නාකි මයිනා මැදමුලනේ කොල්ලන්ව කොරියා යැව්වේ මෙහෙමයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    මගේ පුම්චි යහළුවෙ...!

    ඔන්න 2011 කියල එකෝමත් එක කාලෙක මං තුමාට රට රැකියාවකට ගිහින් ජීවිතේ ජයගන්ට ඕනි කියලා හිතිලා ටිකක් හොයල බලද්දි කොරියාවට යන එක නම් මරු කියලා දැනුන නිසා කොරියන් බාශාව ඉගනෙ ගන්ට ටියුෂන් ක්ලාස් එකකට යන්න පටන් ගත්තා.
    දැන් ඉතින් කොරියන් උණ..
    😂


    ඔන්න ක්ලාස් එකේ පළවෙනි දවස.. මාත් එක්ක තව දෙන්නයි. අපි තුන් දෙනාගෙ විස්තර එහෙම අහලා අපිට "කොරියන් හෝඩිය" කියලා දුන්න..අපි විනීතව ඒව ලියාගත්ත. දවසම ඒ අකුරු ටික විතරයි.

    ලබන සතියෙ ⁣එද්දි සම්පූර්ණ ගාස්තුව ගේන්න කීව මොකද ⁣තරමක් දුරට ඉගෙනගෙන නවතිනව ඒක ගුරුතුමාට පාඩු නිසා ලබන සතියෙ එද්දි මුළු මුදල අවශ්‍යමයි කීවා..

    හජ්ජෙයියනෙ රුපියල්ම පහලොස් දාහක්...
    😪

    යකෝ පහලොස් දාහක් තියෙනව නම් කොරියන් යනවැයි මං..
    😫
    කොහෙන් හොයන්නද එච්චර ලොකු ගාණක් එකපාර කියලා ගෙදර ඇවිත් අර අකුරු අමුනල එක එක වචන හදනවා මං තුමාගේ පියාණන්ගෙ, මෑනියන්ගේ, ගෙදර බල්ලාගේ , පූසගේ නම පවා කොරියන් වලින් ලියනවා..සතිය යද්දි අකුරු ටික කටපාඩම් හරිත.. ආය ඉතින් වතුර වගේ ඈ...
    😁


    ඔන්නොහෙ අදත් යං කියලා මං තුමා ඊලග දවසෙත් සල්ලි නැතුවම ක්ලාස් එකේ ගිහින් ඉඳගත්තා. ආයම අලුත් ළමයි 8 ක් ඉන්නවා.. දැන් ආයම අළුත් ළමයින්ට "කොරියන් හෝඩිය" උගන්වනව..අපි දෙවෙනි වතාවටත් ඒක අහගෙන ඉන්නවා.. දැන් නිකම් අපිට නම් කොරියන් අකුරු නතිං හරිද.
    😂
    ලග ඉන්න එකාට අකුරු උගන්වන්නෙ සර් නෙවෙයි මං තුමා හරිද...එච්චරට පුලුවන් දැං කොටින්ම කොරියන් කාරයෙක් ආවත් දැන් ඌටත් හෝඩිය උගන්නල යවන්නේ
    😂


    ඔන්න එදත් අළුත් ළමයි හිටිය නිසා අකුරු ටිකම උගන්නලා..ළමායි...ලබන සතියේ එද්දි සම්පූර්ණයෙන් ගාස්තුව ගේන්න පාලොස්දාහයි නැත්නම් එන්න එපා බ්ලා බ්ලා බ්ලා........ කථාව අහගෙන ගෙදර ආව. මට තේරුණා ලබන සතියෙනම් හිස් අතින් යන්න වෙන්නැ කියලා. ඒත් කොහේ තියෙන සල්ලිද යකෝ කජුඇටද කොස්ඇටද මුං ඇටද..??
    🥺


    අකුරු ටික දන්නවනේ. දැන් ස්වොත්සාහෙන් වචන අමුනලා බාසාව ඉගෙන ගෙන කොරියන් විභාගේ ලියලා කොරියාවට ගිහින් ජීවිතේ ජයගන්නවා කියලා දැඩි ලෙස අදිටන් කරගෙන ⁣මං තුමා ක්ලාස් යන එක නතර කරලා...
    😌

    ඔන්න දැන් ගෙදර ඉදල පාඩම් කරනවා. යූ ටියුබ් බලනවා. අකුරු බිත්තියෙ අලවනවා. එක එක විකාර කෝටියයි හරිද. ඒක හරිම විනෝදයි මගේ පුංචි යහළුවෙ..
    😂

    ඔය අතරේ අපෙ ගෙදෙට්ට එහා පැත්තෙ ඉන්න මං වගෙම කොරියන් උණ ගහපු පට්ට ඩෑල් එකක්ව අඳුරගන්න ලැබෙනවා.. හම්මටසිරි ඌට හොඳ දැනුම හරිද. තව Chanakaයි, Chathurangaයිත්, Nimanthakaයි අපෙ Nuwan බඩායි කට්ටියත් සෙට් වෙනව.. අර අපි සේරටම වඩා දැනුම තිබ්බ කොල්ලට අපි සාධාරණ නමක් දෙනවා..."ගුරු ජී" කියලා...
    😁
    🙏


    දැං අපි එකෙන්ම සීන් එකේ. පේපර් එකේ බලා ලිවීම ප්‍රශ්ණ 50 යි, අසා ලිවීම ප්‍රශ්න 50 යි කියලා අපි දැනගත්තා. ඔන්න කොලඹ දිහා ලොකු පොතක් තියනවලු ඒකෙ සම්පූර්ණයෙන් බලා ලිවීමට අදාල ප්‍රශ්න සහ උත්තර 1000 ක් සහ අසාලිවීමට අදාල ප්‍රශ්න සහ උත්තර 1000 ක් තියෙනව ලු කියලා අපිට ආරංචි උනා.

    අම්මටෟඩු ...ඒ කියන්නේ ඒ ප්‍රශ්න විතරක් 2000 සම්පූර්ණයෙන් කටපාඩම් කලොත් එක්සෑම් ගොඩනෙ
    😍
    ... කියලා අමාරුවෙන් සල්ලි හොයාගෙන රු 1000/= ගානෙ ඒ පොත් කීපෙකුත් ගෙන්නගෙන අපි හැමදාම රෑ 2- 3 වෙනකල් පාඩම් ඉතින්
    😂
    😂
    පාඩම් කිව්වට පහ හයක් ඉන්න තැන මොන පාඩම්ද චානකයගේ ඉස්සර හොටෙල් කථන්දරයි, චතුවගේ නුවර ගමේ කථන්දරයි, ඕව ⁣මේව කියෝ කියෝ ඉඳලා ගුරු ජී බැන්නම ඉඳල හිටලා පාඩමුත් කරනවා ඈ....
    😂
    😂
    😂


    අපි එක එක ක්‍රම වලට අර ප්‍රශ්න 2000 ම ඔලුවට දාගන්න ට්‍රයි කරනවා. රූප බලනවා. වචන බලනවා..අකුරු ගලපනවා.. රූප වල මොකක්හරි එකක් මතත තියාගන්න උත්සාහ කරනවා එකම විජ්ජුම්බරයයි...
    😂


    උඹලා හිනාවෙන්ඩ එපා යකෝ ඒක හිතපු තරම් ලේසි නැ. ඔලුව මඥ්ඥං කරගෙන අපි අර පොත කටපාඩම් කරනවා. බාසාව ඉගෙනිල්ල පැත්තකින් තියලා අපි අර ප්‍රශ්න 2000 මතත තියාගන්න විතරයි දැන් උත්සාහ කරන්නෙ..මොකද අපි වගේ උන්ට මෙහෙම එකපාට්ටම බාසාව ඉගෙනගන්නවා කියන එක අමාරු වැඩක් නෙවෙයි "ඒක කරන්න බැරි වැඩක්..."
    😑
    😑
    😑
    කියලා තෙරුම් ගිහින් තිබ්බෙ...
    😪
    😪
    😪
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    ඔයින් මෙයින් කුරුණෑගල ඇඩ්මිෂන් දෙන දවස ආව.. අපි දන්නවා අනිවාර්යයෙන් පට්ටම තරගයක් තියෙනව කියලා පරක්කු උනොත් නම් ඇඩ්මිශන් ගන්න හම්බෙන්නැ කියලා..සදුද දවසක දෙනවයි කියන්නෙ..අපි නරත වෙන්න බලාගෙනම ගියා ඉරිදා උදේ 8 වෙද්දි..ගේට්ටු වහල..සිකියුරිටි අහනව ඔය ළමයි මොකද අද ආවේ හෙටනේ ඇඩ්මිශන් දෙන්නේ කියල.. අපි කීව "ආ ඒ හෙට දෙන එක ගන්න තමයි අද ආවේ" කියලා.. අපි මුල්ම පස් දෙනා...හිතුව වගේම ඉරිද හවස් ⁣වෙද්දි 700 ක විතර පෝලිමක් සෙට් උනා..රෑත් එතනම ඉදලා පහුවදා ඉස්සලම ඇඩ්මිශන් එකත් අරන් හෙමීට ෂේප් එකේ මාරු උනා. පස්සෙ දැනගත්තා ඇඩ්මිශන් දීල තියෙන්නෙ 300 ක් කියලා. අපි පස් දෙනා ඉතා ප්‍රීතියෙන් නිවෙස් කරා පැමිණියා...
    😌


    ඊටත් පස්සෙ දින කීපෙකින් කොලඹ කොහේදෝ විදුහලක (නම මතක නැ දැන්)
    විභාග ශාලාවක අන්ඩර දෙමළ වලටත් වඩා අමාරු පේපර් එකකට හිරවෙලා පැයක් විතර ආත බූත නැතිව ඉඳලා දන්න ශිල්ප දාලා රවුම් ටික පාට පාට කරලා අපි ආවා. හැබැයි අපි භාශාව දන්නැති උනාට අපි ප්‍රැක්ටිස් කරපු ටෙක්නික්ස් ටිකෙන් ගොඩ යනවා කියලා දැනන් හිටියා..
    🤭
    😁


    ලකුණු බලල තිබ්බේ 161 න්...
    කන්ඩායමේ වැඩිම ලකුණු චතුවා 198 ක් අරන්....
    🤭
    🤭
    (කොරියන් ගිහින් ආව අයිය කෙනෙක් ඉස්සරහ පුටුවෙ හිටියා කියලා පස්සෙ කීවා
    🤫
    🤫
    🤗
    😂
    )
    ගුරු ජී 166 වගෙ මතක
    මං තුමා 163
    චානක 161
    චානකටයි , චතුවටයි කලින්ම යන්න අවස්ථාව ආවා...මටයි ගුරාටයි මෙඩිකල් , අරක මේක කිය කියා තව තිස්දාහක් විතර වියදම් කෙරෙව්වා..පලවෙනි මෙඩිකල් එකේ බර අනිවාර්යයෙන් 50kg තියෙන්න ඕනිලු හරිද... මගේ 47kg ඒ දවස් වල බර..
    😂

    ගුරාට නම් අවුලක් නැ ඌ හෙන සයිස්....
    මමයි ගුරයි එදා උදේම කුරුණෑගල ටවුන් එකෙන් බැහැලා මම විතරක් අමාරුවෙන් අර "ගල්බනිස්" ගෙඩි තුනක් ගිලලා වතුර බාල්දි එකහමාරක් විතර බීලා මෙඩිකල් එකට ගියා..

    Pass...
    😍
    බර 51 kg ක් වෙලා තිබුනා
    😂
    😂
    😂

    අවුරුද්දකට හමාරකට විතර පස්සේ
    "ගුරු ජී" ට ඔන්න ඇග්‍රිමන්ට් එක ආව..ඌත් ගියා...
    අනිවාර්යයෙන් එක්සෑම් පාස් නම් දේශපාලන බලපෑම් කිසිමදෙයක් නැතිව යන්න ලැබෙනවාමයි කියලා කියපු නිසා හිත හදාගෙන එන්න කියන හැම ටෙස්ට් එකකටම මාත් ගියා.. මොකද එතකොට රාජපක්ෂ ආන්ඩුව..අපෙ පරම්පරාවෙ එකෙක්වත් තියා ⁣අපෙ ගෙදර හිටිය බල්ලෙක්වත් ඕකුංට සපෝට් කලේ නැ කිසිමදාක...ඉතින් 2014 වෙනකල් විතර බලන් හිටියා හිටියා මට නම් ඇග්‍රීමන්ට් එකක් තියා කෝල් එකක්වත් ආවේ නැ..

    බැරිමතැන එක දවසක් මං ගියා බත්‍රමුල්ලෙ විදෙශ සේවා එකට..
    2011 බැජ් එකෙ පාස් අය දැන් නම් සේරම යවල තියෙන්නෙ මහත්තයා කියලා එතැන හිටිය ලස්නන නෝනා කෙනෙක් මට කීවා...
    "ඉතින් මට මේ වෙනකල් කොළ කෑල්ලක්වත්, කෝල් එකක්වත්, අඩුම මිස් කෝල් ඇලර්ට් එකක්වත් ආවෙ නෑනෙ මිස්..."
    😒

    මං කීවා....
    "වෙන්න බෑ කොහොමටවත්ම. ඉන්නකො මං සිස්ටම් එකෙන් බලන්නම්"
    🧐

    කියලා ඒ ලස්සන නෝනා කෙමේපීටරේ ගාව ඉඳගෙන මගෙ ID නම්බරේ අහලා සටපටස් සටපටස් ටුකුස් ටුකුස් ගාලා මොනාදෝ එබුවා. ඔබලා ....
    "චින්තක කරුණාරත්න.. ඔයාට ඇඩ්මිෂන් එක ඇවිත් තියෙන්නෙ 2013 පෙබරවාරි වල. ඔයා ඒකට අත්සන් කරලා ලංකාවෙන් ගිහින් තියෙන්නෙ අප්‍රේල් වල.. අවුරුදු පහකට..
    ඔයා මොකද මෙතන කරන්නෙ" කියලා මගෙන් ඇහුවා...
    " හෑ.... මං " ???
    🥴
    😳
    😳
    😳
    😳

    මං කීව නෙවෙයි කියවුනා.
    ලාවට වගේ වටපිට කළුවර වේගෙන, දාඩිය දාගෙන, ඇස් නිලංකාර වේගන එනව දැනුනා....!
    🥴
    🥴

    ඔව්...ඔයා ... දැන් ඉන්න ඕනි එහෙනෙ...ඔයා කොහොමද මෙතන ඉන්නෙ...
    😳
    😳
    ??
    ඇය ආයෙත් විමසුවා....
    "මිස් වෙන්න බෑ..ඇත්තටම මට යන්න ආවෙ නැ..චුට්ටක් බලන්න. එඩ්‍රස් එක චුට්ටක් බලන්න...එඩ්‍රස් එක...
    🙏
    මම ආයම කීවා..
    "හරි චුට්ටක් ඉන්න. ම්ම්ම්ම් ..............
    අංක .... ,මැදමුලන, වීරකැටිය......"
    ⚡
    ⚡

    .
    ..
    .
    .
    .
    .
    (තප්පර කීපයක්ද විනාඩි කීපයක්ද මං තක්බීර් වෙලා හිටියෙ කියලා මට අදටත් දන්නෑ....
    🥴
    )
    .
    .
    .
    .
    හරි මිස්...ගොඩක් ස්තූතියි..
    🙏
    😥
    😥

    මං කොටුවට ගිහින් අනුරාධපුර බස් එකක නැගලා ගෙදර ආවා....
    😑

    Chinthaka Karunarathne
    2022-08-09




    https://www.facebook.com/permalink....UFAycJQGzyKWmjmaQpgPJtqZyl&id=100077432874927
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oka issara hena prasidda deyak ne.... hamuduru kenekuth seen eke hitiyaa, salli gannawa korea wata geniyanawa.... mam danna kollkuth ahu unaa... lankawe un game gahanwa kiyala danna nisa korean hrd eken kalen kaaleta eka eka dewal introduce kare.... horen ena ewun halaa ganna anthimata unta oral test ekath daa ganna unaa...

    kohen horen giyath ethanin halenawa ne....
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Dan ohoma scene wenne nadda
    කොරියන් නම් දැන් එහෙන්ම සිලෙක්ට් කරලා නම උන්ගෙ වෙබ් එකේ දානවා
    මෙහේ අයට කරන්න හෙයක් නෑ

    නමුත් ජපන් යවන එක නම් වෙන්නෙ ඔය විදියට කියලා තමා ආරංචි
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය සින් එක මම දන්න එකෙක්ට උනා, උ හෙන ආසාවෙන් හිටියෙ, හොයල බලල්දිඩ් ඌ වෙනුවට එකෙක් ගිහින්, මම උ උනා නම් අරූව මරනවා, මර්ලා විදෙස සෙවා එකත් බ්ලාස්ට් කර්ලා, ඇමතිත් එලොව යවලා, මයිනාගෙ කරට පැටසුට් එකකින් පෑනල උවත් ඉවර කරලා දානවා,,

    වෙලාවට ඌට එම රට යන්න උන තිබ්බාට මට නෑ,,,
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මැදමුලනේ මහින්ද දන්න මමා කෙනෙක් දුවට රස්සාවක් ඉල්ලලා. මහින්ද මන්ත්‍රි කෙනෙක්ට කතා කරලා සුදුසුකම් බලලා රස්සාවක් දෙන්න කියලා. මැදමුලනේ ආපු වෙලාවක අර මාමා ඉදලා අහලා කොහොමද දැන් ගෙදර ප්‍රශ්න ඉවරද දුව රස්සාවට ගියා නේද කියලා. එතකොට ඒ මාමා කියලා දුවට නම් රස්සාව ලැබුනා රස්සාවට දෙන්න ගත්ත සල්ලි වලට තවම ණය ගෙවනවා කියලා. මහින්දට මල පැනලා පුටුවක් අරගෙන අර මන්ත්‍රීට ඇතෑරලා ගැහුවේ නැතෑ :lol: ඔය වගේ වටේ ඉදපු උන් තමයි ඇරියේ. කොරියන් සීනේ එකේ නම් උත්තර ටික මැසේජ් එකක් එනවා ෆොන් එකට. සීන් එකේ ඒ කාලේ හිටපු මන්ත්‍රී මලා මතක විදියට.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .

    ඔය එකක් .
    ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
    කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
    මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
    විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
    මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .

    දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
    .මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .