නංගි

අද පොත් මේසෙ අස් කර කර ඉන්නකොට පොත් අස්සෙ ගහල තිබිලා රුපියල් 827ක් හොයා ගත්තා.:rofl:ඒකත් සුලු පටු ගානක්යැ.:P:Pඇත්තටම සල්ලි කීයක් හරි හොයා ගන්න කියල තමයි පොත් මේසෙ අස් කලේ.:lol::lol::lol::lol:ඒ අස්සෙ පරණ කොල ගොඩක තිබිලා සමන් එදිරිමුණි ලියපු නියම කතාවක් හම්බවුනා.නංගි ගැන තමයි කතාව.:nerd:සමහරු නම් මේක කියවලත් ඇති කියවපු නැති අය එහෙනම් බලන්ටකො.:):)මේක නංගිලා ගැන කියල තියෙන කතාවක්.අපි වගේ අක්කලා ගැන නම් නෙමේ හොදේ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

ඔන්න එහෙනම් කතාව.:nerd:
මගේ නංගිගේ නම නංගිය.:rofl:ඇය මට වඩා බාලය.නංගි ස්ත්‍රියකි.:sorry:ඇය බැරි වෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලි ලෙස වෙනස් වේ.නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය.:lol::lol:ඒ නිසා ආච්චි නංගිට කියන්නේ හැට අම්මා කියාය.:rofl:නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙලය.හැබැයි ගදය.:Pතාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි.අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී.:growl::growl:ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.:lol:තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ නංගිටය.:sorry:ඇගේ හිසට ෂැම්පුද හිස්කබලට තෙල්ද අතේ හා පයේ ඇගිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස්ද ඇත.ඇයට ඇගිලි විස්සක් තිබුනේ හොද වෙලාවටය.:nerd::nerd::dull::dull:

බැරි වෙලාවත් ඇයට හැකරැල්ලෙකුගේ මෙන් කකුල් තිබුනා නම් තාත්තාට යන්න වෙන්නේ හොම්බෙන්‍ ය.:no:නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි.බෙල්ලට තව එකකි.අතට කකුලට බඩට පිටට ආදී සකලවිධ සර්වාංගයේ සියලු අවයව සදහා ඇයට ක්‍රීම් වර්ග ඇත.:frown:දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරි වී යෝගට් කියා කැවුණාය.:sorry::sorry:මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය.:growl:නංගිට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුණාට මට ඇත්තේ එක ක්‍රීම් වර්ගයකි.:)ඒ ශේවින් ක්‍රීම්‍ ය.මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගිගේ බේබි ක්‍රීම් ගා රැවුල කපා ගන්නෙමු.:eek::dull::dull:නංගිගේ බේබි ක්‍රීම් එක පසු පසද මාර කතාවක් තිබේ.:lol:බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය.පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේ දැයි මම දහ අතේ කල්පනා කළාහුය.:dull:අද කාලේ බේබිලා කොච්චර ලොකු දැයි මට අවසානයේ කල්පනා වී සිහි මුර්ජාවක්ද ඇති විය.:baffled::baffled:

අපි කැරට් කෑවාට නංගී කැරට් බොයි.:oo:මුං ඇට මුහුණේ ගායි.මී කිරි,දෙහි,අලිගැට පේර යනාදී ඕනෑම උලවුවක් ඇය මුහුණේ උලයි.:frown:කිටියා වඩාත්ම කැමති ඇගේ මූහුණේ යෝගට් හෝ මීකිරි ගානවටය.:eek:එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය.:shocked:එසේ වුවද තාත්තා ස්ටේශන් මාස්ටර් කෙනෙකු සේ හිද දුක් මහන්සියෙන් හරි හම්බකරගෙන එන හැම හත්තිලවුවම ඇය මුහුණේ ගායි.:oo:දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය.නමුත් එහි පිපිඤ්ඤා තිබුනේ නැත.:growl::growl:"කෝ අම්මේ පිපිඤ්ඤා?""නංගිගෙන් ඉල්ලගන්න."කාරණාව තේරුන්ණේ එවිටය.:sorry::sorry:බත් එක බෙදාගන දෙහි,රතු ළූනු,අමු මිරිස්,උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් දමා ගෙන නංගිගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිගානට දමා ගත යුතුය.අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිඤ්ඤා කෑවෝය.:growl::growl::rofl::rofl:

නංගී දිනපතා සැලූන් යයි.කලාතුරකින් පාසල් යයි.:lol:සැලූනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි.:sorry:අතේ පයේ මයිල් ස්මයිල් වන තුරු ෆර්ම් කරයි.:eek:කොණ්ඩය බිලිච් කරයි.තොල් රී කන්ඩිශන් කරයි.නංගීගේ මුහුණේ වලවල් නැත.ඇත්තේ ගොඩැලිය.:lol:සැලූනයේ අක්කා නංගිගේ මුහුණට පොටි දමයි.අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසීය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි.:dull::dull::baffled:

නංගීව කසාද බැන්දවීමට අවශ්‍ය දිනක පුවත්පත් වල පල කිරීමට අවශ්‍ය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කර ගෙන සිටිමි. :):):lol::lol::lol:

"රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි ගොබ්බ,මෝඩ,බයාදු,විලිබියකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතෙකු අසරණ වූ මවුපියන් සොයයි.වැන්දබු වූවාට කම් නැත.විහිලුවට නොලියන්න.මෙය ජීවිතය සම්භන්ධ බරපතල ගැටලුවකි.මීට අයියා....:rofl::rofl::P:P"

හුදෙක් රස වින්දනය සදහා පමණයි හොදේ.:):):)මේ වගේ නංගිලා ඉන්න වාසනාවන්ත අයියලා එහෙම ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල යන්න :lol::lol:
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,000
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    :cool::cool:
    11.gif
     
    • Like
    Reactions: TNHM

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එදිරිගේ සාටරේ නේද මේ? තරුණයා පත්තරේ තිබ්බේ ඒ දවස් වල...මට මතකයි මේ ආර්ටිකල් එකත්..හ්ම්ම්..ඉස්සර ආසාවෙන් කියෙව්වා මේවා :):)