මන් අහපු දේට උත්තරයක් දීල නැනේ. එහෙම නැතුව මන් දෙවියෝ විශ්වාස කරනවද නැද්ද කියලා හොයන එක මේකට අදාල නෑ. මගේ පලවෙනි reply එක බලපු ගමන් ඕන එක්කෙනෙකුට හිතාගන්න පුළුවන් මන් දෙවියෝ විශ්වාස කරන්නේ නෑ කියලා.
ඔයාම ඔයාගේ post එකේ වැදගත් දෙයක් මතු කරලා තියෙනවා. 17 වන සියවසට කලින් ඉදන්ම පල්ලියේ මතයට හා නොපෙනෙන දෙවියෙක් කියපු දේට විරුද්ද මත ගෙනාපු විද්‍යාඥයන්ව මිත්යාදෘෂ්ටිකයෝ කරලා මරලා දැම්ම. ඒකාලේ හිටපු සමහර විද්‍යාඥයෝ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි පියවී ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාශයකින් කියලා කිව්වට ඒකාලේ මිත්යාදුෂ්ටික මත වල හිටපු මිනිස්සු සහ පල්ලි මේකට එකග වුනේ නෑ. microscope එක හොයාගත්තට පස්සේ විද්‍යාඥයන් විසින් පියවි ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවට පස්සේ තමයි හැමෝටම පිළිගන්න වුනේ මේ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනෙන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි ක්ෂුද්‍රජිවින්ගේ බලපෑම නිසා කියලා.
ඔයා අමතක කරලා තියෙන වැදගත්ම දේ තමයි විද්‍යාඥයන් ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා කිව්වේ අවුරුදු 6000 ක් පරණ ඝෘෂිවරු කියපු නිසාවත් පුස්කොල පොතක තිබුනු නිසාවත් නොපෙනෙන දෙවියෙක් රෑට ඇවිත් හීනෙන් කියපු නිසාවත් නෙමෙයි, තමන් පර්යේෂණ කරලා තමන් විසින් ගොඩනගා ගත්ත දැනුමෙන් තමයි එහෙම කිව්වේ.
මට ඔයාට කියන්න මගේ බුද්ධි මට්ටම මැන මැන ඉන්නවට වඩා ඔයාගේ ඔයාගේ බුද්ධිය පාවිච්චි කරලා ඇයි නාඩි වාක්‍යය බොරුවක් නොවෙන්නේ ඔප්පුකරන එක හෝ අරයා කිව්වා මෙයා කිව්වා, අර පොතේ තිබුනා, අවුරුදු 6000 ක් පරණ දේවල් ඒ නිසා මේක විශ්වාස කරන්න ඕනි වගේ දේවල් කියන්නේ නැතුව පිලිගන්න පුලුවන් තර්කයක් ගෙන්න ඇයි නාඩි වාක්‍යය ඇත්ත වෙන්නේ කියලා. අනික මේකට ආගමක් ගාවගන්න එක අනවශ්‍ය දෙයක්, එකත් ජෝතිෂය කාරයෝ අනිතිමට මොකවත් කියන්න නැතිවුනාම ආගම ඉස්සරහට දාලා හැන්ගෙනවා වගේ වැඩක්.
ඔයා මගෙන් දෙවියෝ විශ්වාස කරනවද කියලා අහපු නිසා මන් මෙහෙම අහන්නම්.
ඔයා දෙවියෝ විශ්වාස කරනවද ? ඒ මොන දෙවියවද ? අල්ලා කියලා දෙවියෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවද? ක්‍රිස්තියන් දෙවියවද ? හින්දු දෙවියෙක්වද ? ලංකාවට ආවේනික දෙවියෙක්ද ? එහෙමත් නැතිනම් සියුස්, පොසයිඩන් වගේ ග්‍රීක දෙවියෙක්වද ?
ඇයි ඒ දෙවියා ඇත්ත වෙලා අනිත් දෙවියෝ බොරු වෙන්නේ ?
මන් අහපු දේට උත්තරයක් දීල නැනේ. එහෙම නැතුව මන් දෙවියෝ විශ්වාස කරනවද නැද්ද කියලා හොයන එක මේකට අදාල නෑ. මගේ පලවෙනි reply එක බලපු ගමන් ඕන එක්කෙනෙකුට හිතාගන්න පුළුවන් මන් දෙවියෝ විශ්වාස කරන්නේ නෑ කියලා.
ඔයාම ඔයාගේ post එකේ වැදගත් දෙයක් මතු කරලා තියෙනවා. 17 වන සියවසට කලින් ඉදන්ම පල්ලියේ මතයට හා නොපෙනෙන දෙවියෙක් කියපු දේට විරුද්ද මත ගෙනාපු විද්‍යාඥයන්ව මිත්යාදෘෂ්ටිකයෝ කරලා මරලා දැම්ම. ඒකාලේ හිටපු සමහර විද්‍යාඥයෝ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි පියවී ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාශයකින් කියලා කිව්වට ඒකාලේ මිත්යාදුෂ්ටික මත වල හිටපු මිනිස්සු සහ පල්ලි මේකට එකග වුනේ නෑ. microscope එක හොයාගත්තට පස්සේ විද්‍යාඥයන් විසින් පියවි ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවට පස්සේ තමයි හැමෝටම පිළිගන්න වුනේ මේ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනෙන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි ක්ෂුද්‍රජිවින්ගේ බලපෑම නිසා කියලා.
ඔයා අමතක කරලා තියෙන වැදගත්ම දේ තමයි විද්‍යාඥයන් ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා කිව්වේ අවුරුදු 6000 ක් පරණ ඝෘෂිවරු කියපු නිසාවත් පුස්කොල පොතක තිබුනු නිසාවත් නොපෙනෙන දෙවියෙක් රෑට ඇවිත් හීනෙන් කියපු නිසාවත් නෙමෙයි, තමන් පර්යේෂණ කරලා තමන් විසින් ගොඩනගා ගත්ත දැනුමෙන් තමයි එහෙම කිව්වේ.
ඔයා මගෙන් දෙවියෝ විශ්වාස කරනවද කියලා අහපු නිසා මන් මෙහෙම අහන්නම්.
ඔයා දෙවියෝ විශ්වාස කරනවද ? ඒ මොන දෙවියවද ? අල්ලා කියලා දෙවියෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවද? ක්‍රිස්තියන් දෙවියවද ? හින්දු දෙවියෙක්වද ? ලංකාවට ආවේනික දෙවියෙක්ද ? එහෙමත් නැතිනම් සියුස්, පොසයිඩන් වගේ ග්‍රීක දෙවියෙක්වද ?
ඇයි ඒ දෙවියා ඇත්ත වෙලා අනිත් දෙවියෝ බොරු වෙන්නේ ?
විද්‍යාව කියන්නෙ එකක්. ආගම / සංස්කෘතිය කියන්නෙ තව එකක්. වෙන් කරලා තේරුම් ගන්න මචන්.
විද්‍යාත්මක ක්‍රමය කියන එකට ජාති බේද නෑ. ආගම බේද නෑ.
විද්‍යාව කියන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්ත දෙයක් කියල තමයි බටහිර විද්‍යාවෙන් අපිට උගන්නන්නේ..නමුත් ඒ දේම තමයි සිද්ධ නොවෙන්නෙත්..පොලොව ගෝලාකාරයි, පොලොව සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා කිව්වම ඒ දවස් වල පල්ලියෙන් කීදෙනෙක්ව එල්ලලා මැරුවද? ඒකට හේතුව උනේ පල්ලියේ ඉගැන්වීමට විරුද්ධ අදහසක් දැරීම විතරමයි..ඉතින් තවදුරටත් කියනවද විද්‍යාව, ආගමෙන් ස්වායත්තයි කියල?
නලින් ද සිල්වා, ඔහුගේ හැම දේශනයකම වගේ කියන්නෙත් ඔය දේම තමයි..මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙනවා, බටහිර විද්‍යාව සර්වසම්පූර්ණ,සර්ව සාධාරණ ස්වායත්ත දෙයක් කියල..ඊට විරුද්ධව හිතන එකා මෝඩයා, මිත්යාදෘෂ්ටිකයා කියලා...
ඔය දේම තමයි මීට සියවස් ගණනකට කලින් සිද්ධ උනේ..ඒකෙ ප්රගමනයක් තමයි දැන් සිද්ධ වෙන්නෙත්..සුද්දට ඕන උනේ පෙරදිග කලාපය තුල උන්ගේ ආගම පතුරුවන්න..ඒ සදහා උන් යුධ බලය පාවිච්චි කළා..දැන් කරන්නෙත් ඒ ටිකමයි..වෙනස තියෙන්නේ, යුධ බලය වෙනුවට උන්ගේ අධ්‍යාපනය යොදා ගන්න එක..
ඔය ගැලීලියෝ ලා පෘතුවිය කා වටෙද යන්නේ කියල හොයන්නත් කලින්, පෙරදිග හිටපු ඍෂිවරු නැකත් බැලීම පවා කළා..අපි දන්නවා, රාවනා රජු කාලේ අපේ රටේ හිටපු පුලතිසි කියන ඍෂිවරයා තමයි මුළු පෙරදිගටම වෙලාව ගණනය කලේ කියල..ඔහුගේ හෝරා යන්ත්‍රය තිබුනේ සීගිරි ගල මුදුනේ...ඒක වෙනම කියන්න ඕන කතාවක්...කොහොම හරි ඒ විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරලා නෙමෙයි පෙරදිග අය දැනුම ලබා ගත්තේ...අධ්‍යාත්මික බලයෙන්..පසුකාල වල පෙරදිගට ආපු සුද්දෝ මේ දේවල් දැනගත්තා...නමුත් උන්ගේ ආගම තුල,අධ්‍යාත්මික දේවල් වලට තැනක් තිබුනේ නෑ..උන්ට අධ්‍යාත්මික බලයක් තිබුනෙත් නෑ...ඉතින් තමන් පෙරදිගින් දැනගත්ත කරුණු විස්තර කරන්න උන්, උන්ගේම ප්‍රවාද හැදුවා...නිකන් සුරංගනා කතා වගේ..ඒ ක්‍රමය තමයි අද බටහිර විද්‍යාව කියල හදුන්වන්නේ...මොනවා හරි සිදුවීමක් දැක්කම, ඒක විස්තර කරන්න කතාවක් හදනවා..ඉලෙක්ටෝනය ගැන විතරක් මොන තරම් කතා ගොඩක් හදල තියෙනවද? එක කතාවක් බොරු වෙනකොට, ඒකට තව කතාවක් හදනවා..නමුත් කවදාවත් මොවුන් ප්රත්යක්ෂයෙන් ඒ දේ අවබෝද කරගෙන නෑ...නමුත් තවමත් අපේ වෙද මහත්වරු බෙහෙත් සීට්ටුවක් ලිව්වත්, අන්තිමට ලියන්නේ,'අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි' කියල..ඒ ප්රත්යක්ෂ දැනුම අපිට ලැබුනේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ..ඒක භාවිතා කිරීම නිසා ඇතිවන විශ්වාසය නිසා තමයි 'අත්දුටුවයි' කියල කියන්නේ..
බටහිර විද්‍යාව කියල තියෙන්නේ අන්තිමට කතා ගොඩක් විතරයි..අපිට ඉස්කෝල වල උගන්නනවා, ඒ සුරංගනා කතා විස්වාස කරපන් කියල..ඊට විරුද්ධව හිතන්න දෙන්නේ නෑ..
නලින් ද සිල්වා මේකට ගන්න හොදම උදාහරණ දෙක තමයි, ගුරුත්වාකර්ෂණය සහ ඉලෙක්ට්‍රොන..ඔහු අහනවා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපේ මොන ඉන්ද්රියටද කියල..නමුත් විද්‍යාත්මක ක්රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..)
නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් දැනෙන අවයවයක් නෑ..ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් හෝ අන්වීක්ෂයක් තුලින් දැකපු මිනිහෙක් මේ ලෝකේ නෑ..තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරයි...නමුත් අපිට කියනවා එහෙම තියෙනවා කියල විස්වාස කරපන් කියල..ඒ එක්කම අපේ දෙවියන් ගැන අවිස්වාස කරපන් කියල..නමුත් උන්ගේ යෝහොවා දෙවියන්ව විශ්වාස කරපන් කියල..ඉතින් ඔය කියන බටහිර විද්‍යාව, මොන තරම් පැටලුන , සුරංගනා කතාවක්ද කියල තේරෙන්නේ නැද්ද? මොන තරම් බටහිර විද්‍යාව, සර්ව සාධාරණද කියල තේරෙනවද?
මෙහෙම විද්‍යාඟයෝ කියන්නෙ නෑ මචන් උඹට බොරු කියලා තියෙන්නෙ කියපු කෙනෙක්. බටහිර රටවල සාමාන්‍ය මිනිස්සු දෙවියො විශ්වාස කරාට විද්‍යාඟයෝ ඒක අනුමත කරන්නෙ නෙ.
අන්න ආයිත් පාරක් විද්‍යාව හා සංස්කෘතිය / ආගම අතර වෙනස
In god we trust කියලා ගහන එකට මුල අන්ධ භක්තික මිනිස්සු. විද්‍යාඟයෝ නෙමෙයි. බටහිර ආගමෙයි , විද්‍යාව කියන එකෙයි වෙනස තේරුම් ගන්න
එතකොට මචන්, ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර හැම රටකම ඉන්නේ අන්ධ භාක්තිකයෝද? ඒවා පාලනය කරන්නෙත් එහෙනම් මිත්යාදෘෂ්ටිකයෝ...ඒත් කවුරුත් උන්ට මිත්යාදෘෂ්ටිකයෝ කියන්නේ නැත්තේ ඇයි? විශේෂයෙන් අපේ රටේ ඉන්න ප්රබුද්ධ කියල කියා ගන්න අය ඇයි කියන්නේ නැත්තේ බටහිර හැම රටකම ඉන්නේ මිත්යාදෘෂ්ටිකයෝ කියල? උන් අපි දෙවියෝ අදහන එකට විතරක් මිත්යාදෘෂ්ටිකයෝ කියල බනින්නේ ඇයි?
ඒකට හේතුව තමයි බටහිර දැනුමට තියෙන ගැති කම, බය සහ දීන බව..ඒ දේ එන්නේ විද්‍යාවෙන් නෙමෙයි...විද්‍යාවත් එක්ක එන සංස්කෘතික ආක්‍රමණයෙන්..බටහිර මිනිස්සු කරන සියල්ලම හරි කියල හිතන්න තමයි අපේ මනස හදල තියෙන්නේ..ඉතින් බටහිර විද්‍යාව, ආගමෙන් සංස්කෘතියෙන ස්වායත්ත වෙන්නේ කොහොමද? එහෙම ස්වායත්ත නම් මං කලින් කියපු විදිහට වෙන්නේ නෑ..
නිකමට හිතපන්, අපි රටේ මුදල් නෝට්ටු වල ගැහුවොත් "බුදු සරණයි..දෙවි පිහිටයි" කියල, මොනවයින් මොනවා වෙයි ද? මුලින්ම සර්වාගමික උණ තියෙන වාසු වගේ උන් කෑ ගහයි, එහෙම ගහනවා නම් "අල්ලා පිහිටයි, ජේසු පිහිටයි" කියලත් ගහන්න ඕන කියල..
දෙවෙනියට අර ප්රබුද්ධයෝ කියයි, මේවා මිත්‍යාදෘෂ්ටික වැඩ..අපි දෙවියෝ දැකල නෑ..ඒ නිසා එහෙම ගහන්න අයිතියක් නෑ කියල..නමුත් ඔය කවුරුවත් කියනවද ඩොලර් එකේ In God We Trust කියල ගහන එක, ඒ රටවල ඉන්න අනික ආගම් වල මිනිස්සුන්ගේ ආගමික නිදහසට බාධාවක් කියල? එහෙම නැත්නම් දෙවියෝ තවම විද්‍යාවෙන් හොයාගෙන නෑ...එතකන් ගහන්න බෑ කියල? ඔබාමා, කැමරන් කියන්නේ අන්ධ භක්තික මිත්යාදෘෂ්ටිකයෝ කියල?
උන් කරන දෙය හරි වෙන්නත්, ඒ දේම අපි කලොත් වැරදි වෙන්නත් හේතුව මොකක්ද? ඔය කියන විද්‍යාවට අනුව නම් ලෝකේ කොතැනක, මොන පුද්ගලයෙක් විද්‍යාත්මක පරීක්ෂණයක් කලත් එන ප්‍රතිඵලය සමාන වෙන්න ඕන නේ..ඒ නිසා නේ කියන්නේ විද්‍යාත්මක ක්‍රමය පුද්ගලයාගෙන් ස්වායත්තයි, අරව මේවා බයිලා කියන්නේ..එතකොට ඔය විද්‍යාත්මක ක්‍රමය අනුවම බැලුවොත්, උන් දෙවියෝ අදහනවා නම් අපි අදහන එක වැරදි වෙන්න විදිහක් නෑ නේ? මොකද විද්‍යාවෙන තාම දෙවියෝ දැකල නෑ...හරියට ඉලෙක්ට්‍රෝනය දැකල නෑ වගේ..ඉතින් දැකල නැති දෙයක් විස්වාස කරන්න උන්ට පුළුවන් නම් අපිට බැරි ඇයි?
මචන්, උබ පටලාගෙන තියෙන්නේ බටහිර විද්‍යාවයි පෙරදිග දැනුමයි..පෙරදිග විද්‍යාව කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන ඔබට කිසිම අවබෝධයක් නෑ වගේ..ඒ ගැන මට පුදුමයක් නෑ...අපේ රටේ ඉතිහාසය පවා මොන තරම් අමාරුවෙන්ද අච්චු පොත් වලට දාල තියෙන්නේ..ඉතින් තව අපේ මුතුන් මිත්තන්ට මෙහෙම දැනුමක් තිබුනා කියල වත් ඔය පොත් වලට දායි ද?..
සන්නායකයක් දිගේ විදුලිය ගලන එක පෙරදිග දැනුමක්ද බං? විදුලිය,මෝටරය වගේ කාර්මික විප්ලවය එක්ක ආපු හැම දෙයක්ම බටහිර දැනුමෙන් හදපු දේවල්..කොටින්ම කිව්වොත් අද අපි පාවිච්චි කරන හැම බඩුවක්ම බටහිර විද්‍යාව නිසා ඇති උන දෙයක්...
නමුත් තේරුම් ගන්න ඕන, මේ දෙක අතර වෙනස..18 වෙනි සියවසෙන් පස්සේ තමයි ඔය බටහිර විද්‍යාව කියන දෙය පෙරදිගට පටවන්නේ බලෙන්..ඒ ක්‍රිස්තියානි-මිෂනාරි අද්යාපනය තුලින්..ඒ මේ රට ඒ වෙනකොට සුද්දන්ගේ යටත් විජිතයක් වෙලා තිබුන නිසා..අපි විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු අනිත් පෙරදිග රටවලුත්..උන් ආවට පස්සේ, අපිට තිබුන අපේ දැනුම් පද්ධතිය, සම්පූර්ණයෙන්ම විනාස කළා. අපේ පුස්කොලපොත් ගිනි තිබ්බා..උන්ගේ දැනුම අපිට බලෙන් පැටෙව්වා..
නමුත්, උන් එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..එහෙම නැතුව සන්නායකයක විදුලිය යන එක නෙමෙයි..
මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...
මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක...
නමුත් ඒ දේ අපෙන් උදුරා ගත්තේ බටහිරින් ආපු සුද්දෝ...ඊට අමතරව උබ කියන චෝල ආක්‍රමණ වගේ ඒවා නිසා...
යෝධ ඇලේ ආනතිය, කිලෝමීටරයට මිලිමීටර් කිහිපයක් වෙන්න හදන විදිහ අපිට කියාදුන්නේ සුද්දෝ නෙමෙයි...අපිට ඒ දැනුම ලැබුනේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් ගෙන්...අන්න ඒ දැනුමට ආපසු යන්න තමයි නලින් ද සිල්වා මහත්තයා උත්සාහ කරන්නේ...ඒ දැනුම කවදාවත් පරිසරයෙන් ස්වායත්ත නෑ...මොකද ඒ දැනුම බැදිලා තියෙන්නේ බුදු දහමත් එක්ක..බුදු දහමේ ඉගැන්වෙන්නේ නෑ පරිසරය මැවී ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට පමණි කියල..ඒ නිසා අපේ පෙරදිග විද්‍යාවෙන් කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නෑ...නමුත් බටහිර චින්තනය තමයි සියලු සතුන්, ගස් වැල් තියෙන්නේ මිනිසාගේ පරිභෝජනයට කියන එක..ඉතින් උන්ගේ විද්‍යාව හැදිලා තියෙන්නෙත් ඊට සරිලන විදිහට..ඉතින් තවදුරටත් කියනවද, විද්‍යාව (පෙරදිග වේවා, බටහිර වේවා), ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්තයි කියල?
උබ කියන දෙවෙනි කරුණ තාර්කික නෑ බං..නිවුටන් ගුරුත්වාකර්ෂණය කියන කතාව ගොතනකන්, උඩ ඉදල පහලට වස්තු වැටුනේ නැද්ද? යෝධ ඇලේ වතුර ගලන්න පටන් ගත්තේ නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තට පස්සෙද? අන්න ඒකට තමයි බටහිර දැනුම කියන්නේ..උන් එක එක කතා ගොතල, නියම ඉදිරිපත් කරන්න අවුරුදු දහස් ගානකට කලින් අපිට ඒ අදාළ දේ සම්බන්ධයෙන් අපේම දැනුමක් තිබුනා..සීගිරියේ පහල තියෙන පොකුණු වලින් ඉහලට වතුර අරන් යන තාක්ෂණයක්, දැනුමක් අපිට තිබුනා...ඒක තමයි මචන් පෙරදිග දැනුම කියල අදහස් කලේ....එහෙම නැතුව සන්නායකයක ගලන විදුලිය නෙමෙයි...උබට මචන් බටහිර දැනුම හා පෙරදිග දැනුම කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන වැටහීමක් නෑ වගේ..ඒකයි ඉන්දියාවෙන් ආක්‍රමණය කලේ බටහිර දනුමෙන්ද, වෙඩිබෙහෙත්, ශල්‍යකර්ම ගැන අහල තියෙන්නේ..
ඔව් මචන්...විශ්වයේ පරිණාමය/ විශ්වය ඇති උන විදිහ ගැන තමන්ගේ ආචාර්ය උපාධිය කරපු මනුස්සයා කියනවා නම්, ඒක (විශ්වය ඇතිවීම ගැන දැනට තියෙන සංකල්පය) පට්ටපල් බොරුවක් කියල, ඊට විරුද්ධ වෙන අයට ඊට වඩා දැනුමක් තියෙන්න ඕන..
අපේ කැම්පස් වලින් ආවට ගියාට ආචාර්ය උපාධි දුන්නත් (එහෙම දෙනවා කියල මං කියන්නේ නෑ), එංගලන්තයේ reputed university එකකින් 1970 වගේ කාලෙක, එහෙම ආවට ගියාට P.hD දෙයි කියල හිතන්න පුළුවන් ද?
තමන් ඉගෙනගත්ත දේ බොරු කියල කියන්න කීයෙන් කී දෙනාටද කොන්දක් තියෙන්නේ?
විශ්වයේ ඇතිවීම ගැන තවමත් හරි මතයක් ඉදිරිපත් කරන්න බැරුව, බටහිර විද්‍යාඥයින් දගලද්දී, අපි ඒ ගැන මීට අවුරුදු 2,500 කටත් කලින් දැනගෙන හිටියා..බුදුන් වහන්සේ මේ ලෝකය ඇතිවීම ගැන කියල තියෙන්නේ අංගුත්තර සූත්‍රයේ පෘථිවි වග්ගයේ..ලෝකය විතරක් නෙමෙයි, ආහාස්සර බ්‍රහ්මලෝකයේ සිට ආපු ජීවීන්ගෙන් පෘතුවිය මත ජීවය ඇති උන විදිහ පවා විස්තර කරලා තියෙනවා..කැමති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න, මං සූත්‍රයේ ඊට අදාළ කොටසේ සිංහල පරිවර්තනය වීතරක් දාන්නම්..පිටු 13ක් තියෙනවා..
බටහිර විද්‍යාව මොන තරම් දියුණු උනත් ඔවුන්ට තාමත්, අපි අවුරුදු 2,500 කට කලින් දැනගත්ත දේ හොයාගන්න බැරි වෙලා තියෙනවා..
මොකක්ද ඒකට හේතුව????? ඇයි tv, planes, satellite හදපු විද්‍යාවට ඔය කියන විශ්වයේ ඇතිවීම කියන එකට theory එකක් (සුරංගනා කතාවක්) හදා ගන්න බැරි උනේ?
අන්න ඒකටත් එකම හේතුව තමයි, බටහිර විද්‍යාව, මුළුමනින් ම ඔවුන්ගේ සංස්කෘතිය, ක්‍රිස්තියානි - යුදෙවු චින්තනය මත පදනම් වෙලා තිබීම...(අපේ ප්රබුද්ධයෝ නෑ කියන්නෙත් ඒකමනේ)
මොන සොයාගැනීම්, මොන නව නිපැයුම් කලත්, ඔය බටහිර විද්‍යාව, එක තැනක හිර වෙනවා..එතනින් එහාට යන්න බෑ..ඒ හිර වෙන තැන තමයි, මනුෂ්‍යයන් හැර, වෙනත් ජීවීන්, නොපෙනෙන අවකාශයේ ඉන්නවා කියන දේ පිළිගැනීමට සිදු වීම..විද්‍යාව, ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමෙන් ස්වායත්ත නම් ඇයි බැරි, ඔය කියන හිඩැස පන්නන්න? නමුත් කවදාවත් ඒ දේ සිද්ධ වෙන්නේ නෑ...මොකද උන් පල්ලියේ ඉගැන්වීමට පිටින් හිතන්නේ නෑ...හිතන්න බයයි...හිතන්න දෙන්නේ නෑ..
නිකමට හරි ඔය කියන බටහිර විද්‍යාඥයෙක් හරි, අපේ රටේ මිනිහෙක් හරි, උන්ගේ ඔය cosmology ගැන තියෙන අන්තර්ජාතික ආයතනයට මතයක් ඉදිරිපත් කලොත්, මිනිසා පෘතුවියේ ඇති උනේ ආහාස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු ජීවීන්ගෙන් කියල......., මොනවා වෙයි ද? අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඒ ගැන...නමුත් ඔය ස්වාධීනයි කියන බටහිර විද්‍යාවට බැරි ඇයි එහෙම මතයක් අඩුම තරමේ ඉදිරිපත් කරන්න හරි ඉඩ දෙන්න? තේරෙනවා නේද බටහිර විද්‍යාව මොන තරම් පක්ෂග්රාහී, ක්‍රිස්තියානි-යුදෙවු චින්තනය එක්ක බැදිලා ද තියෙන්නේ කියල?
ඊට සමාන දෙයක් තමයි රජරට වකුගඩු රෝගයේදී උනෙත්..අවුරුදු 20 ක් තිස්සේ විද්‍යාත්මක පරීක්ෂණ කර කර හේතු හෙව්වා...විසදුමක් නෑ...අන්තිමට නාථ දෙවියන්ගේ මාර්ගයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් ලැබුන දැනුමෙන් එකට විසදුම ඉදිරිපත් කලාම, ඒක පිලි ගන්නෙත් නෑ..මොකද බටහිර විද්‍යාවෙන අපේ මනසට කාන්දු කරවන දෙයක් තමයි, ඊට වඩා විද්‍යාවක් ලෝකේ නෑ...බටහිර විද්‍යාවට බැරි නම් කිසිම විද්‍යාවකට බෑ, කියන මතය..
ඒ නිසාම තමයි, බටහිර විද්‍යාවේ astral body එක ගැන මොන මොන පරීක්ෂණ කලත්, මිනිහෙක් මැරුණට පස්සේ වෙන දේ ගැන හිතන්නවත් බැරි...මොකද අර කියන හිඩසෙදී, බටහිර විද්‍යාව හිර වෙනවා...එතනින් එහාට යන්න බෑ...
there is air in space, but you cant see it. it does not mean there is no air in space.

there is allah in space, but you cant see it. it does not mean there is no allah in space.![]()