නාවික_හමුදාපති

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හමුදාපති කරපු වැඩේ නං වැරදි තමයි, හැබැයි ඒ හින්ද එයාට හමුදාපති කමෙන් අස් වෙන්න හරි අස් කරන්න හරි හදනවනං එක වැරදියි. කොටි ගණන් හොරකන් කරල හොරකන් අතටම මාට්ටු වෙච්ච දේශපාලකයෝ කිසි ලැජ්ජාවක්ර නැතුව ඉන්න ගමන් මේ වගේ දෙයක් අල්ලාගෙන ඒ මනුස්සය අස් කරන එක වැරදියි.

    හම්බන්තොට වරායේ ඇත්තටම වුණු දේ ගැන හෙළිකරන ගමන් සිද්ධියෙන් පසු ප්‍රථම වරට නාවික හමුදාපති කියූ සැර කතාව

    http://www.citizen.lk/news/2264/navy-commander-speaks-about-hambantota-port-incident.html

    පසුගියදා උණසුම්කාරී තත්වයක් ඇතිවූ හම්බන්තොට වරායේ සිද්ධියට සම්බන්ධ වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඒ පිළිබඳව ප්‍රථමවරට අදහස් දක්වා තිබෙනවා.
    ඔහු පවසන්නේ මෙරටට එන නැව් ගැන තමන්ට වගකීමක් ඇති බවත්, තමන්ට දේශපාලනයක් නෑති ඔබත් ඔහු අණ පිළිපදින්නෙක් පමණක් වන බවයි.
    එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මාධ්‍යවේදියාට පහර දුන් බව පවසමින් එම ස්ථානයේ ඇතිව තිබූ බියකරු තත්ත්වය වාර්තා නොකිරීම කනගාටුදායක බවත්ය.
    මාගම් රුහුණුපුර වරායේ විරෝධතාකරුවන් විසින් දින හතරක් තිස්සේ රඳවාගෙන තිබූ හයිපෙරියොන් හයිවේ නමැති ලොව තෙවැනි විශාලතම වාහන ප්‍රවාහන නෞකාව මුදා හැරීම හේතුවෙන් තමන්ට ජාත්‍යන්තර සමුද්‍රිය නාවුක සංවිධානය විසින් මේ වනවිට සහතිකයක් පවා ලබා දී ඇති බව හෙතෙම හෙළි කළේය. ඒ අනුව අදාළ නෞකාව ඊයේ වන විට ඩුබායි දක්වා දියත්වී තිබිණි.
    ශ්‍රී ලංකාව කියන්නෙ නාවික කේන්ද්‍රස්ථානයක්, ශ්‍රී ලංකා රජයෙනුත් ජාත්‍යන්තර නාවික කටයුතු සම්බන්ධව වගකීමක් දරනවා. ඒ අනුව නාවික හමුදාපති ලෙස මෙරටට සේන්දුවන ජාත්‍යන්තර නෞකා සම්බන්ධයෙන් මට වගකීමක් තිබෙනවා. දවස් හතරක් තිස්සේ මේ හයිපෙරියොන් නෞකාවේ කාර්ය මණ්ඩලයට එහි ඊළඟ ගමනාන්තය දක්වා දියත්වීමට මෙම වර්ජනයේ නිරත පිරිස ඉඩ දී තිබුණේ නැහැ. නාවික හමුදාව මෙම සිද්ධියට එකවරම පැමිණියා නෙමෙයි. ඊට පෙර දිනයෙත් ඔවුන්ට වහාම නැව් දෙක නිදහස් කරන්නැයි ඉල්ලීමක් කළා. ඒවාට මේ වර්ජනයේ නිරත පිරිස් ඇහුම්කම් දුන්නෙ නැහැ. මාධ්‍ය වාර්තා පළවුණා ඉල්ලීම් ඉටු නොකර නැව් නිදහස් කරන්න ආවොත් මරාගෙන මැරෙනවා කියලා. එවැනි අවස්ථාවකයි නාවික හමුදාව මැදිහත් වුණේ. මෙතනදි මට දේශපාලනයක් තිබුණේ නැහැ. මම අණ පිළිපදින්නෙක්. එජාප ආණ්ඩු කාලේ මම එස්.බී.එස් එක හැදුවා. පහුගිය ආණ්ඩුව කාලේ යුද්දෙ ජයගන්න දායක වුණා. දැන් තවත් ආණ්ඩුවක්. හැබැයි මට තීරණ ගන්න වෙන්නෙ රට වෙනුවෙන් නාවික හමුදාව පැත්තෙන්.
    මුහුදු කොල්ලකෑමක් මැඬලීම, නෞකාවක් යම් කඩාකප්පල්කාරීන් හෝ කොල්ලකරුවන් පිරිසක් සිය අණසකට ගැනීමේ අවස්ථාවක නාවික හමුදාව හැසිරෙන ආකාරය වෙනස්. එදා මාධ්‍යවේදී මහත්තයා මම ගැහුවා කියලා නඩු මගට ගියොත් ඒ නඩුව වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. මගේ පැත්තෙනුත් ඉදිරිපත් කරන්න මෙතෙක් පළ නොවුණ, පෙන්නපු නැති ගොඩක් වීඩියෝ තියෙනවා.
    නාවික හමුදාපති විධියට මට මාධ්‍ය ප්‍රතිචාර දක්වන විධියට ක්‍ෂණික ප්‍රතිචාර දක්වන්න අවශ්‍යතාවක් නැහැ. පරීක්‍ෂණ මණ්ඩලයක් බදදා (හෙට) සිට පටන් ගන්නවා නම් එය දින තුනක කාලයක් විතර පවත්වාවි. ඒ සඳහා ආරක්‍ෂක ලේකම්තුමා දැනට වාර්තාවකුත් කැඳවලා තියෙනවා. අදාළ තොරතුරු මම ඔහුට ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව අවශ්‍ය නම් අදාළ අනතුරේ ස්වභාවය හා විරෝධතාකරුවන් හැසිරුණු ආකාරය ගැන මාධ්‍යයට තොරතුරු දෙන්න පුළුවන් යැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න වැඩිදුරටත් පවසා තිබෙනවා.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    Bump
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කැමරාවක් සහ මාධ්‍ය හැඳුනුම්පතක් තිබු පමණින් මාධ්‍යවේදීන් වන රටක, දෙකම උස්සගෙන් ඕනෙම තැනක යන්න ලයිසන් තියනවා යයි හිතන එක තමයි වරද.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නාවුක හමුදාපති අනිවාර්යෙන් විදේශිය නැවකට ප්‍රහාරයක් සිදුවෙන අවස්තාවක අන දෙන්නා වියයුතුයි. එය නාවික හමුදාව විදේශ යාත්‍රාවකට කරන ප්‍රහාරයක් හො විදේශ යාත්‍රාවකට් සපයන ආරක්ශාව යනදෙකටම අදාල වේ. අනික් කාරනාව වරායක ආර්ක්ශාව බාර වරාය පොලිසියට නොව එහි බලය ඇත්තේ නාවික හමුදාවටය. ගුවන්තොටුපල ආරක්ශාව ඇත්තේ ගුවන් හමුදාවටය. ගුවන් යානයක් නැවක් පැහැර ගත්විට පොලිසිය එහි යන්නේ නැත. කමාන්ඩො හො යුද බටයන් ආයුද සමග එහි යන්නේය. එය ත්‍රස්තවදීන් සමග කරන සටනක් මිසක සිවිල් ප්‍රශ්නයක් නොවේය. හරිනම් ඔය නැව් රදවා තබා සිටි අයවලුන් ත්‍රස්තවදී පනත යටතේ අත් අඩන්ගුවට ගෙන ඉන් ශො පයිරසි ඇක්ට් එක යටතේ දඩුවම් දිය යුතුය. මේ අවස්තාවේ නාවික හමුදාපති එලවන්නේ නම් තනතුරෙන් ඊට වඩා ප්‍රායොගික වන්නේ නාවික හමුදාව විසුරුවා එහි කටයුතු පොලිසිය පැවරීමයි.. එවන් ගොන් තර්ක මෙහි කවුරුත් ඉදිරිපත් නොකරතියි බලාපොරොත්තු වෙමි.

    අණ දෙන්නා විය යුතුයි කියමුකෝ. අණ දෙනවයි , ගිහිල්ලා කනට ගහනවයි කියන එක දෙකක් නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කාටද කනට ගැහුවේ.. ? කවුරුද ගැහුවේ? මොකටද ගැහුවේ?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කාටද කනට ගැහුවේ.. ? කවුරුද ගැහුවේ? මොකටද ගැහුවේ?

    1. මොකෙක් ට හරි. ගුටි කන එකා අනුව නීතිය වෙනස් වෙනවද ?
    2. රටේ නාවික හමුදාපති
    3. වාර්තා කරන්න එපා කිව්වා ම වාර්තා කලා කියලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1. මොකෙක් ට හරි. ගුටි කන එකා අනුව නීතිය වෙනස් වෙනවද ?
    2. රටේ නාවික හමුදාපති
    3. වාර්තා කරන්න එපා කිව්වා ම වාර්තා කලා කියලා
    1.කනට ගහන එකා අනුව නීතිය වෙනස් වෙනවා විශේශයෙන් ආසියාවෙ. ලමයෙකුට දෙමව්පියෙක් ගැහුවම වෙනස්. ගුරුවරයෙක් ගැහුවහම වෙනස්..
    2.රටේ නාවික හමුදාපති ඉන්නේ වොයිස් කට් ගන්න නෙමෙයි. ඒකට් කතා කරන්න ඔනා හමුදාමාද්ය ප්‍රකාශකට. ක්‍රියාන්විත මෙහෙයුමක් මැද්දට පැනලා වොඉස් කට් ඉල්ලුවහම කන් අඩිය පැලෙන්න තමා දෙන්නේ..
    3.වාර්තා කරන්න් එපා නම් එපා.. එතන හිරු හො ලන්කාඩීප කන්තොරුව නෙමෙයි.අදි ආරක්ශිත කලාපයක්.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    1.කනට ගහන එකා අනුව නීතිය වෙනස් වෙනවා විශේශයෙන් ආසියාවෙ. ලමයෙකුට දෙමව්පියෙක් ගැහුවම වෙනස්. ගුරුවරයෙක් ගැහුවහම වෙනස්..
    2.රටේ නාවික හමුදාපති ඉන්නේ වොයිස් කට් ගන්න නෙමෙයි. ඒකට් කතා කරන්න ඔනා හමුදාමාද්ය ප්‍රකාශකට. ක්‍රියාන්විත මෙහෙයුමක් මැද්දට පැනලා වොඉස් කට් ඉල්ලුවහම කන් අඩිය පැලෙන්න තමා දෙන්නේ..
    3.වාර්තා කරන්න් එපා නම් එපා.. එතන හිරු හො ලන්කාඩීප කන්තොරුව නෙමෙයි.අදි ආරක්ශිත කලාපයක්.

    :yes:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ගේම නම් ගේම මල්ලි. එකට දහයක් කරන නිළදාරියෙක් තමයි ඔය. අනම් මනං කථා වැඩක් නැහැ. :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama vena thanaka kotapu ekak

    ඌ කරේ ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ ප්‍රයිවසි එක උල්ලංඝණය කරපු එක නෙවෙයි.පොදු ස්ථානයක පැවති උද්ඝෝසනයක් ආවරණය කරපු එකයි. ඕනම මාධ්‍යය වේදියෙක්ට පොදු රජයේ ස්ථානයකට ගිහින් වාර්තා කරන්න අවසරය තියෙනවා. පොලිසිය/හමුදාව ඒකට කැමති නැත්නම් උන්ට පුලුවන් එතන ඉන්න උන්ව අයින් කරන්න, නමුත් ගහන්න අවසරය නෑ. අනික ඔතන මාධ්‍යය වේදියෙක්ට ගහන්න තරම් දෙයක් වුනේ නෑ. ඌ පාඩුවේ තමන්ගේ රාජකාරිය කරේ ඕනම මාධ්‍යය වේදියෙක් වගේ. ඒක මාධ්‍යය වේදින්ගේ වගකීම සහා අයිතිය.
    හමුදාපතිට අවසරය නෑ එහෙම එකෙක්ට ගහන්න, අර නැව් බලෙන් තියාගෙන හිටපු එකෙක්ට ගැහුවා නම් වෙනම එකක්, නමුත් අහක යන මිනිහෙක්ට ගහන එක අනුමත කරන්න බෑ. හමුදපති කොටි එලවන්න ඇති, රටට සේවයක් කරන්න ඇති නමුත් ඒවා මෙතනට අදාළ නෑ. හමුදාපති වැරැද්දක් කරා, ඒකට දඩුවම් දෙන්න ඕනේ. අන්න ඔය වගේ තැන් වලින් තමයි නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. හමුදා පතිව ඕකෙන් අයින් කරන්න ඕනේ නෑ, නමුත් අදාළ වරදට දඩුවම් දෙන්න ඕනේ, උසවි දාන්න ඕනේ, අර ගහපු එකාගෙන් සමාව ගන්න ඕනේ. ආයි ඔය වගේ වැඩ දෙකක් කරොත් අයින් කරලා දාන්න ඕනේ. රටක් හදන්න බෑ ඔහොම හැමෝටම එක එක හැදිවලින් බෙදන කොට. හමුදාපති කියන්නෙත් නිතියේ යටතේ ඉන්න කෙනෙක්, ඉතින් හමුදාපතිට උනත් සලකන්න ඕනේ අපි හැමෝටම සලකන විදියටමයි. අරූ මාධ්‍යය වේදියෙක් උනා කියලා ඌව බල්ලට දාලා කතා කරන්න එපා, ඌත් මනුෂ්‍යයෙක්. හෙට උබටත් ඔය වගේ දෙයක් උනොත් උබට ලොකු පට්ටමක් තියෙන එකෙක් ගැහුවොත් අන්න එදාට මිනිස්සු උබ ඔය කිව්වා වගේම කිව්වොත් අන්න එදාට උබට හිතෙන්නේ මොනවද කියපන් බලන්න? අද මිනිහෙක් ගෑනියෙක්ට ගැහුවා නම්? ප්‍රසිද්ධ පුද්ගල්යෙක්ට ගැහුවා නම්? ඇමතියෙක්ට ගැහුවා නම්? සල්ලි තියෙන එකෙක්ට ගැහුවා නම්? පොලිසිය ඔහොම ඉදියිද? එහෙනම් එදාම ගිහින් අරූව කුදලගෙන හිරෙත් දාලා. ඉතින් හමුදාපතිට විතරක් මොකද විශේෂ සැලකිලි? යුද්ධේ දින්නා,රටට සේවයක් කරා, ලොකු තනතුරු දැරුවා, සල්ලි තියෙනවා කියලා එහෙම විශේෂ සැලකිලි දක්වන්න ගත්තම උන් තව මොනවා කරයිද. අනික ඒවා මෙතනට අදාළ නෑ, යුද්දේ දින්නා නම් ඒකට ගරු කරන්න ඕනේ, ඒ වගේම තමයි වැරැද්දක් කරා නම් ඒකට නිසි දඩුවම් දෙන්න ඕනේ. හැමෝටම එකාමෙන් සලකන්න ගත්ත දවසකට තමයි මේ රට හැදෙන්නේ. ඒක මෙතනින් හරි පටන් ගන්නවා නම් හොදයි.

    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    1.කනට ගහන එකා අනුව නීතිය වෙනස් වෙනවා විශේශයෙන් ආසියාවෙ. ලමයෙකුට දෙමව්පියෙක් ගැහුවම වෙනස්. ගුරුවරයෙක් ගැහුවහම වෙනස්..
    2.රටේ නාවික හමුදාපති ඉන්නේ වොයිස් කට් ගන්න නෙමෙයි. ඒකට් කතා කරන්න ඔනා හමුදාමාද්ය ප්‍රකාශකට. ක්‍රියාන්විත මෙහෙයුමක් මැද්දට පැනලා වොඉස් කට් ඉල්ලුවහම කන් අඩිය පැලෙන්න තමා දෙන්නේ..
    3.වාර්තා කරන්න් එපා නම් එපා.. එතන හිරු හො ලන්කාඩීප කන්තොරුව නෙමෙයි.අදි ආරක්ශිත කලාපයක්.

    :lol::lol::lol:

    විශේෂයෙන් රටක නාවික හමුදාපති ට ඕන එකෙක් ට කනට ගහන්න පුළුවන්.
    ඒක ඊට පස්සේ සාධාරණීයකරණ කරන්න ආසියාවෙ. ලමයෙකුට දෙමව්පියෙක් ගැහුවම වෙනස්. ගුරුවරයෙක් ගැහුවහම වෙනස්.. වගේ දේවල් කියන්න පුළුවන්.

    ක්‍රියාන්විත මෙහෙයුමක්?
    එහෙනං ඇයි ඔතන මාද්‍යවෙදියෝ හිටියේ? ඔය කියන ක්‍රියාන්විතයට කලින් අයින් කරගන්න බැරි උනාද ?කොයි ක්‍රියාන්විත මෙහෙයුමේද රටක නාවික හමුදාපති t shirt එකක් ගහගෙන එහේ මෙහේ දුවන්නේ. අධි ආරක්ෂක කලාපයට මාද්යවෙදියෝ අවේ කොහොමද ?

    නාවික හමුදාපති තුමා වටිනා මනුස්සයෙක් වෙන්න පුළුවන් . මාද්යවෙදිය තමන්ගේ එදා වේල හොයාගන්න ට්‍රයි කරන්න ඇති.
    මචන් , ඇත්ත කාරණේ තමයි , සුපුරුදු පරිදි ආණ්ඩුව මේ ප්‍රස්නේ හරියට කළමනාකරණය කරපු නැති එක.
    දැන් ඕක සදරනීයකරන කරන්න ට්‍රයි කරලා වැඩක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mama vena thanaka kotapu ekak
    උද්ගොශනයක් කියන්නේ පාසල් තැගි බෙදා දීමේ වත් ප්‍රයිවට් බස් එකක ඇතුලේ ඔෆිස් ටයිම් එකවත් නෙමෙයි.. නම කතා කරලා අඩ ගහලා. කො, වරායේ සේවකයො එන්න... ඔය සුදු මහත අයියා, කරුනාකරලා පස්සට වෙන්න, ප්ලීස්.. රතු තොප්පිය දාගෙන ඉන්න අයියා ඔය නැවට යන්න දෙන්නකො.. මේ අයියත් ඇහැට වෙන්නකො.. කො මේ මීඩිය එකේ මහත්තුරු මේකප් එහෙම ගෙනාවද? එහෙනම් ක්ලොසප් එකක් ගන්නකො මම මේ වරායේ මල්ලිගේ හොබ්බ තලනවා. හරියට ආවද මල්ලි, එහෙනම් වොයිස් කට් එකකුත් ගමු නේ.. එහෙමද හමුදාවක් මාද්ය ඉස්සරහා උද්ගොශන එලවන්නේ.. මේ ගුටි කාපු එකා ඉන්න තිබ්බේ පිලිපීනේ හරි තාය්ලන්තේ හරි..
     
    මුන් ඔක්කොම පටලවගෙන තියෙන්නේ. එයා යුද්ධේ දින්නලු, කොටින්ට ගැහුවලු, උද්ඝෝසකයෝ නැව් බලෙන් නවත්වගෙන හිටියලු. ඔය මොකක් වත් මෙතනට අදාළ නෑ. මොකද නාවික හමුදාපති ගැහුවේ උද්ඝෝසකයොන්ට නෙවෙයි මාධ්‍යය වේදියෙක්ට, ඌ බලෙන් නැව් නවත්ගෙන හිටියේ නෑ, ඌ කොටියෙක් නෙවෙයි, ඌ ආයුධ තියාගෙන හිටියේ නෑ, ඌ කරේ පොදු රජයේ ස්ථානයක පැවති උද්ඝෝසනයක් ආවරණය කිරිමයි. ඒක උන්ගේ අයිතිය. ඉතින් එහෙම මාධ්‍යය වේදියෙක්ට ගහන්න අවසරයනෑ. හමුදාවෙන් වැඩේට අකැමති නම් යන්න කියනවා, ගියේ නැත්නම් ඇරෙස්ට් කරලා උස්සගෙන ගෙනියනවා. එහෙම නොකර ගහනවා කියන්නේ ඒක මානවහිමිකම් කඩකිරිමක්. ඒකට හමුදාපතිට දඩුවම් දෙන්න ඕනේ. ඒ වගේම තමයි නැව් බලෙන් නවත්වගෙන හිටපු උන්ටත් දඩුවම් දෙන්න ඕනේ. හැමෝටම නීතිය එක විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උද්ගොශනයක් කියන්නේ පාසල් තැගි බෙදා දීමේ වත් ප්‍රයිවට් බස් එකක ඇතුලේ ඔෆිස් ටයිම් එකවත් නෙමෙයි.. නම කතා කරලා අඩ ගහලා. කො, වරායේ සේවකයො එන්න... ඔය සුදු මහත අයියා, කරුනාකරලා පස්සට වෙන්න, ප්ලීස්.. රතු තොප්පිය දාගෙන ඉන්න අයියා ඔය නැවට යන්න දෙන්නකො.. මේ අයියත් ඇහැට වෙන්නකො.. කො මේ මීඩිය එකේ මහත්තුරු මේකප් එහෙම ගෙනාවද? එහෙනම් ක්ලොසප් එකක් ගන්නකො මම මේ වරායේ මල්ලිගේ හොබ්බ තලනවා. හරියට ආවද මල්ලි, එහෙනම් වොයිස් කට් එකකුත් ගමු නේ.. එහෙමද හමුදාවක් මාද්ය ඉස්සරහා උද්ගොශන එලවන්නේ.. මේ ගුටි කාපු එකා ඉන්න තිබ්බේ පිලිපීනේ හරි තාය්ලන්තේ හරි..

    විඩියෝ එකේ තියෙන්නේ මෙහෙමයි. ඌට හමුදා පති ගහන්න එනවා, ඌ එතකොට කියනවා මම ප්‍රෙස් එකෙන් ප්‍රෙස් එකෙන්, මේ මගේ අයිඩි එක කියලා. ඒ කියලත් හමුදාපති ගහන එක නවත්වන්නේ නෑ. ඉතින් උබ කියන දේ කිසිම තේරුමක් නෑ..
     
    එහෙමයි කියල කනට ගැහුවාම හරි යනවද? :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol:

    විශේෂයෙන් රටක නාවික හමුදාපති ට ඕන එකෙක් ට කනට ගහන්න පුළුවන්.
    ඒක ඊට පස්සේ සාධාරණීයකරණ කරන්න ආසියාවෙ. ලමයෙකුට දෙමව්පියෙක් ගැහුවම වෙනස්. ගුරුවරයෙක් ගැහුවහම වෙනස්.. වගේ දේවල් කියන්න පුළුවන්.

    ක්‍රියාන්විත මෙහෙයුමක්?
    එහෙනං ඇයි ඔතන මාද්‍යවෙදියෝ හිටියේ? ඔය කියන ක්‍රියාන්විතයට කලින් අයින් කරගන්න බැරි උනාද ?කොයි ක්‍රියාන්විත මෙහෙයුමේද රටක නාවික හමුදාපති t shirt එකක් ගහගෙන එහේ මෙහේ දුවන්නේ. අධි ආරක්ෂක කලාපයට මාද්යවෙදියෝ අවේ කොහොමද ?

    නාවික හමුදාපති තුමා වටිනා මනුස්සයෙක් වෙන්න පුළුවන් . මාද්යවෙදිය තමන්ගේ එදා වේල හොයාගන්න ට්‍රයි කරන්න ඇති.
    මචන් , ඇත්ත කාරණේ තමයි , සුපුරුදු පරිදි ආණ්ඩුව මේ ප්‍රස්නේ හරියට කළමනාකරණය කරපු නැති එක.
    දැන් ඕක සදරනීයකරන කරන්න ට්‍රයි කරලා වැඩක් නෑ.

    විශේෂයෙන් රටක නාවික හමුදාපති ට ඕන එකෙක් ට කනට ගහන්න පුළුවන්.
    ඒක ඊට පස්සේ සාධාරණීයකරණ කරන්න ආසියාවෙ. ලමයෙකුට දෙමව්පියෙක් ගැහුවම වෙනස්. ගුරුවරයෙක් ගැහුවහම වෙනස්.. වගේ දේවල් කියන්න පුළුවන්.

    කනට නෙමෙයි මෙතන වෙඩි තිබ්බත් කොරන්න දෙයක් නැ බන්.. ඉස්සෙල්ලා මෙතන තත්වේ බලහන්.. එකක් ජාත්යන්තර ගැටලුවක්. දෙක ආරක්ශිත කලාපයක්. නාවික හමුදාපති පත්තර කන්තොරුවට ඇවිත් කනට ගැහුවනම් ඇයි නිවුස් එක දැම්මේ කියලා ඔන්න වැරදි.. එහෙම නැත්තම් මර්වින් සිල්වා වගේ කඩා පැනලා රුපවාහිනියේ යකා නැටුවනම් හමුදාපති වැඩේ වැරදියි.. මාද්ය මල්ලිගේ රජකාරියට වඩා රාජකාරියක් මේ වෙලාවේ සහා ස්තානයේ හමුදාව කරනවා. ඒ වෙලාවට මාද්ය මල්ලිගේ අයිතිය වගකිම එයා ලග. ඒක හමුදාපතිගේ වරද්ද?
    ක්‍රියාන්විත මෙහෙයුමක්?
    එහෙනං ඇයි ඔතන මාද්‍යවෙදියෝ හිටියේ? ඔය කියන ක්‍රියාන්විතයට කලින් අයින් කරගන්න බැරි උනාද ?කොයි ක්‍රියාන්විත මෙහෙයුමේද රටක නාවික හමුදාපති t shirt එකක් ගහගෙන එහේ මෙහේ දුවන්නේ. අධි ආරක්ෂක කලාපයට මාද්යවෙදියෝ අවේ කොහොමද ?

    හමුදාපති තරුපටි ගහගෙන උත්සව වලට යන මූඩ් එකේ එනවද බන් ඔපරේශන් වලට. අනික ඔක ටී ශර්ට් එකක් නෙමෙයි. ඔකත් හමුදාවේ එක් ඇදුමක්. ඔක ඇදගෙන ආපු එක වැරදියි නිලදාරියෙක් විදියට නමුත්, ඒ අවස්තාවේ සෙබලුන් මෙහෙයවන්න ඇදුම අදාල නැ.

    උබම කියනවනේ උත්තරේ මාද්යවේදියා ආවේ කොහොමද කියලා. එතනම උගේ රෙද්ද ඉරිලනේ.. ඌට අවසර දුන්නද එන්න.. කැමරාවක් අරන් උබේ ගෙදරට රැ 8ට කඩන් පැනලා ඔයා බලන්නේ හිරු ටීවීද කියලා කැමරාවක් මානගෙන ඇහුවොත් උබ හොම්බට දෙන්නේ නැද්ද? උබ සරම පිටින්, ගැනි නයිටිය පිටින් ඉන්නකොට.. එතකොට උබ කියනවද ගැනිව නයිටිය පිටින් හීරු එකේ පෙන්නන්න මාද්යට අයිතිය තියනවා කියලා.

    නාවික හමුදාපති තුමා වටිනා මනුස්සයෙක් වෙන්න පුළුවන් . මාද්යවෙදිය තමන්ගේ එදා වේල හොයාගන්න ට්‍රයි කරන්න ඇති.
    මචන් , ඇත්ත කාරණේ තමයි , සුපුරුදු පරිදි ආණ්ඩුව මේ ප්‍රස්නේ හරියට කළමනාකරණය කරපු නැති එක.
    දැන් ඕක සදරනීයකරන කරන්න ට්‍රයි කරලා වැඩක් නෑ.

    ආන්ඩුව කොහොමත් කලමනාකරනය හරියට කලානම් ඔක විකුනන්නේ නැනේ බන්.. මෙතන ගැටලුව ආන්ඩුව නෙමෙයිනේ. හමුදාවනේ..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විඩියෝ එකේ තියෙන්නේ මෙහෙමයි. ඌට හමුදා පති ගහන්න එනවා, ඌ එතකොට කියනවා මම ප්‍රෙස් එකෙන් ප්‍රෙස් එකෙන්, මේ මගේ අයිඩි එක කියලා. ඒ කියලත් හමුදාපති ගහන එක නවත්වන්නේ නෑ. ඉතින් උබ කියන දේ කිසිම තේරුමක් නෑ..
    ප්‍රෙස් එකෙන් කිව්වා කියලා නවත්තන්න ප්‍රෙස් එක කියන්නේ වලන්ගුබාවයක් තියන දෙයක්ද මෙහෙයුමක් අතරතුර ප්‍රෙස් එකෙන් කිව්වම යන්න දෙන්න. එහෙනම් චැනල් 4 එකේ උන්ටත් උතුරට යන්න දෙන්න තිබ්බනේ ඒ කාලේ.. රටේ නීතියට ඉහලින් නැ බන් ප්‍රෙස් එක. එපා කිව්වොර්ත් දෙයක් එපා තමා. ප්‍රෙස් එකට කියලා අයේ වෙන නීතියක් නැ..
     
    • Like
    Reactions: nuwa2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන තියෙන ලොකුම වරද තමයි නාවික හමුදාපති ඔය ගැටුමට සිවිල් බැහැපු එක, ඒක ලොකු වරදක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රෙස් එකෙන් කිව්වා කියලා නවත්තන්න ප්‍රෙස් එක කියන්නේ වලන්ගුබාවයක් තියන දෙයක්ද මෙහෙයුමක් අතරතුර ප්‍රෙස් එකෙන් කිව්වම යන්න දෙන්න. එහෙනම් චැනල් 4 එකේ උන්ටත් උතුරට යන්න දෙන්න තිබ්බනේ ඒ කාලේ.. රටේ නීතියට ඉහලින් නැ බන් ප්‍රෙස් එක. එපා කිව්වොර්ත් දෙයක් එපා තමා. ප්‍රෙස් එකට කියලා අයේ වෙන නීතියක් නැ..
    දැන් ඔයා කියන්ඩ හදන්නෙ වරායෙ යුද්ධයක් තිබ්බ දෙගොල්ලෙ දෙපැත්තට වෙලා වෙඩි තියාගත්ත වගේ කතාවක්ද????ඔයාගෙ තර්ක හරිම මාන්දමිකයි....