නන්දුට රෙස්ට් - Nandu Rest
මෙ පදවැල සත්‍ය සිද්ධියක් මුල්කරගෙන කරන ලද්දකි. එනමුත් චරිතයන්හි නම් පමණක් වෙනසක් කර ඇත.
නිර්මාණය ඉවතලන කසල රැස් කරනා කුණු බක්කිය වටා ගෙතුනද කතාවස්තුව ගෙනහැර දක්වන් චරිත සෝචනීය පැතිකඩක් ගැන කියාපන්නේ නැද්ද?
ඔවුන් කුණු බක්කිය හාරා අවුස්සමින් එකතු කරන හිස් ඇලුමිනියම් කෑන්, කාඩ්බෝඩ්, පරණ පත්තර, ප්ලාස්ටික් නිෂ්පාදන ආදියෙන් ජීවත් වෙති. මෙ ඉවතලන දෑ රිසයිකල් කිරීමේ (ප්‍රතිචක්‍රකරණයේ) යෙදෙන ආයතන උපයෝගී කරගනී.
එකතු කරන්නන් කොටස් දෙකකි. රිසයිකල් කිරීමේ ආයතන හා ඒවාට සැපයුම් කරන ආයතන ඉවතලන අපද්‍රවය එක් කිරීම සඳහා පිරිස (නුපුහුණු කම්කරුවන්) සේවයේ යොදවාගනී. ඔවුන් ගෙවන ජීවිතයේ කටුකත්වය ලියන්න වචන මදිය.
අනෙක් කොටස වෙනත් රැකියාවන්වල යෙදෙමින් අමතර ආදායමක් ඉපයීමේ අරමුණින් කුණු බක්කි අවුස්සන අයවලුන්ය. මොවුන් රැස් කරන කොටස අනුව ලැබෙන මුදල නිසාම වෙහෙසෙති වෙලාවක්, පරිසර තත්වයන් ආදිය නොතකාම.
ඔවුන් මෙවන් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ දහසකුත් බලාපොරත්තු කරපින්නා ගෙන බව සැකයක් නැත. ඔවුන්ගේ දහඩිය කීදෙනෙකුගේ කුසගින්න පුරවනවා අද්ද? ඔවුන් මෙවන් දුකක් විඳින බව ඔවුන්ගේම ඈයෝ දනවාද සැකයකි. ඒත් අනුන්ට බරක් නොවී මහන්සියෙන් ලොකු බරක් ඇදගෙන යන්නෝ නොවෙත්ද?
මෙවන් පිරිස ඉංදියාව, පකිස්තනය, බංගලිදේශය, නේපාලය හා ලංකාව වැනි ආසියාතික රටවලින් ආ අසරණයින් පිරිසකි. සුවපහසුවේ හිඳිමින් මොවුන් දෙස බලා සුසුමක් පිට කිරීම හැර වෙන කරන්න දෙයක් නැත.
ඒත් සති තුනක පමණ සිට ඔවුන් දකින්නට නැත, ඔවුන් දෙස වේදනාවෙන් බැලූ දෙනෙත සමඟ කීරිගාන සිත තරඟ කරයි මට හිතේ.
අපිත් අසරණයි නන්දු...
(මෙය මැදපෙරදිග නගරයක් මුල් කරගෙන ලියන ලද්දකි - අතපසුවීම සකස් කරගන්න උපකාර කල දිලක්ෂිකා සොයුරියට තුතිය)

Last edited: