නයි කතාවක් 🐍🐍🐍

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අද මාර වැඩක් උනා බං.. අපේ පහල ගෙදරට තඩි නයෙක් ඇවිත්..නයෙක් කිව්වට බිත්තර දාන්න ඉන්න තඩි හැපින්නියක්..අඩි 6කට කිට්ටුයි දිග. පහල ගෙදර මාමා ටික දවසක ඉදන් දැකලා තිබ්බා මූ ගේ වටේ කැරකෙනවා..කොහොමහරි අද උදේ මිදුල අතුගාලා ඉවර වෙලා කුණු ටික දාන්න බලනකොට එතන කණ්ඩියේ ගුලක් අස්සේ මූ ඉන්නවා දැකලා.. පස්සෙ අපේ තාත්ත අදුරන චමින්ද කියලා නයි අල්ලන අයියා කෙනෙක්ගෙ නම්බර් එක මට දුන්නාම මං කතා කරලා සිද්ධිය කිව්වා...මං නම් කලින් ‌පොර ගැන අහල තිබ්බෙ නෑ.. කතා කරපු ගමන් හරි මල්ලි බයික් එක අරන් එන්න මං එන්නං කිව්ව. ඉතිං මං ගිහින් එක්කරගෙන එනකොට නයා අතුරුදන්.

    ඒත් එයා වැඩේ අතෑරියෙ නෑ. අපි බලමු ඉන්නකො කියල එක පැත්තක ඉඳන් බතල ගාල පෑදුවා. හැම තැනම ගුල්. ඒ අතරෙ එයාගෙ විස්තරත් අහගත්ත.
    මේ වෙනකොට නයි 4700ක් විතර අල්ලල තියෙනව.
    අපේ ඉස්පිරිතාලෙ නාග දෂ්ඨන මරණ අඩුවෙන්න එයාගෙ මේ නිර්භීත උත්සහය හේතුවෙලා තියෙනව කියල වෛද්‍යවරුන් පවා කියල තියෙනව..
    පොලිසිය, ප්‍රකට මැනික් ව්‍යාපාරිකයො, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගමේ දන්න අඳුනන ගොඩක් දෙනා වෙනුවෙන් නොමසුරුව උදව් කරල තියෙනව.
    මේ අයියා මහල‌ොකු සල්ලිකාරයෙක් නෙමෙයි..පතල් වල වැඩට යන කෙනෙක්
    ඒත් මේ කෙනාගෙ විශේෂත්වය කියන්නෙ මේ නයි අල්ලන එකට කිසිම මුදලක් අය නොකිරන එකයි..
    මැනික් ව්‍යාපාරිකයන්ගෙන් වත් මුදලක් නොගන්න කොට තව ඒ ගැන කියන්න දෙයක් නෑනෙ.

    එයාගෙ මේ වැඩේ අරමුනු කීපයක් තියෙනව.
    එකක් මිනිස්සු බේර ගැනීම.අනෙක නයි බේර ගැනීම. පින් ලබා ගැනීම ත් එක අරමුනක්...
    අල්ලන සත්තු උඩවලව වනජීවී එකට බාර දෙනව. ඒකට විතරක් ප්‍රවාහන වියදමක් ගෙව්වොත් ඒක ගන්නව....
    එයාව උඩවලවෙ වන ජීවී එක හොඳට දන්නව...
    එයාගෙ මේ විශිෂ්ඨ කාර්යභාරය ජනාධිපතිවරු 3ක් අතින් ඇගයීමට ලක් වෙලා තියෙනව..
    ලංකාවෙ ඕනම කැලයක රැඳී සිටීමට හැකි පරිදි බලපත්‍රයක් හිමි අයෙක්..
    ඒ හැම⁣ටම වඩා සරල මනුස්සයෙක්...නිහතමානී චරිතයක්...

    ඉතිං ටික වෙලාවක් පස් ඉවත් කරන කොට නයා හම්බ වුනා..
    ඉතා පහසුවෙන් අල්ලල පෝර උරයකට දාගත්තෙ ගමේ අයටත් බලා ගන්න ඉඩ හැරල...ඊට පස්සෙ පෙට්ටියකට දාල ගෙදර අරන් ගියා දවල් වෙලා වන ජීවී එකට යනකල්..

    මම දැනටත් කල්පනා කරනව.. මේ හැකියාව මුදල් කරනවනම් කොයි තරම් සල්ලි හම්බ කරන්න හැකිද මිනිහෙකුට කියල...ඒත් සල්ලි තමන්ගේ සේවයට වඩා බොහොම පහලින් තියන්න පුලුවන් වන්නෙ විශිෂ්ඨ සමාජ සේවකයෙකුට පමනයි...එනයින් බලන කොට එයා සැබෑ සමාජ සේවකයෙක්මයි...

    දැන් අපි හැමෝයම පුදුම නිදහසක් දැනෙනව. ඒ නිදහස හදල දුන්නු මනුස්සයාට උපහාරයක් වෙන්නයි මේ ත්රෙඩ දැම්මෙ.
    රත්නුපර අවට අය ඕනෑම මෙවැනි හදිසි වෙලාවක කතා කරන්න. ඔහු ඔබේ උදව්වට ඒවි....

    0728556098
    0713432641

    උතුම් මනුෂ්‍යානෙනි. ඔබට පින් සිදු වේවා....! 🙏

    185476890_940889230063468_8253448000153024092_n.jpg

    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Ade supiri dial ekak ne ban
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Ade supiri dial ekak ne ban
    sirama charithyak u nam
    Respectable Human

    sira porak thma.
    eya kynne eyata hmduurwo kenk waramak dila tyenw kiyala.
    sira weddek.
    me wge minissu mita wda agaya krnn oni hri nam.

    Araya fail eka waha ganna kiyapu boru kathawak ehema newei kiyala hithana.
    terun ne bn. mkkd?
    ------ Post added on May 11, 2021 at 9:44 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනිත් සත්තු බේරන මිනිහෙක්ට වඩා සර්පයෙක් බේරන මිනිහෙක් අනිවා හොඳම ගණයේ හදවතක්.මොකද සර්පයෝ කියන්නේ හැමෝගෙම බයට පිලිකුලට ලක්වෙන සත්තු ජාතියක්.මමත් කවදාවත් සර්පයො මරන්න දෙන්නෙ නෑ.මම නම් බයයි.ඒත් කොහොම හරි අල්ලලා මිනිස්සු නැති තැනකට ගිහින් අතාරිනවා.යූටියුබ් එකේ හබරණ ජෙගන් කියලා චැනල් එකක් තියෙනවා.ඒකත් මේ වගේ අයිය කෙනෙක් කරන්නේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් හිතුවෙ නයා ගේ ඇතුලට ඇවිල්ල ගේ පුරාම ගිහින් ගැරේජ් එකටත් ගිහින් ගිය කතාව වෙන්න ඇති කියල.ගෙදර බඩු මොනාද තියෙන්නෙ කියල බලන්න ආවේ.

    මොනා උනත් සර්පයෝ මරන එක අනුමත කරන්න බෑ.එත් මිනිස්සු බය කරල තියෙන්නෙ ඉස්සර ඉදලම.ඒක නිසා මොකා අහු උනත් මරනවා