ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!

    [FONT=&quot]ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....![/FONT]


    [FONT=&quot]යටගිය දවස[/FONT], [FONT=&quot]ලඞකා නම් වූ නුවරෙකැ[/FONT], [FONT=&quot]බ්‍රහ්මටෝක්ස්[/FONT][FONT=&quot] නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි[/FONT], [FONT=&quot]දානාර්ථ[/FONT], [FONT=&quot]පිය වචන[/FONT], [FONT=&quot]සමානාත්මතාදියෙන් ලංකෘතවැ ගිය එනුවර[/FONT], [FONT=&quot]උතුරින් හටගත් සතුරන් සාධා[/FONT], [FONT=&quot]නිදාස් කොටැගත් මහත් වූ භූමිය මුලුල්ලෙහි විසිර පැතිර ගියාවු සම්පත් භුක්ති විඳිනට එරජහුගේ සපිරිවරෙහි දානවයෝ අතරැ මහත් වූ තරඟයක් උපන්නේයැ...ඒ තරඟය නිසාම උනුන් හට මහත් අනභිරුචි වන්හ...[/FONT]

    [FONT=&quot]මෙසේ වතුදු[/FONT], [FONT=&quot]ඒ රජහු හට සපිරිවරට බලු කැණහිලුන් තෝරන යම් මැතිවරණයක් පැවති එක්තරා දිනයෙක් හි[/FONT], [FONT=&quot]කොළොන්නාව[/FONT][FONT=&quot] නම් වූ යව මැදුම් ගමකැ[/FONT], [FONT=&quot]මේ සා පබල වූ දානවයෝ දෙදෙනෙකු අතර හටගත් කළිහයෙන් එක් දානවයෙකු එතැනම නැසුණේය...ඒ දානවාතිපතියා නැසෙනු දුටු උහු නැසූ අනෙක් දානවාතිපති වන [/FONT][FONT=&quot]ධූමේන්ද්‍ර[/FONT][FONT=&quot] නම් වූ දානවාදිපතියා [/FONT]"[FONT=&quot]මා හට හිසට වෙඩි වන්නේයැ...ඉදින් මා නැතැයි[/FONT]" [FONT=&quot]හිස අත බදා එතැනම වැද හොත්තේය....[/FONT]

    [FONT=&quot]සටනින් නැසී ගියා දානවාපති තෙමේද බ්‍රහ්මටෝක්ස් මහ රජහුගේ සමීපතමයෙකු බැවින්[/FONT], [FONT=&quot]එපස ගෙන සිටි පිරිස් දණ්ඩෙන් පහර ලු සපුන් සේ නැගී[/FONT], [FONT=&quot]ඒ පසෙහිම අනෙක් දැසි දස්සන්ට විරුදුව වීදි බටහ.... ඉදින් මෙවැන්නක් වන්නට හැරියහොත් හාණ්ඩුව පුපුරා ගොස් තම චක්‍රවර්තී රජ සිරියට විපත් වෙතැයි බියපත් රජ්ජුරුවන් වාන්සේ[/FONT], [FONT=&quot]මේ ධූමේන්ද්‍ර නම් වූ දානවාතිපතියා මහත් සේවූ වස්තු ඇත්තකු බැවින්[/FONT], [FONT=&quot]උහු එතෙර යවා[/FONT], [FONT=&quot]ලී ක්වාන් යූ[/FONT][FONT=&quot] නරපති තෙමේ සෑදූ මිහිබට ආලකමන්දාව බඳු වූ ඉසුරු පුරයෙහි ශමර්ථ වෙදැදුරන් ලවා ප්‍රතිකාර[/FONT], [FONT=&quot]සත්කාර කරවා[/FONT], [FONT=&quot]උහු මුඛය බන්දා[/FONT], [FONT=&quot]කළ විපතෙහි උණුහුම පහව යන තෙක් එහිමැ රැඳවීය...[/FONT]

    [FONT=&quot]වැලිදු[/FONT], [FONT=&quot]ප්‍රතිකාර කරවන්ට උන් හට ඉසෙන් බසින ආපදාවක් නැතැයි මහ ජනයා මුණු[/FONT], [FONT=&quot]මුණු ගෑම වළකනු වස්[/FONT], [FONT=&quot]ඒ ධූමේන්ද්‍රයාගේ හිසේ අභ්‍යන්තරය හුවා දක්වන සේයා රූ තන්හි[/FONT], [FONT=&quot]තන්හි අලවා ජනයා අතර ප්‍රශිද්ධ කළාහුය....එනයින්[/FONT], [FONT=&quot]හිස පසාරු කරගෙනැ උණ්ඩයක් ගිය ඒ දානවාතිපති තෙමේ අතකුදු[/FONT], [FONT=&quot]පයකුදු ඔසවා ගත නොහී[/FONT], [FONT=&quot]ලත් තැනම හොත්තේය...[/FONT]

    [FONT=&quot]එක හමාර වසරක් ඇවෑමෙන් ඒ ඉසුරු පුරයෙහි දෙව් මිනිස් සැප කෙළවර[/FONT], [FONT=&quot]මේ ධූමේන්ද්‍ර කුළ පුත් තෙමේ ආසින් ලඞකා ද්වීපයට ගෙනවුත්[/FONT], [FONT=&quot]මෙපුර පිනැති දනන් හට පමණක් ඔසු කරන [/FONT]"[FONT=&quot]නව්‍ය වූ ලෝකය[/FONT]" [FONT=&quot]නම් ගිලානෝපස්ථාන ශාලායෙහි බොහෝ කොට සැප ඇති කුටීරයක බහා තබන ලද්දේ[/FONT], [FONT=&quot]එහෙත් උන් හට හිසවත් සොලවා ගත නොහී[/FONT], [FONT=&quot]හිසේ ඇති සැත්කම් පැල්ම ජනතාවට දක්වා[/FONT], [FONT=&quot]ඉස කෙසින් තොර හිසින් වැද හොත්තේය....[/FONT]

    [FONT=&quot]එසමයෙක් හි[/FONT], [FONT=&quot]ඒ අසරණ දානවයා හට මහත් සේ ප්‍රේමාශක්ථය දැක්වූ එපුර වැසි [/FONT][FONT=&quot]අනාර්-කෙළී[/FONT][FONT=&quot] නම් වූ මානවිකාවක්[/FONT], [FONT=&quot]ඒ ධූමේන්ද්‍රයෝ විඳින රුදුරු වෙයින දැක ශෝකයෙන් බරිතවැ[/FONT], [FONT=&quot]මෙසේ සිතන්නී [/FONT]"[FONT=&quot]මා පැටි වියෙහි පටන් අප දෙමාපියන් ගුරු සරු කම් දුන් පරිද්දෙන් දිවි දෙවැනි කොට රැක ගත් මාගේ පති වෘත්තාවෙහි බල මහිමය සැබෑ නම්[/FONT], [FONT=&quot]තාවතින්සාදියෙහි වෙසෙන සදෙව් ලෝ අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ මේ වෙයින බලා වදාර[/FONT], [FONT=&quot]ධූමේන්ද්‍රයන් සැණකින් නිෂ්ඨා සුවයෙහි පිහිටුවා ලන සේක්වා...![/FONT]"

    [FONT=&quot]අනාර්-කෙළී නම් මානවිකාවගේ පති වෘත්තා බල මහිමය කෙතරම් ද යත්[/FONT], [FONT=&quot]මේ සත්‍ය ක්‍රියාවෙන්මැ සදෙව් ලෝකාධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වෙසෙන් පාණ්ඩු කම්භල ශෛලාසනය රත්වැ ගියේ[/FONT], [FONT=&quot]ශක්‍ර දේවේන්ද්‍ර පශ්චාත් භාගය පිළිස්සී[/FONT], "[FONT=&quot]කා හට විපතක් වී දැයි[/FONT]" [FONT=&quot]මනු ලෝ සිසාරා බලන්නේ[/FONT], [FONT=&quot]සත්‍ය ක්‍රියාව දැක[/FONT], "[FONT=&quot]මේ ධූමේන්ද්‍රයෝ නම් උහුට හැකි සමයේ බලවත් පින් කම් කොට ඇත...මා මැ ගොස් මූ සුවපත් කරම්හ[/FONT]" [FONT=&quot]යැයි සිතා[/FONT], [FONT=&quot]ශක්‍ර ශ්‍රීය වළවාම්භිගාරයෙන් විජෘම්භණය කෙරෙමින් ආකාශ තළයෙන්[/FONT] "[FONT=&quot]නව්‍ය වූ ලෝකයට[/FONT]"[FONT=&quot]පාත් වී[/FONT], [FONT=&quot]යහනේ අසරණව වැද හොත් ධූමේන්ද්‍රයන්ගේ හිස සිය හස්තයෙන් පිරිමැද[/FONT], [FONT=&quot]ඒ හිස සුවපත් කොටැ[/FONT], [FONT=&quot]එමතු නොව[/FONT], [FONT=&quot]එහි කේශ කළාපයද පිහිටුවා[/FONT], [FONT=&quot]දඹදිවෙහි සුප්‍රකට ෂාරුක් ඛානයන් සතුවූ කෙස් කළඹ පරිදි කෙස් කෙළින් සිටුවා[/FONT], "[FONT=&quot]පුත[/FONT], [FONT=&quot]දැන් නැගී සිටුව..!...ඒ අනාර්-කෙළී නම් වූ මානවිකාවගේ පති වතෙහි බළ මහිමයෙන් තා සුව කළෙමැයි[/FONT]" [FONT=&quot]යළිත් ආකාශ තලයට පැන සිය දිව්‍ය භවනට වන්නේය....එවිට ඒ ආතුර වැ සිටි ධූමේන්ද්‍රයෝ නින්දෙන් පිබිදියාක් සේ දෙපයින් සිට ගත්තේයැ....[/FONT]

    [FONT=&quot]මේ ආශ්චර්යය දැක මහත් සේ සිත් පැහැදුණු උහු එන තෙක් නිදි වර්ජිතව බලා සිටි[/FONT], [FONT=&quot]ඒ දානවකාතිපතියාගේ කෙළ තොලු[/FONT], [FONT=&quot]කොලු කෙළි[/FONT], [FONT=&quot]දැසි දස් හු ප්‍රීතියෙන් ඉපිළ ගියේ[/FONT], [FONT=&quot]ඒ නව්‍ය වූ ලෝකය නම් ගිලානෝපස්ථාගාරය අසබඩ මහත් වූ ඝෝෂා කරමින්[/FONT], [FONT=&quot]රථ පෙළ ගන්වා[/FONT], [FONT=&quot]මාළු පාන් ඈ දඩමස් පාරේ යන දුගී[/FONT], [FONT=&quot]මගීන් හටද දිගු කොට දක්වා[/FONT], [FONT=&quot]කා පී සැණකෙළි කෙලින්නට වන්නාහ...එවිට[/FONT], [FONT=&quot]පර්වත ගුහා ද්වාරයෙන් ඉකුත් වන කේශර සිංහ රාජයෙකු පරිද්දෙන් ඒ ධූමේන්ද්‍රයෝ[/FONT], [FONT=&quot]කිසිදු ගිලානෝපදාවක ලකුණු ගත නැතිව[/FONT], [FONT=&quot]නව්‍ය ලෝකයෙන් නික්ම මහ පිරිස් මැද පෙරහරින් අවුත්[/FONT], [FONT=&quot]ඇතුළු නුවර බ්‍රහ්මටෝක්ස් මහ රජ මැදුරට වැදුණේය....[/FONT]

    [FONT=&quot]ඒ මහ රජ්ජුරුවන් වාන්සේද[/FONT], [FONT=&quot]තම දක්ෂිණ හස්තය බඳු වූ මේ දානවකාතිපතියා යළිදු මෙලෙස දෙපයින් නැගී තමන් වහන්සේ අභිමුඛයෙහි සිටගෙන සිටිනා අයුරු දැක මහත් වූ ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා යමින් උහු වැළඳ [/FONT]"[FONT=&quot]පුත[/FONT], [FONT=&quot]ඉදින් මෙයින් මතු යළිදු තොප මෙතෙක් කරමින් සිටි කර්මාන්තයෝමැ කරව....අප හට රජ සිරි තහවුරු වන්නේ තොප වැනි මානවකයන් නිසාම නොවේදැයි[/FONT]" [FONT=&quot]අසා උන් හට මහත් රාජ සත්කාර කරවූයේය... ( මෙතුවක් කල් මහ ජනයාගේ රාජ භක්ති පූර්වක විය පැහැදමෙන් කරවූ සත්කාරයන්ට අමතරව...)[/FONT]

    [FONT=&quot]එයින් මතු පුරා සොළොස් මසක් යන තෙක් එනුවර වැසි දානවකයන් හට ප්‍රීති පානාදියෙහි කිසිදු අග හිඟයක් නොවීය....උන් ගේ හිස මත වන් විදුලි බිල් ඈ සියල්ල උහු අමතක කොටැ[/FONT], [FONT=&quot]නුවර වස්සන්ගේ .. සමා වෙන්න....නුවර වැස්සන්ගේ පිනෙන් පහළ වූ ඒ රජ්ජුරුවන් වාන්සේ සහ උන් වාන්සේගේ දක්ෂිණ හස්තය සේ බැබළි[/FONT], [FONT=&quot]බැබළි හිඳුනා ඒ ධූමේන්ද්‍රයෝ ගැනම කථා පැවැත්වූහ.....[/FONT]



    ලිව්වේ මමනං නෙවේ e-mail එකකින් ආවෙ...ලියපු එකා කවුරු උනත් පට්ට වැඩකාරයෙක් !!!

    තොපි මෙ කථාවස්තුව මින්පෙර කියවාපියාහුනං මෙතැන රීපොස්ට් රීපොස්ට් නොගා පල
     

    Gold Decoder

    Member
    Feb 22, 2014
    55
    3
    0
    තොපි මෙ කථාවස්තුව මින්පෙර කියවාපියාහුනං මෙතැන රීපොස්ට් රීපොස්ට් නොගා පල :lol:

     

    waligamaya

    Well-known member
  • ඒ දානවාතිපතියා නැසෙනු දුටු උහු නැසූ අනෙක් දානවාතිපති වන ධූමේන්ද්‍ර නම් වූ දානවාදිපතියා "මා හට හිසට වෙඩි වන්නේයැ...ඉදින් මා නැතැයි" හිස අත බදා එතැනම වැද හොත්තේය....
    මේ ආශ්චර්යය දැක මහත් සේ සිත් පැහැදුණු උහු එන තෙක් නිදි වර්ජිතව බලා සිටි, ඒ දානවකාතිපතියාගේ කෙළ තොලු, කොලු කෙළි, දැසි දස් හු ප්‍රීතියෙන් ඉපිළ ගියේ, ඒ නව්‍ය වූ ලෝකය නම් ගිලානෝපස්ථාගාරය අසබඩ මහත් වූ ඝෝෂා කරමින්, රථ පෙළ ගන්වා, මාළු පාන් ඈ දඩමස් පාරේ යන දුගී, මගීන් හටද දිගු කොට දක්වා, කා පී සැණකෙළි කෙලින්නට වන්නාහ...එවිට, පර්වත ගුහා ද්වාරයෙන් ඉකුත් වන කේශර සිංහ රාජයෙකු පරිද්දෙන් ඒ ධූමේන්ද්‍රයෝ, කිසිදු ගිලානෝපදාවක ලකුණු ගත නැතිව, නව්‍ය ලෝකයෙන් නික්ම මහ පිරිස් මැද පෙරහරින් අවුත්, ඇතුළු නුවර බ්‍රහ්මටෝක්ස් මහ රජ මැදුරට වැදුණේය....

    :lol::lol::lol::lol::lol::lol::lol:
    rep++
     
    Last edited: