නාමල්ගෙන් පහේ හපනුන්ට සුබ පැතුම්
ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ රජය ගෙන යන සැලසුම් සහගත සංවර්ධන වැඩපිළිවෙළට ඇවැසි උගත් තරුණ පරපුරක් අනාගතයේදී රටට දායාද වීමේ පෙර නිමිත්ත සාර්ථක බව මෙවර 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මගින් සනාථ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තාරුණ්‍යයට හෙටක් සභාපති නාමල් රාජපක්ෂ මහතා 5 වසර ශිෂ්‍යත්ව හපනුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් කියා සිටී.
අන් කවරදාටත් වඩා ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් මෙවර උසස් ප්‍රතිඵල ලබා තිබීම ගැන සිය සතුට ප්‍රකාශ කරන නාමල් රාජපක්ෂ මහතා තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් පවත්වනු ලැබූ 5 වසර ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ග්‍රාමීය ප්‍රදේශවල වැඩි වශයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කළේ ගමේ දරුවන්ට මෙවන් ජයග්‍රහණ අත්පත් කරදීමට බව එම සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.
තාරුණ්‍යයට හෙටක් සංවිධානය මෙහෙය වීමෙන් පවත්වන 5 වසර ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ඉලක්ක වැඩමුළු නොකඩවා පවත්වන බව හෙතෙම සඳහන් කරයි.