නන්දුට රෙස්ට් - Nandu Rest

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නන්දුට රෙස්ට් - Nandu Rest

t510mr.jpg


මෙ පදවැල සත්‍ය සිද්ධියක් මුල්කරගෙන කරන ලද්දකි. එනමුත් චරිතයන්හි නම් පමණක් වෙනසක් කර ඇත.

නිර්මාණය ඉවතලන කසල රැස් කරනා කුණු බක්කිය වටා ගෙතුනද කතාවස්තුව ගෙනහැර දක්වන් චරිත සෝචනීය පැතිකඩක් ගැන කියාපන්නේ නැද්ද?

ඔවුන් කුණු බක්කිය හාරා අවුස්සමින් එකතු කරන හිස් ඇලුමිනියම් කෑන්, කාඩ්බෝඩ්, පරණ පත්තර, ප්ලාස්ටික් නිෂ්පාදන ආදියෙන් ජීවත් වෙති. මෙ ඉවතලන දෑ රිසයිකල් කිරීමේ (ප්‍රතිචක්‍රකරණයේ) යෙදෙන ආයතන උපයෝගී කරගනී.

එකතු කරන්නන් කොටස් දෙකකි. රිසයිකල් කිරීමේ ආයතන හා ඒවාට සැපයුම් කරන ආයතන ඉවතලන අපද්‍රවය එක් කිරීම සඳහා පිරිස (නුපුහුණු කම්කරුවන්) සේවයේ යොදවාගනී. ඔවුන් ගෙවන ජීවිතයේ කටුකත්වය ලියන්න වචන මදිය.

අනෙක් කොටස වෙනත් රැකියාවන්වල යෙදෙමින් අමතර ආදායමක් ඉපයීමේ අරමුණින් කුණු බක්කි අවුස්සන අයවලුන්ය. මොවුන් රැස් කරන කොටස අනුව ලැබෙන මුදල නිසාම වෙහෙසෙති වෙලාවක්, පරිසර තත්වයන් ආදිය නොතකාම.

ඔවුන් මෙවන් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ දහසකුත් බලාපොරත්තු කරපින්නා ගෙන බව සැකයක් නැත. ඔවුන්ගේ දහඩිය කීදෙනෙකුගේ කුසගින්න පුරවනවා අද්ද? ඔවුන් මෙවන් දුකක් විඳින බව ඔවුන්ගේම ඈයෝ දනවාද සැකයකි. ඒත් අනුන්ට බරක් නොවී මහන්සියෙන් ලොකු බරක් ඇදගෙන යන්නෝ නොවෙත්ද?

මෙවන් පිරිස ඉංදියාව, පකිස්තනය, බංගලිදේශය, නේපාලය හා ලංකාව වැනි ආසියාතික රටවලින් ආ අසරණයින් පිරිසකි. සුවපහසුවේ හිඳිමින් මොවුන් දෙස බලා සුසුමක් පිට කිරීම හැර වෙන කරන්න දෙයක් නැත.

ඒත් සති තුනක පමණ සිට ඔවුන් දකින්නට නැත, ඔවුන් දෙස වේදනාවෙන් බැලූ දෙනෙත සමඟ කීරිගාන සිත තරඟ කරයි මට හිතේ.

අපිත් අසරණයි නන්දු...

(මෙය මැදපෙරදිග නගරයක් මුල් කරගෙන ලියන ලද්දකි - අතපසුවීම සකස් කරගන්න උපකාර කල දිලක්ෂිකා සොයුරියට තුතිය)
 
Last edited:
  • Like
Reactions: DiLakshika

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් අයියේ... අපිට සංවර්ධනය කියන එකත් එක්ක සමහර කැප කිරීම් කරන්න වෙනවා. නන්දුලාට රැකියාව නැති උනා කියලා ඒ කරලා තියෙන වැඩේ වැරදි කියලා කියන්න බැහැ.

    එතැනදි තමයි සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් වැදගත් වෙන්නෙ.

    හැමදාමත් වගේ අපි කවුරුවත් නොසිතන පැත්තකට අපව ගෙනිච්චට අයියට පින් !

    ජය !
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු නිර්මාණයකින් අදත් සමාජයේ අපි වැඩිය කතාබහ නොකරන මාතෘකාවක් වෙත අපේ අවධානය යොමු කලාට ඔබට ස්තුතියි
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කවදත් අපූරු අදහසක් ගෙනෙන ඔබ මෙවර වඩාත් නිර්ධන සමාජ පැලැන්තිය ගැන අපූරු අදහසක් අරන් ඇවිත්. අදහසත් පද පෙලත් අපූරුයි මිත්‍රයා.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    hamadama wage kawuruth nosithna pathikadak gana liyala. Kochchara lassanada? Jeevithaya gewanna kunu ekathu karana aya hama udema dakina mata me gana harima sanvedi vidiyata thamai huthune. Aththata diunu wena loke, thawa paththaka duka.Mehema thamai hama dema visadenne. Kenek bada purawa gannawa, anika hullanawa kanna nathiwa. Depaththama obata apuruwata hithata avith. obata Jaya!
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම හිතන විදියට ඔබ මෙය දකින්නට ඇත්තේ මැදපෙරදිග වෙන්න ඕනේ.....

    රටක් දියුණු වෙද්දී, අලුත් අලුත් ක්‍රමවේදයන් තුලින් නවමු මගට පිවිසෙද්දී නොදැනුවත්වම තව කී දෙනෙක් ගේ ජීවන මාර්ග ඇහැරෙනවද ....

    අපි නොදැක්ක...නොසිතුව තවත් සමාජ්යේ එක පැත්තක් ඔබේ වචනවලින් අපිටම.....ස්තුතියි බොහෝම සහෝ....

    ඔබේ මෙහෙවරට මගේ සුබ පැතුම්....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හරි පුදුම අදහස් ඔයාටත් එන්නෙ.

    ඇත්තටම සමාජයේ යම් පැතිකඩක් අපූරැ නිර්මාණයකට කැටි කර තියෙනවා.

    තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආසියාතික රටවල හා ඔබ කිව් පරිදි මැද පෙරදිග ඔය තත්වය බහුලව පෙනෙන්න හා දැනෙන්න තිබුනත් බටහිර රටවල ඔය තත්වය හාත්පසින්ම වෙනස්නේ...

    අර කියපු සංවර්ධිත සැලසුම් ක්‍රියාවලියට අනුව බටහිර රටවල අති නවීන තාක්ෂණයට අනුවනේ ඔය කුණු ටික වුනත් එකතු කරගෙන යන්නේ..

    ඉඳලා හිටලා මෙහෙත් (කැනඩාවෙත්) කුණු බක්කි අවුස්සන පිරිස් ඉන්නවා..කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නෑ.. ඇයි ඔතරම් දියුණු රටකත් එහෙම කරන්නේ කියලා..

    එතැන කුණු අවුස්සන හා එයින් ලබාගන්න වෙහෙසෙන අරමූණ අපේ පීඩිත ජනතාවට සාපේක්ෂව අහසට පොලොව වගේ වෙනස්...

    නමුත් පීඩිත පංතිය මෙහෙත් නැතුවා නොවෙයි...හැබැයි විරැකියාවෙන් යුතු ඔවුනට ජීවත් වෙන්න ඇවැසි මුදල් ප්‍රමාණයක් රජයෙන් මාස් පතා ලැබෙනවා. ඒකට සැලසුම් රජයෙන් ලබා දීලා තියෙනවා..

    මෙහේ මහල් නිවාසයක පිටත තබා ඇති කුණු container එකකට බැහැගෙන හොයන්නේ beer cans..ඕක කරන්නේ හිඟමනට හෝ නැති බැරි කමටම නෙවෙයි..ඔය කියන beer can එකකට මෙහේ penny10 ක් ලැබෙනවා(හරියට ශත 10ක් වගේ)..ඉතින් ඔය කියන කුණු container එකකින් ගොඩාරියක් beer cans අහුල ගන්න පුලුවන්..ඕක ගෙනිහින් beer store එකට දීලා ඒ ලැබෙන සල්ලිවලින් එතැනින්ම මොනවා හරි ගන්නවා බොන්න....

    අන්න එතැනයි වෙනස.. ආසියාකරයේ (අපේ රටත් ඇතුලුව) ඔය කුණු බක්කි ඇහිඳිම කරන්නේ තමන්ගේ දරු පවුලගේ බඩ වියත රැක දෙන්න . මෙහේ වෙන්නේ උදේ ඉඳන් නින්දට යනකන් තමන්ට හොඳටම බීලා වෙරි වෙන්න...අන්න එතැනයි වෙනස. මේ මිනිස් සමාජ දෙක හා එහි පවතින පාලන ක්‍රමවේදයන්ට අනුව තමයි අවසාන ප්‍රතිඵලය වෙනස් වෙලා තියෙන්නේ...

    අපේ පංතියේ එවුන් ගැන බිඳක් නිර්මානයෙන් එලි දක්වා ජනතාව දැනුවත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය...

    ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?? අපි කොහොමද දියුණු රටවල තත්වයට මෙය වෙනස් කර ගන්නේ හා එතැනට ලඟා වීමට සංවර්ධන සැලසුම් ගොඩ නගන්නේ??...එසේ නම් කුමන සාමාජීය හා දේශපාලන ක්‍රමයක් අප අනුගමනය කල යුතුද?? කුමන නායකත්වයකින් ඔය ඇති නැති පරතරයට ලඟම විසඳුම් ලබා ගත හැකිද?? එයට කෙතරම් කාලයක් අප තව බලා සිටිය යුතුද??

    ඔය ඉහත කී කරුණු නුවණැසින් විමසා බලන්න කියා මේ නිර්මානය තුලින් කෙලින්ම අපේ හදවත්වලට බල කර තිබෙනවා......

    ඔබට ජය....
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    sanwardhana kriyaawaliya ossei mei wagei dheiwal wenawa, eth prashne thiyenne podi podi rassa karagena edaaweila hoyagaththu minussunta yana ena man nathi wenawa mei dheiwal walin ... lassana mathrukwak , magen suba pathum ....
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala

    ඇත්ත අපි උදේ ඉඳන් රෑ වෙනකම් මිනිස්සු දුක් විඳින හැටි දකිනව තමයි..
    ඒත් දුක කියන එක සාපේක්ෂයි..
    එළියෙ ඉඳන් අපි දිහා බැලුවත් අපි සමාජෙ මොන ජොබ් එක කළත් අපිත් විඳින්නෙ පට්ට දුකක් තමයි,අපි ඒ දුක තව දෙයක් එක්ක සසඳලා සැපක් කියල සතුටු වෙනව...
    සසර දුක නොවැ මේ විඳින්නෙ...
    කවිය එළකිරි කිව්වා :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක කියෙව්වම අමරසිරි පීරිස් මහත්තයගේ සිංහල සිංදුවක් මතක් වුනා
    පාලමක් හැදුනාම ඔරු කරුවට දැනුණ දේ

    කවුරුවත් නෑ
    කවුරුවත් නෑ
    එගොඩට යන්නට
    මෙගොඩට එන්නට
    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුළට
    ලන්තෑරුම කෝ
    ඔහෙ තිබුණාවේ.......
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔව් අයියේ... අපිට සංවර්ධනය කියන එකත් එක්ක සමහර කැප කිරීම් කරන්න වෙනවා. නන්දුලාට රැකියාව නැති උනා කියලා ඒ කරලා තියෙන වැඩේ වැරදි කියලා කියන්න බැහැ.

    එතැනදි තමයි සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් වැදගත් වෙන්නෙ.

    හැමදාමත් වගේ අපි කවුරුවත් නොසිතන පැත්තකට අපව ගෙනිච්චට අයියට පින් !

    ජය !
    ඔව් ඔබ හරි, දියුණුව අවශ්‍යයි, රැකියා නැතිවෙනවා කියා එය මග හරින්න බැහැ.

    අධිකාරීන්ගේ අදහස අනුව මෙ පියවර පරිසර සංරක්ශණය හා අලංකාරකරණය නවීකරණය තුලින්. මගේ ෆ්ලැට් එක අසල තිබු පරණ කුණුබක්කි 4 දවසකට 6 වතාවක් විතර අරගෙන යන්න ලොරි ආවා. දැන් දවස් 3කට දෙවරක් විතර වගේ එන්නේ. ඉන්දන භාවිතය අඩුවීමෙන් කාබන් මුදාහැරීම අඩුවෙනවා (නින්දට වෙන හානිය මග හැරුනා!).

    ඒත් ඉවතලන දේවල ඇති රීසයිකල් කරත හැකි දේ මොන අන්දමට උපයොගී කරගන්නවාද සැකයකි බක්කියට වැටෙන දෑ කීතු කීතු වලට කැපෙයි නම්.

    මැද පෙරදිග රටවල් විදේශික ශ්‍රම බලකාය අඩුකරන පිලිවෙතක් අනුගමනය කරන්න පටන් ගෙන ඇත. එනිසා රැකියා පිලිබඳ ව ඔවුන් තැකීමක් කර යුතු නැත. තත්වය රහසක් නොවූවත් අපේ අධිකාරීන් මෙ ගැන නෙදන්නවා කියා කියන්න අමාරුයි.

    2000 වසර මුලදී මැදපෙරදිග රැකියාවේ නියුතු ලාංකිකයින් ගනන ලක්ෂ 5ක් පමණය, පසුගිය කලෙක පලවූ වාර්තාවක් අනුව ලක්ෂ 8ක් විය. ඒත් මෑතක පලවූ වාර්තාවක් එය දස ලක්ෂය ඉක්මවන බව කියයි.




    එතැනයි සැලසුමක් අවශ්‍ය වෙන්නෙ. එයයි මා සඳහන් කලේ අපිත් අසරණයි නන්දු...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරු නිර්මාණයකින් අදත් සමාජයේ අපි වැඩිය කතාබහ නොකරන මාතෘකාවක් වෙත අපේ අවධානය යොමු කලාට ඔබට ස්තුතියි
    බොහෝම ස්තුතියි කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම