අනිත් පින්තුරත් දැම්ම නම් හොඳයි.
![]()
![]()
රණවිරුවන්ගේ සුව දුක් විමසීම දැන් වැරදිද ? මහින්ද රණවිරුවෝ අමතක කරාට අනිත් අයත් එහෙම කරන්න ඕනද ?
kawuda ban amathaka kale,mihidu seth madura haduweth e kale
රණවිරුවන්ගේ තුන්වැනි බබාට දුන් ලක්ෂය නවතියි
ජනිත සෙනෙවිරත්න
ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ.
පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක් ලෙස මෙම මුදල ලබාදෙන ලදී.
මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.
http://www.divaina.com/2016/01/23/news11.html
රණවිරු දරුවන් 2000 කට පාසල් වරම් අහිමි වේ
චමින්ද සිල්වා
පළමු ශ්‍රෝණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර අහිමි කිරීම නිසා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ දරුවන් 2000 කට පමණ පාසල් අහිමි වී ගොස් ඇතැයි ඔවුහු පවසති.
මීට පෙර වසරවලදී රජය විසින් ක්රියාත්විත රාජකාරියේ යෙදී සිටි රණවිරුවන්ගේ සේවය ඇගයීමක් ලෙස දරුවන් යම් පිරිසකට ජනප්‍රිය පාසල් ලබාදීමට පියවර ගත් නමුත් මෙවර එය අහෝසි කිරීම නිසා මෙම දරුවන්ට පාසල් අහිමි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින"ට ඊයේ (17 වැනිදා) පැවැසීය.
මීට පෙර වත්තලදී පළමු ශ්‍රෝණිය සඳහා දරුවන් 40 ක් ඇතුළත් කර ගත් බවත් එය ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් 35 දක්වා අඩු කිරීම නිසා රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීම් වලදී පැවසූ බව එම නිලධාරියා කීය.
එහෙත් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පන්තියකට ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා නැවත වැඩි කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව රණවිරුවන්ගෙන්ද අඩු කළ ශිෂ්‍ය සංඛ්‍යාව නැවත ලබාදීමට කටයුතු කළේ නම් මෙම ගැටලුව පැන නොනගින බවත් එම නිලධාරියා කීය.
මේ වන ලවිට ක්‍රියාන්විත සමයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් 650 කට වැඩි පිරිසකගේ සහ ත්‍රිවිධ හමුදාවේ 1000 කට වැඩි පිරිසකගේ ද දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැතිගේ මැදිහත් වීමක් සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2016/01/18/news15.html




