නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
කව්රු හරි අපතයෙක් බලන්ගොඩ හාමුදුරුවෝ උන් වහන්සේ අපවත් වෙලත් ගොඩක් කල් ගියාම කිව්වා කියල වල් පල් ටිකක් ගොතලා දැම්මම අපේ උන් ඒකෙ ඇත්ත නැත්ත නොදැන උන් වහන්සේට බනිනවා. මේක මට නම් පේන්නේ උන් වහන්සේගේ නම විකුණලා අපේ දේවාල ගානේ කපුවෝ ගානේ යන උන්ව අන්දලා ගාන කඩා ගන්ට ගොතපු කතාවක් වෙන්ටත් පුළුවන්.

ඇත්ත නැත්ත නොදැන නිකන් පව් පුරවා ගන්නවා .

:yes::yes:
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විශ්ව ශක්‌තියේ බලය ගන්න ප්‍රාණයාම භාවනාව

    විශ්ව ශක්‌තියේ බලය ගන්න ප්‍රාණයාම භාවනා

    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 11


    යෝගීන්ගේ ශක්‌තිය අවදි කළ භාවනා ක්‍රමයක්‌ ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියෝ දෙසති




    "ඇයි බණ්‌ඩාරනායක පවුලේ තව තරුණ කාන්තාවන් ඉන්නවනේ. ඒ කෙනෙක්‌ වෙන්න බැරිද"? දයාරත්න මහතා මානවසිංහ මහතාගෙන් පෙරළා ඇසීය.

    මේ කතාබහ උපේක්‌ෂා සහගතව බලා සිටි නාහිමියෝ,

    "මම මේ එක කරුණක්‌ කීවම මේ ඇත්තෝ මෙහෙම වාද විවාද කරනවා නම්, මුළු විස්‌තරයම මහජනයා දැනගත්තොත් මොන තත්ත්වයක්‌ ඇතිවෙයි ද කියලයි මම කල්පනා කෙරුවේ" නාහිමියෝ සිනහමුසු මුහුණින් යුතුව පැවසූහ.

    "සමාවෙන්න අපේ හාමුදුරුවනේ, අපට මේ ආරංචිය අදහාගන්න බැරි තරම්, සමාවෙන්න හාමුදුරුවනේ".

    දයාරත්න මහතා ආයාචනාත්මකව පැවසීය.

    "ඒ තරුණ කාන්තාව එක්‌කල තරගයට එන්නේ කවුරු කියලද කියෑවුණේ අපේ හාමුදුරුවනේ"? මානවසිංහ මහතා නැවතත් ඇසීය.

    "කියෑවුණ හැටියට නං තලත්තෑනි කාන්තාවක්‌ විදිහටයි විස්‌තර වුණේ" නාහිමියෝ කීහ.

    "අනුමානයක්‌ නෑ අම්මයි දුවයි තමයි තරග කරන්නේ" දයාරත්න මහතා සිහින් හඬින් කළ ප්‍රකාශය මට ද ඇසුනි.
    "කවුරු දිනයි කියල ද කියෑවුණේ අපේ හාමුදුරුවනේ"? දයාරත්න මහතා නාහිමියන්ගෙන් විමසීය.
    "විස්‌තර වුණ හැටියට නං තරුණ කාන්තාවට විශිෂ්ට ජයක්‌ ලැබෙනවා විතරක්‌ නෙවෙයි ඇය කර්මානුරූපව ඇයට හිමි පූර්ණකාලයම බලයේ ඉන්නවා කියලයි කියෑවුණේ" නාහිමියෝ පැවසූහ.

    "ඊට පස්‌සේ බලයට එන අය පිළිබඳවත් ඔබ වහන්සේ දන්නවා ඇතිනේද අපේ හාමුදුරුවනේ"?
    ඒ ගැනත් අපි විස්‌තර දැනගන්න කැමතියි හාමුදුරුවනේ. දයාරත්න මහතා විමසීය.
    "මීළඟට බලයට එන දෙදෙනෙක්‌ ගැන කියෑවුණා.

    ඉන් එක්‌කෙනෙක්‌ බලවත් ප්‍රභූ පවුලක තරුණයෙක්‌ අනෙක්‌ තැනැත්තා ස්‌කන්ධ කුමාර අඩවියේ ප්‍රභූ පවුලක තරුණයෙක්‌ හැටියටයි හැඳින්වුණේ" නාහිමියෝ පැවසූහ.
    "මට හිතෙන්නේ අනුරයි, මහින්දයි කියලා" මානවසිංහ මහතා දයාරත්න මහතාට සෙමින් පැවසීය.

    "මටත් හිතුනා" දයාරත්න මහතා සෙමින් කීය.

    "අපේ හාමුදුරුවනේ, මේ දෙන්නගෙන් කවුද බලයට එන්නේ කියලා කියෑවුණේ නැද්ද හාමුදුරුවනේ? මානවසිංහ මහතා පැවසීය.
    "පැහැදිලිව කියෑවුණේ නෑ. ඒත් කියෑවුණු විස්‌තරය මෙහෙමයි.

    පළමු ප්‍රභූ තරුණයාට බලයට එන්න තියෙන අවස්‌ථාව වැඩියි.

    ඒත් ඔහුට පෙර භවයක සිදුකර ඇති අකුසල කර්මයක කොටසක්‌ තවම ඉතිරිවෙලා තියෙනවා. ඒවාට නිසි පුද පූජා වත්පිළිවෙත් කළහොත් ඒ තැනැත්තා අනිවාර්යයෙන්ම බලයට එනවා.
    එසේ නොකළහොත් අනෙක්‌ තැනැත්තා නිසැකයෙන්ම බලයට එනවා කියලා සඳහන් වුණා.
    පළමුවැන්නා තමන් ගන්නා තීරණය උඩයි සියල්ල ර¹ පවතින්නේ". නාහිමියෝ පැවසූහ.

    "බලයට එන තැනැත්තා ගැන කොහොමද අපේ හාමුදුරුවනේ විස්‌තර කියෑවුණේ?" දයාරත්න මහතා විමසීය.

    "කියෑවුණේ මෙහෙමයි. ඒ තැනැත්තා විස්‌මිත ජයක්‌ ලබනවා කියලයි කියෑවුණේ".

    "විස්‌මිත ජයක්‌ ලබනවා කියල කියන කතාව ඔබ වහන්සේ මොන විදිහටද තේරුම් ගත්තේ අපේ හාමුදුරුවනේ" මානවසිංහ මහතා විමසීය.
    "ඒක මටත් පැහැදිලි නෑ. මම ඒ ගැන තුන් ආකාරයකට තේරුම් ගත්තා.
    එක්‌කෝ මේ ඇත්තා අති විශාල ඡන්ද ප්‍රමාණයකින් දිනනවා.

    නැත්තං ඉතා සුළු සොච්චම් ඡන්ද ප්‍රමාණයකින් දිනනවා.

    එහෙමත් නැත්තං ඩිංගිරි බණ්‌ඩා උන්නැහේ වගේ තරගයක්‌ නැතිවම බලයට එනවා කියලයි මම තේරුම් ගත්තේ."
    උන්වහන්සේ ප්‍රකාශ කළ රාජ්‍ය නායකත්වයන් ඒ අයුරින්ම සිදුවිය.
    මානවසිංහ මහතා එක්‌තරා රාජ්‍ය නායකයකු පිළිබඳව දීර්ඝ ලෙස විමසූ විට නාහිමියන් දුන් පිළිතුරෙන් අපි වික්‌ෂිප්ත වීමු.

    "මං එතුමා ගැන විස්‌තර දිගින් දිගටම විමසුවේ නෑ. වඩක්‌ නැති නිසා.

    හේතුව ඒ කාලේ වෙන කොට අපි හතර දෙනාගෙන් තුන් දෙනෙක්‌ම මේ භවය අතහැරල ගිහිල්ලා."

    අපි තුන්දෙනා එකිනෙකාගේ මුහුණ බැලුවේ විමතියෙනි
    නාහිමියන් සිනහසෙමින්,

    "ඇයි භය වුණාද? මරණය කියන්නේ පංචස්‌කන්ධයෙන් විඥනය බැහැර වෙලා යන එකටනේ. සංසාරයේ අපි අවුරුදු කෙළ කෝටි ගණනක්‌ තිස්‌සේ ලබාපු අත්දැකීමක්‌නේ මරණය කියන්නේ.

    පංචස්‌කන්ධය අත්හරිමින් විඥනය නැවත නැවතත් ගමන් කරන එකටනේ මරණය කියන්නේ.

    දයාරත්න මහත්තයට නං ප්‍රශ්නයක්‌ නෑ. උන්නැහේ නං දැනටමත් එගොඩ වෙන පියවර කීපයක්‌ ඉවරයිනේ. මානවසිංහ මහත්තයට නම් විශ්‍රාම වැටුපක්‌ තියෙනව. මුන්නැහේට තමයි ප්‍රශ්නේ" උන්වහන්සේ මා දිහා බලමින් පැවසූහ.ආපසු කොළඹ එන අතරතුර අපි මේ ගැන කතා කෙළෙමු.මෙම විස්‌තරය නාහිමියන් අපවත් වනතුරු කිසිම ලෙසකින්වත් හෙළි නොකිරීමට අපි තීරණය කළෙමු.
    අපේ මරණය ගැන උන්වහන්සේ දැනගත්තේ කෙසේද?
    අතීතය, වර්තමානය, අනාගතය, දැකීමේ ඥනය නාහිමියන්ට ඇති බවක්‌, තමන්ට ද බොහෝ අවස්‌ථාවල හැඟුනු බව දයාරත්න මහතා පැවසීය.

    මීළඟ ලෝක යුද්ධයේදී අතම් නම් උපකරණයක්‌ පාවිච්චි කරනු ලබන බවත් මෙය සමහරක්‌ විට වර්තමානයේ නිෂ්පාදනය කර ඇති අන්තර් මිසයිල උපකරණයක්‌ ලෙස තමන්වහන්සේ තේරුම්ගත් බව නාහිමියෝ පැවසූහ.

    ඉන් ලංකාවට හානියක්‌ නොවන බවත් නාඩි වාක්‍ය තුළින් කියෑවුණු බව පැවසූ නාහිමියෝ තවත් වැදගත් කරුණක්‌ ද හෙළි කළහ.

    එනම් මෙරට රාජ්‍ය නායකයකුට විශ්ව කීර්ති සම්මානයක්‌ හිමිවන බව ද ඒ සඳහා එකී රාජ්‍ය නායකයා විසින් කළ යුතුව ඇති පූජාවන් දෙකක්‌ ඇතැයි ද නාහිමියෝ පැවසූහ.
    එය ප්‍රසිද්ධියේ හෙළි කිරීමට අපේක්‌ෂා නොකරන නමුත් තමන් අපවත්වීමට පළමු එම විස්‌තරය සුදුසු තැනැත්තෙකුට හෙළිකරන බව ද පැවසූහ.

    බලංගොඩ සිට කොළඹට අප ළගා වන විට රාත්‍රි 10 ට පමණ විය. රාත්‍රියේ බස්‌ සේවා නොමැති නිසා මා එදින රාත්‍රිය ගත කළේ කෝට්‌ටේ පිහිටි දයාරත්න මහතාගේ නිවසේය. රාත්‍රි ආහාරයෙන් පසු මා වෙනුවෙන් සූදානම් කර තිබූ කාමරයේ ඇෙදහි දිගාවී සිටින විට දයාරත්න මහතා කාමරයට පැමිණියේය.

    "මං ආවේ අඩුපාඩු මොනවත් තියෙනවද කියල බලන්න" යි දයාරත්න මහතා සිනහසෙමින් කීය.

    " මොකුත්ම අඩුපාඩුවක්‌ නෑ. මං දයාගෙන් අහන්ඩ හිටියේ අර නායක හාමුදුරුවෝ කීව කතාව ගැන, දයා නං එගොඩවෙලා කීව කතාවේ තේරුම මොකක්‌ද" ?ඔහු ඇෙද් පසෙකින් වාඩි විය.
    " මං නායක හාමුදුරුවෝ හම්බවෙන්න ගියේ ප්‍රාණයාම භාවනාව ගැන උපදෙස්‌ ලබා ගන්න."

    " මං නං ප්‍රාණයාම භාවනාව ගැන මොකුත්ම දන්නෙ නෑ" මම කීවෙමි.

    "ප්‍රාණයාම භාවනාව කියන්නේ හිමාලයේ පුරාණයේ සිටි ඝෘෂිවරුන්, දැන් ඉන්න යෝගීන්, පුරුදු පුහුණු කරන භාවනා ක්‍රමයක්‌. නායක හාමුදුරුවෝ ඉන්දියාවේදී මේ භාවනා ක්‍රමය පුරුදුවෙලා තියෙනව.

    මේ භාවනා ක්‍රමයෙන් කෙරෙන්නේ අපේ ශරීරයෙ තියෙන චක්‍ර අවදි කරන එක. එම භාවනා ක්‍රමයට අනුව අපේ ශරීරයේ චක්‍ර හතක්‌ තියෙනවා. අපේ කොඳු ඇට පේළියේ අන්තිම පුරුකේ විශාල ශක්‌ති ප්‍රවාහයක්‌ රැදිල තියෙනවා. හරියට සර්පයෙක්‌, ඔර්ලෝසුවේ දුන්න වගේ.

    මේ භාවනා ක්‍රමය පුහුණු කරන කොට අර සැගවිලා තියෙන ශක්‌තිය උඩට මතුවෙනවා. ශරීරයේ තැන් තැන් වල තියෙන ශක්‌තිය ඉහළට මතුවෙලා එනවා. ශරීරයේ විවිධ තැන්වල තියෙන චක්‍ර අවදි වෙනවා."

    "මේ ශක්‌තිය කොදු ඇට පෙළ වටේ ඉහළට ඇදෙනවා. චක්‍ර හතම අවදිවුනාම අන්තිමට "කුණ්‌ඩලනී ශක්‌තිය" ලැබෙනවා.

    ඒ කියන්නේ තමන් විශ්වයට එකතු වුණා කියන එකයි. කුණ්‌ඩලනී ශක්‌තිය ලැබෙන කොට ඒ තැනැත්තාගේ හිස්‌ මුදුනින් විශාල ශක්‌ති කදම්භයක්‌ විශ්වයට එකතු වෙනවා. එතකොට ඔහුට විශ්වය හා සම්බන්ධ සියලු ධර්මතාවයන් අවබෝධ වෙනවා."
    " නායක හාමුදුරුවෝ මේ භාවනාවේ ප්‍රතිඵල ලබාගෙන තිබුණද දයා"?

    " මට කීව හැටියට නං උන්නාන්සේ හයවැනි චක්‍රය දක්‌වා භාවනාව දියුණු කරල තියෙනවා. කුණ්‌ඩලනී ශක්‌තිය ලබා ගන්න උනන්දු වෙලා නෑ. එහෙම වුණොත් උන්නාන්සේගේ ප්‍රාර්ථනාවට හානියක්‌ වෙන හින්දා"
    " ප්‍රාර්ථනාව කිවව"?" උන්වහන්සේ බුදු බව පතන බෝධිසත්වයාණන් වහන්සේ නමක්‌.

    ප්‍රාණයාම භාවනා ක්‍රමය බෞද්ධ භාවනා (ආනාපාන සති භවනා) ක්‍රමයට බොහෝ දුරට කිට්‌ටුයි, සමානයි."

    "මේ ප්‍රශ්නය අහනවට සමාවෙන්න, මේ භාවනා ක්‍රමයෙන් දයා ලබාගත්ත ප්‍රතිඵල එහෙම තියෙනවද"?

    "සාමාන්‍යයෙන් යෝගියෙකුගෙන් මේ වගේ ප්‍රශ්න අහන එක සුදුසු නැහැ."

    " මට සමාවෙන්න."

    " ඒත් මේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න එක හරි නෑ. හේතුව මෛත්‍රී මේ ගැන හොයන කෙනෙක්‌ හින්දා.මං විස්‌තර කියන්නං."

    " මෙම ක්‍රමය අනුව භාවනා කරන කොට දකුණු නාස්‌ පුඩුව මහපටැඟිල්ලෙන් වසා ගෙන වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ඇතුලට ගන්නවා.ඊට පස්‌සෙ දකුණු නාස්‌ පුඩුවෙන් හුස්‌ම පිටකරනවා.

    ඊළගට වම් නාස්‌ පුඩුව මහපටැගිල්ලෙන් වසා ගෙන දකුණු නාස්‌ පුඩුවෙන් හුස්‌ම ඇතුළට ගන්නවා.මේ විදිහට හත් වතාවක්‌ නොකඩවා මෙම ව්‍යායාමය කරගෙන යා යුතුයි.
    ඒ අතරතුර අවස්‌ථාවන් තියෙනවා. හුස්‌ම රදවා ගන්නා ක්‍රමයක්‌ පිළිබදව. ඒ අවස්‌ථා හදුන්වන්නේ, පූරක කුම්භක , රේචක, කියල. මේවා ගැන දීර්ඝ වශයෙන් විස්‌තර කියන්න තියෙනවා. ඒත් දැන් වේලාව නෙවෙයි. මේ චක්‍ර වලින් පහක්‌ම දැන් මගේ අවදිවෙලා තියෙන්නේ. ඒකයි නායක හාමුදුරුවෝ අර කතාව කියන්න ඇත්තේ."

    මෛත්‍රී මගේ උගුර දෙපැත්තට ඇගිල්ල තියන්න. මම එසේ කළෙමි.

    දයාරත්න මහතා තත්පර කීපයක්‌ දෑස පියාගෙන සිටියේය. එතෙක්‌ නිසලව තිබූ දයාරත්න මහතාගේ උගුර දෙපැත්ත චලනය වන බව මගේ ඇගිලි වලට දැනිණ. විනාඩි දෙක තුනක්‌ම මෙම අත්දැකීම මම ලැබුවෙමි.

    "තව සති දෙක තුනකින් විතර ඉතිරි චක්‍ර දෙක අවදිකර ගන්න මම උත්සාහ කරනවා. හත්වෙනි චක්‍රය අවදි වුණාම මට කුණ්‌ඩලනී ශක්‌තිය ලැබෙනවා. එතකොට මම විශ්ව ශක්‌තිය හා එක්‌වෙනවා."

    "එකතු වුණාම ඇති ඵලේ මොකක්‌ද"?
    " අපි යමක්‌ දිහා පිටින් බලන විදිහයි කිසියම් ආධ්‍යාත්මික තත්ත්වයක්‌ ලැබුණාම බලන විදිහයි පේන විදිහයි වෙනස්‌.

    කුණ්‌ඩලනී ශක්‌තිය ලැබුණු කෙනෙකුට විශ්ව ධර්මතාවන් අවබෝධ වෙනවා. ඒ ධර්මතාවන් අනෙක්‌ අයට තේරුම් කරදීමේ ශක්‌තිය ලැබෙනවා. එය කියාදීමේ හැකියාව ලැබෙනවා.

    තව ප්‍රතිඵල ගොඩාක්‌ තියෙනවා. හිත නිතරම සතුටින් පිනා යනවා.සංගීත සංකල්පනා නිතැතින්ම ගලා එනවා. පොතක්‌ පතක්‌ ලීවත් නිරවුල්ව ලියන්න පුළුවන්.

    ආදරය, දයාව, කරුණාව, මෛත්‍රීය, හදවත පුරාම පැතිරෙනවා. දෙනෙත් කාන්තිමත් වෙනවා. ඒ තුළින් අනික්‌ අය වසග කර ගැනීමේ ශක්‌තියක්‌ ලැබෙනවා. දකින දකින අය ගරු කරනවා. ඒ වගේම අනෙක්‌ අය ආකර්ෂණය කර ගැනීමේ ශක්‌තීන් ලැබෙනවා."

    "දයා දිහා බැලුව නං කුණ්‌ඩලනී ශක්‌තිය දැනටමත් ලැබිල ඇති කියලයි මට නං හිතෙන්නේ. දයා නාඩි වාක්‍යය බැලුව නේද? එතෙන්දී මේ භාවනා ක්‍රමය ගැන කියවුණේ නැද්ද?-" මගේ නාඩි වාක්‍යවල වැඩි වශයෙන්ම කියල තිබුණේ ආධ්‍යාත්මික කරුණු ගැන.

    විශේෂයෙන්ම මෙම ප්‍රාණයාම භාවනා ක්‍රමය වඩන ලෙසට උපදෙස්‌ දීලා තිබුණා. වාඩිවෙන ක්‍රමය, බලන දිශාව, භාවනා කරන ක්‍රමය, ආදී විස්‌තර ගොඩාක්‌ කියල තිබුණා. ඒ විස්‌තරයම තමයි නායක හාමුදුරුවොත් අද මට කීවේ."

    " ඒ වෙලාවේ නං මට හිතුණේ මං දැන් ඉන්නේ මීට අවුරදු 5000 කට 6000කට ඉස්‌සර ජීවත් වුණ ඝෘෂීන්වහන්සේ නමක්‌ ඉදිරිපිට නේද කියල.

    එහෙම හිතපු එකත් පවක්‌ කියල දැන් මට හිතෙනවා. ඝෘෂීන් වහන්සේලාට වඩා උත්තරිතර බලාපොරොත්තුවක්‌ ප්‍රාර්ථනාවක්‌ සහිත බෝධි සත්වයාණන් වහන්සේ නමක්‌ ඝෘෂීන්වහන්සේලා හා සමග සංසන්දනය කරන්න බැහැ.දැන් නිදිමතත් ඇතිනේ."?

    "අනේ නෑ දයා, මේ වගේ විස්‌තර එළිවෙන කල් වුණත් අහගෙන ඉන්න පුළුවන් දයාට හිරිහැරයක්‌ නෙවෙයි නං."

    "මට නං කරදරයක්‌ නෑ මොනවද මෛත්‍රීට දැන ගන්න ඕනැ " ?

    "මේකයි දයා කෙනෙක්‌ මේ භාවනාව ප්‍රගුණ කරනවා නම් හොදයි මම මේ භාවනාව ප්‍රගුණ කරනවා නම් මට මේ භාවනාව සඵල වෙනවා,සමෘධි වෙනවා, කියල දැන ගන්නේ කොහොමද?

    "මෛත්‍රීට පළමුවෙන්ම කියන්න තියෙන්නේ භාවනාවක්‌ ප්‍රගුණ කරනවා කියල දැඩි අධිෂ්ඨානයක සිත පිහිටුවා ගන්න ඕනෑ.දැඩි කැපවීමකින් භාවනාව ප්‍රගුණ කරන්න ඕනැ. අධෛර්ය වෙන්න එපා.

    විශේෂයෙන් තමන් භාවනා කරන බව අනෙක්‌ අයට කියන්න එපා. ප්‍රදර්ශනය කරන්න එපා. මම දැන් ලබල තියෙන තත්ත්වය ගැන මං අපේ පවුලේ කාටවත් අඩුම තරමින් මගේ නෝනටවත් කියල නෑ. කියන්නෙත් නෑ. භාවනා කරන එක හරියට බයිසිකල් පදිනවා වගේ වැඩක්‌. මුල් දවස්‌වල වැටෙනවා, පෙරලෙනවා, ඒත් ටික දවසක්‌ ගියාම බයිසිකලේ හොදට පදින්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි මුලදී භාවනා කරන්න පටන් ගන්න කොට විවිධ ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් ටික දවසක්‌ ගියාම බයිසිකලේ හොදට පදින්න පුළුවන් වෙනවා.
    ඒ වගේ තමයි, මුලදී භාවනා කරන්න පටන් ගන්න කොට විවිධ ප්‍රශ්න ගැටලු ඇතිවෙනවා. ඒවා විද දරාගෙන කටයුතු කරන්න ඕනෑ.

    විශේෂයෙන් අපි මතක තබා ගතයුතු කරුණක්‌ තමයි, අපි මේ හීලෑ කරන්න යන්නේ, අපි කවදාවත් නුදුටු, අපට නොපෙනෙන හිතක්‌. හිත අපේ ශරීරයේ කොහේ තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒත් හිතක්‌ තියෙනවා කියල අපි දන්නවා

    ඒ නොදැකපු, ඒ නොදන්නා හිත තමයි, අපි සමාධි ගත කරන්න යන්නේ

    හිත තමයි අපි හැම දේකටම යෙමු කරන්නේ.

    විවිධ අරමුණු කරා අප ගෙනයන්නේ,අපේ හිතයි.

    එම නිසා හිත නිතරම සසලයි. හෙළවෙනවා.එහේ මෙහේ දුවනවා. හරියට වදුරෙක්‌ වගේ.

    එහෙම හිතක්‌ තමයි අපි පාලනය කරන්නේ.මේ භාවනාවේ අභ්‍යාස කරන කොට තමන්ටම භාවනාවේ ප්‍රගතිය දැනෙනවා.

    -මේ ප්‍රාණයාම භාවනාව කරන කොට ඔබ විශ්වයේ හඩටත් සවන් දෙන්න ඕනැ.මුලදී එය කියවන්න ඕනෑ. විශ්වයේ හඩ තමයි "ඕම්" කාරය. මේ "ඕම්" කාරය ඔබ නිතරම කියවන විට ඔබට ඒ හඩ හැර වෙන කිසිම ශබ්දයක්‌ ඇහෙන්නේ නෑ. දින කීපයක්‌ ගතවන විට ඔබේ කටට කෙළ උනන්න පටන් ගනීවි. ඒ තමයි ප්‍රාණ භාවනාව සමෘද්ධ වන එකට සුබ සලකුණක්‌.

    "මෙම භාවනාව දිගටම ප්‍රගුණ කොට ඔබට රැහැයියන්ගේ, කුරුල්ලන්ගේ නාදයත්, කෝවිල් වල සීනු හඩත්, ස්‌තෝත්‍ර, පිරිත්, ගාථා, කියන හඩත් ඔබට නිබදව ඇසේවි. ගමනක්‌ යන විටත්, නිහඩව සිටියත්, මේ හඩ නිරන්තරයෙන් ඔබට ඇසේවි. ඒ ඔබේ භාවනාවේ දියුණු තත්ත්වයක්‌.

    (අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මහා නායක හිමියන් විසින් ඉන්දියාවේදී ප්‍රගුණ කළ භාවනා ක්‍රමයන් පිළිබද විස්‌තරය ඉසිවරුන් දුටු මගේ භව ගමන (1) ග්‍රන්ථයෙන් ඔබට කියවිය හැකිය. අපි ආයිත් වෙන දවසක මේ ගැන කථා කරමු."

    "තව එක ප්‍රශ්නයක්‌,අපි හතර දෙනාගෙන් තුන් දෙනෙක්‌ම මේ භවය අතහැරල යන කතාව, දයා හිතන්නේ කවුරු කියලද."?

    ලබන සතියට

    බදුල්ලේ මෛත්‍රී රත්නායක
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේ ලිපි පෙළ එක දිගට දාන්න බැරිද? සතියක් බලං ඉන්න තරම් ඉවසිල්ලක් නෑ :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ලිපි පෙළ එක දිගට දාන්න බැරිද? සතියක් බලං ඉන්න තරම් ඉවසිල්ලක් නෑ :yes::yes::yes:

    මචන්, කැමති නම් ගන්න, ඔය ලිපි පෙල තියෙන පොත් 2ක් තියෙනවා ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනාද මචං පොත් දෙක?
    මේ පොත් දෙක මචන් ගන්න තියෙනවා සරසවි, ගොඩගේ වගේ පොත් සාප්පු වල.. පොඩ්ඩක් අහල බලපන්..


    balangoda1.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 12 - නාහිමිගෙන් භාවනාවක්‌ ඉගෙන ගන්න ජපන් යෝගී පිරිසක්‌ ලංකාවට

    අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

    " මං නං ඒ ගැන මුකුත්ම හිතන්නේ නෑ. නායක හාමුදුරුවෝ කීව වගේ මරණය කියන්නේ මොකක්‌ද කියල මම නම් තේරුම් ගෙන, අවබෝධ කරගෙනයි, ඉන්නේ. මෛත්‍රී මොකද හිතන්නේ. "

    " අපි අතර ඉන්න වයස්‌ගතම කෙනා නායක හාමුදුරුවෝ.ඊට පස්‌සේ වයස වැඩිම කෙනා මම. අනිත් එක්‌කෙනා ප්‍රභාත් හරි දයා හරි කියලයි මං හිතන්නේ ".

    " බලමු බලමු මොනව හරි ඕන වුණොත් කතා කරන්න."

    දයාරත්න මහතා දොර වසාගෙන ගියේය.

    නා හිමියන් විස්‌තර කළ පරිදිම විස්‌තර කළ රාජ්‍ය නායකයාගේ සමය තුළදීම තිදෙනෙකුගේම අවමගුල් සිදු විය.

    නා හිමියෝ පළමුව අපවත් වූහ. ප්‍රභාත් මානවසිංහ මහතා දිවංගත විය.

    ආදාහන කටයුතු කළේ බොරලැස්‌ගමුවේ කනත්තේදීය. දයාරත්න මහතා ඉගියෙන් මගෙන් විමසුවේ ඊළග තැනැත්තා තමාද නැත්නම් මමද කියාය.

    මම සිනාසී මම බවට ඉගියෙන් කීවෙමි. හේතුව මම වයසින් වැඩි තැනැත්තා වීම නිසාය.

    එහෙත් දයාරත්න මහතාගේ අභාවය සැළවීමත් සමගම නා හිමියන්ගේ ප්‍රකාශය සත්‍ය වී ඇති බව මට පසත් විය.

    එහෙයින් මේ කරුණු සියල්ල බහුශ්‍රැත ජනතාවගේ දැන ගැනීම පිණිස මෙම පොත ඔබ අතට පත් කළ බව සිහිපත් කරමිs.

    දයාරත්න මහතාගේ පසුකාලීන ලේඛන කලාව හා ධර්මප්‍රචාරය ගීත රචනා කෞශ්‍යලය ආදී ගති ලක්‌ෂණ අනුව ඒ මහතා ව්ස්‌තර කළ පරිදීම ඒ මහතා කුණ්‌ඩලනී ශක්‌තිය ලැබූ යෝගියෙක්‌ බව මට සිතේ.

    නා හිමියෝ මගේ අවශ්‍යතාව පිළිබදව ඊළගට විමසූහ. මම ප්‍රභාත් මානවසිංහ මහතා සමග එක්‌ව නාඩි වාක්‍යය පිළිබදව විද්වතුන්ගේ අදහස්‌ ලබාගෙන වීඩියෝ චිත්‍රපටයක්‌ සිංහල හා ඉංගී්‍රසි භාෂාවෙන් නිපදවීමට අදහස්‌ කරගෙන ඇති බවත් නා හිමියන් ඒ අතුරින් ප්‍රමුඛයා ලෙස තෝරාගෙන ඇති බවත් පැවසීමු.

    ඒ සදහා නා හිමියන්ගේ අවසරය හා රූපගත කිරීමේ දින වකවානු දැන ගැනීමට පැමිණි බවත් කීවෙමි.

    "ඒක හොඳ අදහසක්‌. මට එක එක අය නාඩි වාක්‍ය ගැන අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට මුන්නැහේල හදන නාඩි වාක්‍යය චිත්‍රපටිය බලන්න කියල කියන්න පුළුවන්.

    ඒ පිළිබද තොරතුරු ලැබුණු අන්දමත් ඒ ආශ්‍රයෙන් මං ලබාපු දැනුම් සම්භාරයත් පැහැදිලි කරල කියන්න පුළුවන්. එක එක අය මා ලවා නාඩි වාක්‍ය කියවපු අවස්‌ථා පොත් වශයෙන් බැදපු පොත් දෙකක්‌ මා ළග තියෙනවා.

    නාඩි වාක්‍ය කියවන්නා තමන්ගේම අත් අකුරින් බුදුන් වහන්සේ ගැන ජේසු තුමා ගැන ලියපු කොපිත් ඒ පොත් දෙකේ තියෙනවා.

    මුන්නැහේට බලංගොඩට එන්න පුළුවන් නං ආවට වරදක්‌ නෑ. එනවනං මට කලින් දන්වලා ආවොත් හොදයි. ඊට වඩා ලෙහෙසිsයි නේද මුන්නැහේට බත්තරමුල්ල ආරාමයට එන එක. මං කොළඹ එන දිනය අපේ නන්දරතන හාමුදුරුවන්ගෙන් දැනගන්න පුළුවන්. පහසු විදිහට කටයුතු යොදා ගන්න.මං උදව් කරන්නං. මං කැමැතියි දැනට ලංකාවේ ඉන්න නාඩි කාරයන්ගෙන් නාඩි වාක්‍ය කියවලා බලන්න.

    " එහෙමයි ඒක ලෙහෙසියෙන් කරවා ගන්න පුළුවන් අපේ මෛත්‍රී මහත්තයා නිතර ඒ අය හම්බුවෙන්න යනවා" යි ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රභාත් මානවසිංහ මහතා කීය.

    " ඔබ වහන්සේගේ දකුණු අතේ මහපටැගිල්ලේ සලකුණයි, උපන් දවසයි දෙන්න පුළුවන් නං ඉතා ඉක්‌මනින් ඒ අවස්‌ථාව අරගන්න පුළුවන්." මානවසිංහ මහතා කීය.

    උන්වහන්සේ ඒ මොහොතේම තීන්ත පෑඩයක්‌ ගෙන්වා ගෙන දකුණු අතේ මහපටැගිල්ලේ ඇගිලි සලකුණද, උපන් දිනයද, සටහන් කොට දුන් සේක.

    ඒ අනුව නා හිමියන්ගේ ඉල්ලීම පරිදි 1992 ජනවාරි මාසයේ දිනයක්‌ වෙන්කර නා හිමියන්ට දන්වමි. ඒ වන විට නා හිමියන් දැඩි ලෙස ගිලන්ව සිටින බැවින් වෙනත් දිනයක්‌ නාඩි කියවීම සදහා ලබා ගන්නා ලෙස ඉල්ලීමක්‌ කරමිsන් ලිපියක්‌ මා වෙත එවා තිබුණි.

    නාහිමියන් මා වෙත එවූ ලිපියද ලියුම් කවරයද ප්‍රවේශමෙන් ආරක්‌ෂා කර තබා ගත්තේ උන්වහන්සේගේ අත් අකුරු සහිත කිසිදු ලේඛනයක්‌ ඒ වනවිට මා සතුව නොතිබුණු නිසාය.

    නාඩි වාක්‍යය පිළිබද ගවේෂණයක යෙදෙන අවස්‌ථාවේ අගස්‌තික කෞශික නාඩි ආයතනයේ අධිපති ආචාර්ය ජයසංකූ මහතාගෙන් ලැබුණු සහාය ඉත සිතින් සිහිපත් කළ යුතුය.

    නාඩි වාක්‍යය ඇසීමට එන සම්භාවනීය පුද්ගලයින් හඳුන්වා දෙමින් ඔවුන්ගේ දුරකථන අංක ලබා දීමෙන් මගේ කටයුතු වලට සහාය දුන් ආකාරය මට නිතරම සිහිපත් වේ.

    එක්‌තරා ජපන් ජාතික ප්‍රභු කාන්තාවක්‌ මට හදුන්වාදීමෙන් මා ලද අත්දැකීම් සමුදාය බෙහෙවි. මහාචාර්ය ලීනස්‌ ද සිල්වා මහතාද, නාඩි වාක්‍යය පිළිබද ව පුළුල් අත් දැකීම් සමුදායක්‌ ලබා සිටිs ගාළු පළාතේ සේවය කළ ප්‍රාදේශීය ආදායම් නිලධාරි මහතෙකු (ඩී. ආර්. ඕ.) (පසුව මහ දිසාපති වරයෙකු ලෙස සේවය කළ) සම්බන්ධකර දීමෙන් මට ඒ මහතා නාඩි වාක්‍යය පිළිබදව ලබා තිබූ අතිශය විස්‌මිත සිදුවීම් සමුදායක්‌ පාඨක ඔබේ දැන ගැනීම සදහා පසුව ඉදිරිපත් කරනු ලබන බව සදහන් කරනු කැමැත්තෙමි.

    එක්‌ අවස්‌ථාවක අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ සම්මුඛ සාකච්ඡාවක්‌ පටිගත කිරීමට බලංගොඩ ශ්‍රී නන්දාරාමයට ගිය අවස්‌ථාවේ දී කිසියම් ඉදි කිරීමක්‌ සදහා ගෙබිම කපා තිබෙනු අපි දුටුවෙමු.

    ඒ පිළිබදව මානවසිංහ මහතා නා හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ දුන් පිළිතුරයි මේ.

    balangoda1"මහත්තයා මේ පළාතේ ඉන්න ලොකු මහත්තුරු, වෙළෝද ව්‍යාපාරික මහත්තුරු, මගෙන් ඇවිල්ල ඇහැව්වා ඔබ වහන්සේගේ පත පොත එක එක තැන්වල තියෙන බව අපි දන්නවා. ඒ ටික එකතු කරල අපි පුස්‌තකාලයක්‌ හදන්ඩද කියල.

    මං කීවා මට නං ඕවායේ අවශ්‍යතාවක්‌ නෑ.ඒ ඔක්‌කොම පොත් මං කියවලා ඉවරයිs.තැන තැන පොත් ලක්‌ෂ පහකට වැඩිය තියෙනවා.

    මේ ඇත්තෝ කැමැති නං දායක සභාවෙනුයි, නන්දරතන හාමුදුරුවන්ගෙනුයි, අහලා කැමැත්තක්‌ කරන්න.මගේ විරුද්ධත්වයක්‌ නෑ. කියල ඒ අනුව ගෙබිම කපා තිබිණි.

    " ඔය අතරතුර තවත් සිදුවීමක්‌ වුණා. ජපානයේ ඉදල ලංකාවට ආපු එක්‌තරා භාවනා යෝගී පිරිසක්‌ කිසියම් භාවනාවක්‌ පිළිබදව තොරතුරු සොයමින් කොළඹ විවිධ භාවනා මධ්‍යස්‌ථානවලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාව සොයා බැලුවත් ඒ අදහස ඉටුවෙලා නෑ.

    කවුදෝ කෙනෙක්‌ මං ගැන විස්‌තර කියල තියෙනවා. ඊට පස්‌සේ ඒ ඇත්තෝ මගෙන් වේලාවක්‌ ඉල්ලගෙන මං හම්බවෙන්ඩ බලංගොඩට ආවා.ඒ ඇත්තගේ නම සෝකෝ අසහාර කියන යෝගියෙක්‌.

    ඒ ඇත්තා මගෙන් ඇහැව්වේ ප්‍රාණයාම භාවනාව පිළිබදව. මං ඉන්දියාවේ ඝෘෂිකේශිවලදි මේ භාවනා ක්‍රමය පුහුණු කරල අවස්‌ථා හයක්‌ දක්‌වාම ප්‍රතිඵල ලබා ගත්තා.

    ඒ ඇත්තෝ මගෙන් පැය දෙකක්‌ විතර ප්‍රශ්න ඇහැව්වා. ඒ අය බොහෝම සතුටට පත්වෙලා මෙතන මොනවද කෙරෙන්නේ කියල ඇහැව්වා.

    මං විස්‌තරේ කීවම ඒ ඇත්තෝ ඇහැව්වා මේ වැඩේ ඒ ඇත්තෝ කරල දෙන්ඩද කියල. මම කීවා, දායක සභාවේ ඇත්තන්ගෙන්, නන්දරතන හාමුදුරුවන්ගෙන් අහලා කැමැත්තක්‌ කරන්න කියල. මට නං ඕවයේ ඇති වැදගත් කමක්‌ නෑ කියල.

    බදුල්ලේ මෛත්‍රී රත්නායක
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් භවය කෙළවර කරන්න වෙලාව ඇවිත්... - බලංගොඩ හිමියෝ කියති



    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 13 -
    මේ රටේ මිනිසුන්ට මගෙන් වැඩක්‌ නෑ...


    balangoda.jpg
    balangoda1.jpg

    නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.


    ඒ ඇත්තෝ මගෙන් පැය දෙකක්‌ විතර ප්‍රශ්න ඇහැව්වා. ඒ අය බොහෝම සතුටට පත්වෙලා මෙතන මොනවද කෙරෙන්නේ කියල ඇහැව්වා.මං විස්‌තරේ කීවම ඒ ඇත්තෝ ඇහැව්වා මේ වැඩේ ඒ ඇත්තෝ කරල දෙන්ඩද කියල. මම කීවා, දායක සභාවේ ඇත්තන්ගෙන්, නන්දරතන හාමුදුරුවන්ගෙන් අහලා කැමැත්තක්‌ කරන්න කියල. මට නං ඕවයේ ඇති වැදගත් කමක්‌ නෑ කියල.ඒ ඇත්තෝ මා දිහා බලලා කීවා,

    " ඔබ වහන්සේ වැනි වයසක ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ නමක්‌ මීට වඩා සුව පහසු තැනක වැඩ ඉන්න ඕනැ. අපි සේරටම ඉස්‌සෙල්ලා ඔබ වහන්සේට වැඩ ඉන්න හොද පහසුකම් තියෙන ආරාමයක්‌ ඉදිකරන්නං කියල."nමං කීවා " මං මේ ජීවිතයේ ලෞකික සැප පහසුකම් ගැන හොයන්නේ නෑ. මං අපේක්‌ෂා කරන්නේ ලෝකෝත්තර සැපත කියලා.nඒත් මේ ඇත්තෝ ආරාමයක්‌ ඉදි කරන්න කැමැති, නම් ඒ පිංකමට මම බාධා කරන්නෙ නෑ. ආරාම පූජාවක්‌ කියන්නේ මහත් ඵල මහානිශංස ලැබෙන පිංකමක්‌. මම පෞද්ගලිකව නෙවෙයි, මහා සංඝයා වෙනුවෙන් ආරාමය ඉදිකළාම විනයානුකූලව භාර ගන්න කැමැතියි කියලා.

    ඒ ඇත්තෝ කීවා "එහෙම නං අපි අදම වැඩ කටයුතු පටන් ගන්නවා කියල." ආපු නඩේ එක කෙනෙක්‌ නවත්තලා වැඩ කටයුතු එදා ඉදලම කරගෙන යනවා . ඉන් පසු නාඩි වාක්‍යය පිළිබදව දීර්ඝ විස්‌තරයක්‌ උන්වහන්සේගෙන් විමසූ අතර ඒ සියල්ලම අපි රූපගත කළෙමු. මේ සාකච්ඡාව පටිගත කරන අවස්‌ථාවේ ප්‍රභාත් මානවසිංහ මහතාද ඒ මහතාගේ මෑණියන් වන ශ්‍රීමතී මානවසිංහ මාතාවද වූහ. (ඡයාරූපය-මහත් විමතියෙන් නා හිමියන්ට සවන් දෙන අයුරු.)

    දිනක්‌ නාඩි වාක්‍යය ඇසීමට පැමිණි එක්‌තරා ජපන් ජාතික කාන්තාවක්‌ ජයසංකූ මහතා විසින් මට හදුන්වා දෙන ලදී. ඇය හමුවීමට තමන් නැවතී සිටින හෝටලයට පැමිණෙන ලෙස ඈ මට ආරාධනා කළාය. හැටවියේ පසුවූ ඇය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වර්ෂය පුරාම එක්‌තරා කාමරයක්‌ වෙන් කරවා ගෙන සිටින බවත් ඇය භාවනා කිරීම සදහා එකී කාමරයේ බැල්කනිය ඉතාම සුදුසු තැන හෙයින් තමා එම කාමරය වසර පුරාම වෙන් කරවා ගෙන ඇති බවත් ඇය පැවසුවාය. ( විසුද්ධි මාර්ගයේ අප්පායවාස සප්පායවාස වශයෙන් දක්‌වා ඇත්තේ මෙය බව සිහිපත් වෙයි. කිසියම් යෝගියෙක්‌ භාවනා මධ්‍යස්‌ථානයකට ගිය විට අසපුවේ නායක හිමියන්ගෙන් අවසරය ලබාගෙන භාවනා කුටි මාරු කරමින් තමාට සප්පාය වන අසපුව සොයා ගත යුතු බව එම ග්‍රන්ථයේ දක්‌වා ඇත. මේ අනුව ඔබ විහාරස්‌ථානයකට වන්දනාමාන කිරීමට ගියත් සුදුසු සප්පායවන ස්‌ථානය දැන ගෙන එම ස්‌ථානයේ සිට වැදුම් කිරීම වඩාත් සුදුසුවේ.) එසේම ඇය ජපන් බසින් බුද්ධ ධර්මය පිළිබදව පොතක්‌ ලිවීමේ කටයුත්තක නිරතව සිටින බවත් පැවසුවාය.ඒ සදහා තමන්ට සහාය වන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකාවේ සිටින වියත් හිමිවරුන් වෙත තමන් කැදවා ගෙන යන ලෙස ඇය මගෙන් ඉල්ලීමක්‌ද කළාය.
    ඒ අනුව මම ඇය රත්තනපිටියේ සසුන අසපුවේ නා හිමියන් වෙත ඇය කැදවා ගෙන ගියෙමි. ඇය උන්වහන්සේගෙන් ප්‍රශ්න විමසූ අතර ප්‍රශ්න වලට උන්වහන්සේ පිළිතුරු දුන් සේක.

    ඉන් අනතුරුව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් බැහැ දැකීමේ අපේක්‌ෂාව සහ තොරතුරු දැන ගැනීමේ අභිලාශය ඇය මා වෙත දැන්වූ හෙයින් ඒ සදහා නා හිමියන්ගෙන් දිනයක්‌ හා වේලාවක්‌ ලබා ගෙන අපි බලංගොඩ ගියෙමු. (මෙම ගමන සදහා ජපන් ජාතික කාන්තාව ඇයගේ හිතවත් මහත්මයෙක්‌ද, මා මිත්‍ර රාජගිරියේ මාදින්නාගොඩ ආරිය බණ්‌ඩාර සමරකෝන් මහතාද සහභාගී වූ අයුරු මට සිහිපත්වේ.) අපි බලංගොඩ උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයට ගිය පසූ ජපන් ජාතික කාන්තාව අසපුවේ වට පිටාව නැරඹීම සදහා ගියාය. ඒa අතරතුර අපි නාහිමියන් බැහැ දැකීමට ගියෙමු.

    ඒ වන විට නාහිමියෝ කිසියම් පොතක්‌ කියවමින් සිටියහ. ඒ පිළිබදව අප විමසූ විට උන්වහන්සේ පැවැසුවේ එය ඇමරිකාවේ ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථයක්‌ බවත් ඉතා ඉක්‌මණින් පොත විකිණි ඇති බැවින් හිතවත් මහතෙකූ විසින් එම පොත ඡායා පිටපත් කර තමන් වහන්සේ වෙත එවා ඇති බවත්ය. ( "හර්මිට්‌ ඔෆ් ඉන්දියා" ) (HERMIT OF INDIA) නම් වූ මෙම පොතෙහි පළකර තිබූ පුවතක්‌ පිළිබදව කරුණු දැක්‌වූ නා හිමියෝ තායිලන්තයේ කඳුකර පෙදෙසක එක්‌තරා ඝෘෂිවරයෙක්‌ ජීවත්වන බවත්, ඔහුගේ වයස අවුරදු හාර දහසක්‌ බවත්ය. වසරකට වරක්‌ නගරය ආශ්‍රිත කැළැවකට මෙම ඝෘෂිවරයා පැමිණෙන බවත්, එවිට සෙසු යෝගින් එතුමා හමුවී උපදෙස්‌ ලබා ගන්නා බව එම ග්‍රන්ථයේ සදහන් වන බව නා හිමියෝ පැවසූහ.

    අප නා හිමියන් සමඟ කථා කරමින් සිටින අතරතුර පෙර කී ජපන් ප්‍රභූ කාන්තාව අවට පරිසරය නිරීක්‌ෂණයෙන් පසු නාහිsමියන් බැහැ දැකීමට පැමිණියාය. ඇයගේ මුහුණේ එක්‌තරා කළකිරුණු අප්‍රසන්න ස්‌වරූපයක්‌ දිස්‌ විය. නාහිමියන් සමග සාකච්ඡාවක යෙදුණු අපි ආපසු කොළඹ බලා එමින් සිටි අතරතුරදී ඇයගේ අප්‍රසන්නතාවට හේතුව විමසීමු. නා හිමියන්ගෙන් බුදු දහම පිළිබද විමසීමට කොළඹ සිට මෙපමණ දුරක්‌ ගෙවා පැමිණි ඇය නා හිමියන්ගෙන් කිසිදු පැනයක්‌ ඇසුවේ නැත . එහෙත් රත්තනපිටියේ සසුන අසපුවේ නා හිමියන්ගෙන් ඇය පුනර්භවය කර්මය වැනි කරුණු පිළිබදව පැයකට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කළාය.
    අප නාහිමියන් සමග සාකච්ඡා කරන අතරතුර තමන් නාහිමියන් සමග මනෝමය (ටෙලිපතී) ක්‍රමයට දිර්ඝ ලෙස ධර්ම කරුණු සාකච්ඡාවක්‌ කළ බව ඇය කීවාය. (මේ පුවත ඇසීමෙන් අපි වික්‌ෂිත වූවෙමු. නාහිමියන් මෙන්ම මනෝමය වශයෙන් සාකච්ඡා කිරීමේ ශක්‌තියක්‌ ඇයටද ඇති බව අප එතෙක්‌ දැන සිටියේ නැත. ) මෙවන් ශේ්‍රෂ්ඨ හිමි නමක්‌ ජපානයේ අසාහාර වැනි මිනීමරුවෙකුගෙන් ආධාර උපකාර ලබා ගෙන ගොඩනැගිලි සාදවා ගැනීම ගැන තමන් මවිතයට පත්වූ බව ඇය කීවාය. මේ දිනවල සොකෝ අසහාර පිළිබද පුවත් ජපානයේ සෑම රූපවාහිනි නාලිකාවකම ප්‍රචාරය වන බවත් පැවසූ ඇය නා හිමියන් හා අසහාර එකට සිටින ඡායාරුපද මෙම රූපවාහිනිs නාලිකා ඔස්‌සේ ප්‍රචාරය වන බවද ඇය පැවසුවාය. (සෝකෝ අසාහාර යනු පසු කාලිනව ජපන් උමං දුම්රිය මාර්ගයේදි බෝම්බ ගසා මිනිස්‌ ඝාතන රැසක්‌ සිදුකළ අපරාධ කරුවෙක්‌ ලෙස හැදින්වේ. ) එවන් අපරාධකරුවෙකු සමග නාහිමියන් සම්බන්ධතා පැවැත්වීම තමන් කිසිසේත් අනුමත නොකරන බවද පැවැසූ ඇය ඒ ගැන තමන් මහත් සේ කම්පාවට පත්වූ බවද පැවසුවාය. මේ තත්ත්ත්ය ලෝක ප්‍රකට මහ නාහිමියන්ගේ කීර්ති නාමයට බලවත් කැළලක්‌ බවද ඇය කීවාය.

    මේ පිළිබදව නා හිමියන් දැනුවත් කරන ලෙස ඇය මගෙන් ඉල්ලීමක්‌ද කළාය. (මේ අතරතුර ලංකාවේ ඇතැම් කුඩා පුවත් පත් නාහිමියන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමේ ව්‍යාපාරයක්‌ද දියත් කොට තිබිණි.) නාහිමියන් මීට පෙර අපට පැවසූ සියලු විස්‌තර මම ඇයට කීවෙමි. මේ සියලු විස්‌තර හෙළි කරමින් ජාත්‍යන්තර මට්‌ටමේ පුවත්පත් සාකච්ඡාවක්‌ නොවලහාම පවත්වන ලෙසට ඇය අපට උපදෙස්‌ දුන්නාය.

    දැනට ඇතැම් කුඩා පුවත්පත් ගෙනයන මඩ ප්‍රචාරයන් ගැන ද මම ඇයට කීවෙමි. කුඩා පුවත් පිළිබදව තමන්ට යමක්‌ කළ නොහැකි බව කී ඇය ජාතික පුවත්පත්වල නා හිමියන්ට විරුද්ධව කිසිවක්‌ පළ නොකරන යමක්‌ තමන්ට කළ හැකි බව කී ඇය පසුදාම මීටියාගොඩ ගුණරතන හිමියන් හමුවන ලෙසට උපදෙස්‌ දුන්නාය. මේ අතර නාහිමියන් පිළිබඳව ඇතැම් කුඩා පුවත්පත්වල පළකොට තිබූ කොටස්‌ කපා ගොනුවක්‌ කොට නාහිමියන් වෙත තැපැල් කළෙමි. පසු දින ගුණරතන හිමියන් වහන්සේ උන්වහන්සේගේ අසපුවේදී බැහැදැක මම සියලු කරුණු කීවෙමි. උන්වහන්සේ ද කියා සිටියේ කුඩා පුවත් සම්බන්ධව කිසිවක්‌ තමන්ට කළ නොහැකි බවත් ජාතික පුවත්පත්වල නාහිමියන් පිළිබඳ කිසිදු අසාදු පුවතක්‌ පළ නොකිරීමේ වගකීම තමන් වහන්සේ බාරගන්නා බවයි. ජපන් ජාතික කාන්තාව කළ යෝජනාව මම ප්‍රභාත් මානවසිංහ සහ දයාරත්න යන මහත්වරුන්ට කීවෙමි. එය කදිම අදහසක්‌ බවත් මේ පිළිබදව නාහිමියන් දැනුවත් කොට උන්වහන්සේගේ අවසරය හා අනුමැතිය ද ඇතිව ජාත්‍යන්තර මට්‌ටමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වීමට අපි තීරණය කළෙමු.

    මේ අතර ජපන් ජාතික කාන්තාව වර්තමාන ජපානයේ තත්ත්වය පිළිබඳව නාහිමියන් දැනුවත් කරන ලෙස මට කළ යෝජනාව ඇය විසින් කිරීම මැනවයි මම ඇයට කීවෙමි. ඒ අනුව නාහිමියන් බත්තරමුල්ලේ වැඩසිටින දිනෙක ඇය නාහිමියන් හමුවීමට කැඳවාගෙන ගියෙමි. සෝකෝ අසාහාරා පිළිබදව ජපානයේ ඒ වන විටත් පැවති තත්ත්වය පැහැදිලි කළ ඇය නාහිමියන් වැනි ලෝක ප්‍රකට උගත් අහිංසක වියත් ශ්‍රේෂ්ඨ හිමිවරුන් ඩැහැ ගැනීමට දීර්ඝ කාලීනව කටයුතු කරන පිරිස්‌ ලෝකය පුරා සිටින බැවින් ඒ අයගෙන් ප්‍රවේසම් වීම මැනවයි ඇය කියා සිටියාය. එවන් කපටි පුද්ගලයන්ගෙන් ආධාර උපකාර ලබා නොගන්නා ලෙසට ද ඇය මතක්‌ කර සිටියාය. නාහිමියන් අසාහාරාගේ ආගමනය ඇතුළු සියලු විස්‌තර ඇයට පැවසූ අතර තමන් වහන්සේ කිසිම අවස්‌ථාවක මෙවැනි ගොඩනැඟිලි හෝ ආරාම පහසුකම් නොඉල්ලූ බව ද එය ඔවුන් ස්‌ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී කළ විහාර කර්මාන්තයක්‌ බව ද තමන් වහන්සේ මෙම ඉදිකිරීම් භාරගත්තේ විනයානුකුලව මහා සංඝයා වෙත පූජා කරනු ලැබූ ආරාම පූජාවක්‌ වශයෙන් බව ද පැවසූහ. එවිට ඇය කියා සිටියේ සැබෑ තොරතුරු නොදත් තමන් නාහිමියන් පිළිබඳව බලවත් සේ කම්පාවට පත් වූ බවයි. පසු දින මා නැවතත් ගුණරතන හිමියන් හමුවීමට ගියේ ඒ වන විට උන්වහන්සේ ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබදව දැන ගැනීමටය. මා සතුව තිබූ බලංගොඩ නාහිමියන්ගේ ඡායාරූපයක්‌ ද එදින මම ගුණරතන හිමියනට පූජා කළෙමි.

    (එකී ඡායාරූපය තවමත් උන්වහන්සේගේ අසපුවේ ඇතැයි මම සිතමි.)
    බලංගොඩදී නාහිමියන් බැහැ දුටු අපි පුවත්පත් සාකච්ඡාව සඳහා අවසරය ද අනුමැති ද ලබා ගත්තෙමු. නාහිමියන් කොළඹ වඩින දිනයකදී බත්තරමුල්ලේ ශ්‍රී චිත්තවිවේකාරාමයේ තුරු සෙවෙණකදී පැදුරු මත වාඩිවී පුවත්පත් සාකච්ඡාව පැවැත්වීමට අපි කටයුතු සැලසුම් කළෙමු.
    දයාරත්න මහතා සියලු පුවත්පත් ආයතනවලින් මාධ්‍යවේදීන් කැදවීමටත්, මානවසිංහ මහතා රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනවල මාධ්‍යවේදීන් ගෙන්වා ගැනීමටත්, මාධ්‍යවේදීන් සඳහා ආසන පැනවීම මා වෙතත් පැවරිණි. මේ කාලය වන විට අද මෙන් රූපවාහිනී නාළිකා රාශියක්‌ නොතිබුණ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවත්, ස්‌වාධීන රූපවාහිනී සේවයත්, අයි. ටී. එන් ආයතනයත් දේශීය වශයෙන්, පැවති අතර බී. බී. සී. ය හා සී. එන්. එන්. යන ආයතන පමණක්‌ විදේශීය රූපවාහිනී නාළිකා වශයෙන් මෙරට ක්‍රියාත්මක වෙමින් පැවැතීනි. ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන දිනයේ උදේ වරුවේම ගොස්‌ නාහිමියන් හමු වී උන්වහන්සේ දැනුවත් කරන ලෙස ද සවස්‌ වරුවේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව නාහිමියනට කිසියම් අවබෝධයක්‌ ලබාදෙන ලෙස ද මානවසිංහ මහතා විසින් දෙන ලද උපදෙස්‌ අනුව ඒ මොහොතේම නාහිමියන් හමුවීමට මම බත්තරමුල්ලේ චිත්තවිවේකාරාමයට ගියෙමි. මා යන විට නාහිමියෝ ඉහළ ශාලාවේ පොතක්‌ කියවමින් සිටියහ.
    උන්වහන්සේට වැද නමස්‌කාර කළ මම සවස්‌වරුවේ පැවැත්වෙන පුවත්පත් සාකච්ඡාව පිළිබදව මතක්‌ කිරීම සඳහා පැමිණි බව දැන්වීමි. මඳ වේලාවක්‌ කල්පනා කරමින් සිටි නාහිමියෝ මෙසේ කීහ. "මහත්තයෝ මෙම කාරණය දැන් මාසයක්‌ විතර පරණ සිද්ධියක්‌. හරියට වේළිගෙන එන තුවාලයක්‌ වගේ. අපි දැන් ආයිත් තුවාලය පාරනවා වගේ වැඩක්‌ නේද කියලයි, මට නං හිතෙන්නේ. මේ කට්‌ටිය කඩිමුඩියේ බලංගොඩටම ඇවිල්ල කීවම, මම ඔය ඇත්තන්ගේ හිත රිදෙයි කියලයි සාකච්ඡාවට කැමැති වුණේ. හවසට සාකච්ඡාවට මං එන්නං, අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නං මට නං මේ සාකච්ඡාව එච්චර ඵලක්‌ ඇති වැඩක්‌ නෙවෙයි".

    නාහිමියෝ පුවත්පත් සාකච්ඡාවට කැමැති වී ඇත්තේ අපේ සිත් රිදවීමට ඇති අකමැත්ත නිසා බව පැහැදිලිය. උන්වහන්සේගේ අකමැත්ත මත මෙම පුවත්පත් සාකච්ඡාව නොකළ යුතු බව මට හැගිනි. "නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කැමැත්ත නැතිව අපි කිසිම දෙයක්‌ කරන්නේ නෑ. ඔබ වහන්සේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එතරම් මනාපයක්‌ නැති නිසා අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව නතර කරන්නං" මම කීවෙමි. උන්වහන්සේ කිසිවක්‌ නොකී අතර නිහඩව මද වේලාවක්‌ කල්පනාවක නිරතව සිටියහ.

    "මේ රටේ මිනිස්‌සුන්ට දැන් මගෙන් ඵලක්‌ නෑ කියල මට හිතෙනවා. දැන් ඉතිං මේ භවයේ රැඳිල හිටියා ඇති. භව ගමන කෙළවර කරන්න වේලාව ඇවිත්". උන්වහන්සේ තමන්ට කියා ගන්නවා මට ඇසුනි.
    මට අකුණක්‌ වැදුනා සේ දැනුනි. නාහිමියන් අපවත්වීමට තීරණය කළ බවක්‌ මට හැගුනි.


    ලබන සතියට

    බදුල්ලේ මෛත්‍රී රත්නායක
     
    • Like
    Reactions: WhiteWalker