නස්නයක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මචංලා,

    මේ දවස්වල හොදටම සෙම බන්
    උදේට නැගිටින්න බෑ, ඔලුව බරයි.
    නස්නයක් කරගන්න කියල බැලුවෙ.

    දන්න තැනක් තියෙනවනම් කියපල්ලකො.
    ගොඩක් පිං.

    (ගම්පොල ඉන්නෙ මේ දවස් වල.
    නුවර, කුන්ඩසාලෙ, කටුගස්තොට, වත්තේගම පැත්තෙ උනාටත් අව්ලක් නෑ)
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹ ගිය ගමන් නස්න කරන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා බෙහෙත් බොන්න දෙනවා. ඊට පස්සේ තමයි නස්නේ කරන්නේ. ඔය පැත්තේ ආයුර්වේදයක් හොයා ගනිම්.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ දවස් වල නස්න කරන්න එපා. වැහිබර කාලගුණයක් තියනකොට නස්න කරන්නේ නැහැ නියම විදිහට නම්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් ලංකාවේ මිනිස්සු වරද්ද ගත්ත තැන තමයි සෙම කියන්නේ රෝගයක් හැටියට සැලකීම. සෙම කියන්නේ රෝගයක් නොවන අතර මොලයෙන් සෙම නිකුත් කරන්න කියල පණිවිඩය දෙන්නේ යම්කිසි ආසධානයක් හෝ අසාත්මික තාවයක් හෝ වෙනයම් හේතුවක් හේතුභූත කොට ගෙන. සෙම කියන්නේ ශරීරයේ විෂබීජ නාශනය කරන්න එවන ශ්‍රාවයක්.


    ඉතින් සෙම බහුලව ශරීරයෙන් නිපදවනකොට අපිට අමාරුයි. හිසේ කුහර ඇතුලත තැන්පත් වෙනවා. එතකොට් තමයි ඔලුවේ බර ගතිය , හිස රුදාව සහ ශරීරය බැලන්ස් නොවෙන්නේ.



    ඉතින් අපේ මිනිස්සු හොයන්නේ නැහැ ඇයි සෙම වැඩි වෙන්න හේතුව කියලා. එතනදී බලන්න අනේ අපේ ශරීරයේ යම්කිසි අසාත්මික තාවයක් පවතිනවද කියලා. අන්න ඒ අසාත්මිකතාවයට ප්‍රතිකාර කරන්න ඕනේ. එවැනි තත්වයන්ට ප්‍රතිකාර ගන්නකොට අසාත්මික තාවයන් නැති වෙලා යනවා. එතකොට තවදුරටත් සෙම වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න ශරීරයට අවශ්‍යතාවයක් පැනනගින්නේ නැහැ. අපේ මිනිස්සු සෙම කියා කියා අරිෂ්ට වගේ දේවල් බොනවා. එවන් වෙන්නේ අක්මාව නරක් වෙන එක. අනෙක නස්නවල කෙරෙන්නේ උත්තේජනය කරලා සෙම යවන එක. උදාහරණයක් ලෙස ගම්මිරිස් කුඩු ස්වල්පයක් නාසයට අල්ලපන්. ( මා ගම්මිරිස් ඇල්ලීම අනුමත නොකරමි ) සෙම යනවා. එතකොට තවකාලික සහනයක් ලැබෙනවා. නමුත් පලක් නැහැ. අසාත්මිකතාවයට ප්‍රතිකාර නොකලොත් නැවතත් සෙම එනවා.


    ඇයි අපි අඩුව තියෙද්දී අත පුච්චා ගන්නේ. පලයන් මචන් රජයේ රෝහලට . නැත්නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නාපන්. එතැනදී ලබාදෙන ඇන්ටි බයෝටික්ස් නිවැරදිව කලට වෙලාවට සහ කෝස් එක ඉවර වෙනකම් බීපන්. තව අවශ්‍යනම් ඇලර්ජි ටෙස්ට් එකක් කරපන්.
     
    Last edited: