නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ

bball

Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Mahindatai uge roththatai, kade nogihin, oya moda logic walata hira une nethnm thawa minissu garu karanna thibba,

    Kagen hari ahala tyenawa Profata PhD eka iwara karanna giye 1.5 years kiyala. Weddek thamai ithin
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    R ප්‍රේමදාස ground එකේ light poles හයි කරන කාලේ එවට ඕනේ කරන calculations කරේ මේතුමා කියලා කොහෙදි හරි දැක්කා.
    මේක ඇත්තක්. මොකක් හරි කොලඹ කිට්ටුව ගඩොල් අල්ලන වැඩක් කරපු ගමන් රට බේරගන්න සීන් එකක් ඔලුවට ගහනව.ඊට පස්සෙ කොලඹට දෙන්න ගහපු ප්ලෑන කියාගෙන සිංහල ජාතියෙ පියා/ රට බේරගන්න විරුවා කියල හිතාගෙන සමයන් විහිලු කතා කියල ජෝකර් කෙනෙක් වෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    Molayak tibbata pissu hukannek ne? RIP
    මුගේ ඔය ජාතිකවාදී මතයට පරස්පර එකක් තමයි ඉස්සර තිබිල තියෙන්නේ සයන්ස් පැත්තට බර..
    වයසට ගියාම තමයි ඕක මාරු වෙලා තියෙන්නේ.
    මට මතකයි එකපාරක් දොර මඩලාවෙඩි කාලෝ ෆොන්සේකා කිව්වා ඔබතුමා කලින් කතා කරපු දේවල් ඇත්ත. දැන් කතා කරන දේවල් ඇත්ත නෙවෙයි වගේ කතාවක්. මූට මල පැන්නා ඒකට . :rofl:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අඩෝ බටහිරට බැන බැන ළමයි ඇමරිකාවේ යවලද ඉඳල තියෙන්නේ? මන් හිතුවේ මුගේ ටෝක්ස් වල හැටියට ළමයි පුරා විද්‍යා එකට දාන්න ඇති කියල.
    මෙ වගෙ එවුන් කරන්නෙ හෙල ජාතික අභීමාණය, හෙල යක්ක ජාන, පෙරදිග විද්යාව, හෙල වෙදකම වගෙ ටොපික්ස් කතා කරල මෙහෙ ඉන්න මොඩ සෙනග රවට්ටනව..

    හීනමානෙන් ඉන්න අපෙ සින්හලයොත් ඉතින් ඔය ටොපික්ස් වලට පස්ස්ට කැමතිනෙ. මොකද සුද්දොත් එක්ක මාර ජෙලස් නෙ අපෙ ගොඩයොන්ට

    ඊට පස්සෙ මෙයල රාජපක්ශ හරි එහෙම නැත්නම් උන්ගෙ ගොඩෙ ඉන්න වෙන මොකෙක් හරි දේසපාලුවෙක් එක්ක සෙට් වෙනව පස්සෙ උට ජක් එක ගහනව චන්දෙ ආවම ඌව ප්රොමොට් කරල උන චන්ද ටික ඇරන් දීල මොකක් හරි හොද පොස්ට් එකක් ඉල්ලගන්නව ඉල්ලගෙන හොද කුටීයක් බාගන්නවා

    ඊට පස්සෙ උන් සැප ගන්නව, මිනිස්සුන්ගෙ සල්ලි පිල්ලි ගහනව, බට්රහිර රට වලට යනව සැප විදින්න, තමන්ගෙ ලමයිනුත් යවනව බටහිර රටවලට

    ඔක තමයි අද රටෙ ඇත්ත තත්වෙ.


    මෙයාටත් උනෙ ඔකමයි
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මහාචාර්යය නලින් ද සිල්වා මට අනුව (නිර්මාල් කියන විදිහට) යුගයක නිර්මාතෘවරයෙක් තමයි. අපි කැම්පස් එකේ ඉන්න කාලේ නලීන්ගේ ගෝලයෝ මේසවල් උඩට නැගලා ජාතික චින්තනය ගැන කතා පවත්වනකොට අපි හිනා වුනා. ඒ උනාට පසු කාලෙක ඇත්තට හෝ බොරුවට ඒ මතවාදය රටේ පාලක පන්තියේ මතවාදය බවට පත්වුණා.
    දවසක් මං නැති තැනක මට හොඳටම දෙසා බානවා ආරංචි වෙලා මං එතනට අනාරාධිතව ගියා. ගිහින් ඉස්සරහා පේලියේම ඉඳගත්තා. මහාචාර්යතුමාට මළ පැන්නා. දත්මිටි කාලා, ගිරිය පුප්පලා මාව පෙන්නලා ඔහු කීවේ 'මේ ඉන්නේ බටහිර ගැත්තෙක්' කියලා. එහෙම කියලා ඔහු තම කතාව දිගටම කරගෙන කියාගෙන ගියා. මාවත් මගේ සිනමාවත් පතුරු ගැහුවා. මම ඔහුට උත්තර දෙන්න ගියේ නැහැ. ඒත් බටහිර ගැත්තෙක් කියලා මාව හඳුන්වපු එකට මට පිළිතුරක් තිබුණා. මං ස්ටේජ් එකට නැගලා ඒක කිව්වා.
    මං කිව්වේ මෙහෙම දෙයක්:
    "මං බටහිරට ගැති වෙනවා එක කාරණාවකදී. බටහිර විද්‍යාව විසින් හොයාගෙන, නිර්මාණය කර ඇති මෙවලම් විසින් මාව ශික්‍ෂණය කරනවා. උදාහරණයකට මගේ කටහඬ ශික්ෂණය කරනවා මේ මයික්‍රෆෝනය විසින්. මට ගිරිය පුප්පලා, අඩි පොළොවේ ගහලා කෑගහන්න ඕනේ නෑ. හෙමීට කතා කරපුවහම ඇති. මගේ කටහඬ මේ මයික්‍රෆෝනය විසින් උකහාගෙන, මේ Amplifiers වලින් වැඩි කරලා, speakers වලින් හැමෝටම අහන්න ඉඩ සලසනවා. professor නලින් වගේ කෑගහන්න ඕනේ නැහැ. " කියලා. ('සුළඟ එනු පිණිස' ‍ සිනමා පටය පිළිබඳ කැලණි සරසවියේ පැවැති සම්මන්ත්‍රණයේදී. )
    නිර්මාලුත් හිටියා ඒ සභාවේ. ඔහු එක්කත් පැටලුනා මට මතකයි . පස්සේ අපි හැමෝම සුහදව කතා කරලා තේ එහෙමත් බීලා තමයි විසිර ගියේ.
    මහාචාර්ය නලින් කවදාවත් මගේ චිත්‍රපටියක් බලලා නැහැ. ඒ උනාට විචාරය නං කරලා තියෙනවා ඇති තරම්. ඔහු කියන්නේ ඒවා විචාරය කරන්න බලන්න ඕනෑ නැහැ කියලා.
    ඒ උනාට ඒ කාලේ මාඝාත නාට්‍යයේ දර්ශනයකට ප්‍රධාන අමුත්තා විදිහට සහභාගි වුණා. සහභාගී වුණා විතරක් නෙවෙයි හොඳ කතාවකුත් කළා.
    කොහොම වුනත් නලීන්ද සිල්වා කියන්නේ තමන්ගේ විෂය, ගණිතය පිළිබඳව, විශේෂයෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව ප්‍රාමානික උගතෙක්. ස්වභාවධර්මයේදී 'නිවැරදි පිහිටීම' සහ 'නිවැරදි ප්‍රවේගය' යන්න එක්ව ගත්විට තේරුමක් නෑ.( exact position and exact velocity together, have no meaning in nature) කියලා දවසක් ඉගැන්නුවා . ඒ උනාට සුචරිත ගම්ලත් කියනවා වගේ සමාජ විද්‍යාවන් වගේ විෂයන්ට පැන්නහම පිස්සු කෙළිනවා.
    මහාචාර්ය නලීන්ද සිල්වා 'ඔබට සුභ ගමන්' කිව්වට වැඩක් නෑ. 'අපි ආයේ කවදාවත් හම්බවෙන්නේ නැහැ' කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා ඔහුට නිවන් සුවම ප්‍රාර්ථනා කරමු.

    Asoka Handagama

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,217
    113
    Nugegoda
    මහැදුරු නලින් ඒ කාලෙ හිටියෙ වාමාංශික පක්ෂ එක්ක. එතුමා ඒ කාලෙ දෙමළ ජනතාවගෙ නිජබිම් අයිතිය ගැන පවා ලිපි පළකර තිබුන මතකයි, පස්සෙ මතවාදී ගැටුම් නිසා යූ ටර්න් එකක් ගැහුව. මට නං මෙයයි වික්‍රමබාහුයි එකම කාසියෙ දෙපැත්ත වගේ උගතුන්. මොවුන්ගෙ උගත්කම ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ. වික්‍රමහාහුත් වමට සිග්නල් දාල දකුණට හරවන වැඩ කරේ. මෙයත් පුලුවන් තරම් බටහිරටම බැනල අන්තිමට බයිපාස් එකකුත් කරගෙන ඇමරිකාවෙම අන්ත්‍රා වුනා.

    2003 AL Applied mathematics පේපර් එක හැදුවෙ මෙයා කියල තිබුන. ඒ පේපර් එකේ මාකින් ස්කීම් එක බලපු ජනප්‍රිය සංයුත්ක ගණිත ගුරුවරයෙක් කියල තිබුන මේ පේපර් අසාර්ථක බවත්, එක හදපු මහචාර්ය වරයා උසස් පෙළ ඉහළින් සමත් වූ කෙනෙක් වීමට ඇති ඉඩ අඩු බව, මොකද උසස් පෙළ ඉහලින් සමත් වෙන ළමයෙක් ගැටලුව දිහා බලන බලන විදියට මේ පේපර් එක හදපු කෙනා බලල නෑ කියල. කොහොමත් ඒ පේපර් එකත් අවුල්.
    කොහොම වුනත් කාලෙකට කලින් මගෙ ලෝකයේ වීරයෙක් වෙච්ච තුමාට නිවන් සැප ලැබේවා.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    නලින් මට මුලින්ම මුණ ගැසුනේ කවදා දැයි මට මතක නැත. ඒ 1970 මැතිවරණයට පසුව ය. වික්‍රමබාහු හමු වූයේ ද ඒ කාලයේදී ය. මා එවකට නැවති සිටියේ අරුණාචලම් ශාලාවේ ය. විද්‍යා පීඨ ගුරුවරු දිවා ආහාරය සදහා ආසන්නයේ පිහිටි අරුණාචලම් සහ ජයතිලක ශාලාවලට පැමිණියෝ ය. අප කෑම ගත්තේ ප්‍රධාන භෝජන ශාලාවට පිටුපස කුඩා කාමරයක දී ය. හයි ටේබලය තිබුනේ මේ දෙක අතර ය. දිනෙක අරුණාචලම් ශාලාවේ නවාතැන් ගෙන සිටි විද්‍යා අංශ තරුණ කථිකාචාර්යවරයෙකු සමග පුළුල් නලලක් ඇති, කමිසයේ උඩ බොත්තම විවර කරගත් කෙනෙක් පැමිණ සිටියහ. "මේ ඩොක්ටර් නලින්, නලින් ද සිල්වා මැත්ස් එකේ". පොදු හැදින්වීමක් කෙරින. "ඔයාලගෙ පක්ෂෙ කෙනෙක්" මා වෙනුවෙන් විශේෂ හැදින්වීමක් කෙරින.
    එතැන් සිට අපි ආසන්න මිතුරන් මෙන්ම වසර දහයකට වඩා වැඩි කලක් දේශපාලන සගයන් ද වූහ. ඊට පසු අපි දෙදෙනම ජේම්ස් පීරිස් ශාලාව ට මාරු වීමු. 1971 ට ආසන්න මේ කාලයේ දී සමසමාජ අපට නිතර විවාදයනට පැටලෙන්ට වූයේ ජනතා විමුක්ති පෙරමුණ සමග ය. විවෘත විවාද තිබින. එයින් අමතක නොවන්නකි සංඝාරාමයේ තිබූ විවාදය. සමසමාජය වෙනුවෙන් සහභාගි වූයේ නලින් සහ මා ය. අපේ ආරක්ෂාවට ශිෂ්‍යයින් කිහිප දෙනෙක් පැමණ සිටියහ.
    මේ කාලයේ දී තමයි මහනුවර ලෝකලය තුළ පක්ෂ ලයින් එකට එරෙහි ඉගුරු කල්ලියක් ගොඩ නැගුනේ. එහි ජනප්‍රිය නායකයා වූයේ පොල් වික්කා ය. න්‍යායයාත්මක නායකත්වය සැපයූයේ ලාල් විජේනායක ය. වික්‍රමබාහු, නලින් සහ මම ක්‍රියාකළේ ඒ කල්ලිය සමග ය. පසුව නව සමසමාජ පක්ෂයේ න්‍යෂ්ටිය වූයේ එය ය.
    1970 ගණන් මැද නලින් සහ මම වසර දෙකක් පමණ ඕස්ට්‍රේලියාවේ ගත කෙරුවෙමු. නලින්, තමරා සහ ළහිරු සිටියේ මෙල්බර්න් වලය. රීටාත් මමත් සිටියේ සිඩ්නි නුවර ය. අපි එක් නිවාඩුවකට මෙල්බර්න් ගියෙමු. මේ වනවිට නසසප බිහිවී නොතිබුනද එය පක්ෂයක් ලෙස ක්‍රියා කළේ ය. පක්ෂයට මුද්‍රණාලයක් ගැන්මට අපි අරමුදලක් එකතු කළෙමු. ඊට ලොකුම දායකත්වය සැපයූවේ නලින් ය. 1977 දී පමණ අපි ලංකාවට පැමිණියෙමු. ඒ තමරාගේත් මගේත් අධ්‍යාපන කටයුතු මගදී නතර කරමිනි.
    නලින් මේ සමයේ දී මහනුවර නසසප නායකයා ලෙස ක්‍රියා කළේ ය. 1970 ගණන් අග නව සමසමාජ මධ්‍යම කාරක සභාවේ වාම ප්‍රවණතාවයට නායකත්වය දුන්නේ නලින් ය. නලින්ගේ කංඩායම වාම විරුද්ධ පක්ෂය ලෙස හැදින්විම නිවැරදි ය. පක්ෂයේ වෘත්තිය සමිති නායකයන් සිටියේ නලින් සමග ය. මා හිතන විධියට 1980 වර්ජනයේ පරාජය සමගය, දෙවන නලින් බිහිවන්නේ. මා දකින මේ සමාන්තරත්වය තුළ වුවද එය හේතුව ලෙස දැක්වීමට අකමැත්තෙමි. තව ලිවිය හැකි දෑ බොහෝ ය.
    නලින් වමෙන් ඉවතට ගමන් ගත්තේ එක්වර නොවේ. ඒ අතරතුර හේ අත් හදා බැලීම් කිහිපයක් කළ බව පමණක් මට කිව හැක.
    මහාචාර්ය නලින් ද සිල්වා ගේ අභාවය ගැන පුවත දැඩි කණගාටුව ගෙන දුන් පුවතක්. හොද මිතුරෙක්! තමරාට සහ පුතුන් දෙදෙනටත් දුවටත් මගේ සාතිශය සංවේගය!

    Sumanasiri Liyanage

     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113


    කාලෝ පොන්සේකා අරුව උස්සල පොලවේ ගැහුවා නේද බන් ? :lol:
    ------ Post added on May 3, 2024 at 12:34 AM
    හසන්ත : මෙතන පලවෙන්නෙ ස්වාධීන මත
    නලින්: නෑ මෙතන පලවෙන්න පරාධීන මත
    හසන්ත : ඔබ තුමා පලකරන්නෙත් පරාධීන මතද?
    නලීන් : නෑ මම කියන්නෙ ස්වාධීන මත
    හසන්ත:හරි ඉතිං ඔබතුමාට අවස්ථාව තියනවනෙ
    නලීන් : 😵‍💫🤯😵
     
    Last edited:
    • Like
    Reactions: waca

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.

    topkollek



    7AYbKU.jpg
     
    • Like
    Reactions: topkollek

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මුගේ ඔය ජාතිකවාදී මතයට පරස්පර එකක් තමයි ඉස්සර තිබිල තියෙන්නේ සයන්ස් පැත්තට බර..
    වයසට ගියාම තමයි ඕක මාරු වෙලා තියෙන්නේ.
    මට මතකයි එකපාරක් දොර මඩලාවෙඩි කාලෝ ෆොන්සේකා කිව්වා ඔබතුමා කලින් කතා කරපු දේවල් ඇත්ත. දැන් කතා කරන දේවල් ඇත්ත නෙවෙයි වගේ කතාවක්. මූට මල පැන්නා ඒකට . :rofl:
    "ඔබ කතා කරන දේවල් අලුත්, අලුත් දේවල් ඇත්ත නෑ, ඇත්ත දේවල් අලුත් නෑ" කියලා කිව්වේ.
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    පොර නෙවේ බන්. එක්කෝ edit එකක් නැත්නම් වෙන එකෙක්. පොර අඳින්නේ නියම ජාතික ඇඳුම. නියම ජාතික ඇඳුමේ අතේ කෙලවර ඔපෙන් තියෙන්නේ. google image search කරන බලපන් පොර ඇඳන් ඉන්න ඇඳුම. ඔකේ ඉන්නේ පොරගේ අතේ button එකක තියනවා. ඕක ජාතික ඇඳුම නෙවේ. දේශපාලකයෝ අඳින හොර ඇඳුම.
    මැරිච්ච මිනිස්සුන්ට බාල මඩ ගහන්න එපා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,311
    1
    13,227
    113
    Gotham City
    මහැදුරු නලින් ඒ කාලෙ හිටියෙ වාමාංශික පක්ෂ එක්ක. එතුමා ඒ කාලෙ දෙමළ ජනතාවගෙ නිජබිම් අයිතිය ගැන පවා ලිපි පළකර තිබුන මතකයි, පස්සෙ මතවාදී ගැටුම් නිසා යූ ටර්න් එකක් ගැහුව. මට නං මෙයයි වික්‍රමබාහුයි එකම කාසියෙ දෙපැත්ත වගේ උගතුන්. මොවුන්ගෙ උගත්කම ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ. වික්‍රමහාහුත් වමට සිග්නල් දාල දකුණට හරවන වැඩ කරේ. මෙයත් පුලුවන් තරම් බටහිරටම බැනල අන්තිමට බයිපාස් එකකුත් කරගෙන ඇමරිකාවෙම අන්ත්‍රා වුනා.

    2003 AL Applied mathematics පේපර් එක හැදුවෙ මෙයා කියල තිබුන. ඒ පේපර් එකේ මාකින් ස්කීම් එක බලපු ජනප්‍රිය සංයුත්ක ගණිත ගුරුවරයෙක් කියල තිබුන මේ පේපර් අසාර්ථක බවත්, එක හදපු මහචාර්ය වරයා උසස් පෙළ ඉහළින් සමත් වූ කෙනෙක් වීමට ඇති ඉඩ අඩු බව, මොකද උසස් පෙළ ඉහලින් සමත් වෙන ළමයෙක් ගැටලුව දිහා බලන බලන විදියට මේ පේපර් එක හදපු කෙනා බලල නෑ කියල. කොහොමත් ඒ පේපර් එකත් අවුල්.
    කොහොම වුනත් කාලෙකට කලින් මගෙ ලෝකයේ වීරයෙක් වෙච්ච තුමාට නිවන් සැප ලැබේවා.
    ඔය 2003 ඇප්ලයිඩ් පේපර් එක ගොඩාක් උන්ට අමාරූනා එ අවුරුද්දෙ.ලකුණු නැහැ ටොප් එවුන්ටත්. හේතුව මොකද ඒ ගණන් වල තිබ්බෙ එවලෙ හිතලා හදන්න මිසක් කට පාඩම් කරලාවත් මේ වගෙ ගාණක් අවොත් මෙහෙම හදන්න වගෙ පුරුදුවෙලා හදන්නවත් නෙමෙ. එහෙම පුරුදු වෙලා හදාපු සෙරොම ඒ අවුරුද්දෙ අනාථයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    පොර නෙවේ බන්. එක්කෝ edit එකක් නැත්නම් වෙන එකෙක්. පොර අඳින්නේ නියම ජාතික ඇඳුම. නියම ජාතික ඇඳුමේ අතේ කෙලවර ඔපෙන් තියෙන්නේ. google image search කරන බලපන් පොර ඇඳන් ඉන්න ඇඳුම. ඔකේ ඉන්නේ පොරගේ අතේ button එකක තියනවා. ඕක ජාතික ඇඳුම නෙවේ. දේශපාලකයෝ අඳින හොර ඇඳුම.
    මැරිච්ච මිනිස්සුන්ට බාල මඩ ගහන්න එපා.
    ඔය මයිනාගේ ගෙවල් පැත්තෙ ප්‍රිනිසිපල් කෙනෙක් කියල තමා ඒ දවස් වල කිව්වේ. ඔය මඩ වැඩේ කරේ පාටලී
     
    • Wow
    Reactions: kasun_kbp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මැරිච්ච මිනිස්සුන්ට බාල මඩ ගහන්න එපා.
    මට නම් මැරුනා කියලා කැරි වැඩ හොඳ වැඩ වෙන්නෙත් නෑ හොඳ වැඩ කැරි වැඩ වෙන්නෙත් නෑ.
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    මට නම් මැරුනා කියලා කැරි වැඩ හොඳ වැඩ වෙන්නෙත් නෑ හොඳ වැඩ කැරි වැඩ වෙන්නෙත් නෑ.
    ඔව්. දැන දැන මඩ ගැසීම නම් ඉතින් එහෙම වැඩක් තමා.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Mata mathakai dial eka AL liyana unta handi gaawila yanna paper ekak deela tibba 2000 mul kaaley

    මේකට දීපු උත්තර දන්නවද.. මට පේපර් එකට ප්‍රශ්න හදල දෙන්ඩ කීව මිසක් විනාඩි 20න් උත්තර ලියන්ඩ පුළුවන් ප්‍රශ්න හදන්ඩ කියල කව්රුත් කිවේ නෑ :baffled:

     
    • Haha
    Reactions: Sen-lu and xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    මේකට දීපු උත්තර දන්නවද.. මට පේපර් එකට ප්‍රශ්න හදල දෙන්ඩ කීව මිසක් විනාඩි 20න් උත්තර ලියන්ඩ පුළුවන් ප්‍රශ්න හදන්ඩ කියල කව්රුත් කිවේ නෑ :baffled:


    දැන් එතකොට උ පරශ්න හදන්නේ AL පෙපරේට කියල දැනගන ඉඳලම නැද්ද?