ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!
[FONT="]ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....![/FONT]
[FONT="]යටගිය දවස[/FONT], [FONT="]ලඞකා නම් වූ නුවරෙකැ[/FONT], [FONT="]බ්‍රහ්මටෝක්ස්[/FONT][FONT="] නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි[/FONT], [FONT="]දානාර්ථ[/FONT], [FONT="]පිය වචන[/FONT], [FONT="]සමානාත්මතාදියෙන් ලංකෘතවැ ගිය එනුවර[/FONT], [FONT="]උතුරින් හටගත් සතුරන් සාධා[/FONT], [FONT="]නිදාස් කොටැගත් මහත් වූ භූමිය මුලුල්ලෙහි විසිර පැතිර ගියාවු සම්පත් භුක්ති විඳිනට එරජහුගේ සපිරිවරෙහි දානවයෝ අතරැ මහත් වූ තරඟයක් උපන්නේයැ...ඒ තරඟය නිසාම උනුන් හට මහත් අනභිරුචි වන්හ...[/FONT]
[FONT="]මෙසේ වතුදු[/FONT], [FONT="]ඒ රජහු හට සපිරිවරට බලු කැණහිලුන් තෝරන යම් මැතිවරණයක් පැවති එක්තරා දිනයෙක් හි[/FONT], [FONT="]කොළොන්නාව[/FONT][FONT="] නම් වූ යව මැදුම් ගමකැ[/FONT], [FONT="]මේ සා පබල වූ දානවයෝ දෙදෙනෙකු අතර හටගත් කළිහයෙන් එක් දානවයෙකු එතැනම නැසුණේය...ඒ දානවාතිපතියා නැසෙනු දුටු උහු නැසූ අනෙක් දානවාතිපති වන [/FONT][FONT="]ධූමේන්ද්‍ර[/FONT][FONT="] නම් වූ දානවාදිපතියා [/FONT]"[FONT="]මා හට හිසට වෙඩි වන්නේයැ...ඉදින් මා නැතැයි[/FONT]" [FONT="]හිස අත බදා එතැනම වැද හොත්තේය....[/FONT]
[FONT="]සටනින් නැසී ගියා දානවාපති තෙමේද බ්‍රහ්මටෝක්ස් මහ රජහුගේ සමීපතමයෙකු බැවින්[/FONT], [FONT="]එපස ගෙන සිටි පිරිස් දණ්ඩෙන් පහර ලු සපුන් සේ නැගී[/FONT], [FONT="]ඒ පසෙහිම අනෙක් දැසි දස්සන්ට විරුදුව වීදි බටහ.... ඉදින් මෙවැන්නක් වන්නට හැරියහොත් හාණ්ඩුව පුපුරා ගොස් තම චක්‍රවර්තී රජ සිරියට විපත් වෙතැයි බියපත් රජ්ජුරුවන් වාන්සේ[/FONT], [FONT="]මේ ධූමේන්ද්‍ර නම් වූ දානවාතිපතියා මහත් සේවූ වස්තු ඇත්තකු බැවින්[/FONT], [FONT="]උහු එතෙර යවා[/FONT], [FONT="]ලී ක්වාන් යූ[/FONT][FONT="] නරපති තෙමේ සෑදූ මිහිබට ආලකමන්දාව බඳු වූ ඉසුරු පුරයෙහි ශමර්ථ වෙදැදුරන් ලවා ප්‍රතිකාර[/FONT], [FONT="]සත්කාර කරවා[/FONT], [FONT="]උහු මුඛය බන්දා[/FONT], [FONT="]කළ විපතෙහි උණුහුම පහව යන තෙක් එහිමැ රැඳවීය...[/FONT]
[FONT="]වැලිදු[/FONT], [FONT="]ප්‍රතිකාර කරවන්ට උන් හට ඉසෙන් බසින ආපදාවක් නැතැයි මහ ජනයා මුණු[/FONT], [FONT="]මුණු ගෑම වළකනු වස්[/FONT], [FONT="]ඒ ධූමේන්ද්රයාගේ හිසේ අභ්‍යන්තරය හුවා දක්වන සේයා රූ තන්හි[/FONT], [FONT="]තන්හි අලවා ජනයා අතර ප්‍රශිද්ධ කළාහුය....එනයින්[/FONT], [FONT="]හිස පසාරු කරගෙනැ උණ්ඩයක් ගිය ඒ දානවාතිපති තෙමේ අතකුදු[/FONT], [FONT="]පයකුදු ඔසවා ගත නොහී[/FONT], [FONT="]ලත් තැනම හොත්තේය...[/FONT]
[FONT="]එක හමාර වසරක් ඇවෑමෙන් ඒ ඉසුරු පුරයෙහි දෙව් මිනිස් සැප කෙළවර[/FONT], [FONT="]මේ ධූමේන්ද්‍ර කුළ පුත් තෙමේ ආසින් ලඞකා ද්වීපයට ගෙනවුත්[/FONT], [FONT="]මෙපුර පිනැති දනන් හට පමණක් ඔසු කරන [/FONT]"[FONT="]නව්‍ය වූ ලෝකය[/FONT]" [FONT="]නම් ගිලානෝපස්ථාන ශාලායෙහි බොහෝ කොට සැප ඇති කුටීරයක බහා තබන ලද්දේ[/FONT], [FONT="]එහෙත් උන් හට හිසවත් සොලවා ගත නොහී[/FONT], [FONT="]හිසේ ඇති සැත්කම් පැල්ම ජනතාවට දක්වා[/FONT], [FONT="]ඉස කෙසින් තොර හිසින් වැද හොත්තේය....[/FONT]
[FONT="]එසමයෙක් හි[/FONT], [FONT="]ඒ අසරණ දානවයා හට මහත් සේ ප්‍රේමාශක්ථය දැක්වූ එපුර වැසි [/FONT][FONT="]අනාර්-කෙළී[/FONT][FONT="] නම් වූ මානවිකාවක්[/FONT], [FONT="]ඒ ධූමේන්ද්‍රයෝ විඳින රුදුරු වෙයින දැක ශෝකයෙන් බරිතවැ[/FONT], [FONT="]මෙසේ සිතන්නී [/FONT]"[FONT="]මා පැටි වියෙහි පටන් අප දෙමාපියන් ගුරු සරු කම් දුන් පරිද්දෙන් දිවි දෙවැනි කොට රැක ගත් මාගේ පති වෘත්තාවෙහි බල මහිමය සැබෑ නම්[/FONT], [FONT="]තාවතින්සාදියෙහි වෙසෙන සදෙව් ලෝ අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ මේ වෙයින බලා වදාර[/FONT], [FONT="]ධූමේන්ද්‍රයන් සැණකින් නිෂ්ඨා සුවයෙහි පිහිටුවා ලන සේක්වා...![/FONT]"
[FONT="]අනාර්-කෙළී නම් මානවිකාවගේ පති වෘත්තා බල මහිමය කෙතරම් ද යත්[/FONT], [FONT="]මේ සත්‍ය ක්‍රියාවෙන්මැ සදෙව් ලෝකාධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වෙසෙන් පාණ්ඩු කම්භල ශෛලාසනය රත්වැ ගියේ[/FONT], [FONT="]ශක්‍ර දේවේන්ද්‍ර පශ්චාත් භාගය පිළිස්සී[/FONT], "[FONT="]කා හට විපතක් වී දැයි[/FONT]" [FONT="]මනු ලෝ සිසාරා බලන්නේ[/FONT], [FONT="]සත්‍ය ක්‍රියාව දැක[/FONT], "[FONT="]මේ ධූමේන්ද්‍රයෝ නම් උහුට හැකි සමයේ බලවත් පින් කම් කොට ඇත...මා මැ ගොස් මූ සුවපත් කරම්හ[/FONT]" [FONT="]යැයි සිතා[/FONT], [FONT="]ශක්‍ර ශ්රීය වළවාම්භිගාරයෙන් විජෘම්භණය කෙරෙමින් ආකාශ තළයෙන්[/FONT] "[FONT="]නව්‍ය වූ ලෝකයට[/FONT]"[FONT="]පාත් වී[/FONT], [FONT="]යහනේ අසරණව වැද හොත් ධූමේන්ද්‍රයන්ගේ හිස සිය හස්තයෙන් පිරිමැද[/FONT], [FONT="]ඒ හිස සුවපත් කොටැ[/FONT], [FONT="]එමතු නොව[/FONT], [FONT="]එහි කේශ කළාපයද පිහිටුවා[/FONT], [FONT="]දඹදිවෙහි සුප්‍රකට ෂාරුක් ඛානයන් සතුවූ කෙස් කළඹ පරිදි කෙස් කෙළින් සිටුවා[/FONT], "[FONT="]පුත[/FONT], [FONT="]දැන් නැගී සිටුව..!...ඒ අනාර්-කෙළී නම් වූ මානවිකාවගේ පති වතෙහි බළ මහිමයෙන් තා සුව කළෙමැයි[/FONT]" [FONT="]යළිත් ආකාශ තලයට පැන සිය දිව්‍ය භවනට වන්නේය....එවිට ඒ ආතුර වැ සිටි ධූමේන්ද්‍රයෝ නින්දෙන් පිබිදියාක් සේ දෙපයින් සිට ගත්තේයැ....[/FONT]
[FONT="]මේ ආශ්චර්යය දැක මහත් සේ සිත් පැහැදුණු උහු එන තෙක් නිදි වර්ජිතව බලා සිටි[/FONT], [FONT="]ඒ දානවකාතිපතියාගේ කෙළ තොලු[/FONT], [FONT="]කොලු කෙළි[/FONT], [FONT="]දැසි දස් හු ප්‍රීතියෙන් ඉපිළ ගියේ[/FONT], [FONT="]ඒ නව්‍ය වූ ලෝකය නම් ගිලානෝපස්ථාගාරය අසබඩ මහත් වූ ඝෝෂා කරමින්[/FONT], [FONT="]රථ පෙළ ගන්වා[/FONT], [FONT="]මාළු පාන් ඈ දඩමස් පාරේ යන දුගී[/FONT], [FONT="]මගීන් හටද දිගු කොට දක්වා[/FONT], [FONT="]කා පී සැණකෙළි කෙලින්නට වන්නාහ...එවිට[/FONT], [FONT="]පර්වත ගුහා ද්වාරයෙන් ඉකුත් වන කේශර සිංහ රාජයෙකු පරිද්දෙන් ඒ ධූමේන්ද්‍රයෝ[/FONT], [FONT="]කිසිදු ගිලානෝපදාවක ලකුණු ගත නැතිව[/FONT], [FONT="]නව්‍ය ලෝකයෙන් නික්ම මහ පිරිස් මැද පෙරහරින් අවුත්[/FONT], [FONT="]ඇතුළු නුවර බ්‍රහ්මටෝක්ස් මහ රජ මැදුරට වැදුණේය....[/FONT]
[FONT="]ඒ මහ රජ්ජුරුවන් වාන්සේද[/FONT], [FONT="]තම දක්ෂිණ හස්තය බඳු වූ මේ දානවකාතිපතියා යළිදු මෙලෙස දෙපයින් නැගී තමන් වහන්සේ අභිමුඛයෙහි සිටගෙන සිටිනා අයුරු දැක මහත් වූ ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා යමින් උහු වැළඳ [/FONT]"[FONT="]පුත[/FONT], [FONT="]ඉදින් මෙයින් මතු යළිදු තොප මෙතෙක් කරමින් සිටි කර්මාන්තයෝමැ කරව....අප හට රජ සිරි තහවුරු වන්නේ තොප වැනි මානවකයන් නිසාම නොවේදැයි[/FONT]" [FONT="]අසා උන් හට මහත් රාජ සත්කාර කරවූයේය... ( මෙතුවක් කල් මහ ජනයාගේ රාජ භක්ති පූර්වක විය පැහැදමෙන් කරවූ සත්කාරයන්ට අමතරව...)[/FONT]
[FONT="]එයින් මතු පුරා සොළොස් මසක් යන තෙක් එනුවර වැසි දානවකයන් හට ප්‍රීති පානාදියෙහි කිසිදු අග හිඟයක් නොවීය....උන් ගේ හිස මත වන් විදුලි බිල් ඈ සියල්ල උහු අමතක කොටැ[/FONT], [FONT="]නුවර වස්සන්ගේ .. සමා වෙන්න....නුවර වැස්සන්ගේ පිනෙන් පහළ වූ ඒ රජ්ජුරුවන් වාන්සේ සහ උන් වාන්සේගේ දක්ෂිණ හස්තය සේ බැබළි[/FONT], [FONT="]බැබළි හිඳුනා ඒ ධූමේන්ද්‍රයෝ ගැනම කථා පැවැත්වූහ.....[/FONT]
ලිව්වේ මමනං නෙවේ e-mail එකකින් ආවෙ...ලියපු එකා කවුරු උනත් පට්ට වැඩකාරයෙක් !!!
තොපි මෙ කථාවස්තුව මින්පෙර කියවාපියාහුනං මෙතැන රීපොස්ට් රීපොස්ට් නොගා පල