Ok
චිනයෙ ඇති සමාජවාදයක් නැ
පෙනවානෙ යාලුකකම
මෙන්න උබෙ සමාජවාදි චිනෙ ඉන්න බිලයනපතින්ගෙ ගනන් හිලව්
පින්තුරෙ කතාවත් එක්කලා කියවහන් !
චීන විප්ලවයෙන් පැන නැගි දෙමුහුන් රාජ්‍යය, විකෘති කම්කරු රාජ්‍යයක් ලෙස ගුනාංගීකරනය කලේය. අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කරමින්, ධනේශ්වර ඉඩම් හිමි පාලක පන්තිය පෙරලා දමමින් සහ ඉඩම් වල සහ නිශ්පාදනයේ පෞද්ගලික අයිතිය අහෝසි කරමින් අති දැවැන්ත සමාජ පරිවර්තනයක් එහිදී සිදුවිය. කෙසේවෙතත් 1917 රුසියානු විප්ලවයේදී මෙන් චීන විප්ලවය දේශපාලනිකව මෙහෙයවුන කම්කරු පන්තියක් විසින් කරන ලද්දක් නොවේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) යේ දේශපාලන දිශාවනතිය පිහිටා තිබුනේ “තනි රටේ සමාජවාදය” යන ප්රතිගාමී ස්ටැලින් වාදී සංකල්පය, ස්ටැලින්වාදී සෝවියට් නිලධරය විසින් රුසියන් විප්ලවය පාවා දීම සහ පසු කාලීනව සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානිය මතය. පටන් ගැන්මේ සිටම සීසීපී රාජ්‍ය මෙවලම ගොවි ජන හමුදාවක් මත රැඳෙමින් කම්කරු පන්තිය බලහත්කාරයෙන් මැඬ ලීය.
39. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් චීනය විකෘති කම්කරු රාජ්‍යයක් ලෙසට කල සමාජ විද්‍යාත්මක ගුනාංගීකරනය, දේශපාලන පුරෝකථනයක් අන්තර්ගත කරගනී. එක්කෝ කම්කරු පන්තිය දේශපාලන විප්ලවය ඉටුකර නිලධරය පෙරලා දමා කලාපයේ සහ ලෝකයේ කම්කරු පන්තිය සමග එක්සත්ව අව්‍යාජ සමාජවාදය සඳහා අරගලයට පෙරට ගෙන යා යුතුය, නැතහොත් සිය ජාතිකවාදී අධානග්රාහී වැඩපිලිවෙල මත පදනම්ව මා ඕ සේතුං ගේ නායකත්වය යටතේ නිලධරය, ධනවාදය පුනස්ථාපනය කරනු ඇත.
40. විප්ලවයෙන් ඉක්බිතිව චීනය, පසුගාමී ආර්ථිකයක් සහිත රටක් තුල කෙසේ වෙතත්, තනි රටක සීමාවන් තුලවත් විසඳිය නොහැකිවූ ආර්ථික ගැටලු මාලාවකින් දෙදරුම් කෑවේය. මෙම ගැටලු, 1958 මහා ඉදිරි පිම්ම හා 1966 ඊනියා සංස්කෘතික විප්ලවය දක්වා වූ සිදුවීම් වලින් සලකුනු කල, සීපීපී යාන්ත්‍රනය හා රාජ්‍යය තුල ගැටුම් මලාවකට තුඩු දුන්නේය. සිය ප්‍රතිවාදීන්ට එරෙහිව නිලධරය තුල ගෙනගිය අරගලයේදී සංස්කෘතික විප්ලවය දියත් කරමින් මාවෝ, කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන ඉල්ලීම් පෙරටුකොටගෙන මැදිහත් වීමට පටන් ගැනීමත් සමග, ඒවා පාගා දැමීම සඳහා හමුදාව මැදිහත්කරවීය. 1960 ගනන් මුල චීන-සෝවියට් මතභේදයන්ගෙන් පසුව බීජිනය, මොස්කෝව සමග වඩ වඩාත් කටුක ගැටුම් වලට මුහුනපෑ අතර එය, 1969 දේශසීමා ගැටුම් වලට තුඩු දුන්නේය. මෙම නැගී එන ආර්ථික හා මූලෝපායික උභතෝකෝටිකයන් විසඳා ගැනීමේ අටියෙන් මාඕ, 1972 එජ ජනාධිපති නික්සන් සමග පැවැත්වූ සාකච්ඡා තුලින්, අධිරාජ්‍යවාදය සමග යලි මිත්‍රත්වයක් කරා එලඹුනේය. එය, ධනේශ්වර පුනස්ථාපනය සඳහා අත්‍යවශ්‍ය දේශපාලන පදනම දැමූ පියවරක් විය.
41. 1978දී චීන පාලනය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සිය හවුල්කාරකම් ගැඹුරු කර ගනිමින් “උත්තරීතර නායක” ඩෙන් ෂියා ඕපින්, තියුනු සමාජ ගැටුම් ඇවිලවූ ඊනියා “වෙලඳපොල ප්රතිසංස්කරන” ඇරඹීය. ඉහල යන උද්ධමනයක් නිර්මානය කල ඩෙන්ගේ “නිදහස් වෙලඳපොල” වැඩ පිලිවෙලට, “යකඩ බත් පිඟාන” “තොටිල්ලේ සිට සුසානය තෙක්” නම් වූ නිවාස සම්පාදනය, සෞඛ්‍ය ආරක්ෂනය, අධ්‍යාපනය සහ විශ්‍රාම වැටුප් ඇතුලූ, ප්‍රධාන නගර වල කම්කරු පන්තියේ සමාජ සහන පද්ධතිය විනාශ කර දැමීම, ඇතුලත්විය. ඩෙන් ගේ වෙලඳපොල ප්රතිසංස්කරනයන්හි පිහිටෙන් මඩි තරකර ගත් සීසීපී නිලධරයේ වැඩි වැඩියෙන් පෙනෙන දූෂනයන් සමග එක්ව, සමාජ තත්වයන්ට ප්‍රහාර එල්ල කිරීම, පාලක කල්ලියට එරෙහිව පහලින් ආ නැගිටීමක් ඇතිකලේය. 1989 බීජිං ශිෂ්‍ය විරෝධතා වලින් ආරම්භයේදී ප්‍රකාශයට පත් වුන ගැඹුරුවන සමාජ කැලඹීම්, චීන කම්කරු පන්තියේ වඩා පුලුල් ව්‍යාපාරකින් මූර්තිමත් විය. තියනාන්මෙන් චතුරස්රයේ සමූල ඝාතනය තුලින් මෙම බලගතු ව්‍යාපාරය යටපත් කර දැමීමත්, සියලු ආකාරයේ ස්වාධීන සංවිධාන කඩා බිඳ දැමීමත් එල්ල කරගෙන කම්කරු පන්තියට එරෙහිව මාස ගනනක් දුරට ගිය පොලිස් මිලිටරි දඩයමක් තුලින් නිලධරය ඊට ප්‍රතිචාර දැක්වීය. එකල ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කල පරිදි භීෂන රැල්ලේ අරමුන වූයේ, පාලනය, ව්‍යාපාර සහ ආයෝජන සඳහා විවෘත බවත් කම්කරු පන්තිය විනයගත කිරීම කිසි ආකරයකින්වත් නොනවතන බවත් විදේශ ආයෝජකයන්ට පෙන්වා දීම මගින් පූර්න ධනපති පුනස්තාපනයකට මග සැලසීමය.
42. තියන්ආන්මෙන් සමූල ඝාතනය සමාජ ආතතීන් තාවකාලිකව මැඩලූ නමුත් එක දිගට උග්රවූ ආර්ථික අර්බූද, ස්ටැලින්වාදී නිලධරය තුල බල අරගලයක් අවුලුවාලූ අතර අවසානයේ එය විසඳුනේ 1991 සෝවියට් සංගමය විසුරුවීමෙන් පසුව පමනි. ඩෙන් ෂියා ඕපෙන් සිය 1992 “දකුනු දිග සංචාරය” යොදාගත්තේ, චීනය මුලුමනින්ම විදේශ ප්රාග්ධනයට විවෘත කිරීම ඇරඹීමේ වේදිකාවක් ලෙසය. එසේ නොවුන හොත් සීසීපී ද සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය ගත් මග ම ගනු ඇතැයි තර්ක කරමිනි.
43. කෙසේ වෙතත් ධනපති සූරාකෑම දැවැන්ත ලෙස පුලුල් වීම, මූලික ආර්ථික සහ සමාජ ප්රතිවිරෝධතා විසඳනවා වෙනුවට ඒවා තවත් උත්සන්න කලේය. සීසීපී නිලධරය රජය සතු දේපල කොල්ල කමින්, කම්කරු පන්තිය සුපිරි සූරා කෑමකින් ඉසුරුමත් වූ ධනපති පන්තියක් ඇතිකර තිබේ. දැවැන්ත ෆැක්ටරි සංකීර්න අබියස මිලියන 400ක තරම් කම්කරුවන් එක් රොක් වීම නිරන්තර තර්ජනයක් ජනිත කරයි. පොහොසතුන් සහ දුප්පතුන් අතර වැඩෙන සහ සදා පලල් වන සමාජ අගාධයක් පවතී. එක්සත් ජනපදය හැරුනු කල අන් ඕනෑම රටකට වඩා ඩොලර් බිලියන පතියන් සිටින රට චීනය වන නමුත් මිලියන 100කට වැඩි ජනකායක් දිනකට ඩොලර් 1.2ක් හෝ ඊට අඩු ප්රමානයකින් ජීවිතය ගැටගසා ගනිති. ඉතා ඉහල සමාජ ධ්රැවාන්තගතවීම, තියුනු වන සමාජ ආතතීන් අවුලුවන අතර ඒවා වර්ජන සහ විරෝධතා සංඛ්‍යාවේ වර්ධනයෙන් ප්‍රකාශයට පත්වේ. එලඹෙන යුගයේදී මේවා මිලියන ගනනින් කම්කරුවන් සහභාගී වන දැවැන්ත සමාජ සහ දේශපාලන අරගල ලෙස පුපුරා යනු ඇත.