් පමණක් දකින අවස්ථාවක් කියනවා). ඊට පස්සෙ අන්තිමට ශ්‍රී මහාබෝධින් වහන්සේ අන්තර්ධානය වෙනවලු.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ධාතු අන්තර්ධානය
    අධිගම – ප්‍රතිපත්ති – පර්යාප්ති – ලිංග අතුරුදහන් වූ කල්හි එකල මිනිසුන්ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන්හි ම සත්කාර සම්මාන නොවේ. එකල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එතැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩට වඩිති. නා ලොව – දෙව් ලොව ධාතුහු ද වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහාබෝධි පර්යංකයෙහි රැස් වී බුදුරජාණන් වහන්සේගේ වෙස් ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසු අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවණක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාණ සක්වලට ද දිවන්නේය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණිවෙති. මේ අපගේ අන්තිම දර්ශනය යි හඬා වැලපෙති. එකල් හි ජීවමාන බුදුන් සෙයින් යමක ප්‍රාතිහාර්යය පා පිරිනිවන් පාති.

    ඔන්න ඔහොමයි දැක්වෙන්නෙ. මේ විස්තරය ගත්තෙ සත්මග http://sathmaga.org/2009/05/08/the-life-of-buddhism-only-2447-years-more/

    මෙතෙන්දි රුවන්වැලි සෑයද, මහ බෝමැඩද යනාදී ස්ථාන ගැන සඳහන් වෙන නිසා ආපස්සට තර්ක කරන්න පුලුවනි ඒ වෙනකොට ලෝකෙ විනාශ වෙලා නෑ කියල- එතකොට අර ශම්මිගෙ තර්කය හරි යනව: ධාතූන් වහන්සේලා වැඩ ඉන්නතුරු ලෝකය කිසිම ජගතෙකුට විනාශ කරන්න බෑ කියන එක.

    නා දිවයින කිව්වෙත් අපිටමද දන්නෙ නෑ නේද? සිව් හෙළ ගෝත්‍රයක්නෙ. :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් බුදු කෙකෙන්ගෙ පරම ගම්භීර දර්මයක් අපිට තනියෙන් හිතල අවබොද කරන්න බැහැ. එකට තමයි උන් වහන්සෙ දෙශනා කරේ මෙ මුලු සාසනේම පවතින්නෙ කල්යාන මිත්‍රය මත කියල. ඉස්සල්ලම කල්යාන මිත්‍ර සෙවනය පුරුදු වෙයන් තනියෙන් හිතල අමාරුවෙ වැටෙන්න එපා.
    බෞද්ද පොත් පත් පිලිස්සුනාට අපිට පිරිසිදු ත්‍රිපිටකයක් තියනව රහතන් වහන්සෙලා සන්ගායනාවෙන් ගෙනාපු.
    අපි දර්මෙ චුට්ටක්වත් දන්නෙ නැතිව අපෙ මතවාද හරි කියල ඔප්පු කරන්න ගියොත් පහර වදින්නෙ දහමටමයි.
    පොඩ්ඩක් ත්‍රිපිටකයෙ පරිශීලනය කරල බලපන.
    ඉස්සල්ල මගේ අති වැරදි දෙයක් කිය උනානම් මට සමාවෙයන් මචන්..
    ලොකුම ප්‍රශ්නෙ මචං සරලව ලියවුණු ත්‍රිපිටක තියෙනවද කියන එකයි :(
    ගැඹුරු දහමක් බව ඇත්ත මචං. නාමුත් හීන්සීරුවෙ කියවල බලපං මං කිසිම දෙයක් තදින්ම කියල තියෙනවද කියල ? "ඒක එහෙම වෙන්නම ඕනෙ" අනං මනං ? නෑ නේද :D
    ඒ හැම මතවාදයක්ම ගොඩනගන්නෙ මචං දහමේ තියෙන සැක ඇරගන්න මිසක් big bossy වෙන්න නෙවෙයි :D

    හ්ම්ම් තමන්ගෙ මහාවාදය හරි කියල දඟලනව කිව්වම ඩිංගක් අප්සෙට් ගියා ඒක අවුලක් නෑ අමතක කරපං :D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හැබැයි ඉතින් ඔය ඉහත සඳහන් විස්තරය මිනිසුන්ගෙ ශ්‍රද්ධාව වැඩි කරන්න පසු කාලීනව ගොතපු විස්තර වර්ණනයක් වෙන්නත් හොඳටම ඉඩ තියෙනවා.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම වාද විවාදවලට සම්බන්ධ වෙන්න අදහස් කරන්නේ නෑ. ඒත් මගේ අදහසක් කියන්න කැමතියි

    1. අපේ අටුවා ටිකා පොත් පත් සියල්ලම බුදුරජාණන්වහන්සේගෙ පරිනීර්වාණයෙන් පස්සෙ ලියවෙච්ච දේවල් නිසා ඇතැම් "සිදුවීම්" ( මතක තියාගන්න සිදුවීම් කියන්නේ බුදුදහමේ හරය ඒ කිව්වේ අරි අට මග, චතුරාර්ය සත්‍යය ආදිය නෙවෙයි) අතිශයෝක්තියෙන් පුහුදුන් මිනිසුන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන අයුරින් රචනා වෙලා තියෙන්න පුලුවන්.

    2. බුදුදහමේ ඇතැම් කරුණු පැහැදිලි කරන්න තරම් විදු ඇස දියුණු වෙලා නෑ නේ. ඒක නිසා ඒවා ගැන අපි දැන් තර්ක විතර්ක කරන එක කිසිම තේරුමක් නෑ. අපි බලමු තව අවුරුදු 50කින් විතර ඒ ගැන කතා කරමු.

    3. බුදුදහම සමහර ආගම් වගේ මේ සේරම අකුරු දෙයියෝ කියපු දේව වචන , ප්‍රශ්න කරන්න එපා, ප්‍රශ්න කරොත් මරං කනවා කියන්නේ නෑ නේ. ලෝකෙ ෆ්ලැට් වගේ මැටි කතා කියලත් නෑ නේ. ඒක නිසා හිතලා බලන්න බුදුදහමේ හරය මට ගැලපෙනවද,මගේ නුවණට වැටහෙනවද කියලා.ගැලපෙනවා නම් හිස ගිනි ගත් අයෙක් වහා එගිනි නිවන්න ට්‍රයි කරනවා වගෙ නොපමාව කුසල් දහම්හි යෙදෙන්න. ඔය වැස්ස වලාහක දෙවි ගොල්ලො කවුරුවත් අපිව නිවනට එක්කගෙන යන්නේ නෑ. ධාතු ගැන භෞතිකවාදී සංකල්ප ඉදිරිපත් කරලා මෝඩ පුහුදුන් මිනිසුන්ගේ ඇස් විවර කරා කියලා අපි ඉක්මනට නිවන් යන්නෙ නෑ.:no::no:

    ( පී ඇස්- මේක අපේ සියුස් දෙවියන්ට. ධර්මය තියෙන්නේ අමාරු සිංහලෙන්/පාලියෙන් කියන එක නිදහසට කාරණයක් නෙවෙයි. දහම්පාසල් 10-11 ශ්‍රේණිවල ටෙක්ස්ට්බුක්ස් කියෙව්වා නම් ඕන පාලි ගාථාවක් වටහාගන්න පුලුවන් තරමට පාලි දැනුමක් ලැබෙනවා. අමාරු සිංහල කිව්වෙ අර සිංහල සාහිත්‍ය පොතේ තිබුන නාලාගිරි දමනය එහෙම වෙන්න ඇති නේ?? ඒවා ටිකක් මහන්සි වෙලා ඉගෙන ගත්තා නම් මෙහෙම කන්කෙදිරි ගාන්න ඕන නෑ නේ?? දෙයියෝ සිංහල/පාලි ඉගෙන ගෙනත් නෑ, ඉගෙන ගන්න ඕනකමකුත් නෑ. ඒත් ඉගෙන ගෙන තමන්ට පුලුවන් විදියට ධර්මය කියලා දෙන හාමුදුරුවන්ගේ බණ අහන්න කැමතිත් නෑ. දෙයියන්ට හරි යන්නේ මෙන්න මේ කතාව තමයි- "ලාබෙට අස්පයත් ඕන, නේරංජනා ගගෙන් පන්නන්නත් ඕන" )

    ඔන්න මාත් එක්ක තරහ වෙන්න එපෝ:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: nuwa1